ගොලායත් යෝධයාගේ උස කොපමණ ද? විද්‍යාඥයෝ බයිබලයේ එන විශාලතම යෝධයාගේ උස අනාවරණය කර ගත්තා. ගොලායත් යනු බයිබලයෙහි එන අති දැවැන්ත චරිතයකි. ඔහු කොතරම් විශාල ද යත් විශාලත්වය දැක්වීමට ද ඒ නම යොදා ගැනෙනවා.
ඒ සුප්‍රකට කතාවට අනුව, ඔහු ෆිලිස්තියානු රණ ශූරයෙක්. ඔහු අනික් රණ ශූරයින්ට වඩා ශරීරයෙන් හා කාය ශක්තියෙන් බොහෝ ඉදිරියෙන් සිටි අයෙක්. ඔහුට ඒ රාජ්‍යයේ ඔටුන්න හිමිකුමරු වූ දාවිත් සමඟ සටන් කරන්නට සිදුවුණා.
බයිබලයේ එන විස්තරයට අනුව, ඔහු එකල සිටි සමයන්ගේ උස වූ අඩි හය ඉක්මවා සිටියා. විශ්වාසයට අනුව ඔහුගේ උස අඩි නවයයි, අඟල් හයක් වූ සඳහන් වෙනවා. නමුත් ඇත්තටම නම් ඔහුගේ උස කොපමණ විය හැකිද? එහි විස්මය දනවන බවක් තිබුණත් එය සාමාන්‍යයෙන් විය හැකි දෙයක් ලෙස ඇතැම් විද්‍යාඥයන් දකිනවා.
පුරාවිද්‍යාඥයින්ට ක්‍රි.පූ. 2700ක් ඈත විසූ, එනම් මීට වසර 4000කට පෙර අතීතයේ විසූ, යෝධයන්ගේ අස්ථි කොටස්වල පොසිල හමුවී තිබෙනවා. ඒ අනුව, ඒවා බයිබලයේ සටන සිදුවූ සමයට අයත් විය හැකියයි ඔවුන්ගේ විශ්වාසයයි.
බයිබලයට අයත්, සැමුවෙල් ග්‍රන්ථයට අනුව ෆිලිස්තියනුන් සහ ඊශ්‍රායලුන් අතර මහා සටනක් ඇති වුණා. එහිදී, ෆිලිස්තියානු පිලේ ගොලායත් නම් යෝධ රණශූරයා, තමා සමග තනි සටනකට එන ලෙස ඊශ්‍රායලුන්ට අභියෝග කර තියෙනවා. ගොලායත්ගේ භෞතික පෙනුම එහි දී මෙසේ විස්තර කර තියෙනවා. ඔහුගේ උස කියුබිට් හයකුත් තවත් වියතක් යැයි දක්වා තියෙනවා. ඔහු පැලඳ සිටි සන්නාහය ශෙකල් පන්දහසක් බරයි. කෙසේවෙතත්, බොහෝ පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම ගණනය බයිබලයෙහි අතිශයෝක්තියෙන් දක්වා ඇති බවයි.
මොහු ගැන ඕනෑම අනිකුත් බයිබල් චරිතයකට වඩා වැඩි විස්තර බයිබලයක් ලබාදෙන නමුත්, මෙම පුරාණ මිනුම් ඒකකවල තවමත් නිශ්චිතව පැහැදිලි පරිවර්තනයක් ලබා ගත නොහැකියි. බයිබලයට අදාළ පර්යේෂකයකු හා බයිබල පුරාවිද්‍යායතනයේ විධායක අධ්‍යක්ෂකවරයා වූ කල්යිඩ් බිලින්ටන් ඒ ගැන මෙසේ පවසනවා: ‘අතිතයේ කියුබිට් එකක් කියන්නේ අත්ලේ පහළ සිට මැද ඇඟිල්ලේ තුඩ තෙක් දුර ප්‍රමාණයටයි. ස්පෑන් හෙවත් වියත කියන්නේ අත්ල විදාහළ විට මහපටැඟිලි තුඩේ සිට සුළැඟිලි තුඩ තෙක් දුරයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි මිම්මක්. මිසරයේ හෙවත් පැරණි ඊජිප්තුවේ මෙය අඟල් 20.66ක් (සෙ.මී. 52.5ක්) ලෙස සම්මතයකට ගෙන භාවිත කර තියෙනවා. ඒ අනුව ගොලායත්ගේ උස කියුබිට් හයකුත් වියතක් කියන්නේ අඩි 10කුත් අඟල් 9ක්.
මේ ගැන කළ නවීන පර්යේෂණවලට අවධානය යොමු කළොත්, බයිබලයේ පසුකාලීන පරිවර්තන මගින් ඉදිරිපත් කළ ගොලායත්ගේ උස, කියුබිට් හතරකුත් වියතක් යන මිම්ම අනුව ඔහුගේ උස අඩි 7කුත් අඟල් 5ක් (මි. 2.26ක්) විය යුතුයි සොයා ගෙන තියෙනවා.
මේ සමග ගොලයත්ගේ ඇත්ත උස සොයා ගන්න තවත් පරීක්ෂණයක් දියත් කළා, ගොලායත් ජීවත්වුණු පරිසරයේ නිවාස මිමි පරීක්ෂා කරන්න. ඒක පර්යේෂණයේ මූලිකත්වය ගෙන කටයුතු කළේ බ්‍රිංහැම් යං විශ්ව විද්‍යාලයේ ජෙෆ් චැඩ්වික් කියන මහාචාර්යවරයා. එතුමා ගෝලයන් ලවා ගොලායත් සිටි ගාත් නගරයේ මාලිගා හා නිවාසවල බිත්තිවල මිමි ගෙන්වා ගත්තා.
ඒවා විමසා බැලූ එතුමා කීවේ බිත්තිවල මිමි අනුව කියුබිට් එක යනු අඟල් 21.65 ක්, එනම් සෙ.මී. 54ක් යනුවෙන් ගණනය කළ හැකි බවයි. ඒ අනුව, ගෝලායත්ගේ උස 7 අඩි 10 අඟල් (2.38m) ලෙස ගණනය කළ හැකි වුණා. ලෝකඩ යුගයේ සාමාන්‍ය පුද්ගලයකුගේ උස 5 අඩි 3 අඟල් (160 cm) ක් වුණා. ඒ නිසා, අඩි 7යි අඟල් 10ක් වූ ගෝලායත් ඔහුගේ සමයන්ට වඩා විශාල අයකු ලෙස පෙනෙන්නට ඇති. මෙය සාහිත්‍යමය යෙදුමක් වශයෙන් විශාලත්වය පෙන්වීම සඳහා බිත්තිවල මිමි යොදා ගත්තාද යන සැකයක් ද මහාචාර්ය චැඩ්වික් විසින් මතු කර තියෙනවා.
මොරිසන් නමින් මහාචාර්යවරයෙකුත් මේ ගැන පරීක්ෂණයක් කළා. එතුමා මේ ගැන විමසුවේ මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය ඔස්සේයි. ඒ ගැන ඔහු කියන්නේ මෙහෙමයි:
‘පිටියුටරි ග්‍රන්ථිය හෝර්මෝන 6 ක් නිෂ්පාදනය කරනවා. එයින් එකක් තමා මානව වර්ධක හෝර්මෝනය. ඒ හෝර්මෝනය යොවුන් වියට පැමිණීමේදී සක්‍රිය වන නිසා ශරීර වර්ධනය ඉක්මනින් සිදුවෙතත් පසුව එය නවතිනවා. එසේ නැවතුනේ නැතිනම් එය රෝගී තත්වයක්’
‘එසේ වුනත්, ඇතැම් පුද්ගලයන්ගේ පිටියුටරි ග්‍රන්ථිය තුළ ඇති අර්බුද තත්වයක් නිසා මේ සාමාන්‍ය ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඒ වෙනුවට මේ තත්වය උෂ්ණත්ව පාලකයක් මගින් දිගට පවත්වා ගෙන යනවා. මේ හෝර්මෝනය වෑස්සීම නතර නොවන නිසා කයේ වැඩීම නො කඩවා සිදු වෙනවා. එයින් පසු එය අසාමාන්‍ය ලෙස සිරුර වර්ධනය වීමක් (acromegalic gigantism) වැනි තත්වයක් දක්වා වැඩි වෙනවා. එය සුව කළ නොහැකි රෝග තත්වයක්. මෙය වැඩිහිටි වියේදී ඇති වුණොත් අත් පා හා හිස පමණක් විශාල වන අතර නව යොවුන් වියේ දී ඇති වුහොත් අසාමාන්‍ය ලෙස මුළු සිරුර ම විශාල වෙනවා. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ මානව වර්ධක හෝර්මෝනය නිෂ්පාදනය කිරීම නතර වන්නේ ලිංගික හෝර්මෝන නිකුත් වීම ආරම්භ වූ පසුවයි. මේ හෝර්මෝන දෙකම නිකුත් කෙරෙන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් වන නිසා මේ රෝග තත්වය ඇති වූ විට එය නිසි අයුරින් පාලනය වන්නේ නැහැ. එහෙම වෙලාවට තමයි මේ වගේ යෝධ සිරුරු ඇති අය බිහිවෙන්නේ’ එතුමා වැඩිදුරටත් කියනවා.
0 Comments