
මෙම නෝට්ටුව නිකුත් කළ සමයේ දී එම හිකනල් විශේෂය ඉන්දියාවේ ද ඇති බවට ඉන්දීය පරිසරවේදීන්ගෙන් මතයක් පළ වූයෙන් සත්ව විද්‍යාත්මකව ඬේසියා හෙලියානුස් Dasia haliianus නමින් හැඳින්වෙන මේ හිකනලාගේ ආවේණිකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නැඟුණා. පසුගිය වසරේ දී මෙරටෙහි දී මෙන් ම ඉන්දියාවේ දී කළ විද්‍යාත්මක පර්යේෂණයකදී මේ පිළිබඳව නිරාකරණය කර ගැනීමට හැකි වී තියෙනවා. ශී‍්‍ර ලංකා පරිසර විද්‍යාඥයන් තිදෙනකු විසින් කරන ලද මෙම පර්යේෂණයේ දී හෙළිවී ඇත්තේ මෙතෙක් එකකැයි සිතා සිටි ඉන්දියානු හිකනල් විශේෂය සත්ව විද්‍යාත්මකව ඬේසියා සබ්කේරුලියම් Dasia subcaerulenum නමින් හැඳින්වෙන වෙනත් හිකනල් විශේෂයක් බවයි. මේ පර්යේෂණය සිදු කර ඇත්තේ අපේ පරිසර විද්‍යාඥයන් වන මෙන්ඩිස් වික‍්‍රමසිංහ, නෙතු වික‍්‍රමසිංහ හා ලලිත් කාරියවසම් යන තිදෙනායි.
(මේ ලිපියේ මූලික කරුණු අපට හමු වූයේ අලූත් ම ජාතික පුවත්පත වූ ‘අද’ ජනවාරි 12 වැනිදා නිකුත් වූ පත‍්‍රයෙනි.)
1 Comments
hikanalatath prasidyiak labena ratak SriLankava!
ReplyDelete