HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

මැස්සෙක් විතර පුංචි කටුස්සෙක් හමුවෙයි! මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය!

මේ පුංචිම පුංචි කටුස්සා සමහර විට මේ මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගයට අයත් එකකු වෙන්න පුළුවන්. මැඩගස්කරයේ දී හමු වූ මේ කුඩා කටුස්සාගේ ප‍්‍රමාණය මේ සමග ඇති ඡායාරූපයෙන් ඔබට සිතා ගත හැකියි. ඒ සොයා ගැනීම කළ විද්‍යාඥයාගේ ඇඟිලි තුඩකයි ඌ මේ ළැග ඉන්නේ. මේ වර්ගයේ වැඩුණු සතකු දිගින් සෙන්ටිමීටර් 3කට වඩා නැහැ.


 
ගිනිකුර හිසක වුනත් මේ කුඩා කටුසු වර්ගයට ළැග ඉන්න පුළුවන්.


විද්‍යාඥයන් විසින් මේ වර්ගයේ සත්ව විශේෂ හතරක් සොයා ගෙන තියෙනවා. සත්ව විද්‍යාත්මකව බෲකේෂියා මයික‍්‍රා නමින් හඳුන්වා ඇති මේ අපූරු සත්වයා හමු වි ඇත්තේ මැඩගස්කරයේ ප‍්‍රධාන දූපත අසල කුඩා දූවක දීයි.

 
දැක ගන්න අමාරු සතෙක් - බොහෝ කටුසු වර්ගවල නිජබිම මැඩගස්කරය යැයි අනුමාන කෙරනවා.

නව සත්ව විශේෂයකට අයත් යැයි සැලකෙන මේ කටුසු විශේෂය ලොව සිටින කුඩාම කටුසු වර්ග විය හැකියි. ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් දියේගෝ විශ්ව විද්‍යාලයේ දැනටමත් මේ සතාගේ ජාන පරීක්ෂණ ටෙඞ් ටවුන්සෙන්ඞ් අතින් සිදු කෙරෙනවා. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙම දෙයක්: ”මේ සතාගේ ප‍්‍රමාණය අනුව සාමාන්‍ය ප‍්‍රමාණයේ කටුසු වර්ග පරිණාමය වන්නට ඇත්තේ මෙවැනි ඉතා කුඩා ආදිමයකුගෙන් යැයි සිතිය හැකියි.”

 
මැඩගස්කරයෙන් සොයා ගෙන ඇති කුඩා කටුසු වර්ගය

අදහසක් පළ කරන්න

5 Comments

  1. හප්පේ මුගෙ පුංචි...

    ReplyDelete
  2. ati karanna puluwan satheK

    ReplyDelete
  3. එක පාර හොයාගන්නත් බෑනේ මේ සතාව..

    ReplyDelete
  4. අනේ චූටී එකෙක්.:)

    ReplyDelete
  5. maaaakage chuuute.thanx sahooo maaa wage dawal apeth akka bada ganna akata

    ReplyDelete