
කෙන්යාවේ අලි වනජීවී නිලධාරිනට ‘එස් එම් එස්’ යවන්නට පටන් ගෙන ඇත්තේ මේ නවීන තාක්ෂණික උපක‍්‍රමය නිසාය. මුලින් ම මෙම අති නවීන තාක්ෂණය යොදා ගෙන ඇත්තේ ‘කිමානි’ නම් දැවැන්ත දළ ඇතෙකුටය.
ගම්බිම් පාළු කරමින් මිනිසුන්ට පහර දෙන සද්දන්තයෙක් ලෙස ‘කිමානි’ නම් දළ ඇතා ප‍්‍රසිද්ධියට පත්වී සිටියි. කෙන්යාවේ ඔල් පෙජෙටා වන රක්ෂිතයේ වෙසෙන මේ කිමානිට ගැමි පවුලක් හයමාසයකට එක් රැස් කර ගෙන සිටින ධාන්‍ය එක් රැයකින් කා දමන්නට හැකිය. ඌ මේ වන විට රාති‍්‍ර කාලයේ දී ගම්බිම්වලට කඩා වැදී ගැමියන් බිය වද්දා ඔවුන්ගේ ආහාර පමණක් නොව ජීවිත රැසක් ද උදුරා ගෙන ඇත. නිමානි වැනි ගම් වදින සද්දන්තයන් කීප දෙනෙක් ම මේ වන රක්ෂිතයේ සිටිති.
කිමානි වැනි සද්දන්තයන්ගේ ජීවිත රැුක ගෙන ගැමියන්ට සහන සලසන මෙම අපූරු වැඩ පිළිවෙළ ආරම්භ වූයේ මීට වසර දෙකකට පෙරය. මේ සඳහා පුරෝගාමීව කටයුතු කළේ කෙන්යා වන ජීවී සේවාවයි. නැවැත්වීමට කොතරම් උත්සහ කළත් වගාබිම් පාළු කරන, මිනිසුන්ට කරදර කිරීමට වනාන්තර අද්දර පිහිටි ගම්බිම්වලට කඩා වදින, පුරුද්ද ඇති අලි ඇතුන් පස් දෙනකු නිර්වින්දනය කර අල්ලා ගන්නට වනජීවී නිලධාරීහූ කි‍්‍රයා කළහ. මේ සද්දන්තයන් අතර කිමානි ද සිටියේය.
වන ජීවී නිලධාරීන් විසින් නිර්වින්දනය කර අල්ලා ගත් මේ සද්දන්තයන්ගේ කරේ පටියක් පලඳවන ලදී. ජංගම දුරකතන ‘සිම් කාඞ්’ (SIM card) පතක් සවි කර ඇති මෙම කරපටිය නිසා ගෝලීය ස්ථානගත පද්ධතිවල (GPS) හා චන්ද්‍රිකා තාක්ෂණයේ උදව්වෙන් වන ජීවී නිලධාරීන්ට කිමානි ඉන්නා තැනත්, යන එන තැන් ගැනත් කල් තියා දැන ගැනීමට හැකිවී තිබේ. මේ සඳහා රේඩාර් තාක්ෂණයත් ඔවුන්ට සහය වෙයි. කිමානි වනරක්ෂිතය අද්දර ගම්මාන හා වගාබිම් දෙසට පැමිණෙන්නේ නම් කරේ ඇති ‘සිම් කාඞ්’ පතෙන් ‘එස් එම් එස් ’ පණිවිඩයක් අනතුරු ඇඟවීමේ සංඥාවක් වශයෙන් ජීවී නිලධාරීන්ට ලැබේ. එවිට කඩිනමින් ක‍්‍රියාත්මක වන ඔවුහූ එහි පැමිණ කිමානිව වෙන පැත්තකට හරවා යැවීමට පියවර ගනිති.
අප‍්‍රිකානු අලි ගහනය ද මේ වන විට සීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතී. උන් වඳවී යාමේ රතු දත්ත වාර්තාවට ඇතුළත් වීම වැළැක්වීමට වනජීවී නිලධාරීන් හා කෙන්යානු වැසියන් ගත් මෙම අපූරු උපක‍්‍රමය අලි මිනිස් ගැටුමට නව තාක්ෂණය යොදා ගනිමින් ඉදිරිපත් කළ සාර්ථක විසඳුමකි. මෙය අප‍්‍රිකාවේන් ලැබෙන පරන පුවතක් උනත් මෙය අපිට කාලොචිත එකක් ලෙස සිතන්න පුලුවන්.
3 Comments
වැදගත් ලිපියක් ස්තුතියි.
ReplyDeleteබැටරි ඉවර වුනාම ආපහු චාර්ජ් කරන්නේ කොහොමද දන් නෑ
ReplyDeleteඅපෙත් ගෙවල් පැත්තේ එකෙක් ඉන්නවා මේයින් එකක් හයි කරන්න,
ReplyDelete