HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

විස්මිත කුසලතා ඇති ළදරුවෝ


ජර්මනියේ කි‍්‍රස්ටීන් හෙයින්රිච් හෙයිනකන් ජීවත්වූයේ වසර 4ක් පමණය. 1721 පෙබරවාරි 6 දා සිට 1725 ජූනි 22 වන තෙක් පමණය. ඔහු පතල වූයේ ”ලූබෙක් (ජර්මනියේ නගරයකි) දරුවා” හැටියටය. ඔහු වයස 2 1/2ක් වන විට බයිබලයේ පැරණි හා නව තෙස්තමේන්තු කට පාඩමින් දත්තේය. වයස අවුරුදු තුනේ දී ලතින් හා ප‍්‍රංශ බස හොඳින් උගත්තේය. ඔහුගේ වාර්තාවට ළං වන අනෙක් දරුවා 1963 මාර්තු 7 වැනිදා කොරියාවේ සෝල් නුවර දී උපන් කිම් උන් යොන් ය. ඔහු සිව් හැවිරිදි වියේ දී පද්‍ය නිර්මාණ කෘතියක් ලියා පළ කළේය. කොරියන්, ඉංගිරිසි, ජර්මන් හා භාෂා කථා කළ හැකි විය. ඔහු අවුරුදු හතරයි මාස දහ අටක් වියැතිව සිටියදී ජපානයේ තෝකියෝ නගරයේ පැවති වර්ල්ඞ් සර්ප‍්‍රයිස් ෂෝ නම් ටෙලිවිෂන් වැඩසටහනෙහිදී අනුකලන ගණිත ගැටලූ විසඳුවේය. මෙවැනි අයගේ බුද්ධි ඵලය මැනීම එතරම් පහසු නොවේ. ඒත් ඔහුගේ බුද්ධි ඵලය 210ක් පමණ වන්නට ඇතැයි සලකිය හැකිය. අප දැනට දන්නා ඉහළම බුද්ධි ඵලය 200න් ඉහළ ඇතැයි සැලකෙන කීප දෙනෙකු මෙසේය. එමෑනුවෙල් ස්වීඩන්බෝග් (1688-1772), ජොහාන් වුල්ෆ්ගැන් ගතේ (1749-1832) හා ජෝන් ස්ටුවර්ට් මිල් (1806-73) ආදීහුය.

අදහසක් පළ කරන්න

0 Comments