HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇස්. මහින්ද හිමියන්ගේ තවත් ගීත

ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමියන් සිංහල බස ඉගෙන කවි ලියන්නට පටන් ගත්තේ මුලින් බණ දහම් නියා දෙන්නටය. පසුව නිදහස උදෙසා දේශානුරාගී කවි ලීවේ ලංකාව යටත් විජිතයක්ව පැවති කාලයේය. ඒ සමග ම ඒ හිමියෝ ළමයින් සඳහා සුවිශේෂ කවි ලියූහ. අප අවට පරිසරයේ සතුන් හා ගහකොළවලට ආදරය කරන්න ළමයින් යොමු කරන්නටද ඇස්. මහින්ද හිමියන් සිය කවි යොදා ගත් තැන් බොහෝ ය. නැතිවූ ලේනකු සොයන ළමයකු පිළිබඳ මේ කව් පෙළ ද එබන්දකි.

නැති වූ ලේනා


ටිං ටිං ලේනා
දැන් දැන් පැන්නා
සුරතල් පානා
කෝ මගෙ ලේනා

වලිගේ උස්සා
මෙතනින් බැස්සා
ටිං ටිං ගානා
කෝ මගේ ගේනා

කුඩා කවි දෙකක් වුවද ඉන් කුඩා දරුවකුගේ මනසෙහි චිත්තරූප පෙළක් මැවීමට සමත් ය. කි‍්‍රයාකාරකමක් මගින් ලේනා දරුවා වෙත සමීප කරන්නට මහින්ද හිමියෝ සමත් වෙති. මෙවැනි ම කුඩා කව්වලින් ළමා සිත් තුළට ලොකු අදහස් රිංගවන්නට ද ඒ හිමියන් සමත්කම් දැක් වූ තැන් බොහෝ ය. මේ ‘ලොකු අදහස්’ නම් පැදි පෙළ ඊට එක් නිදසුනකි.

ලොකු අදහස්

උසයි ලොකුයි
මේ තල් ගහ
නමුත් ගෙඩිය
බොහොම කුඩයි

මේ බලන්න
පුහුල් වැලක්
වැල පුංචියි
ගෙඩිය ලොකුයි

පුංචි මොළේ
ලොකු අදහස්
උපදින්නෙත්
මෙහෙම තමයි

සන්සන්දනය තුළින් ළමයාට සිතන්නට යමක් දෙන මහින්ද හිමියන් පුංචි මොළයකත් ලොකු අදහස් පහළ විය හැකැයි කියන්නේ ළමයාට හීන්සීරුවේ ම තමාගේ වැදගත්කම පහදා දෙමිනි.

Post a Comment

0 Comments