HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත 2 : ඉලක්කම් සෙල්ලම්


ගණිතයට සමහරුන් ආස නැතත් ඉලක්කම්වලින් කරන විස්මිත දෑ ගැන අහන්න කවුරුත් අකමැති වෙන එකක් නැහැ.

මේ දෙකේ ඉලක්කමෙන් කළ හැකි අපූරු දෙයක්. 2කේ ඉලක්කම පස් පාරක් නැවත නැවත ලියා ඔබට පුළුවන් ද උත්තරයට මුල් ඉලක්කම් දහය එන විදියට සකසන්න. ඔන්න බලන්න ඒක කරන හැටි.

2+2-2-2/2 = 1
2+2+2-2-2  = 2
2+2-2+2/2  = 3
2×2×2-2-2  = 4
2+2+2-2/2  = 5
2+2+2+2-2  = 6
22/2-2-2    = 7
2×2×2+2-2  = 8
2×2×2+2/2  = 9
2-2/2-2/2   = 0

Post a Comment

15 Comments

  1. නියම සෙල්ලමක්... මේ වගේ තව එව්වා ගොඩක් තියෙනවා...

    ReplyDelete
  2. බින්දුව හදපු හැටිනම් හරිද මන්දා
    ඕනෙම ඉලක්කමක් බින්දුවෙන් බෙදුවාමා අනන්තය වෙන්නෙ

    බින්දුව හදන්න බින්දුවෙන් (2-2)න් ගුණ කළානම් හරි

    උදා (2+2+2)*(2-2)

    ReplyDelete
  3. සියලු comments වලට ස්තුතියි...

    ගණනය කිරීම් නිවැරදියි.

    @ රාජ්‍ය සේවය පිණිසයි : 2×2×2 = 8, 2/2=1, 8+1 = 9

    @ Chanaka Aruna Munasinghe : 2/2=1, 2-1-1=0

    ReplyDelete
  4. සුළු කිරීම් වල වරහන් දැම්මානම් සියලු දොෂ නිවාරණයි.

    උදා - (2×2×2)+(2/2) = 9

    ReplyDelete
  5. වරහන් අවශ්‍ය නෑ, මොකද වැඩිකිරීම හා බෙදීම, එකතුකිරීමට හා අඩුකිරීමට පළමුව කල යුතුය යන නීතියක් ඇති නිසා

    ReplyDelete
  6. @Anonymous

    ඇත්ත. ඒත් බලන්න comments දිහා. ඔවුන් ඒ බව දන්නවානම් අර විදියට ගණනය කිරීම් ප්‍රශ්න කරයිද? යමක් නොවැටහෙනකොට ඒක සරල කර කියා දීම අවශ්‍යයයි.

    ReplyDelete
  7. චෙස් ක්‍රීඩාව ගැන පුංචි කතාවක් මම අහලා තියෙනවා. සමහරවිට ඔයාලත් අහලා ඇති. මේක මම ඇහුවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ රූපවාහිනි වැඩසටහනකින්.

    චෙස් ක්‍රීඩාව නිර්මාණය කරපු නිර්මාණකරුගෙන් ඒ රටේ රජ්ජුරුවෝ අහලා තියෙනවා,මොකක්ද අවශ්‍ය තෑග්ග කියලා. එයා ඉල්ලපු තෑග්ග මොකක්ද කියලා දන්නවාද?

    චෙස් බෝඩ් එකේ කොටු 64ක් තියෙනවානේ. ඉතින් එයා කීවාලු පළමු කොටුවට 1 වී ඇටයක් තියන්න කියලා. දෙවැනි කොටුවට 2ක් තියන්න කීවාලු. තුන්වැනි කොටුවට 4ක්. හතරවැනි කොටුවට 8ක්. පස්වැනි කොටුවට 16ක්. හයවෙනි කොටුවට 32ක්. ඒ විදියට දෙකේ ගුණාකාරයෙන් වැඩිවෙන විදියට කොටු 64ටම වී ඇට තියන්න ඕනෑ.

    රජ්ජුරුවෝ මේක රජ්ජුරුවන්ගේ ධාන්‍යාගාරයට පැවරුවා. පැයකට විතර පස්සේ රජ්ජුරුවෝ ධාන්‍යාගාරයෙන් ඇහුවා වී ඇට හරිද කියලා. එයාලා කීවා ගණන් කරනවා කියලා. හවස් වෙනකොටත් මේ වී ඇට පුමාණය ගණන් කරනන් බැරි වුණා. ඊළග දවසේ උදේවෙනකොටත් බැරි වුණා. එදා හවස්වෙනකොටත් බැරි වුණා.

    අන්තිමේදී ධාන්‍යගාරයෙන් කීවා මේ මුළු රටම අස්වැද්දුවත් මේ වී ඇට ගණන එකතු කරන්න බැහැ කියලා.

    පුළුවන්නම් ඔයාලා ඒ ගණන කීයද කියලා හදලා බලන්න. චෙස් ක්‍රීඩාව හරිම සංකීර්ණයි. ඒක හදපු නිර්මාණකරුවා ඉල්ලපු තෑග්ග ඊටත් වඩා සංකීර්ණයි නේද කියලා ඔයාලට හිතෙයි.

    ReplyDelete
  8. මම චෙස් ගැන අදහසක් දැම්මා. ඒකත් ඉලක්කම් සෙල්ලමක්. ඇයි ඒක තාම දැම්මේ නැත්තේ?

    ReplyDelete
  9. මල් කැකුළු සංස්කාරක මණ්ඩලය හරිම කම්මැලියි වගේ. අදහසක් දැම්මාම ඒක අනුමත කරලා පලකරන්න අවුරුදු සීයක් විතර යනවා. එතකොට ප්‍රතිචාරය බලන්න වෙන්නේ ලියපු මනුස්සයාගේ මුනුපුරන්ට. ඇයි ලියපු මනුස්සයා වයසට ගිහිල්ලාම මැරිලා.

    ReplyDelete
  10. මම එව්වේ චාරයක් නැති ප්‍රතිප්‍රතිචාර නෙවෙයිනේ. මගේ වාරය එන්නේ කවද්ද? මේ වගේ ප්‍රමාද වෙනවනම් මේ වෙබ් අඩවියේ නම මාරු කරන්න. මල් කැකුළු නෙවේ. නිදි කැකුළු කියලා.

    ReplyDelete
  11. කොමෙන්ටුවලට බොහොම පින් හැම දෙනාටම. දහසකුත් එකක් රාජකාරි අස්සේ එක සේවයක් තමයි, මේ අපි කරන්නෙ. මල්කැකුළු සංස්කාරක මණ්ඩලයක් කීවාට එහෙම ලොකු පිරිසක් නෑ. අපි දෙන්නයි, හැම දෙයක් ම කරන්න. අපි දෙන්නත් රටවල් දෙකක ඉන්නෙ. පොඩි අතපසුවීම් වෙන්න පුළුවන්. ඒ කම්මැලි කමට නෙවෙයි, වැඩ වැඩිකමටයි. කොමෙන්ටුවකින් චෝදනා කළා වගේ නිදිකැකුළු වෙන්නේ නෑ. අවදියෙන් ඉන්නයි නිතරම හදන්නේ. ඔබේ දරුවන් මුනුබුරන් දකින කාලෙටත් මල්කැකුළු හැටියටම ඉන්නයි හිතන් ඉන්නෙ. අනාගතයේදි අපට ශක්තිය ලැබුණොත් අපේ සංස්කාරක මණ්ඩලය ලොකු කර ගන්න, තවත් අලූත් විශේෂාංග එක්ක කරලා මේක විධිමත්ව නැවුම් පවත්වගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. - සංස්කාරක

    ReplyDelete
  12. මල් කැකුළු ගිණුම් අංකයක් තාම දැම්මේ නැහැනේ. පුළුවන්නම් දාන්න. අපිත් පොඩි උදව්වක් හරි කරන්නම්. වතුර බිංදුව බිංදුව එකතුවෙලා තමයි මහා ගංගාවක් හැදෙන්නේ.

    ReplyDelete
  13. දැන් අපේ සමාජය හරයාත්මක දේ ඉල්ලනවා. බොල් දේවල් දැකලා දැකලා මිනිස්සු පීඩිත වෙලා ඉන්නේ. ඒ නිසා මේ වෙබ් අඩවියට හොඳ අනාගතයක් තියෙනවා. පත්තරවලින් පොඩි ප්‍රසිද්ධියක් ලබා දෙන්න. හුඟ දෙනෙක් අතරට යාවි.වානිජ අරමුණක් නැති නිසා අදාළ ප්‍රචාරණය ලැබෙයි. ඒක සේවයක්නේ මුළු රටටම.

    ReplyDelete
  14. මල් කැකුළුවලට ගිණුම් කීපයක්ම විවෘත කළොත් තමයි සාර්ථක. මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සණස බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, එඩ් එස් බී බැංකුව, ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, නේෂනස් ට්‍රස්ට් බැංකුව ආදී වශයෙන්.අපි අපිට හුරු බැංකුවලටනේ යන්නේ. නුහුරු ඒවාට යනවා අඩුයි. ඒ නිසි ඒ විදියට ගිණුම් කීපයක්ම අරඹන්න. මල් කැකුළු ශක්තිමත් වේවි. අනිවාර්යෙන්ම.

    ReplyDelete