
ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට (Mensa) අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.

46 හැවිරිදි මැතිව් හැංකින්ස්, හයිඩිගේ පියා වන අතර ඔහු සවුත් හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍ය වරයෙක් බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 2 දී තනිවම 40 තෙක් ගනක් කිරීමට තරම් හපනියක් වූ ඇය කියවීමට ද තනිව හුරු වූ බවයි ඇයගේ පියා පවසන්නේ.
පොත් 3කින් සමන්විත වූ ඔක්ස්ෆර්ඩ් රීඩින් පොත් කට්ටලය වයස අවුරුදු 2 දී ඇය පැයක් තුල දී කියවා නිම කල බවත් සාමන්‍යයෙන් එය කියවිය හැක්කේ වයස අවුරුදු 7 ක් පමණ වන දරුවන්ට බවත් යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
උපුටා ගැනීම : Gossip9
6 Comments
අහ්හ් මාර ළමයෙක්නේ :)
ReplyDeleteමොකක්ද ඔය IQ අගය කියන්නේ.ඕක මනින්නේ කොහොමද?
ReplyDeleteවිශ්වජිත්, IQ කියන්නේ බුද්ධි දර්ශක අංකය හෙවත් බුද්ධි ඵලය කියන දෙයටයි. ඒක මැන බලන්න පරීක්ෂණ තියෙනවා. ඔබ What is IQ කියලා සෙවුම් යන්ත‍්‍රයක් ඔස්සේ විමසුවොත් අඩවි ගණනාවක් හමුවේවි. ඔබගේ IQ මනින්න පුළුවන් පරීක්ෂණයක් තෝරා ගෙන කරල බලන්න. ඉඩක් හදා ගෙන ළඟදීම ඒ ගැන ලිපියක් ලියන්නම්.
ReplyDeletehttp://www.my-iq.net/iq-test-question-22-20.html
ReplyDeleteඔයා ලිපියක් ලියනකොට ඒ වගේ සිංහල ප්‍රශ්න සෙට් එකක් හදලත් දාන්ඩ
ReplyDeleteballa giyahhhh........
ReplyDelete