HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇස්. මහින්ද හිමියන්ගේ කවි


ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් ශී‍්‍ර ලංකාවට පැමිණ සිංහල බස උගෙන මෙරට ළමයින් වෙනුවෙන් ලියූ පොතපත බොහෝය. උන්වහන්සේගේ නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන්නේ ළමයින් සඳහා ලියූ කවි ය. මේ කවි අතර දාර්ශනික අදහස් ගැබ් වී ඇති කවි ද තිබේ. ”යුතුකම” නම් වූ මේ කවි දෙබස එවැන්නකි. මෙය උන්වහන්සේ විසින් සම්පාදනය කරන ලද ”ළමා කව් කළඹ” පොත් පෙළට ලියූවකි. ළමයින් ආකර්ෂණය කරන දෙ බස් ආරෙන්, ළමා කි‍්‍රයාකරකමක් ලෙසින්, ළමයකු හා සීයා කෙනකු අතර සිදුවන සංවාදයක් ලෙසින් සරල බසින් රචනා කර ඇති මෙම නිර්මාණය තුළින් එහිමියන් දාර්ශනික අදහසක් ළමා සිත තුළට රිංගවන්නේ ළමයාටත් නොදැනෙන්නටය.

ළමයා:        මොනවද මුත්තේ! මොකද       කරන්නේ
                  මොකටද උඹ ඔය බිම           හාරන්නේ

මහල්ලා:     උඹටත් ළමයෝ නො පෙනෙති නො සිතමි
                  අඹ ඇටයක් සිටුවන්ට                හාරමි

ළමයා:        දුකසේ සිටුවා අඹ ඇටයක්              අද
                  එක අඹයක්වත් කන්න            ලැබේවිද

මහල්ලා:     මම ළමයෝ මින් අඹයක් නො        පතමි
                  යුතුකම පමණක් ඉටු කොට       තබනෙමි

ළමයා:        තමන්ට නො ලැබෙන දෙයකින්  ලෝකෙට
                  කරන්ට හැකි දේ නොම තේරේ         මට

මහල්ලා:     පුදුමයි ළමයෝ උඹෙ ඔය            අදහස
                  හැදුනොත් ඔහොමට උඹටම වෙයි    දොස

                  පෙර උන් අය සිට වූ අඹ            ගස්වල
                  පලයෙන් අප කවුරුත් ලබනෙමු         ඵල

                  අපෙන් පසුව එන අයටත් පල           එම
                  ලැබෙන්ට සැලසුම අපගේ           යුතුකම

ළමයා:        මේ යුතුකම හොඳ හැටි දැන         ගත්තෙමි
                  ආයුබොවන් මුත්තේ! මම           යන්නෙමි





Post a Comment

1 Comments

  1. mema video eke inna " amba ataya" awasan wathaawata moratuwa campus eke engineering karaa kiyala aaranchiyi..ethannin paase nam kisima aranchiyak nehe...

    ReplyDelete