
පොසිල හිස් කබල සොයා ගන්න හැකිවුණේ ඩොරෙස්ට් ප‍්‍රාන්තයෙනුයි. හිස් කබලේ දිග අඩි 8 ක්. මීටර්වලින් නම් මීටර 2.4 ක්. පොසිල විද්‍යාඥයන් අනුමාන කරන විධියට මේ සත්ත්වයාගේ සම්පූර්ණ සිරුරේ දිග මීටර 16 ක්. ප්ලියෝසෝරස් යනුවෙන් හැඳින්වෙන්නේ ජුරාසික හා කි‍්‍රටේසීය යුගයේ ඩයිනසෝරයන් හා සමකාලීනව ජීවත් වූ සාගර උරග විශේෂ අතරින් එක් වර්ගයක්. මුලදී විද්‍යාඥයන් පැවැසුවේ මොවුන් අයිති වන්නේ ප්ලියෝසොරිඬේ (Pliosauridae) පවුලට සහ ප්ලෙසියෝසෝරියා (Plesiosauria) ගෝත‍්‍රයට පමණයි කියලයි. ඒත් අද වනවිට තවත් ගෝත‍්‍ර හා පවුල් කීපයක් ම අලූතින් එක්වී සිටිනවා. ප්ලෙසියෝසෝරස්ට (Plesiosaurs) නෑකම් කියන ප්ලෙසියෝසෝරස් සහ සොරෝප්ටෙරිජියා (Sauropterygia) සාමාජිකයන් ඩයිනසෝරයන්ට නෑකම් නොකී බවත් විද්‍යාඥයන් තහවුරු කරනවා.
”ප්ලියොසෝර් සත්ත්වයන්ට තියෙන්නේ කෙටි බෙල්ලක්. හිස කිඹුලකුගේ වගේ විශාලයි. ශක්තිමත් හකු යුගලක් උන්ට තිබුණා. දත් හරිම තියුණුයි” පෝස්ට්මවුත් සරසවියේ පොසිල විද්‍යාඥ ඬේවිඞ් මාටිල් පවසනවා. ”උන්ගේ බාහු වරල් මෙන් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා වේගයෙන් පිහිනා යන්න හැකියාව ලැබෙනවා. ප්ලියෝසෝරයන් මාංශභක්ෂකයි” මාටිල් පෙන්වා දෙනවා. 2009 දී හමුවූ මේ අපූරු හිස් කබල මේ වන විට ඩොරෙස්ට් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා.
2 Comments
ඒ හොයාගත්ත හිස් කඹලේ ෆොටො එක්ක් නැද්ද??
ReplyDeleteඑළ මචං
ReplyDelete