
ගණිත විනෝදය යටතේ අපි රුසියානු ලේඛක වයි. පෙරෙල්මාන්ගේ ගැටලූ 3ක් ඉදිරිපත් කළා ඔබට මතක ඇති. ඒවාට හරි පිළිතුරු ඔබ ඉදිරිපත් කළා. මෙසේ ගැටලූ විසඳන්න ඔබේ ඉදිරිපත් වීම අපට ලොකු ධෛර්යයක්. මේවාට ඔබේ ඇති කැමත්ත අනුව අප ඉදිරියටත් තවත් මෙවැනි ගැටලූ ඔබ ඉදිරියට ගේනවා. මේ ඒවායින් තවත් එකක්.
එක් පාසල් ශිෂ්‍යයෙක් කුඩා පෙට්ටියකට මකුළුවන් හා කුරුමිණියන් 8 දෙනෙක් එකතු කළා. ඔවුන්ගේ පාද සංඛ්‍යාව ගණන් කර බැලූ විට එය 54ක් වුණා. පෙට්ටියේ සිටින මකුළුවන් හා කුරුමිණියන්ගේ ගණන වෙන වෙන ම කියන්න ඔබට පුළුවන්ද?
පුළුවන් නම් ඔබේ පිළිතුර Comments වලට එක් කරන්න.
පෙරෙල්මාන්ගේ පිළිතුර හා ඔහු එය විසදූ හැටි සදුදා මල් කැකුළු තුළින්.
3 Comments
මකුළුවන් 3 යි. කුරුමිණියන් 5 yi.
ReplyDeletemakuluvan3,kuruminiyan5
ReplyDeletethat mean:
ReplyDeleteමකුළුවා = M (පාද = 8)
කුරමිණියා = k (පාද = 6)
M + K = 8
8M + 6K = 54
K = (8-M)
8m + 6(8-m) = 54
8M + 48 -6m =54
2M = 6
M = 3
k = 8 - 3
k = 5
මකුළුවා = 3
කුරමිණියා = 5