අප මේගැන කලින් සදහන් කල ලිපිය මතකද? 'කක්ෂයේ හිරවෙච්ච රුසියන් අඟහරු යානය ජනවාරි 15 වැනිදා පොළොවට කඩා වැටෙනවා!'

නමුත් කාටවත් කරදරයක් වුණේ නෑ. රුසියාව සිතා සිටියේ එය අත්ලාන්තික් සාගරයට කඩා වැදෙතැයි කියායි. ඒත් එය අන්තිමේ දී ගිය ඉරිදා කඩා වැටුණේ චිලි රටට ඈතින් පැසිපික් සාගරයටයි.
රොස්කොස්මොස් විසින් මෙතෙක් තනන ලද විශාලතම රොකට්ටුව මෙයයි. අඟහරු ග‍්‍රහයා වෙත ගොස් එහි එක් චන්ද්‍රයකු වූ ෆෝබෝස් වෙත ගොඩ බැස එහි පස් සාම්පල රැගෙන ඒම ඒ මෙහෙයුමේ අපේක්ෂාව වුණත් ඒ කාර්යය ඉටු කරන්නට තබා අපේ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට යන්නවත් ඊට පුළුවන් වුණේ නැහැ. පොළොවේ සිට යවන සංඥා අනුව කි‍්‍රයා කිරීමට එයට හැකි වුණේ නැහැ.
මෙය යවනු ලැබුවේ ගිය නොවැම්බරයේයි. පෘථිවි කක්ෂයට ගිය පසු එහි සිට ඊළඟ අදියරට අනුව අභ්‍යවාකාශය බලා ගමන් අරඹන්න නියමිත රොකට් දැල්වුණේ නැහැ. රුසියානුවන් කෙතෙක් උත්සාහ කළත් පලක් වුණේ නැහැ. අන්තිමේදී ඔවුන් ඒ මෙහෙයුම අතර හැර දැම්මා.
චීනයත් විශේෂ පරීක්ෂණ චන්ද්‍රිකාවක් මේ යානයෙන් උඩුගුවනට යැව්වා, බැක්ටීරියා විශේෂයක් සමග. ඒ බලාපෙරොත්තුවත් ඉටු වුණේ නැහැ.

ලොව උඩුගුවනට ගිය ප‍්‍රථම මිනිසා වූ රුසියානු ජාතික යුරී ගගාරීන්ගේ ඒ ඓතිහාසික ගමනට 50 වසරක් ගත වීම සිහි කරන්නට පසුගිය වසරේ යවන ලද අභ්‍යවකාශ ගමන් පහෙන් එකක් මෙසේ අසාර්ථක වීම රුසියානුවන්ගේ ලැජ්ජාවට හේතු වුණා. ඒ නිසාම මෙය අත් වැරැද්දක් නොව විදේශ හස්තයකින් කළ කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් ලෙස හඳුන්වන්න රොස්කොස්මොස් ආයතනයේ ප‍්‍රධානියා වූ ව්ලැඞ්මීර් පොපොව්කින් පෙලඹුණා. ”මං කාටවත් චෝදනා කරන්නේ නෑ. ඒත් දැන් අභ්‍යවකාශ යානයක සන්නිවේදන කටයුතු කඩාකප්පල් කරන්න නව තාක්ෂණයේ ඇති ප‍්‍රබල හැකියාව නිසා එය නිකම්ම නොසලකා හරින්න බැහැ.” ඔහු දැඩි විශ්වාසයක් ඇතිව කියනවා. ඒත් එය ලැජ්ජාව වසා ගන්න කළ උත්සාහයක් ලෙසයි ලෝකයේ බලවත් රටවල් කියන්නේ.

(රුසියානුවන් යැවූ ‘ෆෝබෝස්-ග‍්‍රන්ට්’ රොකට්ටුව උඩුගුවනට යැවූ මොහොත)
2 Comments
Onema deyak kada vatenna loku pacific sagarayak thiyenavane. api noolen beruna!
ReplyDeleteThamanta varadena vita anith ayata agili dik karana eka lesiy.Ehema vennath puluvan thamay.
බලාගෙන ගියහම තමන්ගේ වැරදි දුර්වලතා වහගන්නට කුමන්ත්‍රණ චෝදනා කරන්නෙ ලංකාවේ සන්ධාන ආණ්ඩුව විතරක් නෙමෙයි නේද. මැකියාවෙලිගෙන් ඉගෙන ගත්තු හැම පාදඩ පාලකයෙක්ම කරන්නේ බහුජාති කුමන්ත්‍රණ පිට පටවලා හෙළුව වහගන්න එක තමයි නේද
ReplyDelete