HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉන්දියාවේදී හමුවූ අඩි 32ක් උස යෝධ ඇටසැකිල්ලට සිදු වූයේ කුමක්ද?

2015 දී ඉන්දියාවේ පුරාවිද්‍යාඥයෝ අපූරු සොයා ගැනීමක් කළහ. ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයක නටබුන්වල කැණීම් කරද්දී මෙසේ හමුවූයේ විස්මයජනක යෝධ ඇටසැකිල්ලකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මුල්ම ජනාවාසවලින් මතුවූ නටබුන් අතරින් යොයා ගත් මේ යෝධ ඇටසැකිල්ලට අදාළව කළ කාල නිර්ණයන් අනුව ඒවා වසර 5000ක් පමණ පැරණි බව හෙළි විය. මේ ශිෂ්ටාචාරය ඉන්දියාවත් වර්තමාන පාකිස්තානයත් ඊසාන දිග ඇෆ්ඝනිස්තානයත් රටවල් ඇතුළත් වන සේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබූ බව තැනින් තැන හමුවූ ඉපැරණි නටබුන්වලින් පෙනී යයි. මේ සුවිශේෂ ඇටසැකිල්ල මතු කර ගෙන ඇත්තේ වර්තමානයේ හිසර් (Hisar) ප්‍රදේශයේ රක්ඛිගාරි (Rakhighari) නම් ස්ථානයේ කළ කැණීම්වලිනි. එවැනිම ඇටසැකිල්ලක් වසර 81 කට පෙර ද එම ස්ථානයෙන් සොයා ගෙන ඇති බව 1934 අගෝස්තු 10 වැනිදා ඒ පිළිබඳ වාර්තාවක් බ්‍රිතාන්‍ය පුවත් පතක් වන ‘ද ආගස්’හි පළ වී තිබී හමු විය. ඒ වාර්තාව මෙසේය.


ආන්ද්‍රප්‍රදේශ්හී පරිතාලා අන්ජානෙයා කෝවිලෙහි ඉදිකර ඇති අඩි 135ක් උස හනුමන් ප්‍රතිමාව

එහි සිරස්තලයෙහි සඳහන් වූයේ ‘පූර්ව ඓතිහාසික වානරයකුගේ යෝධ ඇටසැකිල්ලක් හමුවේ - එහි දිග අඩි 31 අඟල් 6කි’ යනුවෙනි. 

මේ සොයා ගැනීම සිදු කළ පුරාවිද්‍යාඥයන් විශ්වාස කළේ මෙම ඇටසැකිල්ල පූර්ව ඓතිහාසික යුගයේ විසූ දැවැන්ත වානරයකුගේ විය හැකි යැයි කියාය. ජබල්පුර්වලින් වාර්තා වූ පරිදි මෙම ඇටසැකිල්ලේ දිග හරියට ම අඩි 31 අඟල් 6කි. මේ ඇටසැකිල්ල මුලින් ම හමුවී ඇත්තේ ගොවියකුටය. ජේන්තා ගම්මානය අසළ ගං ඉවුරේ වැලි අතරින් ඉහළට මතුවී තිබුණු ඇටසැකිල්ල දුටු ගැමියා තවත් කීපදෙනකු සමග එය ගොඩ ගැනීමට තැත් කළ අතර එය අසාර්ථක වීම නිසා ඒ පිළිබඳව ප්‍රාන්ත ප්‍රධානියාට දැනුම් දී තිබේ. 

ඔහු එහි පැමිණ විමසා බලා සෙනග රැස් කර ඔවුන්ගේ උදවුවෙන් මේ යෝධ ඇටසැකිල්ල ගොඩට ගෙන ඇත. අඩි 10ක් පමණ දික් වූ පාදයක් ඔසවා ගෙන යාමට මිනිසුන් තිදෙනකු අවශ්‍ය විය. මේ ඇටසැකිල්ලෙහි කොටස් සියල්ල එහි රැස්වූ මිනිසුන් ලවා ඔසවා ගෙන ගොස් ප්‍රාන්ත ප්‍රධානියාගේ මාළිගයෙහි තැන්පත් කොට එය පරීක්ෂා කර බලන්නට භූවිද්‍යා විශේෂඥයන්ට දැනුම් දී තිබේ. 

ප්‍රාග් ඓතිහාසික පුරාවස්තු නිසා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හී ජබල්පූර් (අතීතයේ ජුබ්බුල්පුර්) දිස්ත්‍රික්කය ප්‍රසිද්ධියට පත්ව තිබුණේය. ඉපැරණි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් පොසිල රැසක් ඒ ප්‍රදේශයෙන් මතුවී තිබේ. එහි දී සොයා ගන්නා ලද මේ යෝධ ඇටසැකිල්ල නිසා මේ ප්‍රසිද්ධිය තවත් වැඩි විය. එහි පැමිණි භූවිද්‍යා විශේෂඥයෝ ඉන් මවිතයෙන් මවිතයට පත් වූහ. මින් පෙර එවැන්නක් කිසිදාක දැක නොතිබුණු බව ඔවුහූ එකහෙළා පැවසූහ. ඔවුන්ගේ නිගමනය වුණේ එය සියවස් ගණනක් පැරණි ක්ෂීරපායී මානවයකුගේ ඇටසැකිල්ලක පොසිලයක් බවය. 

ඒ පළාතේ ඉන්නා වැඩි දෙනා හින්දු බැතිමතුන් වූ නිසා ඔවුන්ගේ විශ්වාසය අතීතයෙන් මතු කර ගත් මේ පොසිල ඇටසැකිල්ල ඔවුන්ගේ හින්දු ප්‍රවාදවල හා කෝවිල්වල ඉන්නා හනුමන් නම් වානර දෙවියන්ට අයත් එකක් කියා ය. ඒ දෙවියන්ගේ පාද ලාංඡන භාරතය පුරා ම පිහිටුවා තිබේ. සමහර හින්දු බැතිමත්හු මේ රාමකුමරුගේ පියඹ වූ සීතා රාවණා විසින් පැහැර ගෙන යද්දී හෝඩුවාවල් ලෙස තබන ලද ඒවා යයි විශ්වාස කරති. ඒවා හනුමන් දෙවියන්ගේ හෝ සීතා දේවියගේ නොවේ නම් මිනිසකුට සමාන යම්කිසි ආකාරයේ යෝධයකු විසින් තබන ලද පාද සලකුණු විය හැකිය. මෙවැනි එක් පිය සටහනක් ආන්ද්‍ර ප්‍රදේශ් හී ලේපක්ෂි නම් කුඩා ගම්මානයේ පිහිටි වීරභද්‍ර කෝවිලෙහි තිබෙනු දැකිය හැකිය. දිගින් අඩි හතරක් පමණ වන මේ පා සලකුණ තැබූ තැනැත්තා අඩි 31ක්වත් උසැති යෝධ සිරුරක් ඇත්තකු විය යුතුය. 

සමහර හින්දු හා ජෛන බැතිමතුන් විශ්වාස කරන්නේ හනුමන් යනු සැබෑ වානරයකු නොව වානර පෙනුමක් ඇති මානව යෝධයකු පමණක් නොව ඔහු සමඟ විශාල යෝධ වානර පරම්පරාවක් ම ඇති බවය. ඉපැරණි ශිෂ්ටාචාර බොහොමයකින් මතු කර ගෙන ඇති අභිලේඛනවල දක්වා ඇත්තේ දෙවියන් හා මනුෂ්‍යයන් දෙමුහුන් වීමෙන් මෙවැනි යෝධයන් බිහි වූ බවය. බයිබලයේ ද මෙවැනි අපූරු මිනිසුන් ගැන සඳහන් වන්නේ නෙෆිලිම් (Nephilim) කියා ය. මේ හනුමන්ද නෙෆිලිම් කෙනකු සේ සැලකිය හැක්කේ ඔහුගේ පියා දෙවියකු වූ අතර මව මනුෂ්‍ය දුවක් වූ නිසා ය. 


ලේපක්ෂි නම් කුඩා ගම්මානයේ පිහිටි වීරභද්‍ර කෝවිලෙහි තිබෙනු දැකිය හැකි යෝධ පා සලකුණ

පුරාණ හින්දු අභිලේඛනවල දැක්වෙන පරිදි හනුමන් යනු වානරයකුට සමාන මුහුණක් ඇති යෝධ මිනිසකු බවත් ඔහු මෙන් යෝධයන්ගෙන් සමන්විත වානර ගෝත්‍රයේ නායකයා බවත් ය. සමහර විට මේ හමු වී ඇති යෝධ ඇටසැකිල්ල ඒ ගෝත්‍රිකයකුගේ විය හැකිය. රක්ඛිගාරිවලින් හමු වූ අඩි 32ක් පමණ වූ ඒ ඇටසැකිල්ල අද දක්නට නැත. ඇත්තේ වාර්තා පමණ ය. ඒ ඇටසැකිල්ලට වූ දෙයක් කිසිවකුත් දන්නේ නැත. ඒ කාලයේ ඉන්දියාව මහා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ නිසා සමහර විට තවත් වටිනා පුරාවස්තු සමග ඉංග්‍රීසීන් විසින් මේ මහත්සේ වටිනා පුරාවිද්‍යාත්මක සාක්ෂිය ද එංගලන්තයට ගෙන යන්නට ඇත. 

හින්දු පුරාණයේ නොයෙක් තැන්වල මේ යෝධයන් ගැන සඳහන් වෙයි. ඉන්දියානු ප්‍රවාදවලට අනුව මහා බ්‍රහ්මයා විසින් එවැනි යෝධ පුරුෂයන් මවා තිබෙන අතර ඔවුන් විශාල ගස් දෑත බදා උදුරා ගෙන ඔසවා ගෙන ගිය බවත් සඳහන් වෙයි. එදා මහා බ්‍රහ්මයා මෙවැනි යෝධයන් මැච්චේ එකල මිනිසුන් අතර පැවති සටන් නතර කොට ලෝක සාමය ඇති කරනු පිණිසය. ‘මහාභාරත‘ නම් ඉපැරණි මහා කාව්‍ය ග්‍රන්ථයෙහි එන භීම එවැන්නෙකි. ඔහු බ්‍රහ්මපුත්‍රයෙකි. අති දැවැන්ත සිරුරකින් හෙබි ඔහු නමින් භාටෝට්කච්ච (Ghatotkacha) ය. ඔහු බ්‍රහ්මයාට සමාන බලයක් ශක්තියක් ඇති අයෙකි. 

එසේ ම ‘රාමාණය‘ නම් පුරාණ මහා කාව්‍යයෙහි එන ආකාරයට අනුව හින්දු දේව ත්‍රිමූර්තිය අතුරින් ප්‍රධානියා වූ විෂ්ණු දෙවියන් භාරතයේ වංශවත් පවුලක උත්පත්තිය ලබා පසුව ලංකාවේ රජකම් කළ රාවණාත් ඔහුගේ සොහොයුරු කුම්භකර්ණ යෝධයාත් සමග සටන් කොට පරාජය කළ බව බැව් සඳහන් වෙයි. එහි දැක්වෙන්නේ රාවණා රාක්ෂගණයට අයත් හිස් දහසක් ඇති යෝධ කයක් ඇකි රජකු ලෙසයි. ප්‍රබල රජකු වූ රාවණා සාමාන්‍ය මිනිසුන්ට පරාජය කළ නොහැකි නිසා ඔහුගේ බලය බිඳීමට විෂ්ණු දෙවියන් මෙහි ආ බවයි. රාවණා රජු මරා දැමීම ආගමික උත්සවයක් ලෙස හින්දුන් අදත් නාට්‍යානුසාරයෙන් සමරනු දැකිය යැකිය. 

 - පර්සි ජයමාන්න  

අදහසක් පළ කරන්න

2 Comments

  1. 2015දී කළ සොයාගැනීමක් ගැන පුවතක් 1934 පළ වූ පුවත්පතක පළවන්නේ කෙසේද?

    ReplyDelete
  2. ‍ලේඛනයේ දෝෂයක් නිසා සිදුවූ වරදකි. පෙන්වා දීම ගැන ඔබට තුති. එය නිවැරදි කළෙමි

    ReplyDelete