HOT

5/recent/ticker-posts

promo-container

තවත් අභියෝගයක්! ඔබේ පිළිතුර කුමක් ද?

දිවංගත එස්. පී. පෙරේරා මහතාගේ ‘අභියෝගය’ පැන පොඩි පොතෙන් තවත් අභියෝගයක් ඔබ වෙනුවෙන් අපි මෙසේ පළ කරමු. 



රතු ජෝන්ගේ පුනක්කු බාල්දියේ කතාව 

කරත්ත බාස් යයි හැඳින්වෙන රතු ජෝන්ගේ රට ගොන් බානෙන් එකෙක් උතුර බලාගෙන ද අනෙකා දකුණ බලාගෙන ද සිටිති. කුඩා වුවත් බර ඇදීමට කිසි සේත් නො දෙවැනි සිංහල ගොන් බානෙන් එකෙක් නැගෙනහිර බලා ද අනෙකා බටහිර බලා ද සිටිති. ඒ හතර දෙනාට මැද රතු ජෝන් මහා පුනක්කු බාල්දියක් සූදානම් කරයි. සූදානමෙන් පසු ඔහු ගොනුන් හතර දෙනා ආපසු හරවන්නෙත් නැතිව පස්ස ගස්සන්නේත් නැතිව එකවර බාල්දියෙන් පුනක්කු බොන්නට සලස්වයි. ඒ කෙසේ ද? 

ඔබේ පිළිතුර කුමක් ද? 

එස්. පී. පෙරේරා මහතාගේ පිළිතුර හෙට ‘මල් කැකුළු’ තුළින්

අදහසක් පළ කරන්න

0 Comments