
විද්‍යාඥ කණ්ඩායම ප‍්‍රකාශ කරනුයේ ඔවුන්ට හමු වූ මෙම නව සත්ත්වයා මීට කලින් හමු නොවූ උරග පරිණාමයේ මෙහෙතක් පිරවිය නොහැකි ව තිබූ කොටසක් පුරවන ‘අහිමි පුරුකක්’ බවයි. සත්ත්වයාගේ පිටේ කටුවක් පිහිටා තිබුනත් එය එම කටුවේ ඇත්තේ එක් කබලක් පමණි. මෙම සත්ත්වයා නම් කර ඇත්තේ ‘ඔඩොන්ටෝචිලිස් සෙමිටෙස්ටාකේ’ යනුවෙනි. එහි අරුත ‘ තනි කටුවක් ඇති දත් සහිත’ සත්ත්වයා යන්නයි. එම සත්ත්වයාගේ පිට කටුව සමෙන් ඇතිවූවක් නොව ඉළ ඇට (පාර්ශු) සහ කශේරුකාව වර්ධනය වීමෙන් ඇතිවූවක් බව පොසිල විද්‍යාඥ කණ්ඩායමේ මතයයි.
මීට වසර මිලියන 65 කට පෙර ඈත අතීතයේ ඩයිනසෝරයන් මිහිමත ඇවිද ගෙන ගිය කාලයේ දීත් මෙම සත්ත්වයා හොඳින් වැඩුණු උඩු කබලකින් හා යටි කබලකින් යුක්තව සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

‘ඔඩොන්ටෝචිලිස් සෙමිටෙස්ටාකේ’ සම්බන්ධ ගවේෂණ කටයුතු සිදු කළේ චීනයේ හැංසූහි ෂේජියැං ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ ලෝව් ලී ජූන් ප‍්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමයි. ලී ජූන් පවසන්නේ අද අපට දකින්න ලැබෙන කැස්බෑවුන්ගේ උපත සිදුවන්නට ඇත්තේ ජලයේ දී ම බවයි.
2 Comments
Fossils valin aluth karunu helivana hati hari apurui!
ReplyDeleteමේ ලෝකේ සැග උන දේවල් එමටයි...
ReplyDelete