ළමයින් පිරිසක් නස්රුදින් හම්බවෙන්න ආවා, පලතුරු මල්ලකුත් අරගෙන. පලතුරු මල්ල නස්රුදින් අතට ඔවුන් මෙහෙම කිව්වා.
‘මාමෙ! මේ පලතුරු ටික අපට බෙදා ගන්න බැරුවයි අපි මේ ආවේ. මාමාට බැරිද අපි කාටවත් අසාධාරණයක් නොවෙන්න මේක අප අතර බෙදලා දෙන්න?’
‘පුලුවන්! පුතාලට කොහොමද බෙදලා ඕනෑ. දෙවියො බෙදන විදියට ද? මාරයා බෙදන විදියට ද?’ නස්රුදින් ඇහුවා.
‘දෙවියො බෙදන විදියට!’ ළමයි එක හඬින් කිව්වා.
නස්රුදින් පලතුරු මල්ල ඇරලා, අතක් පිරෙන්න පලතුරු අරන් එක ළමයකුට දුන්නා. අත් දෙකක් පුරවපු පලතුරු තවත් ළමයකුට දුන්නා. තවත් ළමයකුට ගෙඩි දෙකක් දුන්නා. තවත් ඵමයකුට එක ගෙඩියක් විතරක් දුන්නා. අනිත් ළමයින්ට මොකුත් ම දුන්නේ නෑ.
‘මොකක්ද මේ බෙදපු විදිය. හරිම අසාධාරණයි!’ ළමයි කෑ ගැහුවා.
‘ඇයි ඔය ළමයි කැමති වුණානෙ දෙවියො බෙදන විදියට. මෙහෙම තමයි දෙවියන් බෙදන්නේ. උන්නාන්සේ සමහරුන්ට ගොඩක් දෙනවා! සමහරුන්ට ටිකක් දෙනවා! අනිත් අයට දෙන්නෙම නෑ.’ කී නස්රුදින් ‘ඔය ළමයි කීවා නම් මාරය බෙදන විදියට බෙදන්න කියලා මට මේක හැමෝට ම සම සම ව බෙදන්න තිබුණා.’ තවත් පැහැදිලි කළා.
0 Comments