HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිබිදෙන මල් කැකුළු බඳු ළමයින් උදෙසා


‘සිංහලය මනරම් බසකි’ යැයි බුද්ධඝෝෂ හිමියන් කියූවේ මීට අවුරුදු 1500කට පෙරය. ඒ සිංහල අටුවා පාලි බසට නඟන්නට ඉන්දියාවේ සිට මෙරටට පැමිණ හෙළ අටුවා හදාරද්දීය. වත්මන් ලෝකයේ දියුණු භාෂා බොහොමයක් කථන භාෂාව පවතිද්දී සියවස් 15කට පමණ මෙරට ජනතාව ලිඛිත භාෂාවක් දත් බව සීගිරිය බලන්නට පැමිණ එහි අසිරිය විඳ ලියූ සීගිරි කුරුටු ගී ලොව ඉපැරණිතම ලේඛන අතරට වැටෙයි. එදා මෙදාතුර සිංහලයෙන් ලියැවුණු රස තැන් සොයා යන්නටත් බිහි වූ නව නිර්මාණ හා නිර්මාණකරුවන් හඳුන්වා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙමු.

පුවත්පත් කලාවේ පනස් වසරක අත්දැකීම් ඇතිව නව මාධ්‍යයක් ඔස්සේ ඔබ වෙත සමීපවන්නට අප අදහස් කළේ නවලොවට සරිලන සන්නිවේදන අත්දැකීමක් බෙදා හදා ගන්නටය. කවදත් ළමා පරපුර වෙනුවෙන් ඇප කැප වුණු අප ඉදිරියටත් ඒ මඟ ම යනු අදහසින් ආරම්භ කළ මෙම අඩවිය ලොව කොතැනක සිටියත් ළමා ඔබේ රස වින්දනය උසස් මට්ටමකට ගෙන යන්නටත් ඔබේ බුද්ධියේ නිම්වළලූ පුළුල් කරන්නටත් ඉවහල් වන අයුරින් සම්පාදනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

පිබිදෙන මල් කැකුළු බඳු ළමයින් උදෙසා විවර වන මෙම කවුළුව ඔබේ නිර්මාණවලට ද විවෘතය. ඔබේ පද්‍ය ගද්‍ය නව නිර්මාණවලට පමණක් නොව පොතපතින් හෝ සමාජයෙන් හෝ ඔබ අත්දුටු දෙයක් වෙතොත් එය අන් අය සමග බෙදා ගැනීමට සුදුසු යැයි හැෙඟ් නම් ඒවාට ද මෙහි ඉඩ ඇත. ළමයින්ට සුදුසු වැඩිහිටියන්ගේ නිර්මාණ පමණක් නොව ළමා වියේ පසුවන ඔබේ ගද්‍ය පද්‍ය නිර්මාණද ඔබේ නම ගම වයස ලිපිනය ඉගෙන ගන්නා පාසල හා ශ්‍රේණිය සඳහන් කර අප වෙත එවන්න.

Post a Comment

0 Comments