චීනයේ විතරක් නොවේ, ඇමෙරිකාවේ චීන නගරයක වීථියක ඇවිදගෙන යන ඕනෑම කෙනකුට උරමල්ලක් දමාගෙන සිටින මිටි මහත අයකුගේ පිළිම දැක ගන්න පුළුවන්. චීන වෙළඳුන් මෙය හඳුන්වන්නේ ‘ප‍්‍රීතිමත් චීන මිනිසා’ හෙවත් ‘සිනාසෙන බුදු පිළිමය’ කියලයි.
මේ විදියෙ පෙනුමක් ඇති හොටෙයි ජීවත් වුණේ, ඉතා පුරාණයේ චීනයේ ටෑන් රජ කාලයේයි. ඔහුට ඕනැකමක් තිබුණේ නෑ, තමන් සෙන් ගුරුවරයෙක් ලෙස හඳුන්වන්න. ඒ වගේ ම ගෝලබාලයන් පිරිවරාගෙන ඉන්න. ඒ වෙනුවට ඔහු කළේ ලොකු මල්ලක් කරේ දමාගෙන වීදි දිගේ ඇවිද්ද එකයි. ඒ ලොකු මල්ලෙ තිබුණෙ රසකැවිලි, පලතුරු වැනි දේයි. මේවා ඔහු වීථියේ දී සෙල්ලම් කරන්න තමා වටා රොක් වන ළමයින්ට බෙදා දුන්නා. ඔහු වීථි ළමයින්ගේ බාලාංශ පන්තියක් බවට පත් කළා.
ඔහුට සෙන් බැතිමතකු දුටු හැම විට ම ඔහු අතපා ”මට පැන්සයක් දෙන්න” යැයි කීවා.
වරක් ඔහු ළමයින් සමග සෙල්ලම් කරන්න යද්දී සෙන් ගුරුවරයකු ඔහු ඉදිරියට ආවා. ඇවිත් මෙහෙම ඇහුවා: ”සෙන් දහමේ අරුත කුමක් ද?”
හොටෙයි එක්වර ම ඔහුගේ උරමල්ල බිම දැම්මා. ඒ ඔහුගේ නිහඬ පිළිතුර වුණා.
”ඊළඟට ඒක කි‍්‍රයාවට නංවන්නේ කොහොමද?” අනෙකා ඇහුවා.
ඒ පී‍්‍රතිමත් චීන මිනිසා එක්වර ම මල්ල උරයට ගෙන ඔහුගේ ගමන යන්නට පටන් ගත්තා.
(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
3 Comments
එම පිළිමයේ දැක්වෙන්නේ සෞභාගයට අදිපති බුදායි නම් දෙවියෙක් අද කාලේ ගොඩ දෙනෙක් හට ඔය වැරදි අවබෝදය තිබෙනවා ගොඩක් දෙන මෙම පිළිමය අප අම්ම සම්බුදු රජාණන් වහන්සේගේ පිළිමයකට සමකරනවා වගකීම දරන වෙබ් අඩවියක් ලෙස ඔබලා කරුණාකර මෙවැනි වැරදි වැටහීම සමාජයට ලබාදෙන්න එපා ඒ පිළිමය බුදායි නම් දෙවියාගේ හෝ ඔබ කියන්න වූ පුද්ගලයාගේ හෝ වේවා නමුත් එය බුදුන්ගේ පිළිමයක් ලෙස නම් නොකරන්න
ReplyDeleteස්තූතියි!
කෝරලේ මහත්තයා වෙත ගෞරවයෙනි,
ReplyDeleteඒක අපේ බුදුහාමුදුරුවන්ව පිළිබිඹු කරන්නක් නෙවෙයි. මීට අවුරුදු දහස් ගණනකට ඉස්සර ජපානයේ පැවති සෙන් බොදු කතා ඇසුරෙන් අප විසින් පරිවර්තනය කළ පොතකින් උපුටා ගත් කතාවක් ඒක. තමන් සෙන් භික්ෂුවක් යැයි කියා ගන්න අකමැති හොටෙයි කියන යතිවරයා ගැනයි, ඒකෙන් කියැවෙන්නේ. ඒ සෙන් කතාවේ නම ඉංගිරිසියෙන් තිබුණේ ‘හැපි චයිනාමන් ඔර් ලාෆින් බුද්ධා’ කියලයි. ඒක සිංහලට පෙරළද්දී තමයි, අර වැරදි වැටහීම ඇති වුණේ. ඒත් අපි කිසිම තැනක අපේ බුදුහාමුදුරුවන්ට ඒක සමාන කරල නැහැ. ඒ අවලස්සන පිළිමයට බුදායි කියන නම ආවෙත් බුද්ධ කියන වදනෙන් ම තමයි.
මහායානික සහ ඒ ආශ්‍රිත සෙන් දහම, නිර්මල ථෙරවාදී බුද්ධ භාෂිතය නොවුණත්,
ReplyDeleteඒ දහමෙන් සහ උපමා කතා වලින් ඉතා වටිනා උපදේශ රැසක් ගන්න පුළුවන්.
ලාෆින් බුද්ධා අපේ සම්ප්‍රදායට පටහැනි වුවත් මේ උක්ත කතාවෙන් (හොටෙයි යථිවරයාගේ ජීවිත කතාවෙන්) ලබා ගත හැකි ආදර්ශ බොහෝය.
කෝරළේ මහත්මයා කියූ ලෙස, "ලාෆින් බුද්ධා" පිළිමය, ගෞතම සර්වඥයන් වහන්සේගේ පිළිමය ට සම කිරීමේ ඇතැමුන් ගේ මතය ඉවත් කිරීමට අප කටයුතු කළ යුතුයි.
කෙසේවුවද , මෙය , බුදුදහම ගැන හරිආකාර වැටහීමක් නොමැති බටහිර මිනිසුන් යෙදූ නමක (ලාෆින් "බුද්ධා") සිංහල පරිවර්තනයක් නිසා එය මනාව තේරුම් ගෙන කටයුතු කිරීම සුදුසුයි.
එමෙන්ම, වැරදි වැටහීම් සමාජයෙන් දුරලීමටද අප හැකි උපරිමයෙන් කටයුතු කළ යුතුයි !
මෙම කතා පෙළත් දිගටම පළ කරන්න..
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!!
තෙරුවන් සරණයි !!!