HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

උත්තරාලෝකයේ දීප්තිමත් අවස්ථා වීඩියෝ මගින් දැක ගන්න!

පෘථිවි ගෝලයේ උත්තර ධ්රැවය ආශි‍්‍රතව දැක ගත හැකි උත්තරාලෝකය ඉතාමත් මනස්කාන්ත දසුනක් ලෙසයි සැලකෙන්නෙ. සූර්යයා මත සුළි කුණාටු ඇති වෙන කාලයට මේ ආලෝකය ඉතාමත් දීප්තිමත් ව දැක ගන්න පුළුවන්. පසුගිය කාලේ ඒ සංසිද්ධිය නිසා ඇති වූ අති ප‍්‍රබල භූචුම්බක කුණාටු හේතුවෙන් ඇති වූ ආලෝකධාරා හරිම චිත්තාකර්ෂණීයයි. මේ ගැන ‘මල් කැකුළු’වල වැඩි විස්තරයක් පළ වුණා ඔබට මතක ඇති.



උත්තරාලෝකය හෙවත් ඔරෝරා බොරියාලිස් (aurora borealis) යන ඉංගිරිසි නම හැදිලා තියෙන්නේ, පාන්දරට අධිපති රෝම දෙවඟනගේ නම වූ ඔරෝරා යන්නත් උතුරු සුළඟ යන අරුත් ඇති බොරියේලිස් යන ගී‍්‍රක වදන එක් කිරීමෙන්.




2012 ජනවාරි 24 වැනිදා ස්වීඩනයේ ඇබිස්කෝ ජාතික වනෝද්‍යානයට ඉහළින් මේ උත්තරාලෝකය විහිදේදී තමයි, මේ වීඩියෝ දසුන් කැමරාවට නැඟුවේ වාඞ් බ්ලැක්ලි Chad Blakley නම් කැමරාශිල්පියෙක්. පැය තුනක් තිස්සේ සිදු වූ මේ අසිරිමත් සිදුවීම විනාඩි කීපයකට හකුළුවලා තමයි මෙසේ ඉදිරිපත් කෙරෙන්නෙ.







-සම්බන්ධිත ලිපි-
උතුරු අහසේ විස්මය දනවන දසුන්! දීප්තිමත් ආලෝකධාරා වලට හේතුව කුමක්ද?

අදහසක් පළ කරන්න

3 Comments

  1. මෙම ආලෝකය දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශවලද දැකිය හැකි ය. එයට Aurora Australis යයි කියති. Aurora යන්නට සිංහලෙන් කියනුයේ උෂාලෝකය කියා ය.

    ReplyDelete
  2. මේ බ්ලොග් එකේ ලිපි සියල්ලම පාහේ මම කියවලා තියනවා. මම දැකපු හොඳම බ්ලොග් අතලොස්ස අතුරින් එක බ්ලොග් එකක් මේක.

    ReplyDelete
  3. නලින්,
    ඔබ හරි පාරිභාෂික වචනය Aurora උෂාලෝකය තමයි. උත්තර ධ්රුවය දිස් වෙන එක Aurora Boralis උත්තරාලෝකය දක්ෂිණ ධ්රුවයෙ දිස් වෙන එක Aurora Australis දක්ෂිණාලෝකය කියලයි කියන්නේ.

    ReplyDelete