HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

ලෝක මිහිකත දිනය

ලෝක මිහිකත දිනය අප්‍රේල් 22 දාට යෙදී තියෙනවා.
මිහිකත දිනය මෙවර සමරනු ලබන්නේ 50 වන වසරටයි.
1970 අප්‍රේල් 22 වැනිදා මුල්ම වැඩසටහනට මිලියන දෙකක් ජනතාව එක්වුණා
අද ලොව රටවල් 193ක් මේ සඳහා සකස් කළ වැඩසටහන්වලට සහභාගි වෙනවා.
මිහිකතගේ ආරක්ෂාව ගැන එදාට ලෝකයේ ම අවධානය යොමු කෙරෙනවා
මිහිකත සුරැකීමට එක්වන ලෙස ලෝක ප්‍රජාවට ආරාධනය කෙරෙන දවසයි.
මෙවර තේමාව දේශගුණය සුරැකීමට එක් වෙමු
පරිසරය පිරිසිදු කරමු. ගස් සිටුවමු
වඳවී යන සතුන් ආරක්ෂා කරමු.


ලෝකයේ හැම දිනයක් ම මිහිකත දිනයක්
ඔබ ලෝකයේ කොහේ හිටියත් මේ දිනය සමරන්න ඔබට පුළුවන්
අනාගතය සුරක්ෂිත කර ගැනීමට අදම ක්‍රියා කරමු
ගෙදර ඉඳන් එක්වන්න! පැළයක් සිටුවන්න! පරිසරය පිරිසිදු කරන්න!
වඳවී යන සතුන් හා ශාක ගැන ඉගෙන ගන්න! අනෙක් අයටත් ඒ ගැන කියා දෙන්න!
මිහිකත දිනය ගැන චිත්‍රයක් අඳින්න! රචනාවක් ලියන්න! කවියක් නිර්මාණය කරන්න!

අදහසක් පළ කරන්න

0 Comments