සංඛ්‍යාවක් පමණයි. ඉක්මනින් වඳවී යන සත්ව වර්ගයක් ලෙස නම් කර තියෙනවා.
ජර්මන් ප්‍රයිමේට් සෙන්ටර් හා ෆෝනා ඇන්ඩ් ෆ්ලෝරා ඉන්ටර්නැෂනල් ආයතනය එක්ව කරන ලද පුළුල් ජාන අධ්‍යයනයකින් පසුවයි, මේ පෝපා ලැන්ගූර් නම් නව සත්ව ප්‍රභේදය සොයා ගෙන ඇත්තේ.
වසර 100කට පමණ පෙර මියන්මාරයේ සිට එංගලන්තයේ ලන්ඩනයේ ස්වාභාව විද්‍යා ඓතිහාසික කෞතුකාගාරයට ගෙන ගිය සංරක්ෂණය කළ වඳුරු සිරුරුවලින් කළ අධ්‍යයනයකින් පසුවයි, කලින් වාර්තා නොකළ නව සත්ව ප්‍රභේදයක් ඇති බවට නිගමනය කළේ. ඒ සත්ව ප්‍රභේදයේ උප ප්‍රභේද තුනක් ඇතැයි එහිදී හෙළිදරවු වුණා. ෆෝනා ඇන්ඩ් ෆ්ලෝරා ඉන්ටර්නැෂනල් ආයතනයේ නිරීක්ෂණ කණ්ඩායමකට මේ නව සත්ව ප්‍රභේදය මධ්‍යම මියන්මාරයේ ශුද්ධ පෝපා කඳුකරයේ වනාන්තරයේ දී හමු වී තියෙනවා.
වඳුරු සිරුරු. නව පරීක්ෂණවලට ජාන ලබා ගත්තේ ඒවායිනි.
පෝපා කන්දේ යමහල දැන් සම්පූර්ණයෙන් ම නිෂ්ක්‍රිය වෙලයි, තියෙන්නේ. එහි යන මඟ වැටී ඇති ඒ වනාන්තරය දැන් වනජීවී සංරක්ෂිතයක්. ඒ මුදුනෙහි දැන් එරට ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවුණු මහා දේවාලයක් තියෙනවා. එහි ඔවුන් ‘නාත්’(Nat) කියා හඳුන්වන, මහත් භක්තියෙන් වැඳුම් පිදුම් කරන දෙවිවරුන් 37 දෙනෙක් වැඩ ඉන්නවා.
මේ පෝපා ලැන්ගූවර් සත්ව විශේෂයෙන් ලෝකය පුරාම ඉන්නා 250න් 100ක් පමණ ඉන්නේ මේ වනාන්තරයේ විතරයි. මේ ප්‍රිමාටා වඳුරු විශේෂයේ ඇස් වටා කැපී පෙනෙන ලෙස කළු වළලු දෙකක් තියෙනවා. ලොම් අලු පැහැතියි. මධ්‍යම මියන්මාරයේ වනාන්තරවල සිව් පොළක හුදෙකලාව ජීවත් වෙනවා. මේ කණ්ඩායම් හතරම ජීවන පරිසරය හා වාස බිම් අහිමි වීම නිසා ඔවුන් සියලු දෙනාම වඳ වීයාමේ තර්ජනයට ලක්වෙලා. මේ හේතුව නිසා පෝපා ලැන්ගූර් පවුලට අයත්, මෑතදී අලුතින් හඳුන්වා දුන් සතුනුත් වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සතුන් ගොඩට එක්කරලා.
දිගටි හැඩයක් ඇති ඒවායේ විශාල ඇඹරුම් දත් පිහිටා තියෙනවා.
මොවුන් අයත් සක්ව ගණය හැඳින්වෙන්නේ ට්‍රැකිපිතිකස් (Trachypithecus) කියලයි. මේ ගණයට අයත් සත්ව විශේෂ 20ක් ආසියාව පුරා ජීවත් වෙනවා. ඔවුන්ගේ රූප විභේදනයන් හා ජාන අධ්‍යයනයන් කොතෙක් කළත් ඔවුන්ගේ පරිණාමීය ඉතිහාසය ගැන අප දන්නේ ටිකයි.
ස්වාභාව විද්‍යා ඓතිහාසික කෞතුකාගාරයේ ක්ෂීරපායී අංශයේ ප්‍රධාන සංරක්ෂකයා වූ රොබටෝ පෝටෙලෝ මිගුවස් කීවේ, ‘අප මේ ගණයට අයත් ප්‍රභේද හතරක් ගැන විතරයි, ගිය සතියේ විමසා බැලුවේ. ලොව පුරා විසිර ඇති මේ කාණ්ඩයට අයත් සත්ව විශේෂ සියල්ල ගැන සමස්ත කරුණු අධ්‍යයනයෙන් මේ ගණය ගැන අංග සම්පූර්ණ වාර්තාවක් අපට ඉදිරියේ දී සකසන්නට හැකි වේවි.’ කියායි.
පාත්‍රවුණු මහා දේවාලයක් තියෙනවා.
මිගුවස් වැඩිදුරටත් කියන්නේ, ‘වඳුරන් කියන්නේ මැමේලියා සත්ව කාණ්ඩයට අයත් වන සුවිශේෂ සත්ව ගණයක්. වසර 100ක් තිස්සේ එක් රැස්කළ සංරක්ෂණය කළ සත්ව සිරුරුවලින් මෙවැනි දෙයක් කරන්න දැන් තියෙන තාක්ෂණයත් උපකරණත් අපට කලින් තිබුණෙ නෑ.
‘අප හා එක්වුණු විවිධ රටවල විශේෂඥ සගයන් කීප දෙනෙක් ම අපට මේ කාර්යයේ දී සහය වුණා. නව තාක්ෂණය මේ කටයුත්ත සඳහා යොදවා නව ප්‍රභේදය හඳුනා ගන්න අවස්ථාව සැලසුණේ ඒ නිසයි’.
මේ නව ගණයට අයත් සත්ව ප්‍රභේදයේ වර්ණය, වල්ගයේ දිග, ඇඹරුම් දත්වල විශාලත්වය, හිස් කබලේ හැඩය ආදී කැපී පෙනෙන කායික වෙනස්කම් වලින් තමයි, ඔවුන් නව ප්‍රභේදයක් බවට හඳුනා ගත්තේ. පෝපා ලැන්ගූර් යනුවෙන් අලුතින් නම් කරනලද වානර විශේෂයත් ලොව පුරා විසිරී වෙසෙන ප්‍රිමාටාවන් විශේෂයන් 512ට මින් ඉදිරියට එක් වෙනවා.
- පර්සි ජයමාන්න
0 Comments