HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිළිකාවට නව පිළියමක් දකුණු කොරියානු විද්‍යාඥයන්ගෙන්!

පිළිකා සෛල වර්ධනය අනික් අතට හරවන්න ක්‍රමයක් කොරියානු විද්‍යාඥ පිරිසක් ක්‍රමයක් සොයා ගෙන තියෙනවා. අණුක මට්ටම සක්‍රිය කිරීමෙන් තමයි, පිළිකා සෛල ආපසු නිරෝගී සෛල බවටත් කිරීමෙන් තමයි, කොරියානු විද්‍යාඥයන් මේ හපන්කම කර ඇත්තේ. මෙහිදී ඔවුන් කර ඇත්තේ සාමාන්‍ය නිරෝගී සෛල පිළිකා සෛල බවට පත් කිරීමට ආරම්භ වන අවස්ථාවේ දීම එය නතර කිරිමට කටයුතු යෙදීමෙන්. ‍මේ පිළිබඳ අධ්‍යයන වාර්තාවක් ප්‍රසිද්ධ කරලා තියෙනවා. 


පිළිකා සෛල විනාශ කරන පැරණි ක්‍රම මගින් හිසකේ ගැලවී යාම, අධික විඩාව, වමනය වැනි 
සමහර අතුරු ආබාධ රැසක් ඇති වේ. ඒ වෙනුවට පිළිකා ප්‍රතිකාර සඳහා වෙනත් තුන්වැනි ක්‍රමයක් 
මහාචාර්ය ‍චෝ ඇතුළු කණ්ඩායම සොයා ගෙන තිබේ.

‘මේ සොයා ගැනීම පිළිකාවට ප්‍රතිකාර කිරීමට නව ප්‍රවේශයක් පාදා දේවි. පිළිකා සෛල විනාශ කිරීම වෙනුවට ඒ සෛලවල ඇතුළත සංයුතිය වෙනස් කිරීමක් එහිදී සිදු වන්නේ.’ කියා කියන්නේ වෛද්‍ය ටිෆානි ට්‍රෝසෝ-සැන්ඩොවල් (Tiffany Troso-Sandoval) කියන පිළිකා විශේෂඥවරියයි. ඇය ඇමරිකාවේ නිව්යෝක් රෝහලේ ස්ලෝන් කෙටරින් අනුස්මරණ ‍පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කර විශ්‍රාම ලැබූ විශේෂඥ වෛද්‍යවරියක්. ඇය මෙසේ අදහස් පළ කළේ, ඩේලි මේල් පුවත් පත ඇගෙන් මේ ගැන විමසූ අවස්ථාවේදියි. ඇය මේ සොයා ගැනීමට සම්බන්ධ නැහැ. 

‘මේ නව දෙමුහුන් ප්‍රතිකාර ක්‍රමය තේරුම් ගන්න පහසු මෙහෙමයි. සිතන්න ඔහු ජලය බඳුනක් රත් කරනවා තියා. හරියටම ෆැරන්හයිට් අංශක 212 දී (සෙන්ටිග්‍රේඩ් 100) ඒ වකුර උතුරනවා. ඉන්පසු ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒ ජලය වාෂ්ප වෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාව, ඒ කියන්නේ ජලය පැහෙන අන්තිම මොහොත, මෙවැනි අවස්ථාවක් පිළිකාවක් වැඩීමේ දීත් තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි, නිරෝගී සෛල පිළිකාජනක සෛල බවට පත් වෙන්නේ. මේ නව ක්‍රමය යොදා ගත හැක්කේ ඒ මොහොතේදියි. 

මෙතෙක් පැවති සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමය වුණේ එක්කෝ සැත්කමක් මගින් පිළිකා සෛල ඉවත් කිරීම එහෙම නැත්නම් ඒවා විකිරණ හෝ කීමෝ චිකිත්සක ක්‍රමය මගින් සිරුරෙන් ඉවත් කිරීමයි. මේ පර්යේෂකයන්ගේ නව ප්‍රතිකාර ක්‍රමය පිළිකාව අමතන්නට තුන්වැනි ප්‍රවේශයක් ඇති බව අපට හෙළිදරවු කරනවා. ඒ මගින් පිළිකා රෝගීන්ට තමන්ගේ නිරෝගී සෛල යළි ලබා ගත හැකි ක්‍රමයක් පාදා දෙනවා. මේ ක්‍රමයෙන්, විකිරණ හා කීමියෝ චිකිත්සාව වැනි විෂ සහිත ප්‍රතිකාර වෙනුවට අඩු හානිකර පිළියම් යොදා ගන්නට පුලුවන්කම ලැබේවි. වෛද්‍ය ටිෆානි විශ්වාසය පළ කරනවා. 

කොරියානු උසස් තාක්ෂණික විද්‍යායතනයේ 
මහාචාර්ය ක්වන්-හයින් චෝ.

දැනට පවතින සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම යොදා ගැනීමේදී, පිළිකා සෛලවලට විතරක් නෙවෙයි, සිරුරේ සියලුම සෛලවලට හානි සිදු වෙනවා. ඒ නිසා රෝගියාට නොයෙක් දරුණු අතුරු ආබාධලවලට මුහුණ දෙන්නත් සිදු වෙනවා. අන්තිමේ දී ඒ නිසා අලුතින් පිළිකාවක් වුනත් ඇති වෙන්න පුලුවන්. 

‘ඒ විතරක් නෙවෙයි, මේ නව සොයා ගැනීම නිසා පිළිකා සෑදීමේ අවදානමක් ඇති අයටත්, ඒ කියන්නේ, එවැනි අවදානමක් පවුලේ ඉතිහාසයේ ඇත්නම් ඒ අයටත්, දුම්පානය වැනි පිළිකාකරක පුරුදු ඇති අයටත්, ඒ අවදානම මග හරවා ගන්නත්, අර්බුද ඇති වීම වළක්වා ගන්නටත්, මග පෑදෙනවා.’ වෛද්‍ය ටිෆානි පැහැදිලි කරනවා. 

මේ අධ්‍යයනයෙන් හෙළිවී ඇති කරුණු අනුව, පිළිකා ජීව විද්‍යාව ගැන ගැඹුරු අවබෝධයක් ඇති කර ගන්නත්, ඒ අනුව පිළිකා ප්‍රතිකාරය රෝගියා විශෙෂිත කර කරන්නත් මග පෑදෙනවා. 

මේ නව අධ්‍යයනයේ සම සංස්කාරක වූ, කොරියානු උසස් තාක්ෂණික විද්‍යායතනයේ මහාචාර්ය ක්වන්-හයින් චෝ (Kwang-Hyun Cho) කියන්නේ ‘මේ අධ්‍යයනයෙන් සවිස්තරාත්මකව හෙළිදරවු කෙරුණා, පිළිකාවක් වර්ධනය වීමේ ක්‍රියාවලියේ දී ජාන ජාල මට්ටමේ දී සෛලවල ඇති වන වෙනස්කම් මොනවාද කියා. මෙතෙක් කලක් එය රහසක්ව තමා තිබුණේ.’ 

ඇමරිකාවේ පිළිකා විශේෂඥ වෛද්‍ය ටිෆානි 
ට්‍රෝසෝ-සැන්ඩොවල්

පිළිකාවක් ඇති වීම වහාම සිදුවන්නක් නොවෙයි. එය සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙන් නිරෝගී සෛලවල ඇති DNAවල වෙනස් වීමෙන් සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස් වන නිසයි. මෙසේ ප්‍රමාණවත් වෙනස්කම් ඇති වූ පසු, නිරෝගී සෛල අසාමාන්‍ය ලෙස ක්‍රියා කරන පිළිකා සෛල බවට පරිවර්තනය වේ. 

මේ පරිවර්තනය වීම පිළිකාකාරක ඇතුළුවීමෙන් නිරෝගී සෛල පිළිකා සෛල බවට පත්වන ඒ ඉතා කෙටි කාලීන සංක්‍රාන්තික අවස්ථාව ලෙසට පර්යේෂකයන් හඳුනා ගත්තා. ඒ අවස්ථාවේ දී සෛලවල පිළිකාරක ලක්ෂණ මෙන් නිරෝගී ලක්ණත් දෙකම තියෙනවා. 

මෙහිදී පර්යේෂකයන්, අණු හඳුනාගැනීමේ පද්ධතියක් භාවිතා කරමින්, ක්‍රම ක්‍රමයෙන් සිදුවන මේ පරිවරිතනය පාලනය කරන යන්ත්‍රණය ඉලක්ක කර ගන්නත්, සෛල සාමාන්‍ය තත්වයට යළි හැරවිය හැකි අණුක මාර්ග හඳුනා ගැනීමටත් ඔවුන්ට හැකි වුණා. 


සාම්ප්‍රදායික පිළිකා ප්‍රතිකාර ක්‍රම අනුව පිළිකා සෛල ඉවත් කිරීමට සැත්කමක් හෝ විකිරණ හා කීමෝ චිකිත්සක ප්‍රතිකාර යොදා ගනු ලැබේ. ඒ වෙනුවට දැන් විද්‍යාඥයන් විසින් පිළිකා සෛල නිරෝගී සෛල 
බවට පත් කළ හැකි අණුක ‘යතුරක්’ සොයා ගෙන තිබේ.

චෝ සහ ඔහුගේ සගයන් අණු සෛල පරීක්ෂණයක් භාවිත කරමින්, මේ නව ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලුවේ රසායනාගාරයේ වර්ධනය කළ, ආන්ත්‍රවල හට ගන්නා පිළිකා සෛලවලින් තැනූ කුඩා අර්බුදයක් යොදා ගනිමිනුයි. මේ අත්හදා බැලීමේ දී පිළිකාවලට අදාළ ප්‍රෝටීන බිඳ හෙළන එක්තරා එන්සයිමයක් ඔවුන් විසින් හඳුනා ගනු ලැබුවා. මේ එනසයිමය අවහිර කිරීමෙන් අර්බුදය වර්ධනය වීම වළක්වා සෛල ආපසු නිරෝගී ඒවා බවට හැරවීමට ඔවුන්ට හැකි වුණා. 

ඔවුන්ගේ මේ සොයා ගැනීම පිළිබඳ අධ්‍යයන වාර්තාව Advanced Science ජර්නලයේ පළ කරනු ලැබුවා. 

සෛල වෙන් කොට හඳුනා ගැනිම වගේම, සෛලවල වෙනස් වීමේ ක්‍රියාවලිය නව සංකල්පයක් නොවෙතත්, ඔවුන් සොයාගත් මේ ක්‍රියාවලිය පිළිකා ප්‍රතිකාර කිරීමට යොදා ගැනීම නව අදහසක් බවත් මෙවැන්නක් මින් පෙර කිසිදාක සිදු කර නොමැති බවත් වෛද්‍ය ටිෆානි ට්‍රෝසෝ-සන්ඩොවල් තහවුරු කළා. 

 - පර්සි ජයමාන්න 

අදහසක් පළ කරන්න

0 Comments