දැන් කෘත්‍රිම බුද්ධිය (AI) නැති තැනක් නැති තරම්! හැම දේකට ම කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නවා. ඔබේ නින්ද ගැන සොයා බලන්න, ව්‍යායාම් කරන්න උදවු වෙන්න, දවසේ කාලය කළමනාකරණය කර ගන්න, මානසික ආතතිය නැති කර ගන්න, සුව නින්දක් ලබන්න ආදී මෙකී නොකී මේ හැම දෙයකට ම කෘත්‍රිම බුද්ධිය යොදා ගන්න දැන් ‘ඇප්’ තියෙනවා. වෙන එකක් තියා දැන් ඔබ මැරෙන මොහොත තත්පරකට ම ගණනය කරලා කියන්න කෘත්‍රිම බුද්ධියට පුලුවන්. ඒකටත් දැන් ‘ඇප්’ එකක් තියෙනවා. ඉතින් ඔබ දැන් ගෙවන ජීවිතයේ ඉතිරි ටික කොච්චරද කියා දෙන්න, ඔබ මැරෙන හේතුවත් එක්ක ම කියා දෙන්න මේ ‘ඇප්’ එකට පුලුවන්!
ඔවුන් ඉල්ලන්නේ Tell about your current habits ඔබේ වත්මන් භාවිතයන් හා පුරුදු විතරයි. ඔබට තියෙන හොඳ පුරුදු වගේම නරක පුරුදුත් කියන්න ඕනෑ. ඔබ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකට වෛද්‍යවරයා හමු වීමට යන්නේ කවදාද? ඔබට නිදන්ගත රෝග තිබේද? ඒ වාගේ ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න සිදු වෙනවා. මේ තොරතුරු ලබා දුන්නාට පසු තත්පර ගණනකින් ඔබට ජීවිතයේ තවත් කොපමණ කාලයක් ඉතිරිව තිබේදැයි අන්තිම තප්පරේට කියනවා. මැරෙන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඒකත් කියනවා. මරණය දිග්ගස්සා ගන්න මොනවද කරන්න ඕනැ කියලා ඇහුවොත් ඒකටත් ජීවිතයේ වෙනස් කර ගතයුතු තැන් මොනවාද? අලුතින් එක්කර ගත යුතු දේ මොනවද කියලා ඔබට මෙහි දි ඇසුවොත් දැන ගන්න පුලුවන්.
මේ පිළිබඳ වාර්තාවක් පසුගියදා ඩේලි මේල් නිව්ස් වෙබ් අඩවියේ විද්‍යාව යටතේ පළවුණා. ඒ ඩේලි මේල් වාර්තාවේ තිබුණා, Death Clock කියා නිදහස් වෙබ් අඩවියකුත් තියෙන බව. ඔබට ඒකට ලොග් වුණාමත් මේ පහසුකම ලබන්න පුලුවන්. කෘත්‍රිම බුද්ධිය ඔබට ඔබ ලබා දෙන තොරතුරු අනුව, ඔබේ වයස, බර, ජීවිතය ගෙවන ආකාරය, එය ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) අහනවා. කොහොම වුනත් මේ වෙබ් අඩවිය ඔබේ පවුලේ ඉතිහාසය, සෞඛ්‍ය තත්වය, මානසික තත්වයන් ආදිය ගැන අහන්නේ නෑ. ඒවාත් බලපානවා ඔබේ වයස ගැන තීරණයක් ගැනීමේ දී. පවුලේ ජානගත රෝගයක් තිබුණොත් එයත් බලපානවා ඔබේ වයසට. ඒ ලින්ක් එකට ගිය මට එහි කෘත්‍රිම බුද්ධියක් ඇති බවක් පෙනුනෙ නෑ. මං ඒ ගැන AI මට වඩා දන්න කෙනෙකුගෙන් ඇහුවාම එයත් ලින්ක් එකට ගිහින් බැලුවා. ඒක ෆේක් එකක් කියලයි එයත් කිව්වෙ.
ඩෙත් ක්ලොක් වෙබ් පිටුවෙන් මුලින්ම
දුන් අනාවැකිය.
මේ පුවත වාර්තා කළ අය මේ වෙබ් එකෙන් ඔහුගේ වයස ගැන, මැරෙන දවස ගැන ඇහුවාම වෙච්ච දේ එයා කියන්නේ මෙහෙමයි: ‘මං ඒකට මගෙන් ඉල්ලපු තොරතුරු ටික දුන්නාම ඒ වෙබ් අඩවිය මට මගේ සොහොනෙ ගහන ඵලකය හදලා දුන්නා, මැරෙන දිය ඔක්කොම දාලා. මට අවුරුදු 68 දි මරෙනවා කීවා ම මට කම්පනයක් ඇති වුණා. ඒක ඇමරිකාවේ අපේක්ෂිත ආයු කාලයට වඩා අවුරුදු 10ක් විතර අඩුයි. එහෙම තියෙද්දී මං කලින් මැරෙන්නෙ ඇයි කියලා ඇහුවා. එයා කිව්ව පිළිකාවකින් කියලා.’ කී ඒ වාර්තාකරු තවදුරටත් කීවේ, ‘මේ ඩෙත් ක්ලොක් වැඩසටහන විනෝදය සඳහා හදපු එකක් නිසා ගැඹුරින් බාර ගන්න එපා! කියලා ඒ යෙදුම ඇඟ බේරා ගත් බවයි. සැනසීමකට තියෙන්නෙ මේ වැඩසටහන ඔවුන් කිය අනාවැකිය වෙනස් කර ගන්න නම් කළයුතු දේ ඔබට කියා දෙන එකයි.’
‘පසුව මම මගේ ආහාර රටාව වෙනස් කරලා දුන්නාම, ‘බොහොම හොඳයි කියලා මගේ වයස අවුරුදු 10කින් වැඩි කරලා දුන්නා. ඒකෙ හැටියට මං දැන් මැරෙන්නේ 78 දී. මැරෙන හේතුව ඒ වතාවෙ හදවත් රෝගයකින්. ඇමරිකාවෙ වැඩි දෙනෙක් මැරෙන්නේ ඒ හේතුවෙන්. තව වතාවක් මං ඒ තොරතුරුම නැවත ඇතුල් කළාම පිළිතුර ඒකමයි, හැබැයි මැරෙන හේතුව පාචන රෝගයක්. ඒත් පාචන රෝග නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ වැඩි වුණාට ඇමරිකාවෙ එහෙම නෑ. ඒකත් පුදුමයට කාරණයක්. කොහොමටත් මට මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න 2064 ජනවාරි 14 වෙනකම් ඉන්න වෙනවා’ ඔහු වැඩිදුරටත් කියනවා.
ඇප් ස්ටෝර් එකේ තියෙන්නෙ Death Clock AI කියලා එකක්. ඒක ලබා ගන්න පුලුවන් ඇපල් දුරකථනවලටයි. ඒත් ඇප් එක නවසීලන්තයෙදි මං බාගත කරන්න හැදුවම මට දැන ගන්න ලැබුණා ඔය ඇප් එක දාන්න අවසර ලැබිලා තියෙන්නෙ තවම රටවල් කීපයකට විතරයි කියලා. දැනට ඉන්දියාව, ඇමරිකාව ඇතුළු අප්‍රිකානු රටවලට, අවසර ලැබිලා තියෙනවා.
ඒක වඩාත් සාර්ථක අයුරින් කරන බව පෙනෙනවා. එය ඔබට දැන් ජීවත්වන විධිය අනුව ඔබේ ආයු කාලයේ තවමත් කොතරම් ප්‍රමාණයක් ඉතිරිව තිබේ ද? කියා දැන ගත් පසු ඉදිරියට වැඩි කලක් ජීවත්වන්නට නම් කුමක් කළ යුතු දැයි ඔබට දැන ගන්න පුලුවන්. ඒවා හරියටම ඉටු කළොත් ඔබට තව කෙතරම් කාලයක් ජීවිතය දික්ගස්සා ගැනීමට ඔබට හැකි ද කියා නැවත අසන්නට පුලුවන්. ඒ නිසා මේ ඇප් එකෙන් ලැබෙන්නේ හරියට ම මැරෙන දවස නෙමෙයි. මේ ගැන ඔබටත් අසා බලන්න වැඩිදුර තොරතුරු ඇප් ස්ටෝර් ගැන මේ පහත ලින්ක් එකෙන් පුලුවන්: https://apps.apple.com/us/app/death-clock/id6499554412
මේ ඇප් එක නිර්මාණය කර ඇත්තේ ‘මෝස් ඩේස්’ හා ‘යූක්ලිඩ් ඇනලිටික්’ යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරී බ්‍රෙන්ට් ෆ්‍රැන්සන් (Brent Franson) ඔහුගේ යෙදවුමෙන් නියම ප්‍රතිඵල ගන්න නම් ප්‍රශ්න 29කට ඔබ උත්තර දෙන්න ඕනෑ. ඒවා අහන්නේ ඔබ ගන්නා ආහාර, ව්‍යායාම්, නින්ද, පවුලේ ඉතිහාසය ගැන නිවැරදි තොරතුරුයි.
‘මං මේ ඇප් එක හැදුවේ ඔබේ මැරෙන දිනය කියන්න ම නෙවෙයි. ඔබ දැන් ජීවත්වෙන අයුරු ඔබට තේරුම් ගැනීමට සලස්වා ඒ මගින් ඔබට ආයුෂ දීර්ඝ කර ගැනීමට කැමති නම් ඊට මඟ පාදා දීමටයි.’ කියා මෙහි නිර්මාණකරු වූ බ්‍රෙන්ට් ෆ්‍රැන්සන් සිය නිර්මාණය ගැන පවසනවා ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට අදාළ යූ ටියුබ් වීඩියෝව මෙහි පහතින් නරඹන්න.
මේ වගේ දෙයකට බය වෙන්න එපා! මැරෙන වෙලාව හරියට ම කියන්න පුලුවන්කමක් නැහැ. හදිසි අනතුරුවලිනුත් මිනිසුන් මිය යනවා. ඒත් මේකෙනුත් ඔබට හොඳ ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. ඔබේ ආයු කාලය අඩු කරන හේතු තියෙනවා නම් ඒවා වෙනස් කර එක ඔබට අපහසු දෙයක් නෙවෙයි.
0 Comments