HOT

5/recent/ticker-posts

promo-container

ලෝකයේ ලස්සනම, විස්මිතම කුරුල්ලන් ඉන්නා පාරාදීසයක්!

මේ මිහිමත වෙසෙන වඩාත් සුන්දර, වඩාත් විස්මිත කුරුලූ වර්ගය ‘පාරාදීසයේ කුරුල්ලන්’ (birds-of-paradise) ලෙසයි හැඳින්වෙන්නේ. පැරඩිසිඬේ (Paradisaeidae) පවුලට අයත් මේ කුරුලූ වර්ග 41ක් ඉන්නා බවයි.

කුරුලූ විශේෂඥයන් කියන්නේ. සොබාදහමේ අපූරු දායාදයන් ලෙස සැලකෙන මේ කුරුල්ලන් හැබැහින් දැක ගන්න නම් නිව් ගිනියාවේ (New Guinea) වනාන්තරවලට යන්න ඕනෑ. ඔවුන් ජීවත් වන්නේ නිව්ගිනියාව හා ඒ ආශ‍්‍රිත දූපත්වලයි. කුරුලූ විශේෂ කීපයක් මලූකු (Maluku) දූපත්වලත්, නැගෙනහිර ඕස්ටේ‍්‍රලියාවේත් ඉන්නවා. ඒත් මේ කුරුලූ පවුලට අයත් විශේෂ 39ක් ම නිව්ගිනියාවේ දී දකින්න පුළුවන්.


බීබීසී ආයතනය මේ කුරුල්ලන් විශේෂ 39ක් විශේෂ ව්‍යාපෘතියක් යටතේ කැමරාවට නඟා විශේෂ වාර්තා වැඩසටහනක් නිපදවා තියෙනවා.

මේ කුරුල්ලන්ගේ පිහාටුවල පිහිටීමේ විවිධත්වය ඉතාමත් චමත්කාරයි. උන් පිල් විහිදා කරන නැටුම් විචිත‍්‍රයි. මායිම් ලකුණු කිරීමේ දී හා අනංග රංගයේ දී නඟන හඬ ඉතාමත් මිහිරියි!

ඔවුන්ගේ සුන්දරත්වය පහත වීඩියෝවලින් අත් විඳින්න!









අදහසක් පළ කරන්න

0 Comments