ලොව වෙනස් කළ විස්මිත සොයා ගැනීම් - ඇන්ටිකීතර යාන්ත‍්‍රණය: වසර 2000 කටත් වඩා පැරණි විස්මිත මෙවලමක්

වසර 2100කට පෙර පරිගණකයක් නිපදවා තිබුණා යැයි කීවොත් එය ඔබගේ මවිතයට හේතුවනු නොඅනුමානයි. එය එකල ලොව පැවති විස්මිතම නිර්මාණය වූවාට නිසැකය. මහමුහුදේ අවතැන්ව, මුහුදු පත්ලේ තිබී, මීට වසර සියයකට පෙරාතුව සොයා ගන්නා ලද මේ අපූර්ව නිර්මාණය තවත් වසර සියයක් පුරා අබිරහසක් ව පැවතියේය. එහි යම් කිසිවක් රහස් කේත මගින් ලියා තිබුණු අතර එය විකේතණය කිරීම පසුගිය වසර සියය පුරා ම කිසිවකුටත් නොහැකි වී තිබුණේය. එහෙත් දැන් 21 වන සියවසේ විද්‍යාව බිහි කළ ප‍්‍රබල නව මෙවලම් යොදා ගෙන එහි සැඟවී ඇති රහස් මතු කර ගන්නට මග පෑදී තිබේ. මෙය ඇන්ටිකීතර යාන්ත‍්‍රණය (Antikythera Mechanism) කියා නම් කර තිබේ. මෙය එක්තරා ආකාරයක යාන්ති‍්‍රක රොසැටා පුවරුවක් ^Rosetta stone& ලෙස හඳුන්වා ඇත. රොසැටා පුවරුවක රූපාක්ෂර මෙන් මෙහි ද අක්ෂර ලියා ඇත්තේ ගුප්ත කේතවලිනි. නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ අලූත් ම මෙවලම් මගින් මෙවන් දෑ පරීක්ෂා කර බැලීමේ පෙරළියක් ඇති කර ඇති නිසා අද අපට මෙතෙක් කල් නොවූ විරූ අයුරින් මේ ගැන තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබේ.


ඇන්ටිකීතර යනු මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති කුඩා පතකි. මේ පත අසල මුහුදේ දී, ගී‍්‍රක ගල්මල් කඩන්නන් පිරිසකට මුහුදු පත්ලේ ගිලී තිබූ පැරණි නැවක් 1900 දී හමුවී තිබේ. මෙය පසුව කි‍්‍රස්තු පූර්ව 70 තරම් කාලයකට අයත් වෙළෙඳ නෞකාවක් බවට නිගමනය කරනු ලැබීය. මෙහි තිබී ගොඩට ගෙන එන ලද කෞතුක භාණ්ඩ අතර ලී පෙට්ටියක බහා ලූ යාන්ත‍්‍රික මෙවලමක් හා සමාන දෙයක් හමු විය. එයට කොටස්වල කැඞී බිඳී ගිය ලෝකඩවලින් තැනුනු ගියර දැති රෝද කීපයක් ද ඇතුළත් විය. ඒවා දරුණු ලෙස මලකඩ කා තිබුණේය. මේ දුටු විද්‍යාඥයන් මුලින් ම මවිතයට පත් වුවද මෙය කෙබඳු කාර්යයකට යොදා ගත් දෙයක් දැයි සිතා ගැනීමටවත් ඔවුන් කිසිවකුටත් නොහැකි විය. ඒ නිසා මෙහි සුන්බුන් ගී‍්‍රක කෞතුකාගාරයක තැන්පත් කෙරුණු අතර මෙය කාලයත් සමග කාටත් අමතක වී ගියේය. වසර ගණනාවක් යන තෙක් කිසිවකුත් මේ ගැන සොයා බැලූවේ නැත.

දසක කීපයකට පසු, මේ කැඞී බිඳී, මල බැඳී තිබුණු කෞතුක වස්තුව කෙරෙහි, ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩෙරික් ඩි සොලා ප‍්‍රයිස්ගේ අවධානය යොමු විය. ඔහු එක්ස් රේ යොදා ගෙන මේ යන්ත‍්‍රය ඇතුළේ ගියර් දැති රෝද 30ක් ඇති බව සොයා ගත්තේය. ඔහු මේ ඉපැරණි පුදුමය පිළිබඳව පිටු 70ක අධ්‍යයන වාර්තාවක් පළ කළේය. එහි නම, ‘ගී‍්‍රකයන්ගේ ගියර:ඇන්ටිකීතර යාන්ත‍්‍රණය, කි‍්‍ර.පූ. 80 දී භාවිත කළ පරිගණක දිනදසුනක්’ ^Gears from the Greeeks: The Antikythera Mechanism, a Calender Computer from ac. 80 BC.& විය. ඇමෙරිකානු දර්ශනවාදී සංගමය මගින් 1974 දී මෙම අධ්‍යයන වාර්තාව ප‍්‍රසිද්ධ කරනු ලැබීය. මහාචාර්ය ප‍්‍රයිස් මෙය අතීතයේ දී භාවිත කළ ප‍්‍රතිසම පරිගණකයක් ^analog computer& ලෙස හැඳින්වීය. මෙහි දැති ගියර යොදා තිබුණේ ඉතා සූක්ෂම ලෙස ග‍්‍රහචාරය ගණනය කර අනාවැකි කීම සඳහා යැයි ඔහු නිගමනය කළේය. මෙහි ඇති සංකීර්ණ යාන්ත‍්‍රණය විග‍්‍රහ කරන ඔහු, අප සිතා සිටියාට වඩා බොහෝ කාලකට පෙර පැරැුන්නන් සතුව ඉංජිනේරු විද්‍යාව, ගණිතය, ලෝහ විද්‍යාව ආදිය තිබූ බව මෙයින් හෙළිවන්නේ යැයි ඔහු තර්ක කළේය. අතීත ගී‍්‍රසියේ පැවති දැනුම හා ශිල්පීය හැකියාව මේ කෞතුක වස්තුව තුළින් හෙළිවන බව දැන් හොඳින් ම පැහැදිලිය.

මේ අපූර්වතම උපකරණයේ අබිරහස් තවමත් ගවේෂණය කර අවසන් නැත. 1990 ගණන්වල ලන්ඩනයේ වද්‍යා කෞතුකාගාරයේ සේවය කළ මයිකල් රයිට් මේ උපකරණයේ අලූතින් ගත් එක්ස්රේ පිටපතක් අධ්‍යයනය කළේය.  ඕස්ටේ‍්‍රලියානු පරිගණක ඉතිහාසඥයකු වූ ඇලන් බ්‍රොම්ලිගේ සහය ද මේ අධ්‍යයනයේ දී ඔහුට ලැබිණ. 2005 දී, මයිකල් රයිට් මෙහි විකල්ප ආකෘතියක් පළ කළේය. ඩි සොලා ප‍්‍රයිස් විසින් ඉදිරිපත් කළ, එහෙත් පිළිගැනීමට ලක් නොවූ අදහසක් ඔහු යළිත් ඉස්මතු කළේය. ඒ මීටොනික් කැලැන්ඩරයක් මේ උපකරණයට ඇතුළත් වන බවයි. එය ඇතන්ස්හී මීටොන් නම් වූ ගී‍්‍රක තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කරනු ලැබුවද එය බැබිලෝනියානු ආභාසයෙන් ගී‍්‍රකයන්ට ලැබුණකි. රයිට්ගේ මේ නව ආකෘතිය කාගෙත් ඇස් ඇරවන්නක් වුවද ඒ පිළිබඳ නොවිසඳුණු ගැටලූ සහගත තැන් රැුසක් ම තිබුණේය.

2005 ආරම්භයේ දී එංගලන්ත හා ගී‍්‍රක විශේෂඥ කණ්ඩායමක් මේ පිළිබඳව අලූතින් අධ්‍යයනයක් ආරම්භ කළ අතර ඒ පර්යේෂක කණ්ඩායම දැන් හැඳින්වෙන්නේ ‘ඇන්ටිකීතර යාන්ත‍්‍රණ පර්යේෂණ ව්‍යාපෘතිය’ යනුවෙනි. එක්සත් රාජධානියේ විද්‍යාඥයන් දෙපළක් වූ මයික් එඞ්මන්ඞ් හා ටෝනි ෆී‍්‍රත් සමග ගී‍්‍රක විද්‍යාඥයන් වූ ජෝන් සියරඩාකිස්, සෙනොෆොන් මෝසස්, යානිස් බිට්සාකිස් හා ඇගමෙම්නන් ට්සිලිකාස් යන අය ඊට ඇතුළත් වෙති. මේ පිරිස මේ උපකරණයේ කොටස් ති‍්‍රමාන එක්ස්රේ යොදා ගෙන ගවේෂණය කළ අතර මතුපිට පරීක්ෂා කිරීමට ඩිජිටල් ප‍්‍රතිබිම්භ ලබා ගත හැකි මෙවලම් යොදා ගත්හ. 2006 දී මේ පිරිස ඔවුන්ගේ සොයා ගැනිම් පිළිබඳ ව ‘නේචර්’ නම් විද්‍යා සඟරාවේ පළ කළහ. මෙහි ඇති ගියර් දැති රෝද 30න් 29ක්ම පරීක්ෂා කළ ඔවුන් පෙන්වා දුන්නේ මේ මෙවලමට, බැබිලෝනියානු සාරොස් චක‍්‍රය භාවිත කරමින්, අනාගතයේ සිදුවන සූර්ය ග‍්‍රහණ හා චන්ද්‍ර ග‍්‍රහණ ගැන ගණනය කර කල්තියා අනාවැකි පළ කළ යැකි බවය. 

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments