
මකුළුවන් ගොදුරක් වෙතට පනින පිම්මක් මේ ළඟදී ඒ ජපන් පර්යේෂකයන් පිරිස පැපුවා නිව්ගිනියාවේ දී කැමරාවට නැඟුවා. උරොබලූස් (Uroballus) ගණයට අයත් මේ පනින මකුළුවා මෙසේ දිගු පිම්මක් ගෙන ගොදුරක් වෙත පනින ආකාරයෙහි සුවිශේෂ උපක‍්‍රමයක් ඇති බව ඔවුන් දුටුවා. එය සිදු වන ආකාරය විද්‍යාත්මකව විග‍්‍රහ කරන්නට ඔවුන් උත්සාහ ගත්තා. මකුළුවන් අයත් වන්නේ ඇරක්නිඩාවන් නැමැති ගෝත‍්‍රයටයි. ඇරක්නිඩාවන් සතුරන් අල්ලා ගැනීමේ දී ඌ දකින සතුරාගේ ප‍්‍රතිබිම්බය අවනාභිගත (image defocus) කරන බවක් මේ වීඩියෝව දකිද්දී ඔවුන්ට පැහැදිලි වුණා. ඉදිරියෙන් පෙනෙන දේ අපැහැදිලි කොට තමන්ට දකින්න අවශ්‍ය දේ වඩා පැහැදිලිව පෙනෙන සේ නාභිත කිරීමයි මේ අවස්ථාවේ දී සිදු වන්නේ. (මේවා සිදු වන ආකාරය වීඩියෝ රූප පෙළක ඔබ ඉදිරියේ ඇති දසුන බොඳ වී ඈත ඇති දෙයක් පැහැදිලිව පෙන්වනු දකින විට පැහැදිලි වේවි.) එසේ ම පර්යේෂකයන් සොයා ගත්තා කොළ පැහැයට සංවේදී පටකයක් මකළුවාගේ ඇස තුළ ඇති බව. ඒ නිසා කොළ පැහැති ආලෝකයේ දී ඉතා නිවැරදිව සතුරාට එල්ලය ගෙන පනින මකුළුවා රතු පැහැති ආලෝකයේ දී එල්ල වරද්දා ගන්නා බවත් ඔවුන්ට අවබෝධ වුණා.
බලන්න ඒ පර්යේෂකයන් මකුළු පිම්ම වීඩියෝ ගත කළ අන්දම.
0 Comments