HOT

5/recent/ticker-posts

promo-container

කෑම කන්න අලුත් සගයෙක්! අපූරු නව නිපැයුමක්!

අනාගතයේ කෑම මේසයට අපූරු වෙමලමක් දැන් හඳුන්වා දීලා තියෙනවා. පෙරදිග කෑම මේසයෙන් චොප්ස්ටික් කූරුත්, බටහිර කෑම මේසයේ ගෑරුප්පුවත් (ෆෝක් එකත්), එක් කර තැනූමේ අපූරු උපකරණය හඳුන්වා දී ඇත්තේ chopstick-fork වදනේ මුල අග එක් කිරීමෙන් සාදා ගත් chork (චෝක්) නම් අලූත් වදනෙනි.

 
කෑම මේසයේ අලූත් ම යාළුවා - චෝක්

කෑම මේසයට ආ මේ නව උපකරණය නිසා තුන් වන ලෝක යුද්ධයක් ඇති වීම පවා වළක්වන තරම් මිතුරු දමක් පෙර’පර දෙදිග රටවල් අතර ඇති වනු නො අනුමානය යැයි මේ නව උපකරණය ගැන සඳහන් කරමින් එක් ලේඛකයකු සඳහන් කර ඇත.

දැනටමත් ආරංචි හැටියට මේ කෑම මේසයට ආ අමුත්තාට බොහොම දෙනකු කැමති හැඩයි. එක පැත්තක ගෑරුප්පුවක්, අනෙක් පැත්තේ චොප්ස්ටික් ‘කූරු දෙකක්. ආහාරයට ගැළපෙන හැටියට තමන්ට කැමති එකක් තෝරා ගත්තෑකි.

 
නියම චොප්ස්ටික්ස්වලින් කනවා වාගේ කන්න කැමති නම් ඒවා වෙන්කර ගෙන හිතේ හැටියට කෑම ගත්තැකි.

නියම චොප්ස්ටික්ස් කලාව දන්නේ නැති, චොප්ස්ටික්ස්වලින් කාලා පුරුදු නැති, අයට මේක පාවිච්චි කරන ලේසියි. ඉක්මනින් ම අතට හුරුකර ගත්තෑකි.

මේ නව උපකරණය නිපදවා තියෙන්නේ ඇමරිකාවේ සෝල්ට් ලේක් සිටි හී බ‍්‍රවුන් ඉනොවේෂන් ගෲප් කියන ආයතනයයි. ඔවුන් කියන්නේ කෑම මේසයට යන්නත් ඉස්සරින් ම කවුරුත් මෙයට ආසා කරන බවයි.





අදහසක් පළ කරන්න

2 Comments

  1. දකිද්දි මේකත් මහ ලොකු දෙයක් නෙමෙයි කියලා හිතුනට ගෑරුප්පුව අපි කොච්චර දැකලා තිබුනත් මේ සිතුවිල්ල පහල උනේ නෑනේ.

    ReplyDelete
  2. මොක ආවත් මම නම් අතින්..

    ReplyDelete