

මේ සඳහා රූපවාහිනී තිරයේ ආලෝකය සැලෙන වේගය අනුව, ‘ඇසිපිය’ සැලෙන්නාක් බඳු, එසැණ වැසීමක් හා ඇරීමක් සිදු කළ හැකි විශේෂ කන්නාඩි කුට්ටමක් නිපදවා තියෙනවා. ඒ කන්නාඩි කුට්ටම පණ ගන්වන්නේ එහි කාචය අසලට සවි කළ විශේෂ බැටරි සෙට් දෙකක් මගිනුයි. මෙවැනි කන්නාඩි කුට්ටම් දෙකක් පලඳින දෙදෙනකුට එකම තිරය ඔස්සේ වෙනස් රූප රාමු දෙකක් නැරඹිය හැකියි. මෙය දැනට භාවිත කළ හැක්කේ දෙදෙනකුට පමණයි.
මේ තාක්ෂණය ඇතුළත් ‘සිමල් විව්’ හෙවත් විඩම්බන දසුන් ක‍්‍රමය සංවර්ධනය කර ඇත්තේ ‘ප්ලේස්ටේෂන් කී‍්‍රඩා’වලට යොදා ගන්නා ක‍්‍රමවේදයකින්.

මේ ක‍්‍රමයට අනුව දැනට ‘මෝටෝස්ටෝම් ඇපොක්ලිප්ස්’ හා ‘ග්රෑන්ඞ් ටුරිස්ට්මෝ 5’ යන PS3 වර්ගයේ පරිගණක කී‍්‍රඩාව වෙළෙඳ පොළේ තියෙනවා. මෙවැනි PS3 වර්ගයේ පරිගණක කී‍්‍රඩාවලදී දෙදෙනකුට තමන් එකිනෙකා කරන දේ ගැන නොදැන, එකිනෙකාට කරන ‘වංචා කිරීම්’වලින් තොරව, නිදහසේ, කී‍්‍රඩා කළ හැකියි.
මෙම ක‍්‍රමය ටීවී සඳහා යොදා ගන්නවා නම්, ටීවී තුළ වෙනම සුසුර කළ හැකි උපාංගයක් නැති නිසා වෙනම කේබලයක් අවශ්‍ය වෙනවා.
2 Comments
අඩේ මාරයි නේ..ඔය ක්‍රමේ දියුණූ කලොත් අපිට සිරසෙ ප්‍රවෘත්තියි අයිටීඑන් ප්‍රවෘත්තියි ඩීජේ කරල මික්ස් කරල ඔන්ලයින් අහන්න පුලුවනි...
ReplyDeleteeka hodai nathnam maragannawane tv balanna.
ReplyDelete