HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

හාල් හිඟ කාලයේ අලුත් අභියෝගයක්!

අපේ ජාතියට 'දැනුම', 'පැන පොඩි' හා 'අභියෝගය' වැනි බුද්ධි කලම්බනය කරන ගැටලු ඉදිරිපත් කළ දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ තවත් ප්‍රශ්නයක් අද ඉදිරිපත් කරනවා. එතුමා ඊට දී ඇති මැය 'මේ හාල් හිඟ කාලයේ' යන්නයි. එය අද වැනි හාල් හිඟ කාලයකටත් වලංගු එකක්. 


මේ හාල් හිඟ කාලයේ ! 

පවුලේ බඩ පිස්සා ටිකිරි බණ්ඩාය. ඔහු‌ගේ සො‌හොයුරියෝ දෙදෙනෙක් පිරිමින් වූයේ නම් එවිට ඔහුගේ සොහොයුරන්ගේ ගණන එක් සොහොයුරෙක් හා සොහොයුරියක් වී නම් සිටින සොහොයුරියන්ගේ ගණන මෙන් දෙගුණයකට එකක් අඩුය.

තවද, එක් සොහොයුරියක් සොහොයුරෙක් වී නම් ඔහුගේ සොහොයුරන්ගේ ගණන සොහොයුරියන්ගේ ගණන මෙන් තුන් ගුණයකට එකක් අඩුය. ටිකිරි බණ්ඩාට සොහොයුරන් සහ සොහොයුරියන් කී දෙනෙක් වූ ද? 

පිළිතුර - මීළඟ 'මල් කැකුළු' තුළින්

අදහසක් පළ කරන්න

0 Comments