
අපේ ඉලක්කම් සෙල්ලම් යටතේ පළ වූ ‘2කේ අරුමය’ ගැන කොමෙන්ටුවක් එවපු නමක් නැති පාඨකයෙක් අපෙන් ඉල්ලීමක් කළා මේ ගැටලූව ඔබට දෙන්න කියලා.
මේ කතාව ජාතික රූපවාහිනියේ ‘ඉරිදා ආයුබෝවන්’ නම් උදෑසන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් එතුමාගේ හරබර කටහඬෙන් අප වෙත ගෙනාවේ, ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපේ සුමිතුරායි. ඒ 88-89 ශී‍්‍ර ලංකාවේ පැවති භීෂණ සමයෙදියි. මේ වාගේ අමතක නොවන කතා කී ඒ හඬ ඒ කාලෙ පැවති භීෂණ සමය විසින් ගිලගත් හැටි සිහි වෙනකොට අපට අදත් ඇති වෙන්න වාවන්න බැරි දුකක්.
මං දැන් මේ කතාව කියන්නේ ඔහුගේ හඬෙන් නොවෙයි, අපට මේ කතාව ලියා එව්ව, අප නොදන්න මිතුරාගෙ හඬෙන්. ඔන්න එහෙනම් අහගන්න.
චෙස් ක්‍රීඩාව ගැන පුංචි කතාවක් මම අහලා තියෙනවා. සමහරවිට ඔයාලත් අහලා ඇති. මේක මම ඇහුවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ රූපවාහිනි වැඩසටහනකින්.
චෙස් ක්‍රීඩාව නිර්මාණය කරපු නිර්මාණකරුගෙන් ඒ රටේ රජ්ජුරුවෝ අහලා තියෙනවා, මොකක්ද අවශ්‍ය තෑග්ග කියලා, එයා ඉල්ලපු තෑග්ග මොකක්ද කියලා දන්නවාද?
චෙස් බෝඩ් එකේ කොටු 64ක් තියෙනවානේ, ඉතින් එයා කීවාලු පළමු කොටුවට 1 වී ඇටයක් තියන්න කියලා. දෙවැනි කොටුවට 2ක් තියන්න කීවාලු. තුන්වැනි කොටුවට 4ක්, හතරවැනි කොටුවට 8ක්, පස්වැනි කොටුවට 16ක්, හයවෙනි කොටුවට 32ක්, ඒ විදියට දෙකේ ගුණාකාරයෙන් වැඩිවෙන විදියට කොටු 64ටම වී ඇට තියන්න ඕනෑ.
රජ්ජුරුවෝ මේක රජ්ජුරුවන්ගේ ධාන්‍යාගාරයට පැවරුවා. පැයකට විතර පස්සේ රජ්ජුරුවෝ ධාන්‍යාගාරයෙන් ඇහුවා වී ඇට හරිද කියලා. එයාලා කීවා ගණන් කරනවා කියලා. හවස් වෙනකොටත් මේ වී ඇට පුමාණය ගණන් කරනන් බැරි වුණා. ඊළග දවසේ උදේ වෙනකොටත් බැරි වුණා. එදා හවස් වෙනකොටත් බැරි වුණා.
අන්තිමේදී ධාන්‍යගාරයෙන් කීවා මේ මුළු රටම අස්වැද්දුවත් මේ වී ඇට ගණන එකතු කරන්න බැහැ කියලා.
පුළුවන්නම් ඔයාලා ඒ ගණන කීයද කියලා හදලා බලන්න. චෙස් ක්‍රීඩාව හරිම සංකීර්ණයි. ඒක හදපු නිර්මාණකරුවා ඉල්ලපු තෑග්ග ඊටත් වඩා සංකීර්ණයි නේද කියලා ඔයාලට හිතෙයි.
චෙස් කී‍්‍රඩාව පටන් ගත්තු හැටි ඉදිරියේ දී ඔබට ගෙන එන්නම්.
11 Comments
වී ඇට 36893488147419100000 ඔනෙනෙ
ReplyDelete[email protected]
1 1
ReplyDelete2 2
3 4
4 8
5 16
6 32
7 64
8 128
9 256
10 512
11 1,024
12 2,048
13 4,096
14 8,192
15 16,384
16 32,768
17 65,536
18 131,072
19 262,144
20 524,288
21 1,048,576
22 2,097,152
23 4,194,304
24 8,388,608
25 16,777,216
26 33,554,432
27 67,108,864
28 134,217,728
29 268,435,456
30 536,870,912
31 1,073,741,824
32 2,147,483,648
33 4,294,967,296
34 8,589,934,592
35 17,179,869,184
36 34,359,738,368
37 68,719,476,736
38 137,438,953,472
39 274,877,906,944
40 549,755,813,888
41 1,099,511,627,776
42 2,199,023,255,552
43 4,398,046,511,104
44 8,796,093,022,208
45 17,592,186,044,416
46 35,184,372,088,832
47 70,368,744,177,664
48 140,737,488,355,328
49 281,474,976,710,656
50 562,949,953,421,312
51 1,125,899,906,842,620
52 2,251,799,813,685,250
53 4,503,599,627,370,500
54 9,007,199,254,740,990
55 18,014,398,509,482,000
56 36,028,797,018,964,000
57 72,057,594,037,927,900
58 144,115,188,075,856,000
59 288,230,376,151,712,000
60 576,460,752,303,423,000
61 1,152,921,504,606,850,000
62 2,305,843,009,213,690,000
63 4,611,686,018,427,390,000
64 9,223,372,036,854,780,000
18,446,744,073,709,600,000
18446744073709600000
ReplyDelete18,446,744,073,709,600,000.00
ReplyDeleteකෝකද හරි? මමත් අමාරුවේ වැටිලා ඉන්නේ.
ReplyDeleteවී ඇට ගණන = 2^63+(2^63-1)=1.84467E+19
ReplyDeleteවී ඇටයක බර (Avg) = 30 mg =0.00003 kg
kg ගණන = 5.53402E+14
-අම්බි
සාමාන්‍යයෙන් වී ගහකින් ලැබෙන වී ඇට ප්‍රමාණය කීයද? වර්ග අඩියක ගොයම් ගස් කීයක් හැදෙනවාද? එහෙම වුණොත් මේ වී ඇට ප්‍රමාණය ගන්න කොපමණ භූමි ප්‍රමාණයක් වගා කළ යුතුද? දන්න කෙනෙක් ඉන්නවානම් හදලා දාන්න.
ReplyDelete9,223,372,036,854,780,000
ReplyDelete-WPD
ගණිතය කියන වැඩසටහන විස්මිත මිනිස් මොළයේ නිර්මාණයක්. ගණිතයට පුළුවන් සොබාදහම ,භෞතික, අභෞතික දේවල් වලටත් එපිටින් යන්න
ReplyDeleteMaths is natural language.....!
ReplyDelete(2^64) - 1
ReplyDelete