tag:blogger.com,1999:blog-26474936628650924142024-03-19T14:18:35.960+05:30මල් කැකුළු : Malkakulu.com : විශ්වයම ඔබ දෝතටමල් කැකුළු | Malkakulu | විශ්වයම ඔබ දෝතට | දැන මුතු | නව නිපැයුම් | විස්මිත පුවත් | ගවේෂණ | විශිෂ්ටතම චරිත | නව පර්යේෂණ | විස්මිත සොයා ගැනීම් | අලුත් සොයා ගැනීම් | ලෝකයේ නොවිසඳුණු අබිරහස් | නස්රුදින්ගේ කතා | ළමා හා යොවුන් විශ්වකෝෂය | සෙන් බොදු කතා | අන්දරේගේ කතා | ළමා ගී | ජන කතා | සූෆි උපමා කතා | පුරාණ ශිෂ්ටාචාර | පොත් | සංචාරක ඇස ගිය තැන් | සිනමාව | බොදු උපමා කතා | අභ්‍යවකාශ ගවේෂණ
විස්මිත විද්‍යා කතා | By Percy JayamannaUnknownnoreply@blogger.comBlogger1653125tag:blogger.com,1999:blog-2647493662865092414.post-86125073917348398242024-03-17T06:41:00.002+05:302024-03-17T06:41:23.409+05:30පියවි ඇසින් දැක ගත හැකි ඈත විශ්වයෙහි විස්මිත දසුනක්!
ඈත විශ්වයෙහි ඉතාමත් විස්මයජනක දසුනක් පියවි ඇසින් ඔබට දැක ගන්නට ලැබේවි! එය ජීවිත කාලයක් තුළ දැක ගත හැකි එකක් කියලයි, නාසා ආයතනය කියන්නේ. අභ්‍යවකාශයේ දුර්ලභ ගණයේ පිපිරීමක් තව සතියකින් පමණ සිදු වෙනවා. සතියක කාලයක් පුරා පමණක් දැක ගත හැකි මේ පිපිරුම ඔබට පියවි ඇසින් දැක ගන්න පුලුවන් කියලා නාසා ආයතනය කියනවා. ඒත් නාසා ආයතනය තවමත් එය සිදුවන වේලාව නිශ්චිතව දක්වා නැහැ.
2024 මෙතැන් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සුදු වාමන තරුවක්
නිසා ඇතිවන නෝවා පිපිරුමක් මෙහි දක්වා ඇති කොරෝනා
බොරියේලිස් (Corona Borealis) තරු පංතියෙහි දැක ගන්න පුළුවන්.
මෙහි සිට ආලෝකවර්ෂ 3000ක් දුරින් පිහිටි කොරෝනා බොරියේලිස් (Corona Borealis) තරු පංතියෙහි ඇති තරුවක් (එය හඳුන්වන්නේ T CrB කියලයි. මේ පිපිරුමෙන් බිහිවන නව තරුව වසර 80ක් තිස්සේ රාත්‍රි අහසේ පියවි ඇසින් දැක ගන්න පුලුවන්. මෙය ඔබේ ජීවිත කාලය තුළ පියවි ඇසින් දැක ගත හැකි එකම විස්මයජනක දසුනයි.
අපේ අහසේ උතුරු අර්ධගෝලයෙහි පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3000ක් ඈතින් පිහිටි ටී කොරෝනා බොරියේලිස් තරුව පිපිරීමට ආසන්නවයි දැන් තියෙන්නේ. බූටේස් (Bootes) හා හර්කියුලිස් (Hercules) තරු පංති අතර ඇති අර්ධවක්රාකාර හැඩයෙන් යුත් කොටසෙහි පිහිටි මේ තරුව තමයි පිපිරී සුපර් නෝවා එකක් බවට පත්වෙමින් සතියක කාලයක් අහසේ දීප්තිමත් ආලෝකයක් නිකුත් කරන්නේ. එය අපට දිස්වනුයේ පොලාරිස් (Polaris) හෙවත් උතුරු තරුව තරමට දීප්තිමත්වයි.
මෙහි සිට ආලෝක වර්ෂ 3000ක් දුරින් පිහිටි T CrB තරුවේ සිදුවන
සුපර්නෝවා පිපිරීම නාසා සිත්තරකු දුටු අයුරු.
මේ සිදුවීම දකුණු අර්ධගෝලයෙහි අයට දැක ගන්න හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ අයට මෙය සමහර විට දැක ගන්න පුලුවන් වේවි. ඒ මුහුදු වෙරළේ දී හෝ උස් කඳුමුදුනක දී ක්ෂිතිජය ආසන්නයේ දී විතර. ශ්‍රී ලංකාව සමකයට අංශක 7ක් ඉහළින් පිහිටා ඇති නිසා තමයි ඒ ස්ථානයේ දී දැක ගත හැකි වන්නේ. බූටේස් හා හර්කියුලිස් තරු පංති අතරින් අශ්ව ලාඩම හැඩයට මේ කොරෝනා බොරියේලිස් තරු පංතිය දැක ගන්න පුළුවන්.
මේ විධියට පිපිරුමට ලක්වන තරු හඳුන්වන්නේ නෝවා (nova) කියලයි. සෑම සියවසකට වරක් සිදුවන කෙටි පිපිරුමක් වන මෙය ඇති වන්නේ සූර්යයා ප්‍රමාණයේ සුදු වාමන තරුවක් හා සූර්යයා මෙන් 74 ගුණයක් විශාල දැනට මිය යමින් ඇති රතු යෝධ තරුවක් ඊට පමණට වඩා සමීප වීම නිසයි.
ඒ තරුවල සමීප වීම නිසා රතු යෝධ තරුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 4.000ත් 5,800ත් අතර ගණනකින් ඉහළ නංවනවා. එවිට රතු යෝධ තරුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 360,000ක් තරම් වෙනවා. මේ අධික උෂ්ණත්වය T CrB තරුවේ බාහිර ස්තර ඉවත් කරමින් ඒවා සුදු වාමන තරුවෙහි මතුපිට තවරන්නට හේතු වෙනවා.
රතු යෝධ තරුවේ පදාර්ථ එහි උෂ්ණත්වය උපරිම මට්ටමට ළඟා වීමත් සමඟ එහි න්‍යෂ්ටික ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. එය ලෝක අවසානයේ දී සිදුවන ආකාරයේ මහා පිපිරීමක් ඇති කරනවා. එයින් නිකුත් කෙරෙන ශක්තිය අපේ සූර්යයාගෙන් වසරක් තිස්සේ නිකුත් කෙරෙන ශක්තිය මෙන් දසදහස් ගුණයත් ලක්ෂ ගුණයත් අතර ප්‍රමාණයක් වෙතැයි සැලකෙනවා.
මේ තරුව සුපර්නෝවාවක් (supernova) ලෙස පිපිරීමේ දී විනාශ වී යන්නේ නැහැ. ඒ වෙනුවට තරුව සිසිල් වෙමින් කලින් එහි උෂ්ණත්වය පැවති තත්වයට පත් වී එහි ක්‍රියාවලිය නැවත පටන් ගන්නවා.
T CrB තරුවේ මේ විධියේ පිපිරීම් 1946 දීත්, 1866 දීත් සිදු වී තියෙනවා. එසේ ම ඊට වසර සියයකට පෙරත් ඒ ගැන යම් යම් අය නිරීක්ෂණය කළ බවට වාර්තා වෙනවා.
ඇමෙරිකාවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ ප්‍රැන්සිස් වොලස්ටන් පූජකවරයා පවසන ආකාරයට මේ තරුව හෝ ඒ ආසන්නව පිහිටි තරුවක් නීරීක්ෂණය කිරීම පිණිස 1787 වසරේ දී අවම වශයෙන් හතර වතාවක්වත් උත්සාහ කර ඇති බවට වාර්තා තියෙනවා.
1217 වසරේ දී ඇබට් බුචාඩ් ලියා ඇති වාර්තාවකට අනුව කොරෝනා බොරියේලිස් තරු පංතියෙහි වේගයෙන් මතු වු තරුවක් තමා නිරීක්ෂණ කළ බවත් ඒ තරුවේ මහා දීප්තියක් පැවති බවත් ඒ දීප්තිය දින කීපයක් ම නොකඩවා පැවති බවත් සඳහන් වෙනවා. බුචාඩ් එය හඳුන්වා ඇත්තේ ස්ටෙලා (Stella) යන නමින්. එය තරුවක් හැඳින්වීමට යොදන තවත් නමක් බව මෙහිදී අප අමතක කළ යුතු නැහැ.
බොහෝ නෝවා පිපිරීම් වසර දහස් ගණනක් තිස්සේ සිදු වෙනවා. මේ T CrB තරුවේ විශේෂත්වය එහි මුලු ක්‍රියාවලිය ම සතියක විතර කාලයකින් සිදු වී අවසන් වීමයි.
මේ නෝවා පිපිරුමේ දීප්තිය දින කීපයකින් උපරිමයට ළඟා වීම මෙහි ඇති විශේෂත්වයයි. ඒ නිසා සතියක කාලයක් තිස්සේ මේ පිපිරීම වසර 80ක් තරම් කාලයක්. ඉන්පසු එහි ආලෝකය අඩු වී යන අතර එය නැරඹිය හැක්කේ විද්‍යාවෙහි උපකරණවල ආධාරයෙන් පමණයි.
මේ පිපිරුම සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ පටය පහතින් නරඹන්න.
https://www.dailymail.co.uk/sciencetech/article-13192217/new-star-night-sky-visible-one-week.html?ito=link_share_article-image-share#i-5166d632c1aeb2d1
පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-84456318827887196092024-03-08T22:28:00.002+05:302024-03-08T22:28:32.233+05:30පෙරල්මාන්ගේ විස්මිත අංක ගණිත ඇස්බැන්දුම - පිළිතුර.
මේ වතාවේ ඔබට ඉදිරිපත් කළේ වයි. පෙරල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොතෙන් එන ගැටළුවක්. මේ වාගේ ගැටළු කීපයක් අපි කලිනුත් ඉදිරිපත් කළ ඔබට මතක ඇති. මෙවර ඉදිරිපත් කළේ අදහස් කළ සංඛ්‍යාව සොයා යාමේ ගැටළුවයි.
ප්‍රථමයෙන් ම තෝරාගත් අංක තුනේ සංඛ්‍යාවට එම සංඛ්‍යාව නැවතත් ලියන ලදී. තෝරාගත් සංඛ්‍යාවට බිංදු තුනක් ලියා නැවත එයට එම සංඛ්‍යාව එකතු කිරීමට සමානය. නිදර්ශනයක්;
8,72,872 = 8,72,000 + 872
සංඛ්‍යාවට කුමක් කළේදැයි අපට දැන් පැහැදිලිය. එය 1000න් ගුණ කර නැවතත් එම සංඛ්‍යාවම එකතු කරන ලදී. එනම් එම සංඛ්‍යාව 1,001න් ගුණකර ඇත.
ඊට පසු එම ගුණ කිරීමට කුමක් කළේ ද? එය අනුක්රමයෙන් 7න්, 11න්, හා 13න් බෙදන ලදී. එනම් අවසාන වශයෙන් එම සංඛ්‍යාව 7x11x13 1001න් බෙදන ලදී.
ඒ අනුව එම සංඛ්‍යාව 1,001න් ගුණකර නැවත 1,001න් බෙදන ලදී. මේ නිසා අදහස් කරන ලද සංඛ්‍යාවම පිළිතුරු ලෙස ලැබීම පුදුමයක් නොවේ.
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-63197122343664814832024-03-07T21:56:00.003+05:302024-03-07T21:56:33.694+05:30පෙරල්මාන්ගේ විස්මිත අංක ගණිත ඇස්බැන්දුම
මේ වතාවේ ඔබට ඉදිරිපත් කරන්නේ වයි. පෙරල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොතෙන් එන ගැටළුවක්. මේ වාගේ ගැටළු කීපයක් අපි කලිනුත් ඉදිරිපත් කළ ඔබට මතක ඇති.
අංක ගණිත ඇස්බැන්දුම
“මට අන්තිමට ගැටළු ඉදිරිපත් කරන්න සිදු වී තිබෙනවා. මම වෙනස් විදියේ අංක ගණිතමය ඇස්බැන්දුමක් ඉදිරිපත් කරන්නම්. එහි රහස හැකි නම් සොයා ගන්න. ඔබලාගෙන් කවුරු හෝ නැතිනම් සභාපති තුමා මට නොපෙනෙන ලෙස ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියන්න.”
“බිංදුවේ අංකය තිබිය හැකිද?”
“කිසිම බාධාවක් නැහැ. කැමතිම ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියන්න.”
“ලිව්වා! දැන් මොකද කරන්න ඕනෑ?”
"එම සංඛ්‍යාවම එය ළඟින් එක පේළියට ලියන්න. දැන් ඉලක්කම් හයක සංඛ්‍යාවක් ඔබට ලැබෙනවා.”
“ඉලක්කම් හයක සංඛ්‍යාවක් ලැබෙනවා.”
"දැන් ඒ කඩදාසිය ඔබේ අසල වාඩි වී සිටින්නාට දෙන්න. එයා එම සංඛ්‍යාව හතෙන් බෙදපුදෙන්.”
“කියන්න නම් අමාරුවක් නැහැ. සමහර විට එම සංඛ්‍යාව නොබෙදෙනවා නොවන්න පුළුවනි.”
“කරදරවෙන්න එපා! එම සංඛ්‍යාව ඉතිරි නැතිව හතෙන් බෙදෙනවා."
“ලියපු සංඛ්‍යාව දන්නෙත් නැහැ. එහෙත් බෙදෙන බව කියනවා.”
“ඉස්සරවෙලා බෙදන්න. ඊට පස්සේ කථා කරමු”
"ඔබේ වාසනාවට ඉතිරි නැතිව බෙදෙනවා,”
“උත්තරයට මට දන්වන්නේ නැතිව ඔබ අසල සිටින තැනැත්තාට දෙන්න. ඔහු එය 11න් බෙදපුදෙන්.”
“නැවතත් ඉතිරි නැතිව බෙදෙයි කියලා හිතනවාද?”
“බෙදන්න! ඉතිරි වෙන්නේ නැහැ.”
“ඇත්තට ම ඉතිරි නැතුව බෙදුණා. දැන් මොකද කරන්න ඕනෑ.”
“ප්‍රතිඵලය ඊළඟ අයට දෙන්න! දැන් අපි එය 13න් බෙදමු”
“තෝරා ගන්නා හැටි හොඳ මදි. සංඛ්‍යා සුළු ගණනයි 13 න් ඉතිරි නැතිව බෙදෙන්නේ. ආහ්! ඉතිරි නැතිව බෙදුණා. ඔබේ වාසනාව!”
“දැන් උත්තරයත් සමග කඩදාසිය මා අතට දෙන්න! සංඛ්‍යාව මට නොපෙනෙන්න කඩදාසිය නමන්න!”
කඩදාසිය දිග නොහැරම ‘ඇස්බැන්දුම් කරුවා’ එය සභාපති අතට දුන්නේ ය.
“ඔබ හිතපු සංඛ්‍යාව ලබා ගන්න අවසර දෙන්න. හරිද?”
“හරියටම හරි!” කඩදාසිය දෙස බැලූ ඔහු පුදුමයෙන් උත්තර දුන්නේ ය.
“ඔබ හිතපු සංඛ්‍යාව තමා මේ. මීට වඩා තේරවිලි නැති නිසා අපේ රැස්වීම අවසාන කරන්න මට අවසර දෙන්න. පිළිතුරු අද රාත්‍රි කෑමෙන් පසු සාකච්ඡා කරමු. පිළිතුරු මා වෙත ලැබෙන්න සලස්වන්න.”
පිළිතුර මීළඟට
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-53302604752271261402024-02-24T23:47:00.000+05:302024-02-24T23:47:13.045+05:30අන්තර්ජාතික මාතෘ භාෂා දිනයක ඇති වැදගත්කම කුමක් ද?
අන්තර්ජාතික මාතෘ භාෂා දිනය පසුගිය පෙබරවාරි 21 වැනිදාට යෙදී තිබුණා. යුනෙස්කෝව මගින් මේ දිනය නම් කරන ලද්දේ 1999දීයි. බංගලිදේශයේ සරසවි සිසුන් පිරිසක් 1952 දී ඔවුන්ගේ මවුබස වූ ‘බංග්ලා’ භාෂාව පිළිගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණය කරමින් පෙළපාලියක් ගියා. පොලිසිය ඒ සිසුන්ට වෙඩි තිබ්බා. සිසුන් කීප දෙනකුට ම ඒ අවස්ථාවේ දී මාතෘ භාෂාව වෙනුවෙන් දිවිපුදන්නට සිදු වුණා. ඒ සටන එතැනින් නතර වුණේ නෑ. බංගලි දේශයෙන් ආරම්භ වූ මාතෘ භාෂා උද්ඝෝෂණ අනිත් රටවලටත් පැතිරුණා. මාතෘ භාෂාවක වැදගත්කම පිළිබඳ සංවාද ලොව පුරා ඇති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1999 දී එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මගින් ඒ සිසුන් දිවිපිදූ දිනය වූ පෙබරවාරි 21 වැනිදා අන්තර්ජාතික මාතෘ භාෂා දිනය ලෙස නම් කළා. එදා සිට මේ වන තෙක් 24 වසරක් අන්තර්ජාතික මාතෘ භාෂා දිනය සමරා තියෙනවා.
ශ්‍රී නාත් ගනේවත්තයන් ‘ලංකාදීපයේ වීමංසා’ සංග්‍රහයට ‘චින්තනය, වින්දනය සහ භාෂාව’ යනුවෙන් ලිපියක් ලියමින් මාතෘ භාෂාවෙහි ඇති වැදගත්කම මෙසේ දක්වා තියෙනවා:
“සංස්කෘතිය නමින් ගැනෙනුයේ භාෂාව, කලාකෘති, සිරිත් විරිත් ඈ සියල්ලෙහි ම එකතුව යි. යට කියන ලද සෙයින් චින්තනය, වින්දනය ඔස්සේ සංස්කෘතිය ගොඩනැගෙනුයේ මවු බස පාදක කොට ගෙනයි. එ මතු නොව, පරපුරකින් පරපුරකට සංස්කෘතිය ගෙන යනුයේ ද මවු බස මය.
“දරුවකු වැඩෙන තැන් දෙකකි. එකක් සිය නිවෙසයි. එහි වැහැරවෙන්නේ මවු බසයි. අනෙක නම් පාසල යි. එහිදු වැහැරවිය යුත්තේ මවු බස මය. අන් ලෙසකින් කිව හොත් අධ්‍යාපන මාධ්‍යය - විශේෂයෙන් ම දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍යය විය යුත්තේ මවු බසයි. ඒ ‘යුනෙස්කෝව’ ද පිළිගත් දරුවන්ගේ හිමිකමෙකි. මවු බසින් තරම් හොඳින් අන් කවර බසෙකින් වත් දරුවකුට ඉගෙනගත නොහැකිය.”
මේ වැදගත් කම තේරුම් ගත් නිසා විය හැකියි, ලොව පුරා විදේශ රටවල පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයන් මවු බස උගන්වන පාසල් පවත්වා ගෙන යාමට කටයුතු යොදා තියෙන්නේ. නවසීලන්තයේ පැවති එක් සිංහල පාසලක විශේෂ දේශනයක් කරන්න මට අවස්ථාවක් ලැබුණු වේලේ මා ඔවුන්ට අවධාරණය කොට කීයේ දරුවන්ට එසේ සිංහල ඉගැන්වීමෙන් ඒ දරුවන්ගේ සීයලා ආච්චිලාගෙන් ඔවුන්ට ජානවලින් උරුම වූ සැඟවී ඇති දැනුම සහ කුසලතා නිරායාසයෙන් ම මතුකර ගත හැකි බවයි.
නැෂනල් ජ්යොග්රෆික් සොසයිටි (National Geographic Society) සඟරාව කළ නවතම අධ්‍යයනයකට අනුව ලෝකයේ 700කට වඩා ඇති භාෂා සංඛ්‍යාවෙන් එක් භාෂාවක් සෑම සති දෙකකට වරක් ම මිය යන බව හෙළි වී තියෙනවා. එය සිදු වන්නේ ඒ මාතෘ භාෂාවේ හිමිකරුවන් එය සක්‍රිය භාවිතය අත්හැර දමා වෙනත් භාෂාවලට යොමුවන නිසයි. ඇතැම් භාෂා, මළ භාෂා බවට පත් වුවත්, වඳ වී යන ගොඩට අයත් වන්නේ නැහැ. බොහෝ දෙනෙක් මළ භාෂාත් වඳ වී යන භාෂාත් එකට පටලවා ගන්නවා. මළ භාෂා සියල්ල වඳ වී යන්නේ නැහැ. ඒවා යම් ප්‍රමාණයකට භාවිතයට ගන්නවා. නැතිනම් අධ්‍යයන කටයුතුවලට හෝ යොදා ගන්නවා.
මාතෘ භාෂාවක් පවතින්නේ කිසියම් සංස්කෘතියක් ඇතුළේයි. ඒ සංස්කෘතිය අතහැර වෙන ප්‍රබල සංස්කෘතියකට අයත් භාෂාවක් ජීවිතයට එක් කර ගෙන තම මවු බස තම සංවාදයෙන්, එනම් භාවිතයෙන්, ඈත් කළ විට ඒ මාතෘ භාෂාව මළ භාෂාවක් බවට පත් වෙනවා. පරම්පරා කීපයකින් එය වඳ වී යන්නටත් ඉඩ තියෙනවා.
භාෂා විශාරදයන් මාතෘ භාෂා වඳ වී යාමට හේතු මෙසේ දක්වා තියෙනවා:
• මාතෘ භාෂාවක් අවදානම් තත්වයට පත්වමණ ඇතැයි සැලකෙන්නේ දරුවන් ඒ බස ගෙදරදී මාපියන් හෝ නෑදෑයන් සමග කථා කිරීමට පමණක් යොදා ගන්නේ නම්, එය අවදානමට ලක් වූ බසක් ලෙස සැලකෙනවා.
• මාතෘ භාෂාවක් වඳ වී යාමට පත්වීමට ඉඩ ඇතැයි සැලකෙන්නේ ළමයින් ඒ බස හැදැරීමත්, වෙනත් විෂයයන් ඒ බසින් ඉගෙන ගැනීම අත්හැරීමත්, සමග ය.
• ඒ වගේ ම මාතෘ භාෂාවක් දරුණු ලෙස වඳ වී යාමේ තර්ජනයට අනිවාර්යයෙන් ලක් වෙතැයි සැලකෙන්නේ ඒ බස කථා කළ හැකි තරුණ ජනතාව සීයලා ආච්චිලා වී ඇත් නම් ය.
රටක ඉතිහාසය තුළ කාලයේ ඇවෑමෙන් භාෂාවක් තවත් භාෂාවක් ආක්‍රමණය කළ විට ඒ රටෙහි ජනතාව එතෙක් භාවිත බස අතහැර අනික් බසට අනුගත වීම සිදුවෙනවා. හොඳම උදාහරණය එක්සත් රාජධානියයි. ඒ රාජ්‍යය කෝර්නිෂ් (Cornish) බස අතහැර ඉංග්‍රීසි (English) බසට අනුගත වුණා. එය සිදු වූයේ වසර දශක ගණනාවක් තිස්සේයි.
ඒ වගේ ම චීනයේ මැන්ඩරීන් (Mandarin) බස, කැන්ටනීස් (Cantonese) බස වෙනුවට සිය ආධිපත්‍යය මහජන චීනය පුරා පතුරුවන්ට පටන් ගත්තා. එත් චීනයට අයත් වාණිජ නගර වන හොංකොං (Hong Kong) හා කොව්ලූන් (Kowloon) තවමත් කැන්ටනීස් බස භාවිත වෙනවා. මේ හැරෙන්නට උප භාෂා ලෙස මාතෘ භාෂා 95ක් චීනයේ තියෙනවා.
අනිත් සුප්‍රකට මළ භාෂා ලෙස යුරෝපයේ සම්භාව්‍ය ලතින් බස හා දකුණු ආසියාවේ පාලි බස හඳුන්වන්න පුලුවන්. ආගමික කටයුතුවලට මේ භාෂාවල පාඨ භාවිත කළ ද එදිනෙදා ජීවිතයේ ලොව කිසිම රටක් මේ භාෂා භාවිත කරන්නේ නෑ. විද්‍යා වදන් සඳහා ඉංග්‍රීසි භාෂාව සමග ලතින් වචන, ග්‍රීක අක්ෂර, ආදිය පාවිච්චි කරනවා.
1950 සිට 2010 වන තෙක් කාලය තුළ වඳ වී ගිය භාෂා අතරට මාතෘ භාෂා 230ක් එක් වී තියෙනවා. මෙයින් භාෂා වැඩි හරියක් ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ස්වදේශික ගෝත්‍රික ජනයා අතරයි. අද වන විට ලෝකයේ මාතෘ භාෂා අතරින් තුනෙන් එකක් කථා කරන්නේ 1000කටත් අඩු ජනතාවක්. ඊළඟ සියවස වන විට සියයට 50ත් 90ත් අතර භාෂා ගණනක් මළ භාෂා බවට පත් වේයැයි කියැවෙනවා.
මළ භාෂාවක් ලෙස පැවති හීබෲ භාෂාව 1948 දී ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවූ පසු නැවත පණ ගන්වා ඒ රාජ්‍යයේ නිල භාෂාව ලෙස යොදවන්නට යුදෙව්වන් කටයුතු කළා.
ලෝකයේ ජනගහනය අතින් ඉහළින් ම සිටින ඉන්දියාව තමයි, භාෂා වැඩිම ගණනක් ඇති රටවල් අතර දෙවන තැනට පත් වී ඇත්තේ. ඒ භාෂා ගණන 720ක්. එහි පළමු වන තැන හිමිකර ගෙන ඇත්තේ පැපුවා නිව්ගිනි රාජ්‍යයයි. එහි ඇති භාෂා ගණන 840ක්.
අපේ රටේ පාසල්වල විෂය ධාරාව උගන්වන්න ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නයි, දැන් සූදානම් වන්නේ. ඒක හොඳ දෙයක් නොවෙයි. ඉංග්‍රීසි භාෂාව පමණක් නොව වෙනත් ඕනෑම ප්‍රධාන භාෂාවක් ඉගැන්වීම වරදක් නොවෙයි. විෂය ධාරාව උගන්වන්න යන එක සිංහලයේ අවසානය විය හැකියි. ඒත් ඒක දේශපාලනඥයන්ට අවශ්‍ය තරම් ඉක්මනින් සිදුවෙන එකක් නැහැ. මොකද ඉංග්‍රීසි භාෂාව උගන්වන්න හැකියාව ඇති ගුරුවරුන් අපට රටේ නැහැ. දැන් රජය අත්සන් කරන්න යන ගිවිසුම අනුව ඉන්දියාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් එන්න බැරිකමක් නැහැ.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-61086334103038787422024-02-16T23:01:00.002+05:302024-02-16T23:01:40.028+05:30චීන විද්‍යාඥයන්ගේ ක්ලෝනකරණ හාස්කමක්!
ක්ලෝනකරණය මගින් නිර්මාණය කළ කලලයක් නිරෝගී ගර්භාෂයක තැන්පත් කොට අමුතු විදියකට රීසස් වානරයකු බිහි කරන්නට චීන විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිනවා. මේ නවෝත්පාදන තාක්ෂණය මගින් ක්ලෝන වානරයකු බිහි කළ ප්‍රථම වතාව මෙය වන අතර මෙයට කලින් සාමාන්‍ය ක්ලෝනකරණය මගින් රීසස් වානරයන් බිහි කිරීම සිදු කර ඇතත් මේ නව ක්‍රමයෙන් වඩාත් සාර්ථක ලෙස ක්ලෝනකරණය කළ හැකි බවයි, ඔවුන් කියන්නේ.
රිට්රෝ (ReTro) නම් මේ රීසස් වානරයාගේ දැන් වයස අවුරුදු තුන හමාරක්.
රිට්රෝ (ReTro) නම් මේ වඳුරාගේ දැන් වයස අවුරුදු තුන හමාරක්. “ඌ තවමත් ඉතා හොඳින් සවිමත්ව වැඩෙනවා.” යයි මේ ව්‍යාපෘතිය භාර සම අයිතිකරු වන කියාන් සුං කියනවා. ඔහු මස්තිෂ්ක විද්‍යාවේ හා බුද්ධි තාක්ෂණයේ විශේෂතා පිළිබඳ හැදෑරීම සඳහා චීන විද්‍යා ඇකඩමිය යොදා ගන්නා පර්යේෂණාගාරයේ ප්‍රධාන නියුරෝ විද්යාඥවරයායි.
සංසේචනය වූ බිත්තර සෛලයක න්‍යෂ්ටිය වෙනත් එවන් සතකුගේ දෛහික සෛල අතර ඇති න්‍යෂ්ටික සෛලයක් වෙනුවට ආදේශ කිරීමෙන් මේ නව ක්ලෝනීකරණය සිදු කිරීමට ඔවුන්ට හැකි වුණා. මීට කලින් ඔවුන් සාමාන්‍ය ක්‍රමයට ක්ලෝනීකරණය කළ රීසස් වානරයකු ඉපැද්දුවත් ඌට පැය 12කට වඩා ජීවත් වීමට හැකි වුණේ නැහැ.
බොහෝ විට ලෝකයේ රසායනාගාර අත්හදා බැලීම්වලට හා පර්යේෂණාගාර කටයුතුවලට මැකාකා මුලාටා (Macaca mulata) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන රීසස් වානරයන් (rhesus macaques) යොදා ගන්නේ ඔවුන්ගේ ජාන මිනිසාගේ ජානවලට වඩාත් සමාන වන බැවිණි. “මේ සතුන්ගේ ක්ලෝනයන් බිහි කිරීම තුළින් අපට අවස්ථාව සැලසෙනවා මිනිසාට වඩාත් සමීප ජාන ඇති මනවයන් නොවන සතුන් ඇති කර ගැනීමට. මිනිසුන් භාවිත කිරීමට නිපදවන ඖෂධ වඩාත් සාර්ථකව අත්හදා බලන්නට අපට ඔවුන්ව යොදා ගත හැකියි.” සුං වැඩිදුරටත් කියනවා.
නියුරෝ විද්‍යාඥ කියාන් සුං
“විද්‍යාඥයන් කළේ දෛහික සෛලයක න්‍යෂ්ටීන් වෙනත් වඳුරු විශේෂවලට පවරා දීමෙන් වෙනත් ක්ෂීරපායී සත්ව විශේෂ ක්ලෝනකරණයට ලක් කිරීමයි. වානර විශේෂවල අමතරව මේ ක්ෂීරපායී සතුන් අතරට බැටළුවන් (මුල්ම ක්ලෝනය වූ ඩොලී ඇතුළු), ගවයන්, සුනඛයන් ආදී සතුන් ද ඇතුළත් වුණා. මෙසේ ක්ලෝනය කළ සතුන්ගේ කලල වැඩි හරියක් උපදින තෙක් ජීවත් වුණේ නැහැ. ඊට හේතුව ගර්භාෂවල ව්‍යුහයන් හා වර්ධනය නිසි ලෙස සිදු නොවීමයි. සාම්ප්‍රදායික ක්ලෝනකරණ ක්‍රමයට අනුව උපත දක්වා දිවි රැකෙන්නේ සියයට 3ක විතරයි. ඔවුන්ගේ අධ්‍යයනයට අනුව ගවයන්ගේ ක්ලෝනකරණය විතරයි, සියයට 5 සිට 20 දක්වා සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ.
මේ ගැටළුවට පිළියමක් හැටියට සුං ඇතුළු පිරිස කළේ ගර්භාෂයක් තුළට සාමාන්‍යයෙන් වර්ධනය වූ සෛල පොකුරක් ක්ලෝන කලලයක් සමග සාමාන්‍ය කලලයක ඒ හා සමාන සෛල පොකුරක් තැන්පත් කිරීමයි. ඒ සෛල පොකුර හැඳින්වෙන්නේ ට්රොප්හෙක්ටෝඩර්ම් කියායි. ඒ මගින් වර්ධනයේ දී ක්ලෝන කලලයට අවශ්‍ය අතිරේක පෝෂණය හා ඔක්සිජන් සියල්ල නොඅඩුව සැපයෙනවා. ඒ අනුව 2020 දී ඔවුන් සිදු කළ පර්යේෂණය මගින් නිරෝගී රීසස් වානරයකු නව ක්ලෝන ක්‍රමයකින් බිහි කිරීමට ඔවුන්ට හැකි වුණා.
ක්ලෝනකරණයෙන් බිහි කළ රීසස් වානර පැටවුන්.
“මේ නව ක්‍රමය අනුව දෛහික සෛලවල න්‍යෂ්ටික තැන්පත් කිරීම මගින් සාර්ථකව ක්ලෝනීයකරණය කරන්නට අපට අවස්ථාව සැලසුණා. අඩු අණ්ඩ සෛල ප්‍රමාණයකින් වැඩි සතුන් ගණනක් බිහි කරන්නට අපට හැකි වුණා” සුං කියනවා.
“සියලු ක්ලෝනීකරණය කළ ක්ෂීරපායී සතුන්ට ගර්භාෂ දෝෂ ඇති වුණා. අපි බලාපොරොත්තු වුණා, මෙය අනිත් ක්ෂීරපායීන්ටත්, මානවයන් නොවන ප්රිමාටේසයන්ටත්, ඒ විධියට ම බලපායි කියා. ඒ නිසයි, නව ක්‍රමයට යොමු වුණේ.” සුං වැඩිදුරටත් පවසනවා.
කියාන් සුං ඇතුළු මේ පිරිස ලැබූ නව ජයග්‍රහණයත් සමග මිනිසා වෙනුවෙන් තැනෙන ඖෂධවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට නව මඟක් විවර වී තිබෙනවා.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-42173547968962616512024-02-10T13:28:00.020+05:302024-02-10T18:57:19.181+05:30පන්හිඳෙන් පින්සලෙන් දස්කම් පෑ ‘ඒතුමා’ අවසන් ගමන් යයි!
වසර දශක හයකටත් අධික කාලයක් පුවත්පත්වලින් පන්හිඳෙන් පින්සලෙන් දස්කම් පෑ තලන්ගම ජයසිංහ පෙරේදා හදිසියේ ම ජීවිතයට සමුදුන්නේ ය. ඔහු මියයන විට අසූ අට වියේ පසු විය. චිත්රශිල්පියකු, කවියකු, ලේඛකයකු, උපහාස රචකයකු ලෙස පත්තර කලාවේ සෑම ඉසව්වක ම දස්කම් පෑ ඔහු ජීවිතය අවසානයේ ජනප්‍රියව සිටියේ දේශපාලන කාටූන් ශිල්පියකු ලෙසය. ඒ දිනපතා ලංකාදීප’ය ඔස්සේ පාඨකයන්ට තිළිණ කළ, 'A තුමා’, ‘පලාමල්ල’ යන කාටූන් යුගලයෙනි.
තලන්ගම මට හමුවූයේ 1964 මා ලේක්හවුසියට ගිය මුල් වතාවේ දී මය. මම සරසවියට ගියේ එහි කතුවරයා වූ විමලසිරි පෙරේරා මහතා හමුවන්නට ය. එදා මට අතරමගදී මුලින් ම හමු වූයේ එඩ්වින් ආරියදාස මහතාය. ඒ හමුවීමෙන් පසු මට ඊළඟට අවශ්‍ය වූයේ තලන්ගම හමුවන්නටය. ආධුනික පත්‍ර කලාවේදියකු වුවද ඔහු මා පිළිගත්තේ බොහෝ කලක් සිට දැන සිටි මිතුරකු ලෙසිනි. එදා ඇති කර ගත් මිතුදම වසර 60ක් තිස්සේ ම එක ම අයුරෙන් පවත්වා ගෙන යාමට අප දෙදෙනාට හැකි විය. ලේක්හවුසියේ දී මට මුලින් ම හමු වූ ඒ මිතුරන් තිදෙනා ගෙන් මම මගේ ජීවිතයට එක්කර ගත් දෑ බොහෝ ය. අද ඒ තිදෙනා ම අප අතර නැත. තලන්ගම වියෝවූ බව දැන ගන්නට ලැබුණු මොහොතේ මට තනී වූ බවක් දැනුනත් ඔහු ඉතිරි කර ගිය මතකයන් නිසා මට යම් සැනසීමක් ලද හැකි විය.
සිංහල පුවත්පත්වලට හා පොත් කවරවලට මුල් යුගයේ චිත්‍ර ඇන්දේ ජී. ඇස්. ප්‍රනාන්දු හා ජී. එල්. ගෞතමදාස යන දෙදෙනාය. ඊට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ චිත්රශිල්පියකු සිටියේය. ඒ පුරාණ බෞද්ධ ගෙවල්වල බිත්ති සැරසූ බුදු සිරිතේ සිතුවම් ඇන්ද ඇම්. සාර්ලිස් මාස්ටර් ය. තලන්ගම අයත් වූයේ සන්නිදර්ශන චිත්‍රකලාවේ ප්‍රමුඛයන් වූ ඔවුන්ගෙන් පසුපරම්පරාවටය. . කලින් පරම්පරාවේ අයට අපේ බිතුසිතුවම් කලාවේ ආභාසය තදින් බලපෑවත්, තලන්ගමට එසේ වූයේ නැත. .මා දකින විධියට ඔහු, අපේ පුවත් කලාවට උචිත නව ආරකට, පැතලි තලයක, ද්විමාන චිත්‍ර මවන්න හැකියාව ඇති කර ගත් ප්රමුඛ චිත්රශිල්පියාය. ඔහු එසේ හැඩතල ගත්තේ තමන් අඳින රේඛාව අවශ්‍ය තැන්වල මහත් කිරීමෙන් හා සිහින් කිරීමෙනි. ඒ ක්‍රමයට ඔහු තමන් අඳින රූපයට පණ දෙයි.
ඔහු මට ඔහුගේ පුංචි කාලෙ විස්තර මුලින් ම කීවේ ඉදුණු පොල් අඹ මල්ලකුත් අරන් මීට වසර පනස්පහකට විතර ඉස්සර සති අන්තයක, එවකට ඔහු පදිංචිව සිටි මහරගම විද්‍යාකර මාවතේ පිහිටි නිවහනට ගිය අවස්ථාවේ දීය. “ අද වාගේ නෙවෙයි ඒ කාලේ ඒ පරිසරයෙ තිබුණු නිස්කලංක කමට මං හරි ආසයි. අපි ඒ කාලේ දියවන්නා ඔයේ ඉවුරු අතර එහා මෙහා පිහිනමින් විනෝදවුණු හැටි කිසිදාක අමතක වෙන්නේ නැහැ. මට හිටියේ සහෝදරයන් දෙන්නයි, සහෝදරියන් තුන් දෙනයි. මං ඉස්කෝල ගමන ඇරඹුවේ අවුරුදු තුනේදියි.”
ඔහු තම කුඩා කාලය සිහිපත් කළේ පැලවත්තේ දකුණු තලන්ගම විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසලට ගිය තැන් පටන් ය.
තලන්ගම උපන්නේ තලන්ගමදිය. ඒ 1936 ජූලි 5 වැනි දාය. ඔහුගේ උප්පැන්නයේ නම සඳහන්ව ඇත්තේ ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ කියාය. ඒ යටත් විජිත යුගයයි. ඔහුගේ තාත්තා, ජෝර්ජ් ඇල්බට් ජයසිංහ, ඔහුට එසේ නම තැබුවේ එකල පැවති සුද්දාගේ පාලන කාලයට ගැළපෙන්නටය. ඒ නමට පුතා පොඩ්ඩක්වත් කැමති වුණේ නැත. ඒත් තාත්තා ආසාවෙන් තැබූ නම ඔහු මිය යනතුරු පාවිචිචි කළේය. 1955 දී සිදුවූ පියාගේ අභාවයෙන් පසු ඔහු ඒ නම හළා ගමේ නම අරන් ‘තලන්ගම ජයසිංහ’ විය.
තලන්ගම පුංචි කාලේ ඉඳලම කවියට දක්ෂය. ඔහු පාසල් යන කාලේ ළමා සඟරාවලට, පත්තරවල ළමා පිටුවලට කවි නිර්මාණ යැව්වේ ඊට අදාළ චිත්‍රයකුත් සමඟය. චිත්‍රයක් යවන හැම විට ම ඊට අදාළ කවි පදයකුත් යටින් ලියලා යැවීම ඔහුගේ සිරිත විය. ඒ හැම එකක් ම කවියත් සමඟ පත්තරවල පළ වූ නිසා ඔහු තවත් අඳින්නත් ලියන්නත් දිරිමත් විය. ඒ කාලේ ඒවා පළ වූයේ ‘තලන්ගම තිලක ජයසිංහ’ කියාය. පසු කලෙක ඒ ‘තිලකය’ත් හැළූ ඔහු, ‘තලන්ගම ජයසිංහ’ විය. අද මුළු ලංකාවමත්, ලෝකය පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයනුත් ඔහුව හඳුන්වන්නේ ඔහුම ඔහුගේ කාටුනයට යොදා ගන්නා ‘තලන්’ කියන ආදර නාමයෙනි.
පාසල් අධ්‍යාපනයෙන් පසු තලන්ගම ලලිත කලාවන් ඉගෙනීමට එකල තිබුණු එකම තැන වූ හේවුඩ් ආයතනයට ගියේ තමන් සහජයෙන් ලද දස්කම් ඔප මට්ටම් කර ගන්නටය. ඒ 1951 දීය. පස් අවුරුදු පාඨමාලාවකට බැඳුණද ඔහුගේ දක්ෂතා හඳුනා ගත් ගුරුවරු ඔහුට දෙවරක් ම ‘ඩබල් ප්‍රොමෝෂන්’ දුන්හ. ඒ නිසා අනිත් අයට වඩා කෙටි කලෙකින් ඔහු ඒ පාඨමාලාව සම්පූර්ණ කළේය. ඔහු එහිදී ඉගෙන ගත්තේ චිත්රවලට අමතරව, මූර්ති, මැටි හා ලාක්ෂා කර්මාන්තයයි. ඒ හැරෙන්නට නිවාස සැලසුම් කිරීම ගැනත් ඉගෙන ගත්තේය. ඒ සමගම ඔහු මරදානේ ‘ටෙක්නිකල් කොලීජීය’ටත් ගියේ ය. ඒ චිත්‍ර කලාවේ තාක්ෂණික පැත්ත හදාරන්නටය.
ඉගෙන ගන්නා අතරම ඔහු වෙළඳ දැන්වීම් ආයතන කීපයකම රැකියාවට ගියේ ඉගෙන ගන්න හා ජීවත් වෙන්න අවශ්‍ය බර පැන සොයන්නටය. “ඒ වෙන කොට මගේ නංගිලා දෙන්නෙක් ඉගෙන ගන්නවා. ඒ අයගේ කටයුතු ගැන බලන්න වුණෙත් මට. මුලින් ම වැඩ කරපු තැන පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150යි. මේ විදියට ඉගෙන ගන්න ගමන් මං දැන්වීම් ආයතන පහකට වැඩ කළා.” ඔහු අතීතය මෙනෙහි කළේ එසේ ය.
ඔය කාලේ දවසක ඔහු චිත්‍ර කතාවක් ඇඳ ගෙන දිනමිණ කන්තෝරුවට ගියේය. එවකට දිනමිණ ප්‍රධාන කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතායි. එතුමා ඔහුව ජයවිලාල් විලේගොඩ මහතාට යොමු කළේය. විලේගොඩ මහතා ඔහුගේ නිර්මාණය දෙස බලා, “ෂහ්! මේක නියමයිනේ! පත්තරේ පළ කරමු” කියා බාර ගත්තේ ය. 1954 දී ‘චිත්‍රා’ නමින් දිනමිණ පත්‍රයේ පළ වූ මුල්ම චිත්‍රකතාව එයයි. ඔහු ඒ වන විට 18 හැවිරිදි තරුණයෙකි.
මා ‘සරසවිය’ පත්‍රයේ සේවය කරද්දී තලන්ගම ‘මඩිස්සලේ’ කියා කවි පන්තියක් සතිපතා සැපයීය. අතිශය උපහාසාත්මක වූ ඒ කවි පන්තිය ඔස්සේ ඔහු සමාජයේ දුර්වල තැන්වලට පහර දුන්නා මට අද වගේ මතකය. උපහාසය හා හාස්‍යය මුසු කර කවි ලියන්නට ඔහු දැක්වූයේ අපූරු හපන්කමකි. ඔහු සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා හමු වී ඒ කවි පෙළ දුන් විට එය මුලින් ම රසවිඳින්නේ එතුමායි. ඒ අවස්ථාවේ එතුමාගේ සිනා හඬ අසන අප එදෙස බැලූ විට අතින් අප කැඳවා ඒ කවිය රහ කර ගායනා කරමින් අපටද එහි රසය බෙදා දීම එතුමාගේ සිරිතය.
චිත්‍රකතා ලෝලයන් අතර තලන්ගම නමක් දිනා ගත්තේ සිළුමිණ පත්තරේට ඔහු නිර්මාණය කළ චිත්රකතාවලිනි. ඒ කාලයේ මා සේවය කළේත් ‘සිළුමිණ’ පත්තරේ කර්තෘ මණ්ඩලයේය. එහිදී ඔහුගේ ‘මිනිස් දඩයම’ චිත්‍රකතාව සඳහා කතා රචනයෙන් දායක වීමට ඔහු මටත් අවස්ථාව සලසා දුන්නේ ය.
තලන්ගම ‘සිළුමිණ’ පත්‍රයට බැඳුණේ 1956දි, චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ‘සිළුමිණ’ පත්‍රයේ සේවයෙන් පසු ඔහු ලේක්හවුස් චිත්‍රකතා ප්රකාශනය වූ ‘මධුර’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගොස් 18 වසරක් එහි සේවය කළේය. 1998දී ඉන් විශ්‍රාම ගත් පසුත් ඔහු නොකඩවා 2005 වනතුරු චිත්‍රකතා ඇන්දේ ය. ඒ වන විට ඔහු විසින් චිත්‍රකතා 72කට වඩා නිර්මාණය කර තිබුණි.
තලන්ගමගේ පත්රකලා ජීවිතයේ ස්වර්ණමය කාලය එළඹුණේ චිත්‍රකතා නිර්මාණය අත් හැර දේශපාලන කාටූන් අඳින්නට පටන් ගත්තාට පසුවයයි මට සිතේ. ඒ සියලු බැඳීම්වලින් මිදී නිදහසේ සිතුවිලි මෙහෙයවමින් ඔහු තමන්ට කියන්න කැමති දේ කැමති විදියට කියන්න ඉන් ඔහුට අවස්ථාව සැලසුණු නිසාය. ඒ අවස්ථාව ඔහු ලබා ගත්තේ ‘ලංකාදීප’ පත්‍රයේ ‘පලාමල්ල’ හා ‘ඒතුමා’ යන කාටූන් ඔස්සේය. ඒ වගේම ඔහුගේ කාව්‍ය උපහාසය ද ‘අනේද කියන්නේ’ සිවුපද හතරෙන් විඳ ගන්න අපට ඉඩහසර ලැබුණි. ඒවා තුළින් දේශපාලනය ගැන ඔහු දරණ දෘෂ්ටියත්, ඔහුගේ උපහාසය තරාතිරම නොබලා එල්ල කරන හැටිත්, අපට දැක ගතහැකි විය. පුවත්පත් නොබලන්නකුට වුවත් ඒවා උදේ පත්තර ගැන කියන රූපවාහිනී නාලිකාවලින් හැමදාම උදේට ඒවා නොවැරදීම දැක ගන්නත්, රස විඳින්නත් හැකියාව සැලසුණි.
තලන්ගම, ‘ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ’ හැටියට උපන්නා පමණක් නොව මියගියේ ද ‘ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ’ හැටියටය. හදිසියේ රෝගාතුර වූ විට ඔහු රෝහලට ගෙන ගිය ඔහුගේ සමීපතමයන් ඔහු රෝහලට බාර දුන්නේ ‘තලන්ගම ජයසිංහ’ කියාය. අවසානයේ දී ඔහුගේ දේහය රෝහලෙන් නිදහස් කරවා ගන්නට ඔහු ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ බවට පෙරළා දිවුරුම් පෙත්සමක් දෙන්නට දරුවන්ට සිදු විය. තලන්ගම ජයසිංහ නාමය අපට ඉතිරි කර ඔහු අවසන් ගමන් ගියේ ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ හැටියටය.
තලන්ගමගේ තවත් විශේෂයක් වෙයි. ඒ ‘සියල්ලන්ගේ ම දැන ගැනීම පිණිසයි’ කියා සිය අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන ලියා තැබීමයි. ඒ මෙසේ ය: “තලන්ගම ජයසිංහ (ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ - ජා.හැ.ප.අංකය 361871626 v) වන මා අවබෝධයෙන් යුතුව අදහන බෞද්ධ දර්ශනයට අනුව මරණින් මතු උත්පත්තියක් නැත. එබැවින් මා මළ පසු මගේ අවමඟුල් කටයුතු සිදුවිය යුතු ආකාරය පහත සඳහන් කරමි. මියගොස් පැය 24ක් තුළ මගේ අවමඟුල් කටයුතු සිදු කළ යුතුය. මෘත දේහය හැකි ඉක්මනින් මල් ශාලාව වෙත රැගෙන යා යුතුය. (ගෙදර තබා නොගතයුතුය.) මග සැරසිලි කිසිවක් නොකළ යුතුය. අවශ්‍ය නෑදෑ හිතවතුනට පමණක් දැන්විය යුතුය. කිසිම ආගමික කටයුත්තක් නොකළ යුතුය. ගුණ කථන කිසිවකුත් නැත. අනුස්මරණ පිංකම් නොකළ යුතුය. සොහොන් කොත් සිහිවටන ඉදි නොකළ යුතුය. මෙය මට මෙන් ම මගේ බිරිඳට ද අදාළය.” ඔහු එහි සඳහන් කර තිබුණේ ය.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com1tag:blogger.com,1999:blog-2647493662865092414.post-40291251360073607842024-02-04T22:33:00.000+05:302024-02-04T22:33:00.802+05:30වසර 42,000ක් පැරණි මිනිස් ගතිගුණ දෙවියන්ට ආරූඪ කළ ප්‍රතිමා
මිනිස් ගතිගුණ දෙවියන්ට ආරෝපණය කිරීම හැඳින්වෙන, මානවත්වාරෝපණය හෙවත් මානවාරෝපණය යන්නට භාවිත ඉංග්‍රීසි වදන වූ ‘ඇන්ත්රොපෝමෝෆිසම්’ (Anthropomorphism) යන්න බිඳී ආවේ ග්‍රීක බසිනුයි. ග්‍රීක බසෙහි ‘මානව’ අරුතැති, ‘අන්ත්රොපෝස්’ (Anthropos) හා ‘ස්වරූප’ යන අරුතැති ‘මෝෆ්’ (morphe) යන වදන් දෙක එක් වීමෙන් තමයි, මේ වදන හදා ගෙන ඇත්තේ. මෙයින් හැඳින්වෙන්නේ අති පුරාණයේදී මිනිසා ඇරඹූ චාරිත්‍රයක්. මේ අනුව මිනිසාගේ ගති ලක්ෂණ, නො මිනිසකුට, එනම්, දෙවියකුට, සතකුට, ගහකට, ආරූඪ කොට දේවත්වයෙන් සැලකීම හා වන්දනාමාන කිරීම ආරම්භ වුණා. එය ආරම්භ වූයේ මීට වසර 42,000කට පමණ ඉස්සරයි.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති නරසිංහ මැමත් දළ කැටයම.
එහි මෙතෙක් හමු වී පැරණි ම නිදර්ශනය ලෙස ‘නරසිංහයා’ දැක්විය හැකියි. මෙය හමු වී ඇත්තේ ජර්මනියේ ඔලින්ස්ටයින් ස්ටාඩල් (Hohlenstein Stadel) ලෙන්වලිනුයි. අපේ සාම්ප්‍රදායික චිත්රවල, මෝස්තරවල හා කැටයම්වලත් මේ නරසිංහ රූපය අපට දක්නට ලැබෙනවා. ඒත් ජර්මනියෙන් හමු වී ඇත්තේ මැමත් දළයෙන් කැටයම් කළ ‘නරසිංහයා’ (Lion man) ගේ රූපයයි. අතීතයේ විසූ අලි ඇතුන් විශේෂයක් වූ මැමත් දළයෙන් ඉතා සීරුවෙන් මේවා කැටයම් කර තියෙනවා.
ශැමනිස්ටික් (Shamanistic) සාම්ප්‍රදායට අයත් මේ මූර්තිය නිර්මාණය කළ අය මේ වර්ගයේ කලා නිර්මාණ කරන්නට පෙලඹුණා. සෑම දෙයක් තුළ භූතාත්මයක් ඇතැයි ඔවුන් විශ්වාස කළා. නිදසුනක් ලෙස ගස්වලට අරක්ගෙන සිටින වෘක්ෂ දේවතාවුන් (dryads) දැක්විය හැකියි. ඔවුන් ඇදහුවේ මිනිසා තුළ ඇති භූතාත්මය වගේ ම ගස තුළ ඇති භූතාත්මය එහි වැඩීමට උපකාර කරනවා කියායි. ඒ ආත්ම වාදය සොබාදහමේ ඇති හැම දෙයකට ම ආරෝපණය කරන්නට එකල මිනිසා පසුබට වුණේ නැහැ.
ජර්මනියේ ඔලින්ස්ටයින් ස්ටාඩල් ලෙන්වලින්
හමු වූ වසර 42,000ක් පැරණි මැමත් දළ කැටයමක්.
මානවත්වාරෝපණයේ උපවර්ගයක් ද තියෙනවා. එය මානව දේවවාදය හෙවත් ඇන්ත්රොපෝතිසම් (Anthropotheism) කියා හැඳින්වෙනවා. එයට මිනිසුන් නොවන, එහෙත් උසස් තත්වයක දේවාරෝපණයක් අයත් වෙනවා. ප්ලේටෝ (ක්‍රි. පූ. 424-348) එකල ග්‍රීක කවීන්ට චෝදනා කළා, ඔවුන් දෙවියන් ගැන බොරු කියනවා කියා. ඔවුන් පෙන්වා දුන්නා, සියුස් වැනි දෙවිවරුන් මිනිසුන් මෙන් ම බොළඳ ක්‍රියා කරන බව. එසේ ම බයිබලයේ එන සමහර කොටස්වල දී ‘දෙවියන්ගේ දකුණු අත’ වැනි යෙදුම්වලින් මානව දේවවාදය ඉස්මතු කර පෙන්වනවා.
මනෝවිද්‍යාත්මක කෝණයෙන් බලන විට මානව දේවවාදයේ පැති කීපයක් දැකිය හැකියි. නො මිනිස් දෙවියකු තුළ ඇති මානව ලක්ෂණ, ඒ දෙවියන් පිළිබඳ අප තුළ ඇති දැක්ම හා හැඟීම වෙනස් කිරීමට හේතු වෙනවා. එසේ ම සදාචාරාත්මක අතින් අප තුළ වර්ධනීය තත්වයක් ඇති කරනවා. මානවාරෝපණය යන ක්‍රියාවලිය තුළින් අපට නො පෙනෙන සංකීර්ණ බලවේග සරල කර අපට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන ආකාරයට සකසා දෙනවා කියාත් කියන්න පුලුවන්.
අද මානවාරෝපණය තවදුරටත් ටාඕවාදය හා ෂින්ටෝ වැනි ශැමනිස්ටික් ආගම්වල වැදගත් අදහසක් බවට පත් වී ති යෙනවා. ඒ වගේ ම එය බග්ස් බනී වැනි කාටුන් චරිතවලත්, සම්භාවනාවට පාත්‍ර වූ සාහිත්‍ය කෘතියක් වූ ජෝර්ජ් ඕවෙල්ගේ ‘ඇනිමල් ෆාම්’ (1945) වැනි නාට්‍ය නිර්මාණ තුළිනුත් ජනප්‍රිය සංස්කෘතිය තුළටත් එක් වී තියෙනවා. මේ ජෝර්ජ් ඕවල්ගේ ඇනිමල් ෆාම් නාට්‍යය ‘හොටබරි යුද්දේ’ යන නමින් කලකට ඉස්සර සිංහලෙන් වේදිකාවට ආවා.
ජර්මනියේ ඔලින්ස්ටයින් ස්ටාඩල් ලෙන
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-37821376712375935762024-02-01T23:08:00.000+05:302024-02-01T23:08:25.655+05:30මීට 67 වසරකට පෙර 67 වියේ දී දිවංගත වූ ඩබ්ලිව්. ඒ. සිල්වා
පල්ලියේ මහත්තයාගේ තෝම්බුවේ හෙවත් රෙජිස්ටාර් රාලහාමිගේ උප්පැන්න රෙජිස්ටර්යේ 1890 ජනවාරි 16 වැනිදා උපන් ළදරුවකුගේ වතගොත ලියැවී ඇත්තේ මෙසේ ය: දරුවාගේ නම: ඒබ්‍රහම්. පියාගේ නම: වැල්ලවත්ත ආරච්චිගේ හර්මානිස් සිල්වා. මවගේ නම: මෙරෝ නෝනා. ළදරුවාගේ සම්පූර්ණ නම: වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා. ඔහු අප හැම දන්නේ ඩබ්ලියු. ඒ. සිල්වා යන නමිනි. මා මෙසේ කතා කළේ හෙළයේ නවකතා සක්විති, සාහිත්‍ය කීර්ති ඩබ්ලියු. ඒ. සිල්වා නම් මහා සාහිත්‍යධරයා ගැනයි.
ඩබ්ලියු. ඒ. සිල්වා
“ඩබ්ලියු. ඒ. සිල්වා මහත්තයට වගේ නවකතා ලියන්න මට පුළුවන්කම තියෙනවා නම් මේ අගමැතිකමෙන් අස්වෙලා නවකතා ලියන්න පටන් ගන්නවා. මට විවේකයක් ලැබුණු හැටියේ මම බලාපොරොත්තු වෙනවා සිල්වා මහත්තයාගෙ නවකතා ඉංග්‍රීසියට පෙරළන්න.” මෙහෙම කිව්වෙ බණ්ඩාරනායක අගමැතිතුමා ය. ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්න ලැබුණේ නැත. මන්ද තවත් වසර දෙකකින් කුරිරු ඝාතකයකු එතුමාගේ ජීවිතය උදුරා ගත් නිසාය.
1957 මැයි 3 වැනිදා ඩබ්ලියු. ඒ. සිල්වා 67 වැනි වියේ දී අභාවප්‍රාප්ත වූ පසුව පැවති අවමඟුල් උළෙලේ දී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ව්‍යක්ත ස්වරයෙන් කියවූ වචන කොළඹ කනත්ත සුසාන භූමියට එක්රැස්වූ දහස් සංඛ්‍යාත මහා ජනකායක් විසින් අසා සිටි බව කේ.එච්.එම්. ධර්මසේකර ලියූ ‘කතා රජ කතාව’ නම් එතුමාගේ චරිතාපදාන කෘතියෙහි සඳහන්ව ඇත්තේ ය.
වසර 1906 දී, එනම් 16 හැවිරිදි වියේ දී, ඔහු නවකතාවක් ලියන්න පටන් ගත්තේ ය. ඒ වන විට පියදාස සිරිසේනයන් ඉදිරිපත් කළ නිර්මාණ කතා වෙනුවෙන් සිංහල පාඨක පිරිසක් නිර්මාණය වී තිබුණේ ය. ඒ පාඨක පිරිස ඉලක්ක කර ගෙන නවකතාවක් ලියන්නට ඔහු කල්පනා කළේ ය. ඒ අනුව ඔහු තමාගේ ම වස්තු බීජයක් මත ඉංග්‍රීසි ශෛලියේ අලුත් නවකතාවක් සිංහලෙන් ලියන්නට අදහස් කළේ ය. 1907 දී ‘ශ්‍රියාලතා’ නමින් යුත් ඒ නවකතාව තමාගේ වියදමින් මුද්‍රණය කළ ඔහු පොත් මිටි කරගහගෙන සාප්පුවලට ගියේ ය. එකල ජේ.ඩී. ප්‍රනාන්දු ඇතුළු ප්‍රකට පොත් සාප්පුකාරයන් ඒ පොත විකිණීමට බාර ගත්තේ නැත. භාර ගත්තේ කේ. අයි. පෙරේරා පොත් කඩය පමණකි. ඊළඟට ඔහු කළේ කොළඹ කෙළින් වීදියේත්, නොරිස් වීදියේත් ඇති සුරුට්ටු කඩවලට, විකුණා මුදල් දීමේ පොරොන්දුව පිට පොත් දීම ය. ප්‍රසිද්ධ පඬිවරුන් හා පරිවර්තකයන් කීප දෙනකුට, මෙන්ම ‘දිනමිණ’ හා ‘ලක්මිණිපහණ’ යන පුවත්පත්වලටත් තැපැල් කළේ ය.
සතියක් ඇතුළත වාසලමුදලි ඩබ්ලිව්. ඇෆ්. ගුණවර්ධන මහතාට යැවූ පොතට ප්‍රතිචාරයක් ලැබුණි. පොතේ භාෂාව අනර්ඝ බවත් ලියා ඇති ශෛලිය ආකර්ෂණීය බවත් කියා දිගටම පොත් ලිවීම සිදු කරන්නැයි ඔහුට ප්‍රසංශාත්මක ඇරයුමක් කළ ගුණවර්ධනයන් ඒ පොතෙහි නම ‘ශ්‍රියාලතා’ කියා දැමීම අසුබ ගණයක් වූ තගණයෙන් යොදා තිබීම නිසා ප්‍රතිඵල ශූන්‍ය වන බවත් මතු මුද්‍රණවල දී එහි නම සුබ ගණයක් වූ නගණයෙන් ‘සිරියලතා’ කියා වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඩබ්ලියු. ඒ. සිල්වා ඊළඟ මුද්‍රණය එනතෙක් බලා සිටියේ නැත. අතේ තිබූ පොත්වල කවර ගලවා ‘සිරියලතා’ කියා නව කවරයක් සකස් කර නිකුත් කළේ ය. ඒ අතර ‘දිනමිණ’ හා ‘ලක්මිණිපහණ’ පුවත්පත්වල පොතේ උසස් භාවය වර්ණනා කර තිබුණි. ඒ පුවත්පත්වල විවේචන පළ වීම ‘සිරියලතා’ අළෙවියට ලොකු රුකුලක් විය. එදා සිරියලතා කෘතියෙහි ගණ දෝෂය නිවැරදි කර පළ කළ ද පසුව ඔහු ලියූ පොත්වලට නම් තැබීමේ දී ගණ පිළිබඳ සැලකිල්ලක් දැක් වූ බව නොපෙනේ. දැන් ගොඩගේ මුද්‍රණය කර ඇති ‘සිරියාලතා’ නවකතාවේ නව මුද්‍රණයේ දී යළිත් වරක් වෙනත් ගණ දෝෂයක් ඇති කර තිබේ. එය ‘සිරියාලතා’ කියා නම වෙනස් කර යෙදීමෙන් වායු ගණයට ගොදුරු කර ඇත.
සිරියලතා’ නවකතාවෙන් පසු ඔහු ඊළඟට ලියූවේ ‘ලක්ෂ්මී’ ය. ඉංග්‍රීසි ජාතික ලේඛක සර් එච්. රයිඩර් හැගාඩ්ගේ ‘ෂී’ නමැති නවකතාවේ ඡායානුවාදයක් ලෙස සැලකෙන ‘ලක්ෂ්මී’ ස්වතන්ත්‍ර නවකතාවක් තරමටම සිත් ගන්නාසුලු ආකාරයට ප්රශස්තව ලියූවක් සේ විචාරකයෝ හඳුන්වති.
ඩබ්ලියු. ඒ. සිල්වා ‘කැලෑහඳ’ නවකතාව ලිව්වේ බණ්ඩාරවෙල තිබුණු ඔහුට අයත් කැලිඩෝනියා නම් තේ වත්තේ බංගලාවේ නැවතී ගෙන ය. සිංහල සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාව ‘කැලෑහඳ’ ය.
ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ භාෂා හා සාහිත්‍ය කෞතුකාගාරය
ඩබ්ලියු. ඒ. සිල්වා ජීවත් වූ සිල්වර්මියර් නිවස අද භාෂා සාහිත්‍ය කෞතුකාගාරයක් බවට පත් කර ඇත. අද ඔහු පරිහරණය කළ උපකරණ, මෙවලම්, අත්පිටපත් ආදිය ප්‍රදර්ශනය සඳහා තබා ඇත. වතවන සිරිසුමන හිමියන් අතට පත් සියලුම අත්පිටපත් ප්‍රදර්ශනය සඳහා නැත. ඒ හිමියන් පවසන විදියට විශේෂ සංරක්ෂණ ක්‍රම යොදා ආරක්ෂා නොකර ප්‍රදර්ශනය කළ නොහැකි තරමට අබලන්ව ඇත. ප්‍රදර්ශනයට සුදුසු තත්වයේ ඒවා එහි යන අයට දැක බලා ගත හැකිය.
ඩබ්ලියු. ඒ. සිල්වා විසින් ඒ ඒ නවකතා ලියූ හැටි විස්තර කරන ඔහුගේ අත් අකුරින් ම ලියූ ලේඛන ගණනාවක් ම මේ ප්‍රදර්ශනාගාරයේ දී දැක ගත හැකිය. ඒවා අතර ‘මා සිරියලතා ලියූ හැටි, මා දෙයියන්නෙ රටේ ලියූ හැටි, මා හිඟන කොල්ලා ලියූ හැටි,’ ආදි වශයෙන් ඒ ඒ පොත් ලියූ හැටි ඔහුගේම අත් අකුරින් ලියූ ලේඛන ඇතත් ඒවා පෙරළා කියවා බැලිය නො හැකි තරමට අබලන් ය. සිය නිර්මාණකරණය ගැන ඔහු ලියූ මේ රචනාවල දිගුවක් ‘මා හිඟන කොල්ලා ලියූ හැටි’ කියා ‘සිළුමිණ’ පත්‍රයේ එකල පළ විය. එය පසුව ධර්මසේකර විසින් එය ඔහුගේ ‘කතා රජ කතාව’ට එක්කර ගෙන ඇත.
“මම හිඟන කොල්ලා මගින් එකල පැවති විවිධාකාර චරිත රාශියක් නිරූපණය කළෙමි. ඒ චරිත අතර ඉතා උසස් පෙළේ අහංකාර සිංහලයන්මෙන්ම දුප්පත් දාමරික සිංහලයෝ ද මහජන මතයක් ඇති කිරීමට වෑයම් කරමින් රෑ දවල් දෙකේ වෙහෙසුණ දෑ හිතැතියන් මෙන්ම නොයෙක් කවටකමින් ලොව රවටමින්, හිඟාකෑම් ආදිය කළ හිඟන්නෝ ද වූහ. ඔවුහූ කවුරුත් සිත්පිත් ඇතිව ක්‍රියා කරන්නෝය. අවස්ථානුකූලව දුසිරිතෙහි මෙන්ම සුචරිතයෙහිද හැසිරෙන්නෝය. එහෙත් හිඟන කොල්ලා ප්රතිරූප සම්ප්‍රදායට අයිති නව ප්‍රබන්ධයක් නොවේ.” සිළුමිණ පත්‍රයේ පළ වූ ඒ විස්තරය ‘කතා රජ කතාව’ට ඇතුළත් කර තිබේ.
ඩබ්ලියු ඒ. සිල්වා උපන්දා සිට ජීවත් වූ සිල්වර්මියර් නිවසට සහෝදර සහෝදරයන් සිවු දෙනෙකු උරුමකම් කීව ද එහි උරුමයට අවසානයේ කිසිවකුත් නැතිව වැල්වත්තේ සද්ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති වතවන සිරිසුමන හිමියන්ගේ බාරයට පත් වීමද හරි අපුරු සිදුවීමකි. අද උන්වහන්සේ ඩබ්ලියු ඒ. සිල්වා පදනමේ සභාපති මෙන් ම අධ්යක්ෂ ද වී විශාල වැඩ කොටසකට අත ගසා ඇත. මේ වගකීම උන්වහන්සේ වෙත පැවරීම සිදු වූයේ අහම්බෙනි.
ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ භාෂා හා සාහිත්‍ය කෞතුකාගාරය විවෘත කළ දා
එදා වැල්ලවත්තේ අංක 126 දරණ නිවසට සිරිසුමන හිමියන් ගොඩවැදුණේ රෝගීව සිටි ඩබ්ලියු. ඒ. සිල්වාගේ මල්ලීගේ පුතා වූ සෙනරත් නන්දදේවට පිරිත් ටිකක් දේශනා කොට සෙත් පතන්නටය. අවිවාහකයකු වූ ඩබ්ලියු. ඒ. සිල්වා සිය දේපළ සියල්ල උරුම කර දී තිබුණේ නන්දදේවට ය. සිවිල් නිලධාරියකු වූ ඔහු දිසාපතිවරයකු හා තානාපතිවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලද අයෙකි. හාමුදුරුවන්ගේ ඇසුර සෙනරත් නන්දදේවගේ සිත් ගත්තේ ය. දිනක් ඒ නිවසට ගොඩ වැදුණු උන්වහන්සේට අසන්නට ලැබුණේ විස්මය දනවන පුවතකි.
“මම මේ සියලු දේවල් ඔබ වහන්සේගේ නමට ලියන්න තීරණය කළා.” එක්වරම සෙනරත් නන්දදේව කීවේය. උන්වහන්සේට එය අදහන්න බැරි තරම් පුවතක් විය. “එතුමාගේ නංගී වූ ඉන්ද්‍රාණි සිල්වා මහත්මියත් ඊට එකඟවෙලා තියෙනවා.” උන්වහන්සේ පැවසූහ.
“සෙනරත් මහත්තයා වැඩි හරියක් හිටියෙ පිටරට. ඒ කාලේ මේ ගේ කුලියට දීලා තිබුණා, ගෙදර තිබුණු බඩු මුට්ටු එක්ක. ඔය හිටපු එක කට්ටියක් මේක අයිති කර ගන්නත් හදලා තියෙනවා. ඔය කාලේ ගෙදර තිබුණු සමහර දේවල් නැතිවෙලත් තියෙනවා. නමුත් ඒ කිසි කෙනෙක් පොත්පත්වලට අත තිබ්බෙ නැහැ. සමහර විට ඔවුන් පොත්පත් නොකියවන අය වෙන්න ඇති. නැති නම් මේ කඩදාසි ගොඩවල් කසළ ගොඩවල් වගේ පේන්න ඇති. කසළ ගොඩවල් කියල හිතල ගිනි තිබ්බෙ නැති එකයි, පුදුමයක්. මට දැනෙන විදිහට මේ නිවසේ තිබ්බ වෙනත් දේවල් නෙමෙයි, මේ පොතපත ලියකියවිලි තමයි මැණික් ගල් ටික.” උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
ඩබ්ලියු. ඒ. සිල්වාගේ නිර්මාණ කීපයක්.
වතවන සිරිසුමන හිමියන් ඩබ්ලිව්. ඒ. සිල්වා පදනම පිහිටුවා ගෙන ඒ මගින් සිල්වර්මියර් නිවස කෞතුකාගාරයක් කර ‘ඩබ්ලිව්. ඒ. සිල්වා භාෂා සාහිත්‍ය කෞතුකාගාරය’ ලෙස නම් කොට සාහිත්‍යලෝලීන්ට රසාස්වාදනයට විවර කර ඇත. එහි දී ඔබට ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නිර්මාණවල අත් පිටපත්, මුල් මුද්‍රණවල පිටපත්, නව මුද්‍රණවල පිටපත් දැක බලා ගත හැකිය.
ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ඒ නිර්මාණ අතර, සිරියලතා (1907), ලක්ෂ්මී (1922), හිඟන කොල්ලා (1923), පාසල් ගුරුවරී (1924), දෙයියන්නේ රටේ (1924), කැලෑහඳ (1933), දෛවයෝගය (1936), සුනේත්‍රා හෙවත් අවිචාර සමය (1936), විජයබාකොල්ලය (1938), රදල පිළිරුව, හඳපාන, ජූලි හත, රිදී හවඩිය (මුලින් පළ වූයේ ‘නවයුගය’ සඟරාවේ කොටස් වශයෙනි.), ලේන්සුව, සක්විති රජ, අමෘත හස්තය, දළකුමාරි, අරාබි නිසොල්ලාසය (පරිවර්තන), මායා යෝගය (නාට්‍ය), වාල්මිකීගේ රාමායනය (පරිවරිතන) ආදිය වෙයි.
ඒ හැරෙන්නට ඔහු ‘සිරිසර’ (1919-1923), ‘නුවණ’ (1940-1946) නමින් සඟරා දෙකක් ද සම්පාදනය කළේ ය. 1933 දී ‘ලංකා සමය’ නමින් සතිපතා පුවත්පතක් ද සංස්කරණය කළේ ය.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com3tag:blogger.com,1999:blog-2647493662865092414.post-46636430304042666942024-01-25T21:37:00.000+05:302024-01-25T21:37:29.456+05:30බුදුන් උපන් බිමේ බුදු දහම නැති වුණේ ඇයි?
රාම කුමරාගේ උපන්බිම වූ ඉන්දියාවේ උත්තර ප්රදේශ්හී අයෝධ්‍යාවේ අක්කර 70ක භූමි භාගයක දැවැන්ත හින්දු කෝවිලක් ඉදි කෙරෙනවා. ඒක හඳුන්වා ඇත්තේ ‘රාම් මන්දිර්’ කියායි. මහල් තුනකින් යුත් මේ දැවැන්ත කෝවිලෙහි මෙතෙක් ඉදිකර ඇති පළමු මහල පසුගිය ඔක්තෝබර් 22 වැනිදා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ අතින් විවෘත වුණා. එහි මෝදි ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨා’ නම් පූජාවක් ද සිදු කළා. මෙසේ තුනෙන් එකක් නිම කළ ‘රාම් මන්දිර්’ විවෘත කිරීමේ උත්සවයට, ඉන්දීය නළුනිළියන්, විදෙස් රාජ්‍ය නියෝජිතයන්, තනාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් 7000ක් පමණ සහභාගි වුණා. අගමැතිවරයා හදිසියේ මේ විවෘත කිරීම සිදු කළේ ඇයි?
රාම් මන්දිර් විවෘත කිරීමේ උළෙලට
ආ හින්දු බැතිමතුන්
එයට හේතුව ඉන්දියාවේ මහ මැතිවරණය මේ වසරේ පැවැත්වෙන නිසා ය. අගමැතිවරයා ගේ පක්ෂය වූ භාරතී ජනතා පක්ෂය යළිත් බලයට පත් කරවා ගෙන සිය තනතුරේ තව දුරටත් රැඳී සිටීමට ඔහු බලාපොරොත්තු වෙයි. ඒ සඳහා හින්දු බැතිමතුන්ගේ සහය ඔහු අපේක්ෂා කරයි. කලින් යටත්විජිත සමයේ දී මුස්ලිම් පල්ලියක් ඉදි කර තිබු තැනක උසාවි තීන්දුවකින් එය ඉවත් කරවා ගෙන හින්දු කෝවිලක් මේ ලහිලහියේ ඉදිකරන්නේ හින්දුන් සතුටු කිරීමටය.
අගමැති මෝදි ඉන්දියාව ආර්ථික හා සමාජයීය වශයෙන් හොඳ දිශාවකට යොමු කර ශීඝ්‍ර දියුණුවක් අතකර ගනිමින් තිබියදීත් ඔහුටත් ආගමික බලපෑමෙන් මිදිය නොහැකි වී තිබේ. හින්දු ආගමික බලපෑම එතරම්ම ප්රබලය. ධර්මාශෝක රජසමයේ ඉන්දියාව ඇතුළු බෞද්ධ රාජ්‍ය ගණනාවක් මේ කලාපයේ පැවතිය ද අද බුදුන් වහන්සේගේ දහම එහි නැත. බුදුන්ගේ ධර්මචක්රය ජාතික ධජයට සීමා වී ඇත. ධර්මාශෝක අධිරාජයා බුදු දහම ප්‍රචාරය කිරීමට යොදා ගත් අශෝක ස්තම්භය රාජ්‍ය ලාංඡනය වී ඇත.
යෝජිත රාම් මන්දිර්
අතීතයේ දී මෝගල් අධිරාජයන්ගේ ආක්‍රමණය නිසා බුද්ධාගම විනාශ විය. නාලන්දා වැනි විශ්ව විද්‍යාල දහස් ගණන් සංඝයා වහන්සේලා සමග ගිනිබත් කරනු ලැබීය. ඉන්දියානු ජනතාවට ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට බල කරනු ලැබීය. යුරෝපීය ආක්‍රමණය නිසා ක්‍රිස්තියානිය ද ඉන්දියාවට ඇතුළු විය. ඉංග්‍රීසීන් යටත් කර ගෙන සිටි ඉන්දියාවට නිදහස දෙද්දී මහා බ්‍රිතාන්‍යය, පාකිස්ථානය යනුවෙන් වෙන ම මුස්ලිම් රාජ්‍යයක් බිහිකර කැමති ඉන්දියානුවන්ට එහි යාමට ඉඩ සැලසුවා. ඉන්දියාවේ මායිමේ බිහි කළ එය කොටස් දෙකකින් යුක්ත විය. ඒ බටහිර හා නැගෙනහිර පාකිස්ථානය වශයෙනි. නැගෙනහිර පාකිස්ථානය පසුව බටහිර පාකිස්ථානයෙන් නිදහස් වෙන්න අරගලයක් පටන් ගත්තා. ඉන්දියාව ඊට මැදිහත් වීම නිසා බංගලාදේශය කියා වෙන රාජ්‍යයක් බිහි වුණා. මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය සතුරු රාජ්‍ය ලෙසයි සැලකෙන්නේ. ඉන්දියාව තුළ අද ප්‍රධාන ආගම් දෙක වූ හින්දු හා ඉස්ලාම් බැතිමතුන් සංහිඳියාවෙන් ජීවත් වුවද ඉඳහිට හින්දුන්ගේ තාඩන පීඩනවලට ලක් වෙනවා. බුදු දහම තිබුණා නම් මේ සංහිඳියාව ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඉඩ තිබුණා.
බුද්ධගයාව
අද බුදුන් හා සම්බන්ධ ස්ථාන නරඹන්න හා වන්දනා කරන්න ශ්‍රී ලංකාව ඇතුළු ලොව වෙනත් රටවලින් ඉන්දියාවට පිරිස් එනවා. ඊට මග පෑදුණේ අපේ අනගාරික ධර්මපාල තුමන් විසින් නොයෙකුත් බාධක මැද්දේ බුදුන් වහන්සේගේ සැමරුම් ස්ථාන සොයා ගෙන ඒවා බුද්ධගයාව වටා පෙළ ගස්වා වන්දනා මාර්ගය සලසා දුන් නිසයි. ඒ වන්දනාව පිණිස එන ලෝක බැතිමතුන් වන ඒ විදේශිකයන් හැම දෙනාගෙ ම මුව’ගට නැඟෙන ප්‍රශ්නයක් තියෙනවා. අපේ හිතමිතුරු මහාචාර්යවරයකුත් ඒ ප්රශ්නය ම කවියකින් නැඟුවා දඹදිවදි. මෙන්න ඒ නිර්මාණය:
ධර්මපාල තුමා
දඹදිව දී
- මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි
බණපදයක හඬක් නොවතළ මාරුතයේ
මුනිඳුට මලක් නොපිදෙන මල් ආසනයේ
බුදු පිය සුතන් නොපෙනෙන මුනි සාසනයේ
බුදු හිමි සොයමි හිමි බුදු වුණු බාරතයේ
කිසිවෙක් නො මැ දනිති හිමි දෙසුව මුනි බණ
කිසිවෙක් නො තෙපලති කිසි තැනෙක හිමි ගැන
කිසිවෙක් නො හඳුනති බණ දෙසන සඟ ගණ
කිසිවෙක් නො සලකති මුනි රුවට කිසි තැන
පුර සඳ අඹර පායා දිලුණත් රුවට
සාදු කාරයක් නෑසෙයි දෙ සවනට
වෙසඟෙහි සඳු ද නැග බැස යයි නියදමට
පසළොසවකත් තව දවසකි දඹදිවට
පසළොසවකට පුද පෙත් පිදෙන තැන් නැත
බෝ තුරු මුලට දය වත කෙරෙන තැන් නැත
මහ සඟ ගණ දන් බත් පිදෙන තැන් නැත
මහ මුනි නමට මුදුන’ත් බැඳෙන තැන් නැත
මගෙ බුදු හිමි ද බුදු හිමි දැරුව සිවුරු ද
හිමි නිය රැසෙහි දැවටුණු මහරු පඬුරු ද
බැහැරට කළෝ මෙ බිමින් සොයමි කවුරු ද
දහසක් දෙවිවරු ද මෙහි වෙසෙන නුවරු ද
විස්කම් පෑව ගල්වඩුවන්ට දඹදිව
බුදුරුව නෙළිය නොහැකිය මෙදින රුවැතිව
උන් අත්වලින් නිමැවුණු නිබඳ නිගරුව
හිමි රුව තිබේ විකුණා ගන්ට නො හැකිව
දම් සෝ රජ දවස දඹදිව මැ එළිකළ
දඹදිව ඉක්ම අන් දෙස ද සුපතළ
සදහම පරම පිවිතුරු මුනිඳු වදහළ
කාරණ කිම ද මෙහි නො රඳන්ට මෙම කල
දම්පල් නම් කෙනෙකු ලක්දිවෙහි ඉපදිලා
සමිඳුන් වැඩ විසූ මේ බිමට පැමිණිලා
කළ කම් නොවන්නට බුදු පහස වැළලිලා
තෙමඟුල සිදු වු තැන් වුව පසට යටවෙලා
බුදු හිමි සුරැක ගත් බුදු හිමිගෙ රට තුළ
දම්පල් මහරු මිනිසාගෙ තෙද බල
සමරා පුදමි ඒ විරු නමට කවි මල
පතමින් නිවන් සුව එතුමන්ට මතු කල (2021 මැයි)
මහාචාර්ය සුනිල් ආරියරත්න
(අනුර හෑගොඩ සංස්කරණය කළ ‘ලන්ඩන් කවි’ සංග්රහයෙහි අනුග්රහයෙනි.)
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-36293284035095276282024-01-23T22:11:00.001+05:302024-01-23T22:11:06.600+05:30ලුම්බිණිය සොයා ගැනීමට උරදුන් බෙංගාලි පුරාවිද්‍යාඥයා
හරියට ම මීට අවුරුදු 116කට පෙර, එනම් 1898 වසරේ ජනවාරි 23 දා, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ඉන්දියාවේ වයඹදිග දේශ සීමා පළාතේ හා ඖධ්හි ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී සී. ඩබ්ලිව්. වුඩ්ලින් සහ ෆයිසාබාද්හි කොමසාරිස් වින්සන්ට් ස්මිත්ගේ උපදෙස් පරිදි පූර්ණ චන්ද්‍ර මුඛර්ජී, ලක්නව්හි සිට නේපාලයේ තෙරයි කලාපය බලා පිටත් වූයේ ය. ඒ විශේෂ කාර්යයක් පිළිබඳව සොයා බලා වාර්තා කරනු සඳහා යි. එවකට පූර්ණ චන්ද්‍ර මුඛර්ජී සේවය කළේ, වයඹදිග දේශ සීමා පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ය. එය, ඔහු එම දෙපාර්තමේන්තුව තුළ ලද දෙ වන පත්වීම විය.
පුරාවිද්‍යාඥ පූර්ණ චන්ද්‍ර මුඛර්ජී
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ මුල් අවධියේ දී මුඛර්ජී පුරාවිද්‍යාඥ ආචාර්ය ඒ. ෆියුරර්ගේ සහයකයා විය. ඔහුගේ ප්‍රධානියා සමග ඇතිකර ගත් විරසකයක් හේතුවෙන් මුඛර්ජීට රැකියාව අහිමිවිය. කෙසේ වෙතත්, ඔහුගේ ‘සොයා ගැනීමක්’ පිළිබඳ ඉහළ නිලධාරීන් තුළ ඇති වූ බරපතළ සැකයක් නිසා ආචාර්ය ෆියුරර්ට ද රැකියාව අහිමි විය. අනතුරුව, එම ඊනියා සොයා ගැනීමෙහි සත්‍යතාව තහවුරුකර නිවැරදි තොරතුරු රැස්කිරීමේ වගකීම පැවරුණේ පූර්ණ චන්ද්‍ර මුඛර්ජී වෙතයි.
ඒ අනුව ෆයිසාබාද්හි කොමසාරිස් වින්සන්ට් ස්මිත්, ගෞතම බුදුන් උපන් ඉපැරණි කපිලවස්තු පුරය සහ ලුම්බිණි උද්‍යානය පිහිටා ඇති නිශ්චිත ස්ථානය සොයා ගැනීම මුඛර්ජීට පැවරීය.
මුඛර්ජී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව, ස්මිත් ලියූ හැඳින්වීමක් ද සමගින් 1901 වසරේ දී ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් ග්රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මෙම ග්‍රන්ථය ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කළ හැකි ය.
පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ කපිලවස්තු පුර නටබුන්
සොයා ගැනීමට අදාළ රජයේ වාර්තාව.
පූර්ණ චන්ද්‍ර මුඛර්ජී, ඔහුගේ ගවේෂණය ආරම්භ වූ ආකාරය, 'A Report on a Tour of Exploration of the Antiquities in the Terai, Nepal The Region of Kapilvastu' නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබේ: "විවේකයක් නොගෙන ම මම නේපාලයේ තෙරයිහි පරිපාලන නගරය වන තෝලිවා වෙත නොනවත්වා ඇවිද ගියෙමි. ඊට පසු දා මම නිගිල්වා වෙත ගොස්, මේජර් වඩෙල් හමුවීමි. මට ලැබීමට තිබූ අත්තිකාරම් මුදල රජයේ නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවා තිබිණි. මම නැවත ගොරක්පූර් වෙත පැමිණියෙමි."
ගෞතම බුදුන් උපන් ස්ථානය වන රුම්මින්-දෙයි හෙවත්
ලුම්බිණියේ අතින් අඳින ලද සිතියමක්
"රජයෙන් නව විදුලි පණිවුඩයක් ලැබීමෙන් පසු මම නැවතත් නේපාලයට ගොස් පෙබරවාරි 30 වන දා සිට තිලෝර්කොට් ප්‍රදේශයේ කැණීම් ආරම්භ කළ අතර සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්වීමි. හයවැනි දා, මම ආචාර්ය ෆියුරර් විසින් කපිලවස්තු පුරය ලෙස හඳුනාගන්නා ලද සාගර්වාහි නටබුන් නැරඹීමට ගියෙමි. එය කපිලවස්තු පුරය විය නොහැකි බවට අවබෝධ කර ගත් මම කලකිරීමට පත්වීමි. සමීපව සිදු කරන ලද නිරීක්ෂණයකින් පසුව, තිලෝර්කොට් යනු බොහෝ දුරට බුදුන්ගේ පියාගේ නගරය වීමට ඉඩ ඇති බව මට වැටහිණි," යනුවෙන් පූර්ණ චන්ද්‍ර මුඛර්ජී ලියා ඇත.
තිලෝර්කොට්හි සිදුකළ කැණීම්
හදිසියේ ම මේජර් වඩෙල් සියලු කැණීම් නතර කළ අතර දින කිහිපයක් ඇතුළත එම නියෝගය අත්හිටුවීය. මෙම අදියරේ දී ඔහු තිලෝර්කොට් සහ චිත්‍ර-දෙයි ප්‍රදේශවල මහා පරිමාණ කැණීම් කටයුතු ආරම්භ කළ බව මුඛර්ජී ලියා ඇත.
"වින්සන්ට් ඒ. ස්මිත්ගේ උපදෙස් පරිදි, මාර්තු 11 වන දා රුම්මින්-දෙයි වෙත පිටත්වූ මම පසු දා එහි ළඟා වීමි," මුඛර්ජී රජයට ඉදිරිපත් කළ වාර්තාවේ ලිවීය.
කැණීම් කටයුතු සිදුවන අයුරු
පූර්ණ චන්ද්‍ර මුඛර්ජී රුම්මින්-දෙයි
හෙවත් ලුම්බිණියේ නටබුන් දුටු හැටි
"වනාන්තරය එළිපෙහෙළි කර ස්තූපයක් ආකාරයේ වූ විශාල ගොඩැල්ල පරීක්ෂා කර බැලීමෙන් පසු, කැණීම් කටයුතු ආරම්භ කරන ලෙස මම නේපාල ජාතික කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියෙමි. කැණීම් ආරම්භයේ දී ම අපට බලාපොරොත්තුවක ලකුණු දිස්විය. එතැනින් සුන්බුන් කිහිපයක් මතුවිණි. මෙය තිලෝරා සහ චිත්‍ර-දෙයිහි දී ලද සාර්ථකත්වයට සමාන ය. එහිදී සොයාගත් වැදගත් ම දෙයක් වූයේ මායාදේවී විහාරය යි. අත්තිවාරමේ වූ ගඩොල් අලංකාර ලෙස සකසා තිබිණි. කුඩා [ස්තූප] ගොඩැලි සහ වෙනත් පුරාවස්තු කිහිපයක් ද මතුවිය."
රුම්මින්-දෙයි යනු ලුම්බිණිය ද?
බෞද්ධ සටහන්වලට අනුව ලුම්බිණි උද්‍යානය යනු රුම්මින්-දෙයි ය. එම ප්‍රදේශයේ අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද ස්තූපයක වූ ශිලා ලේඛනයක එම ස්ථානය 'ලුම්මිණි' ලෙස විස්තර කර ඇත.
මාගධී (පාලි) භාෂාවෙන් ලියා ඇති ශිලා ලේඛනය දැකීමෙන් පසු, රුම්මින්-දෙයි යනු පුරාණ ලුම්මිණි හෝ ලුම්බිණිය බවට පූර්ණ චන්ද්‍ර මුඛර්ජී නිගමනය කළේ ය.
මුඛර්ජීගේ ප්‍රධානියා වූ වින්සන්ට් ස්මිත් මෙසේ ලිවීය: "රුම්මිණි යන්න ලුම්බිණි හෝ ලුම්මිණි යන නාමයට සමානකම් පෙන්වයි."
පූර්ණ චන්ද්‍ර මුඛර්ජී විසින් කැණීම් කර
සොයා ගන්නා ලද අලංකාර ගඩොල්
"ශිලා ලේඛනය ලියා ඇත්තේ මාගධී භාෂාවෙන් වන අතර, එහි වචනයක මුල හෝ මැද 'ර' ඇත්නම්, එය සංස්කෘත භාෂාවේ දී 'ල' බවට පත්වේ," ස්මිත් ලිවීය.
හියුන් සාං හිමිට අනුව, උද්‍යානය දිගේ ගිනිකොණ දෙසින් දේශීය භාෂාවෙන් 'තෙල් ගංගාව' ලෙස හැඳින්වූ කුඩා ගංගාවක් ගලාබැස ඇත. දැන් එය 'තිලර් ගඟ' ලෙස හැඳින්වෙයි.
බුදුන් උපන් ස්ථානයේ වූ වෘක්ෂයට දකුණු පසින් නාන තටාකයක් තිබී ඇති අතර, ඒ අතර දුර ෆා හියන් හිමිට අනුව ලී 20ක් ද, හියුන් සාං හිමිට අනුව ලී 25ක් ද වෙයි. එම වෘක්ෂයේ මූර්ති එහි සිට ලී 25ක් දුරින් තවමත් දැකගත හැකි ය.
'ලී' යනු, පුරාණ චීන දුර මැනීමේ ඒකකයකි. සාමාන්‍යයෙන් 'ලී' එකක් මීටර් 500කට හෝ සැතපුමකින් තුනෙන් එකකට සමාන වේ.
හියුන් සාං හිමියන්ගේ ලේඛනවල සඳහන් වන පරිදි අශෝක අධිරාජ්‍යයා විසින් ස්ථාපනය කරන ලද ස්තූපය ද මුඛර්ජී සොයා ගත්තේ ය.
මෙම සාධක හතර මත ගෞතම බුදුන් උපන් ස්ථානය නිශ්චිතව ම සොයා ගනු ලැබී ය. මෙය ගෞතම බුදුන් උපන් ස්ථානය බව සැකයෙන් තොරව ඔප්පු වූ බව වින්සන්ට් ස්මිත් ලියා ඇත.
රුම්මින්-දෙයි හෝ ලුම්බිණිය ගෞතම බුදුන්ගේ උපන් ස්ථානය බවට නියත වශයෙන් ම ඔප්පු වී ඇතත්, ගෞතම බුදුන් උපත ලැබුවේ උත්තර් ප්‍රදේශ්හි පිප්රවාහි බව ද ඉන්දියාව ප්‍රකාශ කරයි.
මෙම ස්ථානය නේපාලය සහ එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාව අතර දේශ සීමාවට ඉතා ආසන්න ය. බුදු දහමට අයත් පුරාවිද්‍යාත්මක වස්තු රැසක් එතැනින් ද හමුවී ඇත. පූර්ණ චන්ද්‍ර මුඛර්ජී එම ප්‍රදේශවල ද සංචාරය කර තිබේ.
මෙම කෞතුක වස්තුවලින් සමහරක් කල්කටා කෞතුකාගාරයේ (වර්තමානයේ ඉන්දියානු කෞතුකාගාරයේ) තබා ඇත.
චීන ගවේශකයන්ගේ තොරතුරුවලට අනුව, ඇතැම් සමානකම් පිප්රවාහි දක්නට ලැබුණ ද, බොහෝ අසමානතා ද තිබී ඇත. එබැවින් පුරාණ කපිලවස්තු පුරය නේපාලයේ තිලෝර්කොට්හි රුම්මින්-දෙයිහි තිබූ බවට පූර්ණ චන්ද්‍ර මුඛර්ජී සහ ඔහුගේ ප්‍රධානියා වූ වින්සන්ට් ඒ. ස්මිත් දැඩි ලෙස විශ්වාස කළහ.
සීමිත මුදල් හා තත්ත්වයෙන් බාල උපකරණ
තෙරයි ප්‍රදේශයේ ගවේෂණ කටයුතු අවසන් කිරී මෙන් පසු පූර්ණ චන්ද්‍ර අප්‍රේල් පස්වැනි දා නැවත ලක්නව් වෙත පැමිණියේ ය. ඔහුගේ වාර්තාවේ පූර්ණ චන්ද්‍ර මුඛර්ජී මෙසේ ලිවීය: "මා අවසන් වරට සිදු කරන ලද ගවේෂණයේ දී භාවිත කළ මිනුම් සහ ඇඳීමේ උපකරණ පැවතියේ ඉතා නරක තත්ත්වයක ය. ඡායාරූපකරණ කටයුතු සඳහා භාවිත කළ උපකරණ පවා පැරණි තත්ත්වයේ පැවති අතර ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවීම මගේ වැඩකටයුතුවලට බොහෝ කරදර ගෙන දුන්නේ ය." ඔහුට ලබා දී තිබුණේ එක් සැලසුම්කරුවෙකු පමණි. එය ද ගවේෂණයේ පසු අවධියක දී ය.
"නේපාල රජය විසින් මා වෙත ලබා දෙන ලද කණ්ඩායමේ කැප්ටන්කෙනෙක් (භීම්සෙන් චේත්‍රි) සහ කැණීම්කරුවන් 12 දෙනෙක් සිටියහ. ඉඳහිට, තැනිතලා ප්‍රදේශවලින් ඇතැම් පිරිස් උදව් සඳහා ගෙන්වන ලදහ," ඔහු ඉහළ බලධාරීන් වෙත ලිවීය.
මුඛර්ජී ගෞතම බුදුන් උපන් කපිලවස්තු පුරය හා ලුම්බිණි උද්‍යානය විස්තර කිරීමට පෙර ගවේෂණ සඳහා වැය වූ මුදල ගැන සඳහන් කළේ ය. "පසුගිය වසර සඳහා වෙන් කළ මුදලින් රුපියල් 2,000ක් අපි ඉතිරි කළෙමු. මෙම වසරේ දී තවත් රුපියල් 800ක් ලබා දෙන ලදී. සමස්තයක් වශයෙන්, මෙම කැණීම් කටයුතු සඳහා නේපාලයේ රාජ සභාව රුපියල් 2,800ක මුදලක් ගෙවූ අතර, අප වැය කළේ රුපියල් 300ක් පමණි."
"මගේ මතය අනුව රුපියල් 2,500ක් තවමත් ඉතිරිව තිබෙන බැවින්, ලබන වසරේ ගවේෂණ සහ කැණීම් කටයුතු ද සිදු කළ හැකි ය," පූර්ණ චන්ද්‍ර මුඛර්ජී ලිවීය.
පුරාවිද්‍යාඥයා වයස අවුරුදු 53 දී මිය යයි
පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ මුල් නිවහන පිහිටා තිබුණේ කොල්කටාව ආසන්නයේ අසල පනිහාටිහි ය. එවකට එය ගම්මානයක් විය. පූර්ණ චන්ද්‍ර මුඛර්ජී විසින් එහි ඉදිකරන ලද නිවසට ද ‘කපිලවස්තු භවන්’ ලෙස නම් තැබීය.
පනිහාටිහි ප්‍රාදේශීය ඉතිහාසය පිළිබඳ ගුරුවරයෙකු සහ පර්යේෂකයෙකු වන ක්‍රිෂාණු භට්ටාචාර්ය පවසන පරිදි පූර්ණ චන්ද්‍ර මුකර්ජි උපත ලැබුවේ 1849 වසරේ දී ය. ඔහුගේ පියා වූ කාලිදාස් මුඛර්ජී කල්කටාවේ මුදල් මුද්‍රණාලයේ සේවය කළේ ය.
"පූර්ණ චන්ද්‍ර ඉගෙන ගත්තේ අගර්පාරා මිෂනාරි පාසලේ. දක්ෂ, ධෛර්යය සම්පන්න කෙනෙක් වුණත් ඔහු ඉගෙනීමට වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඔහු ඔහුගේ මිතුරන්ට වඩා ඉදිරියෙන් සිටියේ ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ සිතියම්කරණය යන විෂයයන්වලින් පමණ යි," ක්‍රිෂාණු භට්ටාචාර්ය පවසයි.
"ඔහු කල්කටා විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීමේ පරීක්ෂණය සමත්වූ බවටත් පසුව ලක්නව්හි කැනින් විද්‍යාලයෙන් කලා පීඨයට ඇතුළු වුණු බවටත් මට තොරතුරු ලැබුණා. නමුත් ඔහු උපාධි විභාගය සමත් නොවන්න ඇති."
ගෞතම බුදුන් උපන් රුම්මින්-දෙයි විහාරය
සහ යාබද පොකුණ, වර්තමානයේ දී
කෙසේ වෙතත්, ඔහු ඔහුගේ ජීවිත කාලය පුරා ම විවිධ වර්ගයේ රජයේ රැකියාවල නිරත වී ඇත. කලක් ඔහු ඖධ්-රෝහිල්ඛන්ද් දුම්රිය සේවයේ රාජකාරි කළ අතර පසුව ලක්නව් කෞතුකාගාරයට සම්බන්ධ විය. එම ආයතනය, රජයේ ආධාර මත චිත්‍ර ශිල්පය හැදෑරීමට ඔහු මුම්බායිහි ජේජේ චිත්‍ර පාසලට යවනු ලැබීය. වසර දෙකකට පසු ඔහු නැවත පැමිණ ලක්නව් කෞතුකාගාරයට සම්බන්ධ විය.
ඔහු ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා භට්ටාචාර්ය ලක්නව් කෞතුකාගාරයට ගිය නමුත් එහිදී ඔහුට කිසිදු තොරතුරක් නොලැබිණි. ඔහු පිළිබඳ සියලු තොරතුරු විවිධ ස්ථානවලින් සහ පැරණි පුවත්පත්වලින් රැස්කර ගැනීමට සිදුවිය.
"ඒ වකවානුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබුණේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව යටතේ. පූර්ණ චන්ද්‍ර මුකර්ජි පුරාවිද්‍යාඥයෙකු ලෙස එහි සේවයට එක් වුණේ 1882 දී. අවුරුදු තුනකට පස්සේ, එවකට ලුතිනන්-ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ලයන්ස්, මුඛර්ජී වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ තනතුරක් නිර්මාණය කළා.
"නමුත් ඒ තනතුරට පත්වුණේ ආචාර්ය ෆියුරර්. පූර්ණ චන්ද්‍ර පත් කළේ ඔහුගේ සහයකයා විධියටයි," භට්ටාචාර්ය පවසයි. කෙසේ වෙතත්, පසුව ආචාර්ය ෆියුරර්ගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් මුඛර්ජීට රැකියාව අහිමිවිය.
පොදු වැඩ දෙපාර්තමේන්තුව යටතේ සේවය කරමින් සිටිය දී 1886 වසරේ දී ඔහු බුන්දේල්ඛන්ද් ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් සිදු කළේ ය. කපිලවස්තු පුරය සොයා ගැනීමට පෙර පූර්ණ චන්ද්‍ර විසින් මෞර්ය යුගයේ නටබුන් සහ බෞද්ධ විහාරස්ථාන, අශෝක ස්ථම්භයේ කොටස් සහ වර්තමානයේ පැට්නා ලෙස හැඳින්වෙන පාඨලීපුත්‍රයෙහි බිම් මට්ටමෙන් අඩි 12ක් යටින් පිහිටි බෞද්ධ ආරාම නටබුන්, සහ සන්දල්පූර්, බන්කිපූර්, බුලන්ඩ්බාග් සහ නබරතන්පූර් ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සිදුකළේ ය.
ඔහුගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඉන්දියානු පුරාවස්තු සඟරාවේ 1902 නොවැම්බර්-දෙසැම්බර් සහ 1903 ජනවාරි මාසවල පළ විය. ඊට පෙර, 1896 වසරේ දී සහ දෙවන වරට 1903 වසරේ දී ඔහු කල්කටා කෞතුකාගාරයේ පුරාවිද්‍යා අංශයේ වගකීම භාර ගත්තේ ය.
පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ බෙංගාලි ලිපි දෙකෙන් එකක් මෙම කොල්කටා කෞතුකාගාරය ගැන වන අතර එය දැන් ඉන්දියානු කෞතුකාගාරය ලෙස හැඳින්වේ. එම ලිපිය පුවත්පතක පළ විය. එය 'Calcutta Antiquities' (කල්කටා පුරාවස්තු) නමින් හැඳින් විය.
පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ අනෙක් බෙංගාලි ලියවිල්ල වන්නේ ‘වීරකාව්‍ය’ ය. එහි කොටසක් පමණක් 1875 වසරේ දී මුද්‍රණය කෙරිණි. 1903 අගෝස්තු 4 වන දා, වයස අවුරුදු 53 දී, පූර්ණ චන්ද්‍ර මුඛර්ජී පනිහාටිහි පිහිටි ඔහුගේ නිවස, එනම්, 'කපිලවස්තු භවන්'හි දී ලේ අතීසාරයෙන් මියගියේය.
බී.බී.සී. විශේෂාංගයක් ඇසුරෙනි
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-82434555497361412212024-01-15T21:27:00.007+05:302024-01-15T21:32:55.179+05:30පොත්වලට වසන්තය උදා කළ ප්‍රේම්ගේ විස්මිත අතීත විත්ති
අගනුවර තුළ පිහිටි ගම් අතරින් මගේ සිත් තදින් ඇද ගත් ගම්මානයක් වෙයි. ඒ තලංගමයි. තලංගම මට සුවිශේෂී වූයේ මගේ යුගයේ පත්රකලාවේදීන් තිදෙනකු ම ඒ නම තම නමට ඈඳා ගැනීමයි. ඒ, තලංගම ප්‍රේමදාස, තලංගම ප්‍රේමරත්න හා තලංගම ජයසිංහ ය. ඒ අතරින් තලන්ගම ජයසිංහ මා සමඟ ලේක්හවුසියේ වසර ගණනාවක් එකට සේවය කළේය. ඔහු චිත්රශිල්පියකු ලෙසට සේවයට බැඳුණ ද නිර්මාණශීලී කවියකු, උපහාස රචකයකු, කාටූන් ශිල්පියකු, චිත්‍රකතාකරුවකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පෑ අයෙකි. තලංගම ප්‍රේමදාස පුවත්පත්වලට නිරතුරුව ලිපි සැපයූ අයෙකි. ඔහු, පත්තරවල පිටු සම්පාදනය කළ අප වැනි උප කතුවරුන්ට නැතිව ම බැරි අයකු විය. අප සම්පාදනය කළ පිටුව ළමයින් සඳහා ද කාන්තාවන් සඳහා ද වෙනත් පාඨක පිරිසක් ඉලක්ක කර ගත් එකක් ද යන්න ඔහුට ප්‍රශ්නයක් නො වීය. ඒ හැම එකකට ම සුදුසු ලිපි ඔහු අතින් ලියැවුණේය. මේ තලංගමයන් තුන් දෙනාගෙන් වඩාත් කඩවසම් තරුණයා වූ ‘තලංගම ප්‍රේමරත්න’ අනෙක් දෙදෙනාගේ ම දස්කම් පමණක් නොව අනේක විධ දස්කම් කැටි කොට ගත් සුවිශේෂී පුද්ගලයකු විය; සැබෑ ලෝකයේ මැජික්කරුවකු විය. මැවුම්කරුවා තමා දෙස බලාගෙන ඔහු මැව්වා දෝයි සිතෙන තරමට ඔහුගේ ජීවන අන්දරය විස්මිත ය; රසවත් ය. ස්වයංලිඛිත චරිතාපදානයක් නිසා එහි ලේඛකයාත් ඔහුය. එය දැන් ‘ප්‍රේම පුරාණය’ නමින් නිකුත් කර තිබේ. අද අප ඔහු හඳුනන්නේ ප්‍රේම් දිසානායක ලෙසයි. ඔහුගේ සැබෑ නම ප්‍රේමරත්න දිසානායකයි.
“සීතාවක රාජසිංහ රාජ සමයේ ඉතිහාසයේ අමරණීය මතක සටහන් තැබූ මුල්ලේරියාව මගේ උපන් ගමයි. නිලට නිලේ දිලෙන කුඹුරු යායවල්, සරුසාර කෙත්වතු, භවභෝග සපිරි එළවළු කොටු, සතා සීපාවන් නිබඳ සැරිසරන ලද දෙනිපෙත්, සිහිලැල් දිය පිරි ඇළදොළ, ළිං පොකුණු ආදියෙන් විසිතුරු වූ මෙම ගම්මානය කොළඹ සිට සැතැපුම් දහයක් පමණ දුරින් පිහිටියේය. මගේ කුඩා අවධියත්, ළමා අවධියත්, ගෙවුණේ මේ සුන්දර සම්මානයේ ගහ කොළ, ඇළදොළ, සතා සීපාවුන්, කුරුලු කෙවිලියන් සමග නිරන්තරව ඇසුරු කෙරුණු අතිශය චමත්කාරජනක අත්දැකීම් සමුදායක් ඔස්සේය.
“මේ ගමේ මා උපන් නිවස පිහිටියේ මුල්ලේරියාවේ උඩුමුල්ල නම් ප්‍රදේශයේ මහ පාර අද්දර වූ තරමක කඳු ගැටයක් මතය.” කියමින් ප්‍රේම් සිය ප්‍රේම පුරාණය අපට කියන්නට පටන් ගන්නේ එහෙමය. දැන් මේ ප්‍රදේශයේ ජීවත්වන කෙනෙකුට ඒ සුන්දරත්වය විඳගන්න සිද්ධවෙන්නේ ප්‍රේම්ගේ මේ පොතෙන් ම විතරය. මක්නිසා ද යත් දැන් ඒ ගැමි සුන්දරත්වය මුළුමනින්ම අහෝසි වී අද මේ මුළු ප්‍රදේශයම පූර්ණ නාගරීකරණයට ලක්වී ඇති බැවිනි.
විවේක ඇති විටෙක ප්‍රේම්ගෙන් ඔහුගේ අතීත අත්දැකීමක් අසන්නට ලැබුණු සැම කෙනකුගේ එකම ඉල්ලීම වී ඇත්තේ ඒවා පොතකට ගොනු කරන ලෙසය. ඒත් ඒ ගැන තැකීමක් නොකළ ප්‍රේම් ඒ සඳහා යොමු වූයේ විවෘත හදවත් සැත්කමකට පසුව වෛද්‍යවරුන් බලෙන් දෙමසක් ඔහුව විවේක ගැන්වූ නිසාය. ඔහු කියන්නේ ඔහුගේ කාන්සිය මඟ හරවා ගන්නට මේ පොත ලියූ බවයි. ඔහු ලියන්නේ පාඨක අපේ කාන්සිිය මකන්නටයි.
සාහිත්‍යයට හා පොත්වලට වසන්තය උදා කළ ප්‍රේම්
2023 ආත්මචරිත කථා වැඩි ම ගණනක් පළ වූ වසර ලෙස දැක්විය හැකිය. ඒවා අතරින් ප්‍රේම්ගේ මේ කතාව කැපී පෙනෙන්නක් බැව් කිවයුතුය. සහජයෙන්ම ඔහු වෙත ලැබී ඇති කුසලතා ගණනාවක පිහිටෙන් එක හුස්මට කියවාගෙන යා හැකි, රසවත් ආත්ම චරිත කතාවක් ඉදිරිපත් කිරීමට හැකියාව ඔහුට ලැබී ඇත. ඔහු සිය අත්දැකීම් ඉදිරිපත් කර ඇත්තේ පහත සඳහන් මාතෘකා යටතේ ය.
“ජාත භූමි, පීතු පාදං නමාමි, මාතු පාදං නමාමි, ගමෙන් සිදාදියට, බිස්නස් පිස්සුව, කෙක්කෙන් බැරි නං කොක්කෙන්, කරණම් ඉරණම, ඇත්තෙන් අත්තට, නන්නත්තාර ජීවිතේ...., මින්දද හී සර, ඉන්න හිතෙන තැනක්, නම රැන්දූ කැසට්, ජය මංගලම්, ගීතාජලී, පත්තර පිස්සුව, දිවි මගින් මහමගට, ජනප්‍රිය සංස්කෘතිය, විජය ගුණ සුවඳ, කලා හිතවතා කළා, දැලි පිහියෙන් කිරි කෑවෙමි, සීරෝ මයිනස්, කොකා ගස්සන්නට පෙර, අසේව නාච බාලානං, දෙයියො බැලුවා, ෆාස්ට් ඇඩ්ස්, ඉවුරු අතර හුදෙකලා වූ සිනමාව, ‘කොලම’ට කෙළවීම, හතර වැනි තට්ටුවේ හතරවරං, ලොතරැයි වාසනා, මහසෝන් මහ ලේන්නු, බකට් සෙකට්‍රි, අලුත්ම පෝස්ටර් සාස්තරේ, ඉහිරුණු කිරි හරි පාරට ගත් පැරී, තමන්ගේ ම නිවහනකට, සුරස උපත, සුරස සයුරෙන් එතෙරට, ලිව්වා ගැහුවා කලාව, එදිරිවාදුකම් මැද දිරියෙන් ඉදිරියට හා අතීත ආවර්ජනා” යනුවෙන් පරිච්ඡේදවලට කඩා ඇති ඒවායේ නම් තබා ඇති ආකාරයත් අපූරුය. ඒවා යටි අරුත්වලින්, අනුප්‍රාසයෙන්, අනූනය. ඇත්ත පත්තරයෙන් පටන් ගෙන ලංකාවේ සියලු ම පුවත්පත් හරහා ඔහු ගිය ගමනින් ලද පන්නරය ඒ සිරස්තලවලින් ම ඉස්මතු වෙයි.
ජීවත්වීම යනු ජීවිතයේ ඉදිරියට එන අභියෝගවලට මුහුණ දීමය. එය තම ජීවන පරිසරය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඒත් ප්‍රේම්ගේ කතාව ඒ හැමට ම වඩා වෙනස්ය. ඔහු අභියෝග හදාගෙන ඒවාට මුහුණ දෙයි. රැකියාවක් සොයා යන ඔහුට කරන්නට ලැබෙන්නේ ඉන්පෙර කිසිදාක නොකළ, අඩු තරමින් අත් උදවු දීමක්වත් නොකළ, දෙයක් කරන්නටය. ඒ නිසා කිසිදා නුදුටු අලුත් යමක් ඔහු අතින් බිහි වෙයි. ඒ නිසා ම ඔහුගේ මේ කතාවල අමුතු මිහිරක් ඇත.
මෙම කෘතියෙහි චරිත කථාවකට වැඩි යමක් ඇතැයි ආචාර්ය සරත් අමුණුගම කියයි. ඔහු ප්‍රේම්ගේ මේ පොතට පසුවදනක් සපයමින් මෙසේ පවසයි:
“යම් යුගයක ඉතිහාසය පිළිබඳව අපට දැන ගත හැක්කේ ඉතිහාස පොත්වලින් පමණක් නොවේ. ඉතිහාස පොත්වලත් ඇත්තේ ප්‍රබන්ධ හෙවත් කතුවරයාට අභිමත කතා බව නූතන විචාරකයින් පෙන්වා දී තිබේ. ඒ නයින් බලන කල ජීවිත කතා ද එකී යුගය නිරූපණය කිරීමට අපට වටිනා පිටුවහලක් සපයයි.
“ප්‍රේම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රඟ දැක්වූ චරිතයකි. මේ කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට්‍යය, පුවත්පත්, සඟරා හා පොත් ප්රකාශනය දියුණු කිරිමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක්ෂේත්රයකට ම ඔහුගේ කලාත්මක හා සාහිත්‍ය දැනුම ප්‍රයෝගිකව මැදිහත් කළේය. කලක් ඔහු සමග ළඟින් ඇසුරු කළ කෙනෙක් හැටියට එකී හැකියාවන් මම හොඳින් දනිමි.”
ආචාර්ය සරත් අමුණුගමගේ මේ අදහස් දැක්වීම මා සියයට සියයක් අනුමත කරන්නේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සේවය කරද්දී, රාජ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව, මහාචාර්ය සමන්ත හේරත් ඇතුළු අප කීපදෙනකු විසින් සංස්කරණය කරන ලද ‘සාහිත්‍යය’ වාර්ෂිකය ඇතුළු මුද්‍රණ කටයුතුවලට මුද්රණශිල්පියා වෙමින් ප්‍රේම් ලබා දුන් විශිෂ්ට සහයෝගය මා හොඳින්ම දන්නා නිසාය. ඔහු අපට මුද්‍රණ ශිල්පියා පමණක් නො වීය. අපේ අවශ්‍යතා විමසා බලා, ඔහු ඒවා සැලසුම් කර, චිත්‍ර සනිදර්ශන පිළියෙල කිරීමේ සිට ලේඛකයන්ගේ පින්තූර හා අවශ්‍ය විස්තර සපයා දීම, ලිපි සැකසීම, පිටු සැලසුම ආදියේ සිට සෝදුපත් බැලීම දක්වා හැම දෙයකටමත්, මුද්‍රණයේ දී තත්ව පාලනයටත්, පුද්ගලිකව මැදිහත් විය. ප්‍රසම්පාදන කටයුත්තේ දී මුද්‍රණ කාර්යය වෙනත් අයකු වෙත ගියත්, කවරය, ඇරයුම් පත් ආදිය සැලසුම් කිරීමට නොමසුරුව සහය විය; රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල සාර්ථකව නිම කර ගන්නට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නොලබා ඔහු අපට සහය විය.
ඒ කාලය තුළ නිතර ඔහු හමුවීමට ගිය මට, මගේ පුවත්පත් ජීවිතය තුළ හමු වූ ලේඛකයන් බොහෝ දෙනකු යළි මුණ ගැසීමට අවස්ථාව සැලසුණේය. ඒ වන විට ඔහු පොත් ප්රකාශනයට අත ගසා තිබුණේ ය. ‘සුරස’ පොත් වශයෙන් දොරට ආ ඔහුගේ පොත් නිසා පොත් ප්රකාශනයෙහි විශාල පෙරළියක් සිදු විය. පොතේ මුහුණුවර වෙනස් විය. හරවත්, ගුණවත්, නිර්මාණ පළ විය. වෙනදා නොතිබුණු වටිනාකමක් පොත්වලට එකතු විය. නිර්මාණශීලී කවර බිහි විය. වෙනදා කුමක් හෝ කවරයක් දමා පොත් පළ කරන ප්‍රකට ප්‍රකාශකයෝ පවා කවරය වඩාත් අරුත්බර, ආකර්ෂණීය ලෙසින් නිම කරන්නට පෙලඹුණහ.
රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සේවය කළ කාලය තුළ වසරේ සෑම පොතක් ම පරීක්ෂාවට ලක් කළ මට ප්‍රේම්ගේ ප්රවේශයත් සමග මෙරට පළ කළ පොත්වල සාධනීය වෙනසක් අත්දැකීමට ලැබුණු බව පැහැදිලිව ම පෙනී ගියේය.
‘ප්‍රේම පුරාණයෙ’හි දැක්වෙන පරිදි ප්‍රේම්ගේ ජීවිතයේ ඔහු ලද අත්දැකීම් වැඩි හරියක් අපේ කලාත්මක හා නිර්මාණාත්මක ලෝකය හරහා ලබා ගත් ඒවාය. තමා කිසිදාක දැන නොසිටි නිර්මාණ කිරීමේ අභියෝගවලට ඔහු පළමුවරට මුහුණ දුන් හැටි එක් අතකින් විස්මයජනක ය. ඔහුගේ ජීවන ගමන වැටී තිබුණේ ඇත්ත පත්තරයෙන් පටන් ගෙන දවස, ටයිම්ස්, ලේක්හවුස් ඇතුළු සියලු පුවත්පත් ආයතන හරහාය. එපමණක් නොව එය නාමපුවරු පින්තාරුවේ සිට, ලොරි බොඩි පින්තාරුව, බිල්බෝඩ් ඇඳීමේ පටන් කැසට් කවර නිර්මාණය දක්වාත්, බතික් චිත්‍ර නිර්මාණය දක්වා විහිදී යන්නකි. එසේ ම චිත්‍රපට පෝස්ටර් කලාවේ සිට සිනමා පත්තර කලාව දක්වාත් විහිද යන්නකි. ඒ එක තැනකදීවත් ඔහු සිත එක තැනක රැඳුණේ නැත. මේ ගමනේ දී ඔහු ‘මිතුරකු’ කළ සතුරුකමක් නිසා සිය තීර්ථ චාරිකාව අවසන් කරන්නට කරුණු යෙදුණත් වාසනාවකට එයත් වැළකී යයි.
බතික් ලෝකයේ දී ඔහු පෙරළි රැසකට අත ගැසුවේ ය. එතෙක් තිබූ දළ වර්ණ පැල්ලම් සහිත බතික් චිත්‍ර ශෛලිය වෙනුවට සියුම් රේඛාවලින් දේශීය ඌරුවට යුත් චිත්‍ර රටා සහිත බතික් කලාවක් ඔහු අතින් බිහි විය. ඒ කාලයේ බතික් ලෝකයේ රජා ලෙස සලකනු ලැබූ ආට් එක්ස්පෝට් අධිපති විපුල ධර්මවර්ධනගේ සිහිනයක් සැබෑ කරමින් මහනුවර දළදා පෙරහරේ දළදා කරඬුව ගෙන යන රාජා හස්තියාට උඩරට පැරණි චිත්‍ර සම්ප්රදාය යොදා ගනිමින් විශේෂ ඇඟලුමක් නිර්මාණය කළේය. එසේ ම ඔහු අගනුවර අලුතින් ඉදි වූ ඔබරෝයි, ඉන්ටර්කොන්ටිනන්ටල් වැනි හෝටලවල ආලින්දය සරසන්නට, තට්ටු කීපයක් උසට, එල්ලා වැටෙන අති දැවැන්ත බතික් සැරසිලි නිර්මාණය කළේය. විපුල ළඟ සේවය කරද්දී ඔහු තවත් පෙරළියක් කළේ ය. ඒ ලෝකයේ කීර්තිමත් අගමැතිවරියන් දෙපළකට බතික් මෝස්තරයේ සාරි හඳුන්වා දුන්නේය. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඔසරියත්, ඉන්දිරා ගාන්ධි මැතිනියගේ සාරියත් ප්‍රේම්ගේ නිර්මාණ විය.
ප්‍රේම්ගේ විස්මිත ජීවිත විත්ති ගේන ‘ප්‍රේම පුරාණය’
‘ප්‍රේම පුරාණයේ’ එන ‘නම රැන්දූ කැසට්’ පරිච්ඡේදයේ එක් තැනක ඔහු විජය රාමනායකත් සමග පළමුවරට මෙරටට කැසට් පටය හඳුන්වා දීමට ගත් උත්සාහයේ දී ලත් අත්දැකීමක් ගැන මෙසේ සඳහන් කරයි:
“දිනක් විජය රාමනායකත්, මමත් තරංගා සේවකයකු වූ මහින්ද සමරකෝනුත් දිවා ආහාරය ගැනීම සඳහා කොළඹ කොටුවේ පිහිටි අපට පුරුදු අවන්හලක් වෙත යමින් සිටියෙමු.....අවන්හල පිහිටා තිබූ මාවත කරා ඇවිදිමින් සිටියදී, පළමුවැනි හරස් වීදියේ, ඉසුරුගිරි හෝටලයේ සුළු ව්‍යාපාරයක් කර ගෙන යමින් සිටි විජයගේ හිතවතකු සමඟ වචනයක් කතා කර යෑම පිණිස මඳකට නතර වීමු. කුඩා වීදුරු ෂෝකේස් එකක් තබාගෙන සිය ව්‍යාපාරික කටයුතුවල යෙදුණු ඒ පුද්ගලයාගේ නම සෝමපාල ගුණසේකරය. ඔහුගේ ව්‍යාපාරය වූයේ ඔරලෝසු කාර්මික වැඩ සහ උල්පත් පෑන්වල ඉතා සියුම් ලෙස නම් සටහන් කිරීමය. උල්පත් පෑන්වල තම නම කොටා ගැනීම ඒ දිනවල ජනප්‍රිය සිරිතක් විය. පෑනක නමක් කෙටීම සඳහා රුපියල් 2.50ක් අය කෙරිණ.
“සෝමපාලත් සමඟ වචනයක් දොඩන්නට එතැන මඳක් නතර වූ විජය, ඒ අවස්ථාවේ තමන් ළඟ තිබූ අලුතෙන්ම නිකුත් වූ කැසට්පට පහක්, සෝමපාලගේ පෑන් සහ ඔරලෝසු අසුරා තිබූ කුඩා වීදුරු ෂෝකේසයේ පැත්තකට රිංගෙව්වේය. මොහිදීන් බෙග්ගේ පැරණි ජනප්‍රිය ගීත - ලතා වල්පොල යුවළ ගැයූ පැරණි යුග ගී ඇතුළත් තරංගා නව නිෂ්පාදන කැසට් පහක් ඊට අයත් වූයේය. සුළු ව්‍යාපාරිකයකුගේ කුඩා වීදුරු කූඩුවකට බලෙන් කැසට් රිංගවූ අපි, දිවා ආහාරය සඳහා පිටත් වීමු.
“දිවා ආහාරය රැගෙන ආපසු එමින් සිටි අප තිදෙන නිකමට වාගේ ඉසුරුගිරියට ගොඩ වීමු. සෝමපාල දුවගෙන විත් විජය බදා ගත්තේය.
“ ‘බඩු ඔක්කොම ගියා රාමනායක මහත්තයා, මට එක කෑල්ලකින් 25 ගානේ කෑලි 125ක් දැන් ම එවන්න.’ සෝමපාල සතුටෙන් ඉපිලෙමින් පැවසීය. වහා ක්‍රියාත්මක වූ විජය කඩිනමින් කැසට් 125ක් ඉසුරුගිරියට යැවීය.
“දිනකට දහස් ගණනින් සෙනඟ එහා මෙහා යන ජනාකීර්ණ ස්ථානයක පිහිටි සෝමපාල ගුණසේකරගේ පුංචි කඩ කෑල්ලේ එතැන් පටන් කැසට්පට අලෙවි වූයේ උණු කැවුම් පරිද්දෙනි. ඉන් අනතුරුව ‘ප්‍රියංකා රෙකෝඩ් බාර්’ නමින් නව ව්‍යාපාරයක් ඇරඹුණු අතර, රු. 2.50ට පෑන්වල නම් කෙටීම අත්හැර සිය ව්‍යාපාරය මුළුමනින් ම කැසට් අලෙවිය සඳහා වෙන් කරන්නට සෝමපාලට සිදු වූයේය.
ප්‍රේම් සොයා එන අනුග්රාහකයන් බොහෝ විට යමක් ඉටු කරවා ගන්නට එන්නේ විසඳීමට ගැටලුවකුත් කර පින්නා ගෙන ය. වැඩේ කර දෙන්නට කලින් ප්‍රේම්ට ගැටලුව විසඳන්නට සිදු වෙයි. වරක් අපූරු ගැටලුවක් අරන් මර්වින් සිල්වා ප්‍රේම් සොයා ආවේය.
“මචෝ මට හරි අලකලංචියක් වෙලා තියෙනවා. මං මේ සැරේ දකුණෙන් ඡන්දෙ ඉල්ලනවා. ඉතින් මං මගේ ෆොටෝ එකක් දාලා පෝස්ටරයක් ගහලා ඇලෙව්වා. උදේ බලනකොට ඒ හැම පෝස්ටරේකම මගේ මූණට මේ යක්කු බුලත් කෙළ ගහලා, ජරා කරලා. එහෙම කරන්න බැරිවෙන්න හොඳ පෝස්ටරයක් ගහලා දෙන්නකෝ! කොහොම හරි මාව ගොඩදාලා දෙන්නකෝ!” මර්වින් සිල්වා කියා ගෙන ගියේය.
මර්වින්ගේ ඒ කතාවට ප්‍රේම්ට හිනා ගියේය. “මිනිස්සුන්ට ඔය මූණ දැක්කම එහෙම කරන්න හිතෙනව ඇති. ඒකට අපි මොකද කරන්නේ?” ප්‍රේම් හිනාවෙමින් කීවේය.
“එහෙම කියන්න එපා! මට මේකට මොනව හරි කරලා දෙන්න. බෑ කියන්න එපා!” මර්වින් බැගෑපත් විය.
“හරි ගිහින් සඳුදාට එන්නකෝ, මං මොනව හරි කරලා දෙන්න බලන්නම්” ප්‍රේම් කීවෙන් මර්වින් හිත හදා ගෙන යන්නට ගියේය.
මර්වින් කී වෙලාවට ම ආවේ ය. සූදානම් කර තිබූ පෝස්ටර් පාර්සලය රැගෙන මුව නොසෑහෙන්න ස්තුති කරමින් යන්ට ගියේ ය. අඩුතරමින් ඔහු පාර්සලය විවර කර බලන්නවත් නැවතුණේ නැත.
දින දෙක තුනකින් ම ඔහු කතා කළේය. “මචෝ වැඩේ හරි! එක කෙළ බිඳක් ගහලා නෑ. පෝස්ටරේ කිරි පාටට බැබැලෙනවා. මට උඹට ස්තුති කරන්න වචන නෑ.”යි කීවේ ය.
“ ඒක එහෙම තමයි. උඹේ මූණට කෙළ ගැහුවට, කිරි වෙහෙරට අගෞරව කරන්න තරම් දකුණෙ මිනිස්සු මෝඩ නෑ.” යී ප්‍රේම් පෙරළා කීවේය. පෝස්ටරයේ පසුබිමට කිරි වෙහෙරේ ඡායාරූපයක් යොදා ඇති බව මර්වින්ට මතක් වුණේ ඉන්පසුවය.
පොත් කවරවල විතරක් නොවෙයි, පොත්වලත් ගුණාත්මක වෙනසක් ඇති කළා
බොහෝ කලක් තිස්සේ සිංදු පොත් පළ කරමින් සිටි ‘මල්පියලි’ අධිපති ඇ. ලයනල් සිල්වාට පොත් කවර සකස් කර දුන්නේ ප්‍රේම් හා පෑලියගොඩ දයානන්ද යන දෙදෙනා ය. හිතවත්කම් වැඩි දියුණු වූ පසු ප්‍රේම් වෙනස් ආකාරයේ පොත් දෙකක් ලියා දී එවැනි පොත් පළ කරන්නැයි ලයනල් සිල්වාට උපදෙසක් දුන්නේ ය. ‘අපේ ජාතික කොඩිය හා අපේ ජාතික ගීය’ නම් ඒ පොත් දෙක මල්පියලි ප්‍රකාශන ලෙස පළ කරනු ලැබුවේ ‘ප්‍රේම් දිසානායක’ යන අන්වර්ථ නාමයෙනි. ඒ මල්පියලි පොත් එතෙක් නොවූ විරූ විශාල අලෙවියක් වාර්තා කළේය. ඇ. ලයනල් සිල්වා එවැනි පොත් තවත් ලියන්නැයි ඇවිටිලි කළ ද ප්‍රේම්ට ඒ සඳහා විවේකයක් ලැබුණේ නැත.
ඒත් ප්‍රකාශකයා කලින් දැනුම පොත්වලින් ජනප්‍රිය වූ ‘ප්‍රේම් දිසානායක’ යන නමින් වෙනත් අය ලියූ තවත් පොත් කීපයක් පළ කරමින් සිංදු පොත්වලින් බැහැරව දැනුම ප්රකාශනයට පිවිසුණේ ය. ඒ ‘ප්‍රේම් දිසානායක’ත් මේ සුරස ප්‍රකාශක ප්‍රේම් දිසානායකත් එක් අයකු බව දන්නේ ඉතා ටික දෙනෙකි. අද ප්‍රේම් ඒ නමින් පොත් ප්රකාශනයට පිවිස සිටියි.
වසර දසක ගණනාවක් තිස්සේ ප්‍රේම් සිය දිවියේ ප්‍රධාන කාර්යය කුමක් දැයි සොයා දිගු ගමනක් ගියේ ය. ඒ ගමනේ දී ඔහු මුහුණ දුන් අත්දැකීම්වලින් ලද පන්නරය අනුව තම අනුග්‍රාහකයන්ට හැකිතාක් ඉක්මනින් සිය සේවය ලබා දීම ඔහු සිය අරමුණ කර ගත්තේ ය. ඒ අනුව ෆාස්ට් ඇඩ්ස් ආරම්භ කළේ ය. සිය සේවය ඉක්මනින් හා කලාත්මකව කර දුන් ඔහුට ඒවා ඉක්මනින් මුද්‍රණය කර දීමේ අවශ්‍යතාව පෙනී ගියේ ය. ෆාස්ට් ප්‍රින්ටරි පටන් ගත්තේ ඒ අනුවය. ඔහු අවසානයේ දී තමන්ගේ ම ග්රන්ථ ප්‍රකාශන ආයතනයක් හා පොත් අලෙවි ජාලයක් පිහිටු වීම තම එකම අරමුණ කර ගත්තේ ය. ඒ අනුව 2002 දී ෆාස්ට් පබ්ලිෂිං නමින් සිය ග්රන්ථ ප්‍රකාශන ආයතනය ඇරඹීය. එහි පොත් නිකුත් වූයේ ‘සුරස’ යන වෙළෙඳ නාමය යටතේ ය. මංගල පොත් දොරට වැඩුමට පොත් 50ක් ඇතුළත් විය. ඊළඟට සුරස පොත් අළෙවිය සඳහා සුරස පොත් හල ආරම්භ කරනු ලැබීය.
රාජ්‍ය සම්මාන, ස්වර්ණ සම්මාන, රජත පුස්තක සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන සහ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන යන දිවයිනේ පැවැත්වෙන සියලුම සම්මාන උත්සවවලින් ‘සුරස’ පොත් සඳහා විශේෂ සම්මාන රැසක් හිමි වී තිබේ. මෙයට අමතරව, හොඳම පිටකවර නිර්මාණය, හොඳම පිටු සැලසුම, හොඳම නිමාවෙන් යුත් ග්‍රන්ථය යනාදී වශයෙන් විවිධ සම්මාන ඒ අතර වෙයි.
ෆාස්ට් පබ්ලිෂං දැන් ජාත්‍යන්තරයටත් ගොසිනි. එහි සුරස ප්‍රකාශන කීපයක් ජපානයේදී හා චීනයේ දී එළි දැක්විණ. එසේ ම ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන සමග ග්රන්ථ ප්රකාශනය සඳහා අවබෝධතා ගිවිසුම් ද අත්සන් කෙරිණ. මුලින් ම චීනය සමගයි.
ලොව පුරා ප්‍රකට ග්රන්ථ ප්‍රකාශක ආයතන හැම එකක් ම වාගේ පොත් තේරීමට, අඩුපාඩු සොයා බලා නිවැරදි කිරීමට, කර්තෘවරුන්ට උපදෙස් දීමට, ග්‍රන්ථකරණ ප්‍රමිතිය පවත්වා ගෙන යාමට, ප්‍රධාන සංස්කාරක වරයකුගේ සේවය ලබා ගනියි. ලංකාවේ එවැනි පුරුද්දක් නැති නිසා ග්රන්ථ ප්රකාශනයෙහි නිසි ප්‍රමිතියක් නැත. ප්‍රේම් කියන්නේ මෙහි දැන් ඇත්තේ ‘ලිව්වා ගැහුවා’ කලාවකි. කර්තෘවරයා ගෙන එන ඕනෑම එකක් මුද්‍රණය කිරීම ඒ ක්‍රමයයි. ප්‍රේම් එසේ කරන්නේ නැත. ඔහු ප්‍රකාශකගේ කාර්යය විතරක් නොව, සංස්කාරකගේ කාර්යයත්, එතැනින් එහාට ග්‍රන්ථයේ මුද්‍රණ තත්ව පාලකගේ කාර්යයත් ඔහු ම ඉටු කරයි. මුද්‍රණයට බාර ගන්නට පෙර පොතෙහි සත්යයායනය ද, විමසා බලයි; ලියන අයගේ තරාතිරම නොසලකයි. හැම විට ම නිවැරදි බස් වහරින් යුතු අරුත්බර පොතක්, අලංකාර මුද්‍රණයක් පාඨකයාට ලබා දීම ඔහුගේ අරමුණයි.
ප්‍රේම්ගේ රාජකාරි නිවහන කලාකරුවන්ගේ, සාහිත්‍යධරයන්ගේ, කෙම් බිමයි. මරදානට ආවොත් ප්‍රේම් හා කතාබහ කොට යාම ඒ වැඩිදෙනාගේ සිරිතය. ඒ හැමදෙනා ම මමත් හඳුනමි. ඒ හැම දෙනා ම කියන්නේ “අපේ ප්‍රේම් හමුවන්න ආවා” කියාය. ඔහු හමු වී, ඔහුගේ සිනා රැල්ලට හසු වී, වචනයක් දොඩා යාම ඔවුන්ගේ විඩාව සන්සිඳුවන ඔසුවක් වැන්න. මට මෙතෙක් හමු වූ වැඩ කිරීමෙන් විඩාවට පත් නොවන මිනිසා ඔහුයි. කෙතරම් අවිවේකීව සිටියත් ඔහු තමන් හමුවට එන කලාකරුවන් සමඟ වචනයක් හා නොදොඩා යන්නට හරින්නේ නැත. ප්‍රේම් තෝරාගෙන ඇති වෘත්තිය, ලෝකයේ ඇති විශිෂ්ටතම රැකියාවයි. අද අප මුහුණපා ඇති ආර්ථික අර්බුදය ඉක්මනින් පහව ගොස්, අපේ පරම්පරාවටත්, අනාගත පරම්පරාවලටත්, එකසේ ප්‍රයෝජනවත් වන ඔහුගේ ප්‍රකාශන කටයුතු සඳහා සුදුසු වාතාරණයක් යළි උදාවේවායි ඉත සිතින් පතමි.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com1tag:blogger.com,1999:blog-2647493662865092414.post-45947071354383092012024-01-03T23:15:00.001+05:302024-01-03T23:15:24.778+05:30නව වසර මුලින් ම පිළිගන්න විස්මිත රට කිරිබස් මෙන්න!
තවත් නව වසරක් උදා විය. සෑම විටම, නව වසර පළමුවෙන් ම පිළි ගන්නේ ලෝකයේ තියෙන පුංචි, ඒ වගේ ම විස්මිත රටක්. ඒ තමා ‘කිරිබස්’ ජනරජය. උදා වන නව වසර පිළිගැනීමට වාසනාව හිමි කර ගත්තේ ඒ කිරිබස් ජනරජයයි; එහි ජීවත්වන ජනතාවයි. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර් 31 වැනිදා 3.30 වන විට ලොව අනික් කිසිම රටකට වඩා ඉදිරියෙන් ඉන්නේ ‘කිරිබස්’ ජනරජයයි. එසේ වන්නේ මුලින්ම හිරු උදාව සිදුවන්නේ ‘කිරිබස්’ ජන රජයට වීම නිසාය. ‘කිරිබස්’ යනු මධ්‍යම ඝර්ම කලාපීය, පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් සමූහයකි. සමකය හෙවත් නිරක්ෂ රේඛාව තවත් විධියකින් කීවොත් දේශාංශක බින්දුවේ රේඛාව වැටී ඇත්තේ මේ දූපත් සමූහය මැදිනි. එපමණක් නොවෙයි, මේ දූපත් සමූහය, පෘථිවිය බෙදන අනෙක් රේඛාව වූ අක්ෂාංක බින්දුවේ රේඛාවෙනුත් දෙකට බෙදෙයි. ඒ නිසා ‘කිරිබස්’ යනු මුළු පෘථිවි ගෝලයේ ම ඇති මේ විස්මිත තත්වය හිමි කර ගෙන ඇති එක ම රාජ්‍යයයි. මෙවන් රාජ්‍යයක් ලෝකයේ තවත් කොහේවත් ඇත්තේ ම නැත.
‘කිරිබස්’ ජනරජයට අයත් කුඩා දූපත් රැසක් පැසිපික් සාගරයේ වර්ග කිලෝ මීටර් මිලියන 3.5 ක් පුරා විසිරී පවතී. කලින් ගිල්බට් දූපත් ලෙස හඳුන්වනු ලැබූ මෙය කොරල්පරවලින් සමන්විත කුඩා දූපත් 32 ක් සහ බනාබා නමින් හැඳින්වෙන, පසුව මතු වූ එක් කොරල් දූපතක් ද ඊට ඇතුළත් වෙයි. අතීතයේදී ‘කිරිබස්’ බ්‍රිතාන්‍යයට අයත් ජනපදයක් වූ නිසා එරට වැසියන්ගේ නිල භාෂාව ඉංග්‍රීසි ය. දේශීය භාෂාව ගිල්බටීස් ය. පසුව එහි ඇතැම් දූපත් ඇමරිකා එක්සත් ජනපදය සතුවිය. 1979 දී ‘කිරිබස්’ දූපත් එක්සත් ජනපදයෙන් හා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ ය. අද එය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ‘කිරිබස්’ අද පොදු රාජ්‍ය මණ්ඩලයේ පමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රාජ්‍යයකි. ‘කිරිබස්’ ජනරජය 1999 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමිකර ගත්තේය. ලෝකයේ ළාබාලතම ස්වෛරී රාජ්‍යයන්ගෙන් එකක් ලෙස ද ‘කිරිබති’ ජනරජය හැඳින්විය හැකිය.
2020 සංගණනයට අනුව කිරිබස් ජනරජයේ ජනගනය 119,000 කි. ලෝක බැංකුවේ වාර්තා අනුව 2021 ජනගහනය 128,874කි. එයින් අඩකට වඩා ජීවත්වන්නේ එහි අගනුවර වූ තරාවා හිය. විසිර ඇති දූපත්වල මුළු භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 811.2කි. එයට අයත් සාගර ප්‍රදේශය වර්ග කිලෝමීටර් මිලියන 3.4කි. මේ කොදෙව් සමූහය වර්තමානයේ ඕෂේනියා මහාද්විපයට අයත්ය.
බොහෝ දෙනා ‘කිරිබති’ යනුවෙන් හැඳින්වුවත්, එහි වැසියන් ඔවුන්ගේ රටේ නම උච්චාරණය කරන්නේ ‘කිරිබස්’ කියාය. හේතුව, එරට වැසියන් භාවිත කරන ගිල්බර්ටීස් භාෂාවට අනුව, ‘ති’ යන්න ශබ්ද වන්නේ ‘ස්’ යනුවෙනි. එහෙයින්, කිරිබති යන වදන නිවැරදිව උච්චාරණය කරන්නේ නම්, එය ‘කිරිබති’ නොව, ‘කිරිබස්’ ය. ගිල්බර්ටීස් බසින්, නත්තල හැඳින්වෙන්නේ ‘කිරිතිමතී’ Kiritimati ලෙසය. බ්‍රිතාන්‍ය දේශ ගවේෂක ජේම්ස් කුක්, 1777 වසරේ, නත්තල් සැන්දෑවේ ‘කිරිබස්’ දූපත් සමූහයට මුල් වරට ආ නිසා මේ දූපත් නිල නොවන ලෙස තවත් නමකින් හැඳින්වෙයි. ඒ, ‘ක්‍රිස්මස් අයිලන්ඩ්’ Christmas Island යනුවෙනි. ඒත් අද ‘ක්‍රිස්මස් අයිලන්ඩ්’ Christmas Island යන නිල නාමයෙන් හැඳින්වෙන දූපත් සමූහයක් ඉන්දීය සාගරයේ ඇත. ඒ දූපත් ඔස්ට්‍රේලියාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ.
ක්‍රි.ව. 1250 තරම් ඈත කාලයේ, පොලිනීසියානු ජනයා, ‘කිරිතිමතී’, පැමිණ එහි පදිංචි වූ බව, පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වී ඇත. කෙසේ නමුත් දූපත්වල ස්ථිර ජනාවාස 1882 දක්වා ආරම්භ වූයේ නැත. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ හමුදා විසින් ‘කිරිතිමතී’ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමට සුදුසු ස්ථානයක් ලෙස භාවිත කරන ලදී. ඒ, 1950 සහ 1960 ගණන්වලය. න්‍යෂ්ටික විකිරණවලට දූපත් වැසියන් ලක් කරමින්, ඔවුන් යොදාගෙන පර්යේෂණ සිදු කරන්න විය. ඇමරිකන් සැමෝවා සහ බේකර් අයිලන්ඩ් යන දූපත් ගණනාවක් ‘කිරිබස්’ දූපත් රාජ්‍යයට බටහිර දෙසින් පිහිටා ඇත. එහෙත්, ජාත්‍යන්තර දින රේඛාවේ පිහිටීම අනුව, මෙම දූපත්වලට අවුරුදු උදාව සිදුවන්නේ, ‘කිරිබස්’ දූපත් රාජ්‍යයට අවුරුදු උදා වී පැය 24-26 කට පසුවය.
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-15289338263240018832023-12-27T23:29:00.000+05:302023-12-27T23:29:23.751+05:30ඇස් කන්නාඩියේ විස්මිත කතාව
ඇස් කන්නාඩියට උපැස් යුවළ කියා ද හැඳින්වේ. මෙයින් අදහස් කෙරෙන්නේ ඇස්වල පෙනීම නිවැරදි කිරීම සඳහා හෝ ඇස් ආරක්ෂා කිරීමට ඇස් ඉදිරියෙන් පලඳින උපකරණයකි. ඇස් කන්නාඩියකට කන්වල සහ නැහැය මත රැඳවිය හැකි ලෙස රාමුවකට සවි කළ කාච දෙකක් ඇතුළත් වෙයි. මේ හැරෙන්නට ඇස් කන්නාඩි වෙනුවට ඇසේ පෙනීම නිවැරදි කිරීමට සිවි කාච (contact lenses) ද පැලඳිය හැකිය. ඒවායේ කාච ඇස් කන්නාඩිවල කාචවලට වඩා කුඩා ය. ඒ සිවි කාච ඇස් කන්නාඩි මෙන් නොව කෙළින් ම ඇස් මතුපිට පැලඳිය හැකිය. කාච මගින් සිදුවන්නේ කිසියම් වස්තුවක් මත පතිතව පරාවර්තනය වන ආලෝක කිරණ නිසි තැනට නාභි ගත කිරීමයි. මෙහිදි කාචය මගින් ඇසෙහි ඇති දෝෂය අනුව ආලෝක කිරණ අවශ්‍ය පරිදි වෙනස් කර දෙයි. අනුවර්ණය කළ (tinted) කාච මගින් දැඩි හිරු රැසින් ඇස්වලට වන හානිය වළකයි. ආරක්ෂක ඇස් කන්නාඩි ඇසට අනතුරු සිදුවිය හැකි යැයි සැලකෙන රැකියාවල නියුතු අය විසින් පලඳිනු ලබන්නකි.
ඇස් කන්නාඩියේ උපත කවදා සිදුවී දැයි නිශ්චිතව කිව නොහැකි නමුදු චීනයේ හා ඉන්දියාවේ පමණක් නොව යුරෝපයේ ද වසර සිය ගණනකට එපිට භාවිත කළ බව පැහැදිලි ය. 1284 දී ඉතාලියේ සැල්වීනෝ ඩි’ආමේට් උපැස් යුවළක් පාවිච්චි කළ බව සඳහන් වේ. එසේ ම 1268 දී රොජර් බේකන් නම් ඉංග්‍රීසි විද්‍යාඥයා විසින් ඇස්වල පෙනීම නිවැරදි කිරීමට ඇස් කන්නාඩි භාවිත කිරීම ගැන සඳහනක් කර තිබේ. ඇස් කන්නාඩි මුලින් ම යුරෝපයට ආවේ 13 වැනි සියවසේ දීය. 1352 දී ටොම්සෝ ඩ මොඩේනා නම් චිත්‍ර ශිල්පියා විසින් ඉපැරණි සිත්තමක ඇස් කන්නාඩි දෙකක් ඇඳ තිබේ.
කන්නාඩි පලඳින දරුවෙක්
මුලින් ඇස් කන්නාඩි සඳහා කාච නිපදවනු ලැබුවේ විනිවිද පෙනෙන තිරිවානා හෙවත් දියතරිප්පු හෝ වෙරළුමිණි වැනි පාෂාණ වලිනි. ඇස් කන්නාඩිවලට ඇති ඉල්ලුම වැඩිවෙත්ම ඒවා වීදුරුවලින් තනන්නට ආරම්භ කෙරිණි. ඉතා උසස් තත්වයේ ඇස් කන්නාඩි නිපදවූ ප්‍රධාන තැන් ලෙස ප්‍රකට වූයේ ඉතාලියේ වැනීසිය හා ජර්මනියේ නියුරෙම්බර්ග් යන නගර ය. මෙසේ කාච තැනීම ආරම්භ වීමත් සමග 16 වන සියවසේ අග භාගයේ දී තනනු ලැබූ සංයුක්ත අන්වීක්ෂයක් 1608 දී දුර දක්නයක් නිපදවීමට මග පෑදී ය.
දුර හා ළඟ එක විට දැක ගත හැකි ද්විනාභි කාච මුලින් ම තනනු ලැබුවේ එකම රාමුවක් තුළ සවි කිරීමෙනි. මේ එක කාචයකින් දුර නොපෙනෙන දෝෂයත්, අනෙක් කාචයෙන් ළඟ නොපෙනෙන දෝෂයත් නිවැරදි කර ගත හැකිය. මේ ද්විනාභි කාච මුලින් ම නිපදවනු ලැබුවේ 1784 දී බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විසිනි. නිතරම කන්නාඩි මාරු කිරීම අපහසු වූ නිසා ඔහු කියවීමටත් දුර බැලීමටත් යොදන කන්නාඩි දෙකක් වෙන වෙන ම ගෙන එකට සවි කර එය නිපදවා ගත්තේ ය. ඒවා සවි වූයේ එකම රාමුවකිනි. 1884 දී එකට අලවන ලද ද්විනාභි කාචය නිපදවනු ලැබී ය. එකට බද්ධ කළ ද්විනාභි කාචය 1908 දීත් නිපදවනු ලැබී ය. එකම කාවය තුළ දැන් ත්රිනාභි කාචත්, බහුනාභි කාචත් නිපදවනු ලැබේ.
ඉපැරණි උපැස් යුවළක්
සිවි කාච මුලින් ම නිපදවන ලද්දේ 1887 ඇඩොල්ෆ් ෆික් විසිනි. මුල් කාච වීදුරුවලින් තනනු ලැබූ අතර 1938 දී ප්ලාස්ටික් කාච භාවිතයට ආවේ ය. මේ කාච ඇස් පුරා ම වැසෙන සේ තැන්පත් කරන ලද අතර ඇසෙහි වියළීම වැළැක්වීමට දියරයක් භාවිත කෙරිණ. 1940 ගණන්වල ආ කුඩා සිවි කාචය කළු ඉංගිරියාව පමණක් වැසෙන සේ භාවිත කළ හැකි විය. එය කඳුළුවලින් තෙත් වීම ද සිදුවිය.
1970 ගණන්වල දී හයිිිඩ්රොක්සිතිල් මෙතක්රයිලේට් නම් ප්ලාස්ටික් විශේෂයකින් නිපදවන ලද මෘදු කාචයක් හඳුන්වා දෙනු ලැබී ය. එයින් පැලඳීමේ දී ඇස්වලට දැනෙන විඩාව අඩු විය. එහෙත් ඒවා පහසුවෙන් කැඩෙනසුලු විය. ඉවතට නො ගෙන දිගට ම පැලඳිය හැකි කාචයක් 1980 ගණන්වල දී හඳුන්වා දෙන ලද අතර පාවිච්චි කර ඉවත දැමිය හැකි සිවි කාචයක් 1988 දී නිපදවනු ලැබීය.
1953 දී එවරස්ට් තරණය කළ හිලරි හා ටෙන්සින් දෙදෙනා පැලඳි ඇස් කන්නාඩි
ඇස් කන්නාඩිවලින් හෝ සිවි කාචවලින් හෝ හරිගැස්විය හැකි බහුලව පවතින ඇස් පෙනීමේ දෝෂ තුනක් තිබේ. ඒවා නම් අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියාව, දුර දෘෂ්ටිකත්වය හෙවත් හයිපරෝසියාව හා පෙනීම නිසි ලෙස නාභි ගත නොවීම හෙවත් විෂම දෘෂ්ටිකතාව ය. පෙනීම සම්පූර්ණයෙන් ම නැති වී යාමට ඉඩ ඇති ඇසේ සුද ඇති වීම හෙවත් තිමිරය විවිධ සැත්කම් මගින් හරිගැස්විය හැකිය. සමහර අවස්ථාවල කාචය සම්පූර්ණයෙන් ම ඉවත් කර ඒ වෙනුවට කාච යුගලක් උපැස් යුවළක් සේ පැලඳිය හැකිය. අනෙක් අවස්ථාවල කාචය ඉවත්කොට කෘත්‍රිම කාචයක් එතැනට බද්ධ කළ හැකිය.
ලංකාවේ මුලින් ම ඇස් කන්නාඩියක් පැලැන්දේ ගම්පොළ රාජධානිය කර ගෙන රජකම් කළ හතර වන බුවනෙකබාහු රජතුමා (1344=1353) විසිනැයි සිංහල විශ්වකෝෂයේ සඳහන්ව ඇත. ගඩලාදෙණි විහාරය කරවීම පිණිස දකුණු ඉන්දියාවෙන් ලක්දිවට ගෙන්වන ලද ශිල්පීන්ගේ නායකත්වය දැරූ දේවනාරායන ආචාරි නම් තැනැත්තා විසින් රජුට මෙම උපැස් යුවළ තනා දුන් බව සඳහන් ය.
රජුගේ ඔටුන්නට චූඩාමාණික්‍යයක් කපා දීම ඔහුට බාර වූ අතර තමන් ගඩලාදෙණි විහාරය තුළ කළ සියුම් සිතුවම් රජුට නිසි ලෙසින් දැක ගැනීමේ අපහසුවක් ඇති බව පසක් කර ගෙන සිටි නිසා චූඩාමාණික්‍යය කපන අතරේ රජුට උපැස් යුවළක් ද කපා දෙන්නට ඔහු උත්සුක විය. ඒ උපැස් යුවළෙන් ලත් පෙනීමෙන් මහත් සේ පැහැදුණුු රජු චූඩාමණි පටබැඳි නාමයත් ගඩලාදෙණි විහාරය අසල කිරිවවුල නම් ගම්වරයත් පවරා දුන් බව කියැවේ. මේ පරපුරෙන් පැවත එතැයි කියනු ලබන පවුලක් අදත් කිරිවවුල ගමේ වෙසෙන අතර ඔවුහූ දැනුදු දියතරිප්පු කන්නාඩි තැනීමේ කර්මාන්තයේ යෙදෙති.
පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-41300476375438643732023-12-26T02:37:00.000+05:302023-12-26T02:37:09.034+05:30ගජමෑන් මැවූ ‘සුපර්මෑන්’ අපෙන් සමුගෙන ස්වර්ගස්ථ වෙයි!
“ආර්ථික අහේනිය, දේශපාලන විවේචන, එසැණින් පිට කිරීමට මෙකල මෙන් සමාජ මාධ්‍ය නොතිබූ ඒ යුගයේ ජනතාව වෙනුවෙන් එක් කුඩා මිනිසකු නොබියව ඒ කාර්යය සියතට ගත්තේය. විවේචනයට වඩා උපහාසය සියදහස් ගුණයකින් ප්‍රබල බව ඔහු සියලු බලවතුන්ට ඔප්පු කර පෙන්වීය.
“කසීසළුවලින් වසාගත් පුහුමානයෙන් ඔද්දල්ව සිටි පැළැන්තිය දෙකේ කොළයට ඇද දැමීමට සේකරගේ කවිවලට නොදෙවැනිව, ඔහුගේ පින්සල් පහර සමත් විය. හැත්තෑව, අසූව, අනූව දසකවල මහල්ලාගේ සිට කොලුගැටයා දක්වා සියලු දෙනා රටේ නායකයා ගේ නම තරමට ම දන්නා ගජමෑන් චරිතය බිහි වූයේ ඔහු අතිනි. ඒ පසුගිය 17 වැනි දා අප අතරින් සමුගත් කැමිලස් පෙරේරා ය.” නව පරපුරේ තවත් නිර්මාණශීලී කාටූන් ශිල්පියකු වූ හසන්ත විජේනායක සිය ලේඛන කුසලතා දක්වමින් ‘සතිඅග අරුණ’ පත්‍රයට(2023 දෙසැම්බර් 24 ) කැමිලස් පෙරේරා අගයමින් ලියූ ලිපිය ආරම්භ කර තිබුණේ එසේ ය. මගේ සිත් තදින් ඇදගත් නිසා, ඔහුට කෘතවේදී වෙමින්, හසන්තගේ ඒ ලිපියෙන් කොටස් කීපයක් මෙහි බහා ලන්නට අදහස් කෙළෙමි. සම්පුර්ණ ලිපිය අවශ්‍ය කෙනෙකුට අද ‘සතිඅග අරුණ’ ඉරිදා පුවත්පතින් කියවිය හැකිය.
හසන්තගේ ඒ ලිපියේ අඩංගු නොවූ, කැමිලස් පවා නොදන්නා කරුණු කීපයක් මෙම සටහනෙන් හෙළිදරවු කරන්නත්, එසේ ම ඒ ලිපියෙහි අඩංගු නිවරදි නොවූ තොරතුරු කීපයක් නිවැරදි කරන්නටත් මම අදහස් කරමි.
ගජමෑන් මැවූ සුපර්මෑන් කැමිලස් පෙරේරා
කැමිලස් පෙරේරා හෙවත් ‘මැක්ස්වෙල්’ (ලේක්හවුසියේ ගිණුම් අංශය දන්නා පරිදි ඔහු ගෙවීම් සඳහා චෙක්පත් ලබා ගත්තේ ඔහුගේ මල්ලී වූ මැක්ස්වෙල් පෙරේරා නමිනි.) මට මුලින් ම හමුවූයේ හැටේ දසකයේ අගභාගයේ තරම මා ‘සරසවිය’ පත්‍රයේ නිදහස් ලේඛකයකු වශයෙන් කටයුතු කරන කාලයේදී ය. ඒ මුල් කාලයේ ‘සරසවිය’ පත්‍රය සියලු කලා හා සාහිත්‍ය කටයුතුවලට වෙන්වූවකි. ඔහු කළ මුල්ම හාස්‍යෝත්පාදක නිර්මාණය ලෙස පළවූයේ අන්දරේගේ කවි දෙකකට කළ විකට චිත්‍ර පෙළකි. ඒ 1964 අගදීය. එය ද පළ වූයේ උත්සාහයන් ගණනාවකට පසුවය. එහෙත් එයින් ඔහු බලාපොරොත්තු වූ අවස්ථාව උදා වූයේ නැත. ඒ සඳහා තවත් වසර එක හමාරක් බලා සිටීමට ඔහුට සිදු විය.
කැමිලස් උපන්නේ 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ දීය. 2023 දෙසැම්බර් 17 වැනිදා ඔහු මිය යන විට 84 හැවිරිදි වියේ පසු විය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මිගමුවේ සාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙනි. ඉන්පසු මාරිස්ටෙලා හා ශාන්ත මරියා විදුහල්වලින් ද අධ්‍යාපනය ලැබුවේ ය. පාසල් වියේ සිට ම ඔහු විකට චිත්‍ර අඳින්නට දක්ෂයෙකි. මුලින් ම ඔහු තමාට ඉගැන්වූ ගුරුවර ගුරුවරියන් පමණක් නොව විදුහල්පති තුමාවද විකට චිත්රවලට නැඟුවේය. ඒවාට ඔවුන් උරණ වූයේ නැත. ඒවායේ ඇති හාස්‍ය රසයෙන් කුල්මත් වූ ඔවුහූ ඔහු දිරිමත් කළහ. කැමිලස්ට අවශ්‍ය වූයේ එවකට ජනප්‍රිය දේශපාලන විකට චිත්රශිල්පියකුව සිටි ඕබ්රි කොලට් මෙන් වන්නටය. ඔහු ඒ අනුව යමින් විකට චිත්‍ර කිපයක් ඇන්දේය. ඒවාත් අරන් ඔහු කෑම පැයේ ගිනි ගහන අව්වේ පයින් ම ලේක්හවුසියට ගියේය.
ඔහු ඒ වන විට සේවය කළේ කොළඹ කච්චේරියේ ලිපිකරුවකු හැටියටය. ඔහුට අවශ්‍ය වුයේ කාටූන් චිත්රශිල්පියකු වීමටය. ඔහු ගෙන ගිය සන්නිදර්ශන බලා සතුට පළ කළත් ඔහුට පිළිගැනීමක් ලැබුණේ නැත. සමහර විට තවත් කොලට් කෙනෙක් අවශ්‍ය නැතැයි කර්තෘවරුන් සිතුවා වන්නට පුළුවන. එහෙත් ඔහුට එහිදී මුණගැහුණු ඔහුගේ මිත්‍ර කැමරාශිල්පියෙක් ඔහුව කැන්ටිමට කැටුව ගොස් සංග්‍රහයක් ද කර පොඩි උපදෙසක් දුන්නේය. “වෙන පත්තරයකට ගිහින් නමක් හදාගෙන මෙහාට එන්න! එතකොටයි මෙහෙ පිළිගැනීමක් ලැබෙන්නෙ.” ඔහු කීය. “කොලට් ආවෙත් ටයිම්ස් පත්‍රයෙන්. රෝයල් එකේ ගුරුවරයෙක් හැටියට වැඩ කරද්දියි කාටූන් ඇන්දෙ” ඔහු වැඩිදුරටත් කීවේ ය.
ඒ නිසා කැමිලස් විකට චිත්‍ර කීපයක් රැගෙන ‘දවස’ට ගොස් නියෝජ්‍ය කර්තෘ ඩේවිඩ් කරුණාරත්න හමු විය. 1966 ජනවාරියේ ‘තෙපානිස්’ නම් කාටූනය ඒ අනුව ‘දවස’ පත්‍රයේ පළ විය. ඊට ගෙවීමක් ලැබුණේ නැත. ඒත් ඔහු දිගටම කාටූන සැපයීය.
ඔය අතරතුර රතුකුරුස සංගමයේ උන් මිත්‍රයෙක් ඔහුව ලේක්හවුසියේ ජනතා කර්තෘ මණ්ඩලයේ සුමනා සපරමාදු මෙණෙවිය වෙත යොමු කරවීය. (හසන්තගේ ලිපියේ සඳහන් වූ පරිදි සුමනා සපරමාදු ‘සරසවිය’ කතුවරිය නොවේ. ඇය ඒ වන විට සේවය කළේ ‘ජනතා’ පත්‍රයේ විශේෂාංග සංස්කාරක වරියක් ලෙසයි.) කවදත් නව නිර්මාණ අගයන ඇය, ඔහුව එවකට ‘සරසවිය’ කර්තෘ විමලසිරි පෙරේරා වෙත කැටුව ගියා ය. කැමිලස් ඒ වතාවේ ගියේ හරි තැනටය. ‘ඩී. පද්මාවතී’ හෙවත් ‘දැක්කොත් පද්මාවතී’ කාටුනය ‘සරසවිය’ පත්‍රයේ පළ වූයේ අනුව ය.
‘සරසවිය’ට පමණක් නොව, ‘සිළුමිණ’ කර්තෘ ඇස්. සුබසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ‘සිළුමිණ’ට ‘සිරිබිරිස්’ කාටූනයත්, ජනතා කර්තෘ ඩී. එෆ්. කාරියකරවන මහතාගේ ඉල්ලීම පරිදි ‘ජනතා’වට ‘දොන් සේතං’ කාටූනයත් අඳින්නට අවස්ථාව සැලසුණේය. ඊට මග පාදා දුන්නේ ද සුමනා සපරමාදු මෙණෙවියයි. ඔහු සිළුමිණට ‘සිරිබිරිස්‘ කාටූනය අඳින විට මා සිටියේ සිළුමිණ කර්තෘ මණ්ඩලයේ ය. එය පළ කිරීමේ වගකීම පැවරුණේ මට ය. ඒ නිසා අප දෙදෙනා අතර විශේෂ බැඳීමක් ඇති විය. වෙනත් පත්රයකට කාටූනයක් ගෙනාවත් ඔහු ලේක්හවුසියට ආවොත් මා හමුවීම පුරුද්දක් කර ගත්තේ ය.
කැමිලස් ඉදිරිපත් කළ කාටූන් චරිත එක මිටට.
එක දවසක් ඔහු කලබලෙන් මා සොයා ආවේ ය. “මං කසාද බැන්දා. උත්සවය ගත්තේ මීගමුවෙ. ඊයෙ තමයි, නෝනත් එක්ක කොළඹ ආවෙ. එයාගෙ නෑදැ ගෙදරක ඉන්නෙ. මං අපේ කර්තෘ මහත්තුරුන්ට හෝටලයක පාටියක් දාන්න කල්පනා කළා. ඒත් ගෙදර කට්ටිය කියන්නෙ ගෙදරට ගෙනල්ලා හොඳ සංග්‍රහයක් කරමු කියලා. ඉතින් ඒ අය උදේ ඉඳන් ඒකට ලෑස්තිවෙනවා. මං කර්තෘ මහත්තුරුන්ට ආරාධනය කරන්නයි, ආවේ. වැඩේ හරි ගියේ නැහැ. මට දැන් නෝනගෙයි, ගෙදර අයගෙයි, බලාපොරොත්තු කඩ කරන්න බැහැ. කවුරුත් එන්නෙ නැහැ කියලා දැන් නවත්තන්න විදියක් නෑ. කන්තෝරුවෙන් කවුරුන් හරි එක්කන් එන්න, රෑ කෑමට. වරද්දන්න එපා!” කැමිලස් දිගට ම කියා ගෙන ගියේය.
“හරි මං ඉලංගසිංහ මහත්තයත් එක්ක කථා කරලා කවුරු හරි එක්ක එන්නම්” කියා ඔහු පිටත් කර හැරිය මම ඒ ගැන, මා සමග සිළුමිණේ සිටි අනික් උප කර්තෘවරයා වූ පී. බී. ඉලංගසිංහ සොයා ගොස් සිදුවී ඇති දේ ගැන කීවෙමි.
“අපි එහෙනම් වැඩ ටික ඉක්මනට ඉවර කරලා යමු. ලේක්හවුස් එකෙන් නෙමෙයි, අපේ ගෙදර ඉන්න නවරත්නත්, අනිත් ගෙදර ඉන්න කේ.ඩී.කේත්, එක්ක ගියෑකි. එහෙනම් දැන්ම යමු” පී. බී. කීය.
අපි නවාතැනට ගොස් නවරත්නගේ කාරයෙන් කැමිලස් සිටි වැල්ලවත්තේ නිවස වෙත ගියෙමු. අප සමග අල්ලපු ගෙදර පදිංචිව සිටි අප දෙදෙනාගේම පාසල් මිතුරා කේ.ඩී.කේ. ධර්මවර්ධනත්, ඔහු හමුවීමට එහි ඇවිත් සිටි බණ්ඩාර කේ. විජයතුංගත් ගමනට එක් වූහ. කැමිලස් අපගේ පැමිණීම ගැන මුව නොසෑහෙන්න ස්තුති කරමින් අපව පිළිගත්තේ ය. එපමණක් නොව අපට මධුවිත සමග ඉතා ප්‍රණීත රාත්‍රි භෝජනයකින් සංග්‍රහ කළේ ය. එදා අප නිවෙස් බලා ගියේ බොහෝ වේලාවක් ගත කිරීමෙන් පසුවය. අවුරුදු 30 කට පැවති හමුවකදීත් කැමිලස් ඒ සිද්ධිය සිහිපත් කොට සිනාසුණා මට මතක ය.
කැමිලස්ගේ වැඩ අනික් විකට චිත්රශිල්පීන්ට වඩා වෙනස් ය. ඔහු ‘ජනතා’ පත්‍රයට දිනපතා ඇන්ද ‘දොන් සේතං’ කාටූනයෙන් පවුලක් ම පාඨකයන්ට හඳුන්වා දුන්නේය. ඒ දොන් සේතංගේ බිරිඳ සිමෝනා, දුව මෙරායා, ඇගේ පෙම්වතා ගොඩ්ඩිං අයියා, මෙරායාගේ මල්ලී ලපයා යන අයයි. ඒ අත් දැකීම අප වෙනත් කිසිම කාටූනයකින් නොලද එකකි.
‘ජනතා’ව සවස පත්‍රයක් ලෙස නිකුත් වූ නිසා එහි අලෙවි වූ සංඛ්‍යාවට වඩා ‘දොන් සේතං’ගේ පාඨක සංඛ්‍යාව දසදහස් ගුණයකින් වැඩි විය. පත්‍රය මිල දී ගත් අයගෙන් ඉල්ලා ගෙන ‘දොන් සේතං’ කාටූනය නොකියවූ අයකු කොළඹ කන්තෝරුවලවත් දුම්රිය මගීන් අතරත් සිටියේ නැති තරම් ය. ඔවුහූ ඒ කාටූනය රස වින්දා පමණක් නොව ඒ චරිත තමන් අවට පණ පිටින් හැසිරෙන අය බවට පත් කර ගත්හ. ඔවුහූ එතැනින් නොනැවතී අවට සමාජයේ තමන් දන්නා හඳුනන අයට ඒ නම් ආරූඪ කරමින් රසය තවත් ඉදිරියට ගෙන ගියහ. ඒ අනුව කැමිලස් කාටූන් ඔස්සේ හඳුන්වා දුන් චරිත රාශියකි.
කැමිලස්ගේ චරිත අතර පළාතේ මහජන නියෝජිතයාත් සිටියේය. ඔහු ‘මගෝඩිස් තුමා’ විය. කපටිකම, රැවටිල්ල, ප්රයෝගකාරී බව හඳුන්වන වදනක් වූ ‘මගඩිය’ ඇසුරෙන් ඔහු ඒ වදන තනා ගත්තේ ය. කැමිලස් භාෂා විශාරදයකු නොවූවත් අද ඔහු දායාද කළ ඒ වචනය සමාජය රවටන ඕනෑම අයකුගේ චර්යාව හඳුන්වන්නට බොහෝ අවස්ථාවල යොදා ගන්නා බව පෙනේ.
“.... හැටේ දශකයේ නිර්මාණ දිවිය අරඹන කැමිලස් පෙරේරාට හැබෑ ජීවිතයේ සිය දරුවන් දෙදෙනාට අමතරව පුවත්පත් ජීවිතය තුළ සිටින දරුවන් ගණන දුසිමකටත් වඩා වැඩිය. චිත්‍රකතා රසිකයා විකට සාගරයක ගිල්වූ තෙපානිස්, දොන් සේතං, සිරිබිරිස්, දක්කොත් පද්මාවතී, මිස්ටර් ලව්රිස්, සෙල්ලං සේන, ටික්කා, ගජමෑන්, මගෝඩිස්තුමා, සිමෝනා, මෙරායා, ගොඩ්ඩිං අයියා, ලපයා ආදීන් බොහෝ දෙනාගේ පවුලේ චරිත බවට පත්වීමට වැඩි කල් ගත වූයේ නැත. කැමිලස්ගේ නිර්මාණ දිවිය මුහුකුරා යද්දී ස්වීටි, ඩොල්පිනා, බුරියා, චූටි වැනි චරිත කාටූන් පවුලේ සාමාජිකත්වය ලබා ගත්තෝය. ගජමෑන්ලාගේ පද්මාවතීලාගේ නමේ අගට පෙරේරා ලෙස සටහන් නොවුණද කැමිලස් පෙරේරා පේටන්ට් සහතික මගින් ඔවුන් සියලුදෙනාට ම නීත්‍යානුකූල වටිනාකම හා යුතුකම ලබාදී අවසන්ය.” කියා හසන්ත සිය ලිිපියෙහි සඳහන් කරයි.
කැමිලස්ගේ මේ නම් තැබීම, විස්මයජනකය. ඔහු මේ නම් සමාජයෙන් උපුටා ගත් ඒවා නොව තමාගේ ම මනසින් නිර්මාණය කළ ඒවාය. එහෙත් ඔහුගේ පාඨක සමාජය ඒ නම් තමන් අවට අයට ආරූඪ කර කාටුන්වලින් විඳි රසය තවත් එහාට ගෙන යාමට සමත් විය. ලේක්හවුස් කර්තෘ මණ්ඩලය ද ඉන් මිදුණේ නැත. ඔවුන් අතර ද ‘මෙරායා’ නමින් හැඳින්වූ කාන්තාවක් සිටියා මට මතකය. සිසිරකුමාර මාණික්කආරච්චි ඇය වෙනුවෙන් කියූ හිටිවන කවියක් කර්තෘමණ්ඩලිකයන්ගේ මුවඟ නිතර රැව් දෙනු අසන්නට ලැබුණේ ය.
සමාජයේ උගත් නූගත් හැමදෙනා අතර ම කැමිලස් එක්සේ ජනප්‍රිය විය. කැමිලස්ගේ මේ ජනප්‍රියත්වයේ රහස කුමක් ද? ඔහු හාස්‍යය මවන්නට යොදා ගත්තේ එදිනෙදා හමුවන චරිත ය; එදිනෙදා හමුවන කාලීන ප්‍රශ්න ය. කැමිලස් මතු කළේ සාමාන්‍ය ජනයාගේ සිත්තුළ තෙරපෙන හැඟීම් ය. ඒවා මුදා හරිමින් හාස්‍යයක් මතු කළ ඔහු පාඨකයන්ට ඒ මගින් සහනයක් සලසා දුන්නේ ය. කැමිලස් ඔහුගේ කාටුන් චරිත තුළින් පාඨකයන්ට ජීවත්වීමේ රසය බෙදා දුන්නේ ය.
කැමිලස්ගේ කාටූන් ජනප්‍රිය වීමට එක් හේතුවක් ලෙස හසන්ත දක්වන්නේ ඒ කාටූන් චරිත හැසිරවූ පරිසරය පාඨකයාට හුරුපුරුදු තැන් වීමයි. හසන්ත සිය ලිපියෙන් ඒ බව කියා ඇත්තේ මෙසේ ය:
“කැමිලස් පෙරේරාගේ කාටූන්වලට සමුපකාර කඩේ, දුම්රිය පොළ, විලාසිතා තරග, චිත්‍රපට ශාලා, ක්‍රීඩා උත්සව, අවුරුදු උත්සව, බස් හෝල්ට් වැනි පොදු ජනයා බහුලව ගැවසෙන තැන් පසුබිම් විය. එය ඔහුගේ නිර්මාණ ප්රබලව පාඨකයාට සමීප වන්නට හේතුවක් වන්නට ඇත.” හසන්ත කියයි.
කැමිලස්ගේ මේ කාටූන් චරිත සමාජය තදින් වැළඳ ගත් ඒවාය.
“හැටේ දසකයේ අග භාගයේ රූපවාහිනියවත් නොදුටු මිනිසුන්ගේ සිට 21 වන සියවසේ ස්මාර්ට් තරුණ ප්‍රජාව දක්වා ජනාකර්ෂණය දිනා ගත් එකම කාටූන් ශිල්පියා කැමිලස් පෙරේරා බව කීම අතිශයෝක්තියක් නොවේ. ඒ පාලම ගොඩ නගන්නේ ගජමෑන් ය. එදා 1970 වළ කජු ගැසූ කොලුගැටයාගේ සිට 2023 ඔන්ලයින් පරිගණක ක්‍රීඩාකරන බෝයිස්ලා දක්වා දශක හතරක පරපුරක් ගජමෑන්ගේ මිත්‍ර සමාගමට අයත් වනු දැකීමට තරම් කැමිලස් වාසනාවන්ත විය. ගජමෑන් තවදුරටත් වයසට ගියේ නැත. ශ්‍රී ලංකාවේ මුල් ම ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයට ගජමෑන් තෝරා ගැනෙන්නේ ඒ නිසාය. ජෝර්ජ් ප්රොස්පර්ගේ ‘ටිංටිං’, රෙනේ ගොසිනිගේ ‘ඇස්ටර්රික්ස්’ හෙවත් ගෝල් දේශයේ වැසියෝ මෙන් කැමිලස්ගේ ගජමෑන් ද සියලු තාක්ෂණික යුග පසුකරමින් කඩදාසියේ සිට පරිගණක ත්‍රිමාන සජීවීකරණය දක්වා පැමිණ තිරිහන් වීමට සමත් විය.“ හසන්න වැඩි දුරටත් සඳහන් කර ඇත.
කැමිලස්ගේ ගජමෑන් මුලින් පළ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්‍රය වූ ‘සතුටෙ’හිය. එයින් ‘සතුට’ට විශාල වාසියක් සැලසුණු නමුත් ඒ ගැනවත් නොසලකා, 1973 ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත් පසු එහි ආ නව පාලක පක්ෂය කැමිලස්ට එහි ඇතුළු වීම තහනම් කළේ ය. ඒත් ඒ කැමිලස් කළ වරදක් නිසා නොවේ ය. සතුට කර්තෘ බන්ධුල සමරසිංහ ගේ අදහසක් අනුව ගුණපාල ජයලත් ඇන්ද කාටුනයක් නිසා ය. ‘අවුරුදු කුමාරයාට බින්දුව’ නම් වූ ඒ කාටූනයෙන් කියැවුණේ අවුරුදු කුමාරයා එනතෙක් වළක් කපමින් සිටින මිනිසකුගේ කතාවකි. ඔහු කියන්නේ ඒ අවුරුද්ද ආහාර හිඟකම හා මිල අධික වීම නිසා සුබ එකක් නොවන බවයි. ඒ නිසා මෙවර අවුරුදු කුමාරයා පිළිගෙන වළ ලන්නට වළක් කපන බවයි ඔහු කියන්නේ. ඒ කාටූනය රජය අපහසුවට පත් කරන්නක් යැයි ලේක්හවුසියේ සිටි ආණ්ඩුවේ නියෝජිතයන්ගේ අදහස විය. එය ඔවුන්ගේ උදහසට හේතු විය. ඒ කාටූනය ඇන්දේ කැමිලස් යැයි සිතා, ඒ ගැන වැඩිදුර නො සොයා ඔහුට ලේක්හවුසියට ඇතුළු වීම තහනම් කරනු ලැබීය.
මම පසුවදා උදෙන් ම සිළුමිණ කර්තෘ විමලසිරි පෙරේරා මහතා සමග ගොස් ඊට වගකිව යුතු කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි හමු වී ඒකට කැමිලස්ට දඬුවම් කිරීම වැරදි බැව් පෙන්නා දුන් නමුත් ඉන් පලක් නොවීය. “ඒක ඇන්දේ කැමිලස් කියලයි, අපි හිතුවෙ, කැමිලස් ප්‍රධාන කාටූන් ශිල්පියා නිසා. ඔහු හිටියත් ඉදිරියේ දී ඔහුත් රජය අසීරුවට පත් කරන ඔවැනි දේ අඳින්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔහු නේන එක හොඳයි. මං දැනටමත් ඔහු ගැන සභාපතිතුමාටත් කියලයි, තියෙන්නේ. මට ආපහු ගිහින් තීරණය වෙනස් කරන්න කියන්න බැහැ. මේ වරදට අපි කර්තෘ බන්ධුල සමරසිංහගෙත් වැඩ තහනම් කළා.” කී ධර්මසිරි ජයකොඩි, “ඒ ගැන ආයිත් කතා කරන්න එපා! “ යැයි තදින් කීවේ ය. අපට පසුබසින්නට සිදු විය.
ලේක්හවුසියෙන් ගිය පසු කැමිලස්, චින්තන ජයසේනගේ කර්තෘත්වයෙන් අනුර බණ්ඩාරනායක මහතා පළ කළ ‘අද’ පත්‍රයට දේශපාලන කාටූන් ඇන්දේය. ඒ පත්‍රයේ මුද්‍රණ කටයුත්තට උර දුන්නේ ටයිම්ස් ආයතනය මිලයට ගත් හරිස් හා අර්ජුන හුලුගල්ල සහෝදරයන් ය. ඒ සම්බන්ධය මත චින්තන ජයසේන කළ යෝජනාවක් අනුව ඔවුන් පාලනය කළ මල්ටිපැක්ස් ආයතනයෙන් ‘සිත්තර’ පත්තරය පටන් ගනු ලැබීය. ඒ කටයුත්තට චින්තන හවුල් කර ගත්තේ කැමිලස්වය. ඒ අනුව ගජමෑන් ‘සිත්තර’ට ගියේ ය. ‘සිත්තර’ ‘සතුට’ට ලොකු අභියෝගයක් එල්ල කළේ ය.
ඉන් ටික කලෙකට පසු මල්ටිපැක්ස් ආයතනයෙන් ඉවත් වූ ඔහු ‘කැමිලස් පබ්ලිකේෂන්’ කියා තමාගේ ව්‍යාපාරයක් පටන් ගත්තේ ය. ‘සත්සිරි’ නමින් ආරම්භ කළ ඒ පුවත්පතට ගජමෑන් ද එක් විය. ගජමෑන් කොයි තරම් ජනප්‍රිය වූවා ද කීවොත් වෙන ම විශේෂ කලාප හැටියටත් නිකුත් කරනු ලැබීය.
කැමිලස්ගේ නිර්මාණ ගැන යූ ටියුබ් හී පළ වූ මේ වීඩියෝවෙන් නරඹන්න!
කැමිලස් පාවිච්චි කළේ තීන්ත ඔබා ලියන කටු පෑන වෙනුවට ආ, තීන්ත ඇතුළට දමා ලිවිය හැකි, නවීන පන්නයේ රොටරිං පෑනකි. එය ඔහුගේ ප්රබලතම අවිය විය. ඉන් එක පෑන් පහරින් පොදු ජනයාගේ දුක්ඛදෝමනස්සයන් තුළින් මතුවන කඳුළු පුපුරුවා හරිමින් ඔවුන් මුව’ගට සිනහවක් ගේන්නට කැමිලස් තරම් සමත් වූ කාටූන් ශිල්පියකු තවත් නැත. අන්තිමේ දී ඒ පෑන් පහර ඔහු කෝටිපතියකු කොට මීගමුවෙන් කොළඹ හතේ පදිංචියටත් ගෙනාවේ ය. ඒ කුරුඳුවත්තට ය. ප්රමුඛ බැංකුව පිහිටු වීමට පුරෝගාමී වූ ඔහු එහි අධ්යක්ෂ වරයකු වශයෙන් ද කටයුතු කළේ ය.
කැමිලස්, පත්රකලාවේදීන් වූ අපට නම් කිසිදාක අමතක කළ නොහැකි මිත්රයෙකි. කොවිඩ් වසංගතය ඇති කළ තත්වය යටතේ අපට ඔහු අවසන් ගෞරව දක්වන්නට අවස්ථාවක් ලැබුණේ ද නැත. මිත්‍රයා! ඔබට සුබ ගමන්!
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com2tag:blogger.com,1999:blog-2647493662865092414.post-70362429713814946072023-12-20T04:03:00.004+05:302023-12-20T04:10:17.227+05:30අද උපහාර ලබන, ‘ලංකාදීපය’ට යළි ජීවය දුන් ප්‍රධාන කතුවර - සිරි රණසිංහ
1965 වසරේ අග හරියේ දිනක උදේ පුංචි බොරැල්ලෙන් බසයෙන් බසින විට ලේක්හවුසියට අලුතින් එක් වූ තරුණ පත්රකලාවේදීන් සිව් දෙනකු එහි බස් නැවතුමෙහි සිටිනු දුටු හැටි මට අද වගේ මතකය. එතැන සිටියේ දෙල්තොට චන්ද්‍රපාල, තිස්ස එදිරිසිංහ, බිනෝයි සුරේන්ද්‍ර හා සිරි රණසිංහ යන අයයි. ඉන් අඩසියවසකට පසු දෙල්තොට චන්ද්‍රපාලට හා තිස්ස එදිරිසිංහට ‘දිනමිණ’ කතු පදවිය හොබවන්නට හැකි විය. බිනෝයි ‘දිනමිණ’ සම කතු පදවියක් ඉසිලීය. අද ඒ තිදෙනා ම ජීවතුන් අතර නැත. තවමත් ජීවමානව සිටින එකම පුද්ගලයා වූ සිරි රණසිංහගේ දෛවය ඔහු ගෙන ගියේ ‘දිනමිණ’ මහ පුටුවට නොව ‘ලංකාදීප’ මහ පුටුවටයි. අද ඔහු විජය පුවත්පත් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ හා ‘ලංකාදීප’ ප්‍රධාන කර්තෘ පදවිය හොබවයි. එසේ ම ඔහු ශ්‍රී ලංකා පුවත්පත් කතුවරුන්ගේ සංසදයේ නායකත්වය ද උසුලයි.
වසර 33ක් ප්‍රධාන කර්තෘ පදවිය හොබවමින්
වාර්තාවක් පිහිටුවා ඇති සිරි රණසිංහ මහතා
ශ්‍රී ලංකා පත්රකලා ඉතිහාසයේ පුරා වසර 33ක් තිස්සේ අඛණ්ඩව ජාතික පුවත් පතක ප්‍රධාන කර්තෘ පදවිය උසුලන එකම පත්රකලාවේදියා ලෙස කිසිදාක නො බිඳෙන වාර්තාවක් ද ඔහු විසින් තබා ඇත. මීට කලින් එම වාර්තාව හිමිකර ගෙන තිබුණේ තිස් දෙවසරක් අඛණ්ඩව ලේක්හවුසියෙන් පළ කළ ‘තිනකරන්’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ පදවිය හෙබවූ දිවංගත ආර්. සිවගුරුනාදන් මහතා විසිනි. සිරීගේ මේ ජයග්‍රහණය, කාලය අනුව දෙවැනි වන්නේ ‘ලක්මිණිපහණ’ කර්තෘ ඇම්. ධර්මරත්න පඬිතුමන්ට පමණය. එතුමන් 1883 දී සිය කර්තෘත්වයෙන් ‘ලක්මිණිපහණ’ යළි ආරම්භ කොට 1925 තෙක් පුරා වසර 42ක් අඛණ්ව පවත්වා ගෙන යාම එකල තිබූ දුෂ්කර තත්වයන්ට අනුව එක්තරා විධියක මහ අසිරියකි!
සිරි රණසිංහයන් අතින් සිදුවූයේ ද ඊට නොදෙවැනි කාර්යයකි. 1990 දී සිය කර්තෘත්වයෙන් ‘ලංකාදීප’ පත්‍රය යළි ආරම්භ කොට වසර 33ක් තිස්සේ අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඔහු සමත් වීම ද අසිරියකි. ඒ නිමිත්තෙන් ඔහු වෙනුවෙන් ඇගැයුම් උළෙලක් ‘සිරි අසිරි’ නමින් දෙසැම්බර් 20 වැනිදා (අද) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවත්වීමට නියමිතය. මේ ලිපිය ලියන්නේ ඒ නිමිත්තෙනි.
සිංහල පුවත්කලාවේ මුල් අවධියේ පැවති තත්වය
ලංකාවට මුද්‍රණ ශිල්පය හඳුන්වා දුන් මුල් යුගයේ පුවත්පත් පළ කළේ ආගම් ප්‍රචාරය සඳහායි. නැති නම් ආගමික ප්රචාරයන්ට පිළිතුරු දීම සඳහායි. ඒ වගේ ම යමකුට තම අදහස්, මතවාද ආදිය අන් අයට දැන ගැනීමට සැලැස්වීම සඳහායි. දැන් මෙන් පත්‍ර බෙදා හැරීමේ ක්‍රමයක් එකල තිබුණේ නැත. පත්‍රය මිල දී ගැනීමට අවශ්‍ය අය මුද්‍රණාලයට පැමිණ හෝ කල් ඇතිව මුදල් ගෙවා දායකත්ව ක්‍රමයට තැපෑලෙන් ගෙන්වා ගත යුතු විය. ඒ සඳහා මුද්‍රිත ප්‍රකාශන තැපෑලෙන් යැවීමට යටත්විජිත රජය විසින් සහනදායී තැපැල් ගාස්තුවක් ද පනවා තිබුණි.
මේ තත්වය වෙනස් කරමින් පාඨකයා සොයා පත්‍රය ගෙන යන්නට මුල්වරට කටයුතු යෙදුවේ ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන මහතා විසිනි. ඔහුට අවශ්‍ය වූයේ එංගලන්තයේ ඉගෙන ගනිද්දී අත්දුටු ෆ්ලීට් වීදියේ ප්රවෘත්ති පත්‍ර සාම්ප්රදායය මෙරට ස්ථාපිත කරන්නටය. ඔහු ප්‍රථම වරට වැන් රථ යොදවා රට පුරා පුවත්පත් බෙදා හැරියේ ය.
එකල ඉතා අසීරු තත්වයෙන් පවත්වාගෙන ගිය ‘දිනමිණ’ එච්. එස් පෙරේරා මහතාගෙන් මිලට ගත් ඩී. ආර්. විජේවර්ධන මහතා කෙටි කලකින් එය වැඩිම අලෙවියක් සහිත සිංහල පත්‍රය බවට පත් කළේය. ඒ සමග ‘සිලනීස්’ නම් වූ ඉංග්‍රීසි පත්‍රය මිලට ගෙන එය ‘සිලෝන් ඩේලිනිවුස්’ බවට පත් කළේය. යටත් විජිත යුගයේ මෙරට පැවති නිදහස් සටනට, ඩී. ආර්. විජේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සන්නිවේදන ශක්තිය සැපයූවේ ඒ පුවත්පත්ය. පුවත්පත දෛනික ජීවිතයේ නැතිවම බැරි අංගයක් බවට පත් කරන්නට විජේවර්ධන මහතා වෙහෙසුණේය. 60 දශකයේදී අප ආධුනික පත්රකලාවේදීන් ලෙස ලේක්හවුස් ආයතනයෙහි රැකියාවට යන විට එය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව තිබුණේ එහි නිර්මාතෘ විසින් දමන ලද ඒ අඩිතාලම හේතුවෙනි.
70 දශකයේ එක් දිනක, අපේ ජ්‍යෙෂ්ඨ කතුවරයකු වූ විමලසිරි පෙරේරා මහතා මට කතා කොට, ‘නවයුගය’ සඟරාව දෙසතියකට වරක් පළ කරන පුවත්පතක් ලෙස සංස්කරණය කරන කාලයේ, ඊට උසස් පෙළ සිසුන් සඳහා වෙනම පිටු 16ක අධ්‍යාපන අතිරේකයක් පළ කිරීමේ අවශ්‍යතාවක් ඇති බව කීවේය. ඒ වන විට ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයේ උප කතුවරයකු වශයෙන් සේවය කරමින් සිටි මම ඉඩ ලද හැම විට ම ඔහුගේ කටයුතුවලට ද සහය වීමි.
සිරි රණසිංහ, බිරිඳ හා දියණිය
හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා සමග.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එවකට පැවති විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූ මහින්ද රණවීර ප්රමුඛ විශේෂඥ ආචාර්යවරුන්ගේ අධ්‍යාපන ලිපි ඇතුළත් කොට සකස් කෙරෙන එහි වගකීම සම්පූර්ණයෙන් ම බාර ගෙන කටයුතු කරන්නට සුදුසු අයකු සොයා බලන ලෙස විමලසිරි මහතා කළ ඉල්ලීම අනුව මගේ සිතට ආ මුල්ම නම සිරි රණසිංහ විය. එවකට අප සමග එකට ලේක්හවුසියේ සේවය කළ තරුණ පත්රකලාවේදීන් අතර ඉතා ඉවසීමෙන්, තැන්පත් මනසකින්, නිහඬව වැඩ කළ ඔහු, ඒ සඳහා සුදුසු ම පුද්ගලයා බව කී මම ඔහු දිනමිණ කතු මඬුල්ලේ සේවය කළ නිසා එවකට දිනමිණ කතුවරයා වූ ඇස්. සුබසිංහ මහතා සමග කතා කොට සිරි රණසිංහගේ සේවය ලබා ගන්නා ලෙස කීවෙමි.
අද පළවෙන අධ්‍යාපන ප්රකාශනවලට පූර්වාදර්ශය වූ ‘අධ්‍යාපන අත්වැල’ නමින් යුත් ඒ අතිරේකයට අවශ්‍ය මූලික සැලැස්ම සකස්කොට එහි වගකීම සිරීට බාර දුන් පසු අපි බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ඒ කටයුත්ත වසර ගණනාවක් තිස්සේ ඉටු කිරීමට ඔහු සමත් විය. සුළු වරදක් හෝ නොවන්නට සිරී වග බලා ගත් බව කියා ඔහු නම් කිරීම ගැන විමලසිරි මහතා එදවස මට මහත්සේ ස්තුති කළේය. සිරීගේත් මගේත් හිතවත්කම වැඩෙන්න පටන් ගත්තේ එයින් පසුවය. කර්තෘ මණ්ඩල දෙකක සේවය කළ ද අපි ඉඩ ඇති විටෙක හමුවී කතා බහ කිරීම පුරුද්දක් කර ගතිමු.
ජාතික පුවත්පතක ලක්ෂණ හා කාර්යභාරය
අංකුර පත්රකලාවේදීන් ලෙස සේවයට ආ අප එකල වටහා ගෙන තිබුණේ ‘ජාතික පුවත්පතක්’ යනු පුළුල් ප්‍රමාණයෙන් මුද්‍රිත, වැඩි අළෙවියක් ඇති ඕනෑම පුවත්පතක් කියායි. ඒත් ඒ අදහස වැරදි බව මට අවබෝධ වූයේ සිළුමිණ කර්තෘ මණ්ඩලයට එක් වූ පසුවයි. 1965 වසරේ සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක මහතාගේ හදිසි අභාවයෙන් පසු ඇස්. සුබසිංහ මහතා එම කර්තෘ පදවියට පත් කරනු ලැබීය. ඔහු ඒ වන විට සේවය කළේ ‘ජනතා පත්රයේය. ජාතික පත්තරයක් කෙබඳු විය යුතුද යන්න මගේ සිතට තදින් කාවැදුණේ ඒ අවස්ථාවේ දීය. ජාතික පත්තරයක් යනු කුල, වර්ණ, වර්ග, ගෝත්‍ර, ආගම්, පක්ෂ, පාට, ජාති, ආදී සියලු බෙදීම්වලින් තොරව සමස්ත රටක ම ජනතාවට එකසේ සේවය සලසන, සමස්ත ජනතාවගේ හඬ නියෝජනය කරන, පුවත්පතක් විය යුතුය; එවැන්නක් කිසිසේත් ම හිමිකරුගේ හෝ පක්ෂයක අභිලාෂයන් මුදුන්පත් කරවා ගැනීමට කරන්නක් නොවිය යුතුය. ඒ බව පළ කරන අදහසක් එවකට ලේක්හවුස් අධිපතිව සිටි රංජිත් විජේවර්ධන මහතා සිළුමිණ කතු පදවිය බාර දෙන ගමන් සුබසිංහ මහතා ප්රමුඛ අප කර්තෘ මණ්ඩලයට කීවේය. ඒ මෙසේ ය: ‘මාව සතුටු කරන්න වුවමනාවක් නැහැ. ඔබේ පාඨකයන් සතුටු කරන්න. මට කියන්න ඇත්තේ එපමණයි.’ ඒ උපදේශය අප හැමදෙනාගේම සිත් ඇද ගත් උද්යෝග පාඨයක් විය. අප ලේක්හවුසියේ සේවය කළේ ඒ අදහස පෙරදැරි කර ගෙනය.
ලේක්හවුසිය රජයට පවරා ගැනීම හා පසුව ඇති තත්වය
එහෙත් 1973 ජුලි 18 වැනිදා ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු එහි පත්තර කලාව අමුතුම තැනකට තල්ලු විය. එතෙක් පැවති පාඨකයන් දැනුවත් කිරීමේ හා සතුටු කිරීමේ පත්රකලාව වෙනුවට, දේශපාලකයන්, විශේෂයෙන් ම පාලකයන්ගේ හෙන්චයියන් සතුටු කිරීමේ කලාවක් බවට පත් විය. දේශපාලන පක්ෂවල සටන් (උද්යෝග) පාඨ පුවත්පත්වල සිරස් තල බවට පත් විය. බලයට එන නායකයන්, ඇමතිවරුන් අනුව, බලයට එන පක්ෂය අනුව, ප්‍රධාන කර්තෘවරුන්ගේ පුටු මාරු විය. ඒ අනුව ජනතාව සතුටු කිරීමේ කලාව වෙනුවට ‘ජනතාව මුලා කිරීමේ කලාව’ ආරම්භ විය.
නිදසුනක් වශයෙන් පේසාලෙන් ‘තෙල්’ මතු වූ පුවත දැක්විය හැකිය. 1973 දී පේසාලේ තෙල් සොයා රුසියානුවන් සමඟ යළි කැණීම් ආරම්භ කරනු ලැබීය. කැණීම් බාරව සිටි රුසියන් ඉංජිනේරුවා සති අන්තයේ නිවාඩුවකට මහනුවර ගොස් සිටියදී එහි සිටි තෙල් සංස්ථා නියෝජිතයා තෙල් හමු වූ බවට පුවතක් කොළඹට දැන්වීය. ‘අපේ මැතිනිනි’ගේ කාලේ අපේ මව්බිමෙන් තෙල් මතු වීම ලේක්හවුසියට අරක් ගෙන සිටි හෙන්චයියලාට 'ඇඟේ මයිල් කෙළින් වෙන' පුවතක් විය. වහාම විශේෂ වාර්තාකරුවකු ලෙස විමලවීර පෙරේරා පේසාලේ වෙත පිටත්කර හරිනු ලැබීය. 'පළමුවෙනි සාම්පලය ගොඩගත් වහාම පින්තූරයි විස්තරෙයි අරන් එන්න' කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි මහතා ඔහුට දුන් උපදේශය විය.
ඔහු හනික පේසාලේ වෙත ගොස්, ජෑම් බෝතලයකට සාම්පලයක් ද රැගෙන ජයග්‍රාහී විලාසයෙන් ආවේය. එවකට සිළුමිණ කතුවරයා වූ විමලසිරි පෙරේරා මහතා මා කාමරයට කැඳෙව්වේ ඒ පුවත සිළුමිණේ මුල් පිටුවේ පළ කරන්නටය. ඒ අවස්ථාවේ කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි මහතාත්, දිනමිණ කර්තෘ පෙරමුණේ තිලක මහතාත් ඔහු සමග සිටියහ.
"මේක මේ සතියෙ සිළුමිණේ ලීඩ් එකට ගන්න" ප්‍රවෘත්තිය මා අතට දෙමින් ඔහු කීවේ ය. "අවුරුද්දට අපේම තෙල්" එහි සිරස්තලය විය.
"මේකෙත් ෆෝටෝ එකක් අරන් දාන්න! පරිස්සමෙන්! බිඳින්න එහෙම එපා! මේක වටිනා කෞතුක වස්තුවක්" ජයකොඩි මහතා කීවේය.
මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 50කටත් වැඩිය. තාමත් ඒ තෙල් ආවේ නැත. මෙවැනි බොරු පුවත් මවමින් ජනතාව රවටන පුවත් පළ කරන්නට ඔවුන් ගත් උත්සාහයන්ට සතිපතාම දායකත්වය දීමට මට සිදුවිය. වසර ගණනාවක් තිස්සේ එය මට මහා මානසික වධයක් විය.
1977 දී යළිත් ආණ්ඩු මාරුවක් සිදු විය. ලේක්හවුසිය නැවතත් කණපිට පෙරළිණ. සුබසිංහ මහතා යළිත් දිනමිණ මහ පුටුවට ආවේය. එහෙත් පාඨකයන් සතුටු කිරීමේ කලාව ලේක්හවුසියට යළි ආවේ නැත. අපේ පත්රකලා ජීවිතය නිසරු ඒකාකාරී ලෙසින් ගලා ගියේය. සුබසිංහ මහතාගේ සුපුරුදු සියුම් උපහාසයට පවා මගේ නො සතුට පහ කළ නොහැකි විය.
1979 මැද හරියේ දවසක මම අපේ දුක්ගැනවිලි කියන්න සිටි එකම තැනැත්තා සොයා ගියෙමි. ඔහු එවකට ලේක්හවුසියේ බෙදා හැරීමේ කළමනාකාර තනතුර හෙබ වූ රෝලන්ඩ් අබේසිංහ මහතා ය. "අබේසිංහ මහත්තයො, මම ලේක්හවුස් එකෙන් අස්වෙන්නයි ඉන්නෙ. මට නම් මේ විකාර බලබලා තවත් ඉන්න බැහැ." මගේ කතාවෙන් අබේසිංහ මහතා ගල් ගැසී ගියේය.
"ඔයාට ප්‍රශ්නයක් නැහැ නෙ. ඔයා අකමැති දේවල් දැක්කේ නෑ වගේ, නෑහුනා වගේ ඉන්න. අපට දැන් ඒවා හදන්න බැහැ නෙ." ඔහු මා අස්වසන්නට තැත් කළේය.
"රංජිත් විජේවර්ධන මහත්තයා හම්බවෙලා මට ප්‍රින්ටර්ස් එකෙන් සඟරාවක් ගහන්න කතා කරලා දෙන්න. දෙවැනි කලාපය ගහන්න ඉස්සෙල්ලා පළමුවෙනි කලාපෙ ගනුදෙනු බේරනව කියලා කියන්න." මම ඔහුට කීවෙමි.
පහුවදා උදෙන්ම අබේසිංහ මහතා මා සොයා ආවේය. "ඔයාගේ වැඩේ හරි! මං ඊයෙම ගියා මිස්ට විජේවර්ධන හම්බවෙන්න. එයා කැමති වුණා." අබේසිංහ මහතා කීවේය. සුබසිංහ මහතා පුදුමයෙන් මා දෙස බැලීය. ඔහුට ඒ ගැන මා කලින් කියා තිබුණේ නැත. එබැවින් මම ඔහුට කලින්දා වූ සිද්ධිය කෙටියෙන් කීවෙමි.
“ඔයා යනවා නම් මං විතරක් මෙහෙ ඉන්න එකේ තේරුමක් නැහැ. මමත් එන්නම්. මට පඩිත් එපා නිකං වැඩ කරන්නම්!” සුබසිංහ මහතා කීවේය. ඒ අවස්ථාවේ දී අබේසිංහ මහතා කීවේ, “සුබෙත් එනව නම් මමත් අස්වෙලා එන්නම්! එහෙම නම් අපි මිස්ට විජේවර්ධන කැමති කරවගෙන අලුතෙන් පත්තරයක් ම පටන් ගනිමු.” කියාය.
විජය ප්‍රකාශන ආයතනයේ ආරම්භය
ඒ අනුව මම 1979 නොවැම්බර අවසානයේ දී සිළුමිණ පුවත්පතේ රාජකාරියෙන් ඉල්ලා අස්වීම බාර දුනිමි. ඇස්. සුබසිංහ මහතාත්, රෝලන්ඩ් අබේසිංහ මහතාත්, ඔහු සමග බෙදාහැරීම් අංශයේ සහකාර කළමනාකරු සරත් ටෙනිසන් මහතාත්, ටී. පී. සේනානායක හා ධර්මදාස ෆොන්සේකා යන අළෙවි ප්‍රවර්ධන මහත්වරුත්, විශ්‍රාම ගෙන අප සමග එක් වූහ. 1980 ජනවාරි පළමු වැනිදා හුණුපිටිය හරස් හරස් පාරේ අංක 8 දරණ තැන පරණ තේ ස්ටෝරු ගොඩනැඟිල්ලක එක මේසයක් වටා හිඳගෙන පළමුවන රැස්වීම පැවැත්වීමු. එදා නාලන්ද විදුහලේ ආචාර්යවරයකු වූ අතුල මංචනායක ද එම රැස්වීමට අප සමග සහභාගි විය. ඔහු පසුව රජයේ සේවයෙන් ඉවත්ව අප හා එක් විය. (මේ පිරිස අතරින් අද ජීවතුන් අතර සිටින්නේ මා පමණය.)
ඇස්. සුබසිංහ මහතා ප්‍රධාන කර්තෘ තනතුරේ තබාගෙන අපි විජය පුවත්පත් ආයතනය ආරම්භ කෙළෙමු. ලේක්හවුසියේ පත්‍ර බෙදා හැරීමේ ප්‍රධාන කළමනාකරු රෝලන්ඩ් අබේසිංහ මහතා ඉන් ඉවත් වී අපේ සාමාන්‍යාධිකාරිවරයා ලෙසත්, සරත් ටෙනිසන් මහතා අළෙවි කළමනාකරු ලෙසත් එක් වීම අපට ලොකු ශක්තියක් විය. රංජිත් විජේවර්ධන මහතා, සිය හැකි පමණින් අපට හැම පහසුකමක් දුන්නේය. කලින් කිව් පරිදි සුබසිංහ මහතාත්, අබේසිංහ මහතාත්, මාස කීපයක් පඩි නොගෙන වැඩ කළහ.
අපට සහය දෙන්නට ලේක්හවුසියෙන් බොහෝ දෙනා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූහ. ඒ අතර ඩේලිනිවුස්, දිනමිණ හා සිළුමිණ පත්‍රවල ප්‍රධාන කර්තෘ ධර්මපාල වෙත්තසිංහ මහතාද සිබිල් වෙත්තසිංහ මැතිනිය ද, ලක්ෂ්මන් ජයවර්ධන මහතා ද වූහ. ‘සරසවිය’ පත්‍රයේ කලා සංස්කාරක නිමල් පෙරේරා ‘සිරිකත’ ඡායාරූප අංශය බාර ගත්තේය. ඡායාරූප ශිල්පී බන්දු ඇස්. කොඩිකාර ඔහුට සහය විය. දයා රාජපක්ෂ, පී. වික්‍රමනායක යන ප්‍රධාන චිත්‍රකතා ශිල්පීන් දෙදෙනා ‘සතුට’ පත්‍රය සමග වැඩ කිරීමට එක් විය. ‘විජය’ පත්‍රයේ සංස්කාරක කිත්සිරි සමරනායකගේ හදිසි අභාවයත් සමග දෙල්තොට චන්ද්‍රපාල ඒ සඳහා එක්කර ගැනීමට අපට සිදු විය.
1985 දිනක ලක්ෂ්මන් ජයවර්ධන සිරි රණසිංහ ගැන ආරංචියක් ගෙනාවේය. ඒ ඔහු සිළුමිණ පත්‍රයේ සේවයට සමුදෙන්න යන බවය. එදා සවස ම ඔහුගේ නිවසට ගොස් පසුවදාම ඇවිත් සුබසිංහ මහතා හමුවන ලෙස කියන්නැයි ලක්ෂ්මන්ට කීවෙමි. එහෙත් සුබසිංහ මහතාට ඒ බව නො කීවෙමි. එදා සවස පැවති අනෝරා වැස්ස අස්සේ ලක්ෂ්මන් පණිවිඩය ගෙන ගියේය. පසුවදා සිරි රණසිංහ දුටු සුබසිංහ මහතා පුදුමයට පත් විය. 1970 දී දිනමිණ කර්තෘ වශයෙන් සේවය කරද්දී එහි සේවය කළ තරුණ උප කර්තෘවරුන් අතරින් ඔහුගේ සිත්ගත් ගෝලයකු වූ සිරි රණසිංහගේ පැමිණී ගැන ඔහු අතිශයින් සතුටු විය. ආගිය තොරතුරු කතා බස් කළ පසු සිරි එතැනින් යන්නට නැඟිට්ටේය.
“කොහෙ යන්නද ඔන්න ඔහොම වාඩි වෙන්න. තව ටිකක් වෙලා ඉඳලා ඔය අතේ තියෙන බත් එක කාලා හවස් වෙලා යන්න බැරියැ. හෙට ඉඳලා එන්න මෙහෙ වැඩ කරන්න. ලේක්හවුස් එකට ඉල්ලා අස්වීම යවන්න” යයි සුබසිංහ මහතා කීය.
ටයිම්ස් ආයතනයෙන් එල්ලවුණු අභියෝගය
යටත් විජිත යුගයේ ලේක්හවුස් ආයතනය ආරම්භ කළ දා පටන් ඩී. ආර්. විජේවර්ධන මහතාට ලොකු අභියෝගයක් වූයේ ටයිම්ස් පුවත්පත් ආයතනයයි. එය ආරම්භයේ දී සිටම සුදු ජාතික ව්‍යාපාරිකයන් අතේ පැවති ආයතනයක් විය. විශේෂයෙන් ‘සිලෝන් ඩේලිනිවුස්’ පත්‍රයේ ඉදිරිගමනට ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රය අභියෝගයක් විය. දේශමාමක ඩී. ආර්. විජේවර්ධන මහතාට අවශ්‍ය වූයේ එය මිලදී ගෙන ප්‍රබල දේශීය පුවත්පත් ආයතනයක් පිහිටුවීමටය. එය ඔහුගේ අභිලාෂය විය. එහෙත් එය ඉටු නොවීය. එයින් නොනැවතුණු ඔහු ලේක්හවුස් ආයතනය තනිවම ස්වාධීන පුවත්පත් ආයතනයක් බවට පත් කළේය. දුරදක්නා නුවණින් යුතු ඩී. ආර්. විජේවර්ධන මහතා එදා සිතූ ආකාරයට ම ඔහුගේ අභාවයෙන් පසු කලෙක ටයිම්ස් ආයතනයෙන් එල්ලවූ අභියෝගය තවත් ප්‍රබල විය.
සිරි රණසිංහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග.
ඩී. ආර්. විජේවර්ධන මහතා, විශේෂයෙන් ඉන්දියාවේ පුවත්පතක සේවය කළ ඩී. බී. ධනපාල මහතා ගෙන්වා ගත්තේ ඔහුගේ දක්ෂතා වටහා ගැනීමේ හේතුවෙනි. ඒ අනුව මෙහි පැමිණ ‘ඩේලිනිවුස්’ පුවත්පතේ සේවය කළ ඩී. බී. ධනපාල මහතාගේ නිර්මාණශීලී හැකියාව නිසා ‘ටයිම්ස්’ පත්‍රයට වඩා ඉදිරියෙන් සිටීමට ‘ඩේලිනිවුස්’ පත්‍රයට හැකි විය. එහෙත් ඔහු 1950 ජූනි 13 වැනිදා සිදු වූ ඩී. ආර්. විජේවර්ධන මහතාගේ අභාවයෙන් පසු වැඩි කලක් ඩේලිනිවුස් පුවත්පතේ රැඳුණේ නැත. ඔහු ලේක්හවුසියෙන් ඉවත්ව ටයිම්ස් ආයතනයට එක්වී 1953 දී ‘ලංකාදීප’ සිංහල පුවත්පත ආරම්භ කළේය. එය ආරම්භ කෙරුණේ සවස පුවත්පතක් හැටියටය. එය උදෑසන පුවත්පතක් වූ ‘දිනමිණ’ට අභියෝගයක් විය. ඒ නිසා ‘ලංකාදීප’යට අභියෝගයක් වන පරිදි ලේක්හවුස් ආයතනයෙන් උදේ පත්තරයක් ලෙස ‘ජනතා’ පත්‍රය පටන් ගත්තා පමණක් නොව එහි සේවයට ‘ලංකාදීප’ පත්‍රයේ කර්තෘ මණ්ඩලයෙන් දක්ෂයන් බඳවා ගැනීමට පවා ලේක්හවුස් ආයතනය කටයුතු කළේය.
සවස පත්‍රයක් ලෙස ඇරඹුණු ‘ලංකාදීප’ය වැඩි කල් නොගොස් උදෑසන පුවත්පතක් බවට පත් විය. ධනපාල මහතාට අවශ්‍ය වූයේ ‘ලංකාදීප’ය වටා සඟ, වෙද, ගුරු - ගොවි, කම්කරු යන පංච මහා බලවේගයම ඒකරාශී කර ගෙන, ජාතික අවශ්‍යතාවලට උරදෙමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරමාදර්ශී ජාතික පුවත්පතක් ලෙස පළ කරන්නටය. ධනපාල මහතා ලංකාදීපයෙන් බොහෝ අලුත් දේ හඳුන්වා දුන්නේය. තරුණ ‘ඇල්බට් පෙරේරා’ වෙනුවෙන් අරමුදලක් ඇති කොට ඔහු සංගීතය හදාරන්නට ඉන්දියාවට යවා ‘අමරදේව’ බවට පත්කොට ජාතියට දායාද කිරීම එක් නිදසුනකි. එහෙත් එහි ඇති වූ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා ධනපාල මහතාට නිසි ලෙස සිය අරමුණුු කරා යාමට නොහැකි විය.
රංජිත් විජේවර්ධන මහතා නිසි වියට එළඹ ලේක්හවුස් ආයතනයේ පාලනය භාර ගන්නා විටත් ලේක්හවුස් ආයතනය ලංකාවේ අංක එකේ පුවත්පත් ආයතනය බවට පත්ව තිබුණත්, ‘ලංකාදීප’යේ අභියෝගය තවදුරටත් පැවතියේය. ඒ අතර එහි මතුව ආ වෘත්තීය සමිති වර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස ඩී. බී. ධනපාල මහතාට ඉන් ඉවත් වීමට සිදු විය. ඔහු සේපාල ගුණසේන මහතා සමඟ එක්ව තවත් අලුත් පත්තරයක් ආරම්භ කළේය. ඊළඟට ‘දිනමිණ’ට අභියෝගයක් එල්ල වුණේ ‘දවස’ පත්‍රයෙනි.
ජාතික පුවත්පත්වලට රජයෙන් එල්ල වූ තර්ජනය
ඒ කිසිවකින් නොසැලී ඉදිරියට ගිය ලේක්හවුසියට ඊළඟට පහර එල්ල වුණේ රජයෙනි. ලේක්හවුස් ආයතනයට පමණක් නොව සියලුම ජාතික පුවත්පත්වලට රජයෙන් තර්ජන එල්ල විය. 1970 බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මුලින් ම ‘දවස’ට සීල් තැබුවාය. ඊළඟට 1973දී ලේක්හවුස් ආයතනයත් ජනතා අයිතියට පත් කරනවා කියමින් මහා භාරකාරයා යටතට පවරා ගත්තාය. රංජිත් විජේවර්ධන මහතාට ලේක්හවුසිය අහිමි වුණේ ඒ අනුවය.
සිරිමාවන්ගේ පත්තර මෙල්ල කිරීමට එරෙහිව පත්තර නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ප්රමුඛ එජාපය 1977 දී බලයට පැමිණීමෙන් පසු පුවත්පත් ‘නිදහස්’ කළේ නැත. ලේක්හවුසිය තවදුරටත් රජය යටතේ ම තබා ගත්තා පමණක් නොව, එතැනින් නොනැවතී සිරිමාවන් ගිය මග ,අනුව යමින් ‘ලංකාදීප’ පළ කළ ටයිම්ස් පුවත්පත් ආයතනයත් රජයට පවරා ගත්තේය. ඒ අනුව සියලුම ජාතික පුවත්පත් රජයේ හොරණෑ බවට පත් විය. අන්තිමේ දී අලෙවිය අඩු වීමෙන් තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි ව ලංකාදීපය ඇතුළු සියලු ප්‍රකාශන නවතා දමනු ලැබීය.
1981 දී උපාලි විජේවර්ධන මහතා ‘දිවයින’ පුවත්පත ආරම්භ කිරීමට තීරණය කර ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගත් පසු මුලින් ම කළේ නව පුවත්පත ආරම්භ කිරීමට එක්වන්නැයි සිය ඥාති සොයුරු රංජිත් විජේවර්ධන මහතාට ඇරයුම් කිරීමය. ඔවුන් දෙදෙනා එකිනෙකාට බොහෝ සේ සමීපය. ඔවුන් අතර වයස් පරතරය වූයේ ද සති දෙකක් පමණි. උපාලි විජේවර්ධන එංගලන්තයේ ඉගෙන ගනිද්දී නතරවී සිටියේ ද රංජිත් විජේවර්ධන සමඟ ය. පුවත්පතක් පළ කිරීමේ උපාලිිගේ අරමුණ තමාගේ අරමුණට වඩා වෙනස් බව දන්නා නිසා ඔහු උපාලිගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් ඔහුට පත්තරය කර ගෙන යාමට අවශ්‍ය සියලු උදවු කරන බවට පොරොන්දු විය.
“උපාලිත් පත්තරයක් පටන් ගන්නයි යන්නෙ. ඒ නිසා අපේ පත්තරය පමා කරමු. දැනට අපි වාර ප්‍රකාශන කිහිපය විතරක් කරගෙන යමු.” පසුවදා ම රංජිත් විජයවර්ධන මහතා අප සමග කීය.
ලේක්හවුසියෙන් ඉවත්ව ආ රෝලන්ඩ් අබේසිංහ මහතාත්, ඇස්. සුබසිංහ මහතාත්, සරත් ටෙනිසන් මහතාත්, මාත් ඒ වන විට විජය ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශන සැලසුම් කරමින් සිටියෙමු. ඊට එකඟ වෙනවා හැරෙන්නට වෙන විකල්පයක් අපට තිබුණේ නැත. ඒ සමග අපේ ජාතික පුවත්පත පිළිබඳ සිහිනය බොඳවී ගියේය.
සිරි රණසිංහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සමග.
උපාලි විජේවර්ධන මහතා 1983 පෙබරවාරි 13 වැනිදා මැලේසියාවේ සිට සිය පුද්ගලික ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව බලා එද්දී හදිසියේ මලක්කා සමුද්‍ර සන්ධියේ දී අතුරුදන් විය. මේ නිසා ඔහුගේ ජනාධිපති වීමේ සිහිනයත් ඒ සමගම අහෝසි වී ගියේය. රංජිත් විජේවර්ධන මහතා අපට පුවත්පතක් සැලසුම් කිරීමට කොළ එළිය දැල්වූවේ උපාලි විජේවර්ධන මහතාගේ අතුරුදන් වීමෙන් වසර තුනකට පසුවය.
‘ලංකාදීප’ හා ‘ටයිම්ස්’ නම් අත්පත් කර ගැනීම
ලේක්හවුසිය අහිමි වීමෙන් පසු වසර හතක් පුවත්පත්වලින් ඈත් ව සිටි රංජිත් විජේවර්ධන මහතා යළිත් පුවත්පත් ඇරඹීමට කැමති වීම නිසා අපට ඊළඟට අවශ්‍ය වූයේ ඒ වන විට වසා දමා තිබූ ‘ලංකාදීප’ පත්‍රයේ නම විජේවර්ධන මහතාට ලබා දීමටය. ලංකාදීප පත්‍රයේ අවසාන ප්‍රධාන කර්තෘ හා බලධාරියා වූ එල්මෝ ගුණරත්න මහතා හා ඒ වන විට අප සමඟ එක්ව සිටි ලක්ෂ්මන් ජයවර්ධන මහතාත් ඒ සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළහ. එල්මෝ ගුණරත්න මහතා ඒ පිළිබඳව වගකිවයුතු මහා භාණ්ඩාගාරයේ නිලධරයන් ලක්ෂ්මන්ට හඳුන්වා දුන්නේය. ලංකාදීප පවුලේ ‘රසවාහිනි’ සඟරාවේ නම ඒ වන විට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර අනිත් නම් මිල දී ගත හැකි බව ගුණරත්න මහතා කීවේය. විජේවර්ධන මහතා ඒවා මිලදී ගැනීමට කැමත්ත පළ කළේය. ලක්ෂ්මන් ජයවර්ධන ඒ කටයුතු සම්බන්ධීකරණ කළේය. ඒ පිළිබඳව මහා භාණ්ඩාගාරයේ අධ්යක්ෂවරයා එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් උපදෙස් පැතූ විට කියා ඇත්තේ ‘නිසි මිල තක්සේරුවක් කර අලෙවි කළාට වරදක් නෑ’ කියායි. ඒ කටයුත්ත දිගින් දිගට ඇදී ගියේ පාඩු වීම නිසා නවතා දැමූ ආයතනයක නම් තක්සේරු කිරීමේ ගැටලුව නිරාකරණය කරගන්නට බලධාරින් අපොහොසත් වීම නිසාය.
ඒ ගැන ලක්ෂ්මන් මා සමඟ කී අවස්ථාවේ මා ඔහුගෙන් ඇසුවේ, ‘අපි ඔෆර් එකක් දීලා බලමුද’ කියා ය. මගේ අදහසට කැමති වූ ලක්ෂ්මන් ඊළඟ දවසේ මහා භාණ්ඩාගාරයට ගොස් ඒ ගැන විපරම් කළේය. එසේ නම්, ඒ ගැන සලකා බැලිය හැකි යයි අදාළ අධ්යක්ෂවරයා එකඟත්වය පළ කළෙන් ලක්ෂ්මන් ඒ ආරංචිය රැගෙන ආවේ එතෙක් ගත් උත්සාහය සාර්ථක වන බවට ලකුණු පහළ වී ඇති බව කියමිනි. සතිපතා ලංකාදීප, ඉරිදා ලංකාදීප ඇතුළු ඒ නම් සියල්ල සඳහා අපි ලක්ෂ පහක් යෝජනා කළ විට එය ලක්ෂ අටක් කරන ලෙස රංජිත් විජයවර්ධන මහතා කීය. එය තමන් මිලදී ගන්නා නම්වලට වැඩි වටිනාකමක් දෙන්නට දුර දිග බලා කළ ක්‍රියාවක් බව පසුව අපට වැටහුණි. වෙනත් ඉල්ලීම් නොවූ නිසා ඒ මුදලට නම්වල අයිතිය පවරා දෙන්නට මහා භාණ්ඩාගාරය තීරණය කළේය. ඒ අනුව ‘ලංකාදීප’ හා ‘ටයිම්ස්’ ඇතුළු ප්රකාශනවල නම් විජය පුවත්පත් ආයතනය සතු විය.
ඩී. ආර්. විජේවර්ධන මහතාගේ ජන්ම ශත සංවත්සරය දා, එනම් 1986 පෙබරවාරි 23 වැනිදා, ‘ඉරිදා ලංකාදීප’ යළි පාඨකයන් අතට පත් කරන්නට අපට හැකි විය. ඇස්. සුබසිංහ මහතාගේ ප්‍රධාන කර්තෘත්වයෙන් පළ කළ ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයට ලක්ෂ්මන් ජයවර්ධන, දෙල්තොට චන්ද්‍රපාල සහ සිරි රණසිංහ යන පත්රකලාවේදීන්ගේ සහයද නොඅඩුව ලැබුණේ ය. මේ අවස්ථාව මා දකින්නේ පියාගේ අභිලාෂයක් ඉටුකරලීමට පුතා සමත් වූ මොහොතක් හැටියටය.
එය කූටප්ප්‍රාප්ත වූයේ 1987 ජූනි 9 පාවැනිදා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත යළි පළ කිරීම ආරම්භ කිරීමත් සමගය. එහි කර්තෘත්වය දැරුවේ විජිත යාපා ය. එයින් පසුව දිනපතා ‘ලංකාදීප’ යළි පළ කිරීම අරඹන්නට තවත් වසර තුනක් බලා සිටින්නට සිදු විය. මුලින් එය 1990 දෙසැම්බර් 5 වැනිදා යළි පළ වූයේ සති මැද පුවත්පතක් ලෙසය. ලංකාදීපය දිනපතා පළ කරන්නට පටන් ගත්තේ 1991 සැප්තැම්බර් 10 දා සිටය. පාඨකයන් සතුටු කිරීමේ පත්‍ර කලාව යළිත් එළඹ ඇති බව ‘ලංකාදීපය’ ඉතා ඉක්මනින් ම වැඩි අලෙවියක් වාර්තා කිරීමෙන් අපට පසක් විය.
දිනපතා පුවත්පතක් පළ කිරීමට විශාල පිරිස් බලයක් අවශ්‍යය. එය සපයා ගැනීම, විධිමත්ව හසුරුවා ගැනීම, ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සුබසිංහ මහතාට දුන් ආකාරයේ සහයක් සිරි රණසිංහ මහතාට දෙන්නට මට අවස්ථාව ලැබුණේ නැත. ඒ, ඒ වන විට මා විජය ප්‍රකාශන ආයතනය හැර ගොස් සිටි නිසාය. ලේක්හවුසියේ පමණක් නොව වසා දමන ලද ‘දවස’ හා ‘ලංකාදීප’ පත්‍රවල සේවය කළ අපේ මිතුරු පත්රකලාවේදීන් පිරිසත්, මා සමග ‘සිළුමිණ’ පත්‍රයේ දිගු කලක් සේවය කළ පී. බී. ඉලංගසිංහ සුමිතුරාත් ඔහුට ශක්තියක් වූ බව මම දනිමි.
සිරීගේ දෛවය එදා ඔහු ලේක්හවුසියේ සිළුමිණෙහි ම රැඳෙව්වා නම් ඔහු විශ්‍රාම ගොස් බොහෝ කල් ය. ලංකාදීපයෙහි මෙතෙක් ගත කළ වසර 33ක කාලය තුළ සිළුමිණෙහි කතුවරුන් 12 දෙනකු මාරු වී ඇත. එහෙත් ඒ වෙනුවට ඔහුගේ දෛවය ඔහුව රංජිත් විජේවර්ධන මහතා ළඟට තල්ලු කිරීමට තරම් කාරුණික වූ නිසා ඔහුට 83 විය පසු කරන මේ මොහොත වන විටත් එම පදවිය හොබවමින් පත්රකලා ලෝකයේ ඒ විශිෂ්ට වාර්තාව සපුරාලන්නට හැකි වූ බව මගේ හැඟීමයි.
තනිවම ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටිමින්, වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ මල් ඵල ගන්වා ගෙන, වසර 33ක් තිස්සේ ලංකාදීපය පවත්වා ගෙන යාම සිරිගේ අසිරියට තවත් හොඳ නිදසුනකි; ඒ වෙනුවෙන් ඇගයුම් උළෙලක් සංවිධානය කිරීම ගැන ‘සිරි රණසිංහ මිත්‍ර සමාජය’ටද අපගේ තුති කුසුම් පිරිනැමේ. මේ අවස්ථාව දකින්නට සුබසිංහ මහතා නොසිටීම ශෝකයට කරුණකි.
“සිරි රණසිංහ සහෘදයාණනි, ඩී. බී. ධනපාල හා ඇස්. සුබසිංහ යන පුරෝගාමී ප්‍රධාන කතුවරුන් දෙපළගේත්, අපේ පාඨකයන්ගේත්, මගේත්, ජාතික පුවත්පතක් පිළිබඳ සිහිනය ‘ලංකාදීප’ය තුළින් සැබෑ කර දීම ගැන ඔබට ප්‍රණාමය පුද කරන්නට, මම මෙය අවස්ථාවක් කර ගනිමි. තවදුරටත් සේවයේ යෙදෙන්නට ඔබට චිරජීවනය පතමි.
= පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com2tag:blogger.com,1999:blog-2647493662865092414.post-10438093243437308682023-12-18T23:27:00.000+05:302023-12-18T23:27:20.756+05:30නවයුගය, මිහිර හා තරුණි නිර්මාතෘ ගැන තොරතුරු එවන්න!
මා මේ සටහන ‘මල්කැකුළු’ පාඨකයන් වෙනුවෙන් ලියන්නේ විශේෂ ඉල්ලීමක් කරන්නයි. සිළුමිණ පත්‍රයේ තුන්වැනි කතුවරයා වූ ලියනගේ මහතා ගැන පොතක් ලියන්නට එතුමාගේ මීමුනුපුරකු ඉදිරිපත් වී සිටිනවා. මින් 60 වසරකට පෙර ශ්‍රී ලාල් හික්කඩුවේ ලියනගේ මහතා ආරම්භ කළ ‘නවයුගය’ සඟරාවේ පසු කලෙක අනුප්‍රාප්තික සංස්කාරකවරයකු වශයෙන් කටයුතු කළ නිසා මේ සද්කාර්යයට උපකාර කිරීම මගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ නිසයි, මේ ඉල්ලීම කරන්නේ.
ශ්‍රී ලාල් හික්කඩුවේ ලියනගේ මහතා
ශ්‍රී ලාල් හික්කඩුවේ ලියනගේ මහතා ජීවමානව ම මට දැක ගත හැකි වූයේ මා එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමෙහි (ලේක්හවුසියේ) අංකුර පත්රකලාවේදියකු ලෙස සේවයට එක් වූ පසුවයි. එ් 1964 වසරේ අගභාගයේ දී පමණයි. ඒ අවස්ථාවේ දී එතුමා ‘නවයුගය’ සඟරාවේ හා ‘මිහිර’ ළමා පුවත්පතෙහි කතු පදවි හොබවමින් සිටියා. ඒ වන විට ඔහුට වඩා ජ්‍යේෂ්ඨ සිංහල පත්‍ර කලාවේදියකුට සිටියේ අපේ කවුරුත් ‘ලොකු සර්’ කියා ඇමතූ පියසේන නිශ්ශංක මහතා විතරයි. ඔහු තමා ‘සිළුමිණ’ පුවත්පතේ ආරම්භක කතුවරයා වුණේ. නිශ්ශංක මහතාගෙන් පසු සිළුමිණ කතු පදවියට පත් වූයේ ශ්‍රී ලංකා ලේඛක පරපුරේ සිළුමිණ ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු දිනමිණ කර්තෘ වශයෙන් පත්ව ගිය පසුව සිළුමිණ පත්‍රයේ කර්තෘ පදවියට පත් වූයේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතායි.
ඒ කාලේ ‘දිනමිණ’ පත්‍රයට කර්තෘ මණ්ඩලයක් සිටිය ද ‘සිළුමිණ’ පත්‍රයට කර්තෘ මණ්ඩලයක් සිටියේ නැත. එදා ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයට ද අද මෙන් විශාල පිරිසක් සිටියේ ද නැත. ප්‍රධාන වශයෙන් සිටියේ පරිවර්තකයන්, වාර්තාකරුවන්, විශේෂාංග ලේඛකයන් අතළොස්සක් පමණි. ඒ අය ද පුවත්පත් දැන්වීම් පළ කර බඳවා ගත් අය වූහ. ලියනගේ මහතා සිළුමිණ භාර ගන්නා මොහොතේ එහි සිටි පියන් ද මාරුවක් ලබා ගෙන ගිය නිසා ඔහුට තනිවම ‘සිළුමිණ’ බාර ගැනීමට සිදු විය.
‘මෙන් ඇන්ඩ් මෙමරීස්’ (Men and Memories) නම් සිරස්තලය යටතේ ඔහු ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතට ලියමින් සිටි ලිපි පෙළට ‘සිළුමිණ ස්වර්ණමය යුගය’ නමින් එම ලිපිය එක් කරමින් එදා ඔහු ලියනගේ මහතා පිළිබඳ තැබූ සටහන මෙසේ යි: “මාර්ටින් වික්‍රමසිංහ හා නිශ්ශංක යන දෙදෙනා හැරුණු විට අපට තවත් අමතක නොවන එක් චරිතයක් විය. ඒ, ලොක්කාගේ එකම අභිප්‍රාය වූ සිළුමිණ අනිකුත් තරඟකාරී පුවත්පත්වලට වඩා ඉදිරියෙන් තබා ගැනීමට දුනුදිය දරා සිටි ශ්‍රීලාල් ලියනගේය. ඒ යෝධ කතුවරුන් දෙදෙනාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ආ ඔහු විශ්‍රාම යනතුරුම ඒ සිළුමිණ කතු අසුන අරා සිටීමට සමත් වූ බව කිවයුතුයි
“මගේ කාලයේ දී සෙනසුරාදා රාත්‍රියේ සිළුමිණ කාර්යාලයේ වැඩ කළ එකම එක තැනැත්තා ඔහු විය. ඔහුගේ කෙසඟ සිරුරත්, අවුල් වූ හිසකේත්, පොඩි වී, රැලි වැටුණු ඇඳුම් ආදියත්, නිසා ඒ අවතාරයක් දෝයි කෙනකු වරදවා වටහා ගන්නට ඉඩ තිබුණේ ය. ඔහු තුළ පැවති එකම නොමැකෙන ලක්ෂණ වූයේ මුහුණ පුරා පැතුරුණු සිනහවත්, දෙපිට කැපෙන සිරස්තල දැමීමේ හැකියාව ඔහුට ලබා දුන් තියුණු මනසත් ය. අද වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු නුගේගොඩ ඔහුගේ කුඩා ගෙවත්තෙහි වූ නිවසෙහි තවමත් නිරෝගී සුවයෙන් වෙසෙන්නේ ය. ඔහු එහි වවා ඇති දැවැන්ත කොස් ගස්වල ඵලදාව කොළඹ ජනගහනයෙන් අඩකට වුව කන්නට දෙන්නට තරම් ප්‍රමාණවත් ය.
“අද අඩ සියවසක් සපුරන, සිළුමිණ කතු මඬුල්ල කැවුම්, කිරිබත් ආදියෙන් පිරී ඇති මේ මොහොතේ ඊට එක්ව සිටින හැමදෙනාගේම සිතට නැඟෙන සිතුවිල්ලක් තිබේ. එනම් වර්තමාන කතුවරයා වූ එඩ්මන්ඩ් රණසිංහ මහතා කරුණු දෙකක් එකවර සපුරා ගන්නේ කෙසේද යන්නයි.
“පළමුව, වසර 50කට පෙර, ඊට පුරෝගාමී වූ ඩී. ආර්. විජේවර්ධනයන් ආරම්භ කළ ගැම්ම එසේ ම පවත්වාගෙන යමින් දෙවනුව, සිංහල ජනතාවගේ බුද්ධිමත් කොටස් අතර හොඳහිත ඇති කළ, කීර්තිමත් පත්රකලාවේදීන් වන මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක, ශ්‍රීලාල් ලියනගේ, ඩෙන්සිල් පීරිස්, මීමන ප්‍රේමතිලක, ඇස්. සුබසිංහ, ඩී. ඩී. වෙත්තසිංහ, විමලසිරි පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම ඇතුළු තවත් අය විසින් ඉහළට ගෙන ගිය සිළුමිණෙහි අළෙවිය, තම රුධිර පීඩනය ඉහළ නංවා නොගෙන, අළෙවිය පමණක් ඉහළ නංවා පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්නයි.” [MEN AND MEMOIERS, Sunday Observer, 30.03.1980]
පළවූ ලිපියකිනි. මේ සමග පළවන අනෙක් ඡායාරූපය සිළුමිණට වසර 93ක් සැපිරූ අවස්ථාවේ දී
- පර්සි ජයමාන්න
ලියනගේ මහතාගේ මීමුනුපුරා වූ දිල්නුක සිල්වා මා වෙත කළ ඉල්ලීම පහත පළ වෙනවා.
ශ්‍රී ලාංකේය පත්‍ර කලාවට අමරණීය සේවයක් ඉටුකළ කෘතහස්ත පත්රකලාවේදී ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ මහතාගේ මීමුනුබුරෙකු වන මම එතුමාගේ ජීවිත අන්දරය ග්‍රන්ථාරූඪ කරමින් සිටිමි.
1934දී භාෂා පරිවර්තකයෙකු ලෙසින් ලේක්හවුසියට බැඳුණු ඔහු පළමුව සිය දායකත්වය ලබා දෙන්නේ සිළුමිණ පුවත්පත වෙතටයි. වසර 9 ක් එහි කතුවරයාව සිටි අතරතුරේ දිනමිණ අධීක්ෂක කර්තෘ ධූරයේද නියැළුණේය.
ඔහු කර්තෘ ධූරය දරන සමයේදී පත්‍රයේ අලෙවිය විශිෂ්ට වාර්තාවක් තබන්නට සමත් වුණේ ඉතා කෙටි කාලයකිනි.
පරිපාලනයෙන් එල්ලවුණු යම්යම් අසාධාරණකම්වලට විරෝධය පාමින් 1953 දී ඉල්ලා අස්වුවද නැවත පාලන පක්ෂයේම ආරාධනය පිළිගෙන 1956 දී සඟරා ලොව ප්රතාපවත් සලකුණ බිහි කෙරුමට අත්තිවාරම සැකසුවේය. ‘නවයුගය’ සඟරාව එළි දකින්නේ ඒ ලෙසිනි.
1956 දී ‘නවයුගය’ සඟරාවේ මංගල කලාපය ලේක්හවුස් ආයතනයේ එවකට අධ්යක්ෂවරයකු වූ ජී. බී. ඇස්. ගෝමස් මහතාට එහි කළමනාකරු අමරතුංග මහතා විසින් පිරිනැමූ අවස්ථාව. පසෙකින් සිටින්නේ
ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ මහතායි.
අනතුරුව 1969 දී ප්‍රථම ළමා පුවත්පත මිහිර හා 1969 දී තරුණී පුවත්පත ද ආරම්භ කරනු ලැබූ එතුමා 1972 දී ලේක්හවුසියෙන් ඉල්ලා අස්වී තම සැදෑ සමය සුවෙන් ගෙවනු ලැබුවේය.
මෙතුමන්ගේ තොරතුරු බොහෝ ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇති අතර ග්රන්ථ රචනයද නිම වෙමින් පවතී. එහෙත් එතුමාගේ හිතවතුන් අතර එතුමා පිළිබඳ මතක සටහන්, එතුමාගෙන් ලද ලිපි ආදියත්, එතුමා සමග ගත් ඡායාරූප ආදියත් තිබිය හැකි යැයි අපට සිතේ. එතුමා ඇසුරු කළ ලේඛක ලේඛිකාවන් බොහෝ දෙනකු ජීවතුන් අතර නැතත් ඔවුන් ඉතිරි කර ගිය මතක සටහන් අතර තවත් වැදගත් දේ ඇත්නම් ඒවා ද එතුමා පිළිබඳව කරන මේ ග්රන්ථයට එක්කළ හැකිය. ඔබේ පියා හෝ වැඩිහිටි ඥාතියා ළඟ තිබී ඔබට හමුවී ඇත්නම් යම් වැදගත් දෙයක් අප එවන්න තරම් කාරුණික වෙන්න. තවත් ඇත්නම් අපට ඔහු ලියූ පොත පත, නවයුගයේ මුල් කලාපවල පිටපත්, ඔහුගේ අත් අකුරු ආදිය මේ ග්රන්ථයට එය අලංකාරයක් එක්කරනු ඇත.
මගේ ඉල්ලීමට කාරුණික වන්න! එය මාහට විශාල රුකුලක් වනු ඇත.
දිල්නුක සිල්වා
මගේ දුරකථන අංකය
0719396890
සිළුමිණ පත්‍රයට වසර 93ක් පිරුණු අවස්ථාවේ පැවති විශේෂ උත්සවයට අමුත්තන් ලෙස සහභාගි වූ දිල්නුක සිල්වා ශිෂ්‍යයා හා දීප්ති ලියනගේ මහතා (සිළුමිණ තෙ වන කතුවරයා වූ ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ මහතාගේ මීමුනුපුරා හා පුතා) ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට, වත්මන් සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතා ඇතුළු ලේක්හවුස් ප්‍රධානීන් සමග.
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com1tag:blogger.com,1999:blog-2647493662865092414.post-25540319543373212152023-12-10T22:49:00.004+05:302023-12-10T22:51:25.162+05:30විස්මිත මහා සාගර සම්පතකට මැදි වුණු ශ්‍රී ලංකාව
“ලෝකෙන් උතුම් රට ලංකාවයි...” කියා ගීයක් ලක් ළමුන් අතර දේශානුරාගය වඩවන අටියෙන් අඩ සියවසකට පෙර අධ්‍යාපන ඇමතිවරයකුව සිටි ප්‍රකට ලේඛකයකු වූ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන් විසින් රචනා කර දීපව්‍යාප්තව පාසල් අතර තරඟයක් පවා පැවැත්වූවා අපට මතකය. එතුමා එ් ගීතය රචනා කළේ හුදෙක් දේශමාමක හැඟීමකින් යුතුව, ළමුන් තුළ සියරට ගැන අභිමානයක් ඇති කිරීමට මිස, පෘථිවියෙහි ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන ඇති සුවිශේෂත්වය ගැන සලකා ගෙන විය නො හැකිය. මේ මෑතකදී පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානයන්ගෙන් එක් තැනක් ශ්‍රී ලංකාවෙහිත් ඇති බව ඇමෙරිකාවේ නිල වශයෙන් නාසා ආයතනය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව අභ්‍යවකාශයට යානා යවන්නට හා ගෙන්වා ගන්නට පහසු තැනක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ මුහුදු අයිතිය දක්වන සිතියමක්.
මේ ප්‍රකාශය ගැන මා විස්මයට පත් නොවූයේ චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස සැලකෙන දිවංගත ආචාර්ය ආතර් සී. ක්ලාක්ගෙන් මට ඒ ගැන කලින් අසන්නට ලැබී තිබුණු නිසාය. මීට වසර 30කට පෙර 1994 දී මංගල HD ටෙලිවිශන් විකාශය ලොවට හඳුන්වා දුන්, ඒ ඓතිහාසික දිනයේ දී (1994 නොවැම්බර් 25 වැනිදා) ‘සිළුමිණ’ පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ආචාර්ය ආතර් සී. ක්ලාක් ඒ පිළිබඳව මා සමග කී අයුරු මට අද මෙන් මතකය. “මම මගේ අවසාන නවාතැන ලෙස තෝරා ගෙන තියෙන්නේ ලංකාවේ ගාල්ලේ උණුවටුන ගම්මානයයි. එහි තමා මේ මිහිමත ඇති අඩුම ගුරුත්වාකර්ෂණයක් තියෙන්නේ. අභ්‍යවකාශයට එන්නත් යන්නත් ඉතාම සුදුසු තැනක්. කවදාහරි දවසක ලෝකයේ මෙතෙක් යවන ලද කෘත්‍රිම චන්ද්‍රිකා හා අභ්‍යවකාශ යානා සියල්ල අක්‍රිය වූ පසු පාවී අවුත් උණවටුනට ඉහළ උඩුගුවනේ එක් රැස් වෙනවා. එතැන මගේ අවසන් නවාතැන කර ගන්න ඉඩමකුත් අරන් තියෙන්නේ.” යනුවෙන් එදා කීවේ මා මවිතයට පත් කරමිනි.
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ පිහිටීම.
ශ්‍රී ලංකාව, නිවර්තන කලාපයේ සමකයට ආසන්නව, කර්කටක හා මකර නිවර්තන අතර, ඇති කුඩා දූපත් රාජ්‍යයකි. එය ඉන්දියාවෙන් වෙන් වන්නේ ඉතා පටු නො ගැඹුරු මුහුදු තීරයකිනි. මේ මායිම පෝක් සමුද්‍ර සන්ධිය ලෙසින් හැඳින්වෙයි. ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියන් සාගරය තුළ පිහිටා ඇති තවත් දූපත් රාශියක් තිබේ. වෙන ම නිදහස් රාජ්‍යයක් ලෙස මාලදිවයින් දූපත් පෙළත්, ඉන්දියාවේ සන්ධීය රාජ්‍ය වූ අන්දමන් හා නිකෝබාර් දූපත්, ලැකදිව් හෙවත් ලක්ෂදීප් මුහුදේ පිහිටි ලක්ෂදීප් දූපත් යනාදිය දැක්විය හැකියි.
ගිලීගිය නැව් සංචාරක ආකර්ෂණය සඳහා කිමිදුම් ව්‍යාපෘති
බවට පත් කළ හැකිය.
උතුරු ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්කට නැගෙනහිරින් හා දකුණු ඉන්දියානු උප මහාද්වීපයට දකුණින් පිහිටි, ශ්‍රී ලංකාව වටා ඇති සාගර ජලයෙහි ඇති ගැඹුරු බව හේතු කොට ගෙන, වෙනස් වන උදම් රළවලින් ශ්‍රී ලංකා වෙරළට සිදු වන බලපෑම අවම කරයි. ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් වර්ග කි.මී. 65,525කි. රට තුළ ඇති ජලාශ අත්හැරිය විට අපට හිමි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 62,336කි.
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ දේශ සීමාවක් මෙන් ම මුහුදු සීමාවක් ද තිබේ. 1994 නොවැම්බර් 16 වැනි දින සිට බලාත්මක වූ අන්තර්ජාතික සාගර නීතියට අනුව ලෝකයේ සෑම වෙරළබඩ රාජ්‍යයකට ම වෙරළ මායිමේ සිට නාවික සැතැපුම් 12ක මුහුදු සීමාවක අයිතිය උරුම කර දෙනු ලැබී ය. එය හැඳින්වෙන්නේ රාෂ්ට්‍රීය මුහුදු සීමාව (National Meritme Boundary) කියා ය. ඊට පිටතින් පිහිටා ඇත්තේ යාබද මුහුද හා අනන්‍ය ආර්ථික කලාපයයි.
ශ්‍රී ලංකාව, ප්‍රමාණයෙන් කුඩා දුපතක් වුවද එය ඉතා සුවිශේෂී වූ භුවිෂමතාවකින් යුක්තය. රට මැද පිහිටි කඳුකරය, ඒ වටා විහිදුනු අභ්‍යන්තර තැනිතලාව සහ වෙරළබඩ තැනිතලාව යනුවෙන් ප්‍රධාන භුවිෂමතා කලාප තුනකට වෙන් කර දැක්විය හැකිය. එම කලාපවල එකිනෙකට වෙනස් වූ සංකීර්ණ විෂමතා ලක්ෂණ දැක ගත හැකිය. ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය හා වාසයට හිතකර වූ දේශ ගුණය සහිත මෙරට භූගෝලීය අනන්‍යතාව තවදුරටත් තහවුරු කිරීමට මේ භූවිෂමතා හේතු වී ඇත.
මෙරට පවතින භූ විෂමතාව සහ දේශගුණික විවිධත්වය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමටද සමත් වී තිබේ.
ශ්‍රී ලංකාව නිවර්තන කලාපයෙහි පිහිටි රටක් වන බැවින් සීත ඍතුවක් දක්නට ලැබෙන්නේ නැත. එසේ ම අවුරුද්ද පුරා ම පැතිරුණු වර්ෂාපතනයක් රටට ලැබෙන අතර එය සිදුවන්නේ ප්‍රධාන ක්‍රම තුනකට ය. එනම් මෝසම් වර්ෂාව, සංවහන වර්ෂාව සහ වාසුළි වර්ෂාව ආදී වශයෙනි. පෙබරවාරි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවෙහි සාමාන්‍යයෙන් පවතින්නේ වියළි කාලගුණයකි. කුඹුරුවල වී අස්වනු නෙළීම සිදු වන්නේද මෙම කාලයේදීය.
සාගරයේ විශාලතම සත්වයා වූ තල්මසුන් මිරිස්සේ දී නරඹා
පැය දෙක තුනකින් උඩවලවට ගොස් ගොඩබිම දැවැන්තයා වූ අලියා
නරඹන්නට හැකි එකම රට ශ්‍රී ලංකාවය.
උඩවලවේ දී දැක ගත හැකි අලිරංචුවක්.
වර්ෂය පුරා පැතිර පවත්නා වර්ෂාපතනය සහ උෂ්ණත්වය හේතුකොටගෙන දිවයිනේ තෙත් කලාපය අයත් ප්‍රදේශවල වනාන්තරාශ්රිතව උසින් වැඩි ශාක ව්‍යාප්තව පවතියි. වැඩිපුර වියළි දේශගුණයක් පවතින වියළි සහ අර්ධ ශුෂ්ක ප්‍රදේශවල කටු පඳුරු සහිත වන ලැහැබ් ද වෙරළාශ්‍රිත කලපු සහ ගංගා මෝයවල කඩොලාන ශාකද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශයක සිට රට තුළට ගමන් කරන සංචාරකයකුට 70km වැනි කෙටි දුරකදී භූවිෂමතාව, දේශගුණය සහ වන වැස්මෙහි ඇති විවිධත්වය ද දැක ගත හැකි ය; එසේ ම එහි සුන්දරත්වයද අත්විඳිය හැකි ය.
සොබා දහමේ සුන්දරත්වය විඳිනු රිසියකුට ලොව කොතැනක හෝ නොලද හැකි විස්මයජනක අත්දැකීමක් පැය කීපයක් තුළ විඳගන්නට ශ්‍රී ලංකාවේ දී හැකියාව තිබේ. ඒ මිරිස්සේ මුහුදේ දී ලොව ලොකුම සාගර ජීවීන් වූ තල්මසුන් දැක ගන්නටත්, ඉන් හෝරා දෙක තුනක ගමනකින් උඩවලවේ දී ගොඩබිම ලොකු ම සතුන් වන අලි ඇතුන් දැක ගන්නටත් හැකිවීම ය.
ලංකාවට විදෙස් ඇස ගැටුණු හැටි හා සේද මාවතේ අපට හිමි වූ තැන
ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාව, ආසියානු වෙළෙඳ කටයුතුවලදී ප්‍රබල භූමිකාවක් ඉටු කළ රාජ්‍යයකි. ඉන්දියානු උපමහාද්වීපයට ආසන්නව, ඉන් වෙන්ව, කුඩා දිවයිනක් වශයෙන් පිහිටීමත්, ඉන්දියානු සාගරය මැද ස්ථාන ගත වීමත් නිසා ශ්‍රී ලංකාව පෙර’පර දෙදිග යා කළ මුහුදු සේද මාවතේ ඉතා වැදගත් සංධිස්ථානයක් බවට පත් විය. මේ නිසා ආසියාවේ වෙළෙඳ කටයුතුවලදී ශ්‍රී ලංකාවට සුවිශේෂ තැනක් හිමි විය. එපමණක් නොව ලක්දිවෙන් ලෝකයට දුන් වෙළෙඳ ද්‍රව්‍ය අන්තර්ජාතික වෙළෙඳාමේදී ඉතා වටිනා ඒවා වූ නිසා විදෙස් වෙළෙඳුන්ගේ නොමඳ අවධානය ලක්දිව වෙතට යොමු විය. එසේ ම ලක්දිව සතුව පැවති වරාය පද්ධතියට ද එකල ආසියාවේ වෙළෙඳ කටයුතුවලදී ප්රමුඛ ස්ථානයක් හිමි විය.
පුරාණ සේද මාවතේ ලංකාවට හිමි තැන, එහි ප්‍රධාන නගර හා වරාය නගර ගැන අතීතයේ විවිධ ජාතික සංචාරකයන් විසින් තබන ලද සටහන්වලින් හා ඉපැරණි සිතියම්වලින් පැහැදිලිව අවබෝධ කර ගත හැකිය. මේ මහ නගර හා වරාය නගරවල ස්වභාවය, ඒවාට එන නැව්වලට ඇති ආරක්ෂාව ආදිය පැහැදිලිව දක්වා තිබේ. මේ චාරිකා සටහන් තබා ඇත්තේ ග්‍රීක, ඉතාලි, අරාබි හා චීන ජාතික සංචාරකයන් විසිනි. ඒ හැරෙන්නට ඉන්දියානු උප අර්ධද්වීපයෙන්, යුරෝපයෙන්, චීනයෙන් හා අරාබිකරයෙන් එන වෙළෙඳුන්ට දැක ගත හැකි වන පරිදි ලංකාවේ භූමි සිතියම්වල ඒ ස්ථාන පැහැදිලිව ලකුණු කර තිබේ.
අතීතයේ දී ලංකාවේ වරාය අතුරින් ඉතා වැදගත් තැනක් හිමි වූයේ මහාතිත්ථ වරායට ය. මහා වරාය යනුවෙන් ද හැඳින්වුණු මේ වරාය, පැරණි ලේඛනවල, මාතොට, මහවොටී, මහපුටු, මාවටු, මවතුතොට, මහපටන, මාතොට හා මාතෝට්ටම් ආදී නම්වලින් ද හඳුන්වා ඇත. වර්තමානයේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන ‘මාතොට වරාය’ වයඹදිග වෙරළෙහි පිහිටීම හේතු කොට ගෙන අපරදිග රාජ්‍යයන් සමඟ සබඳතා පැවැත්වීමේ දී විශේෂයෙන් වැදගත් විය. මේ වරායේ භූගෝලීය පිහිටීමේ ඇති වැදගත්කම ගැන ලක් ඉතිහාසය පිළිබඳ විශේෂඥවරියක වූ මහාචාර්ය සිරිමා කිරිබමුණ මෙසේ දක්වා ඇත:
“මේ අතින් බලන විට වරායවල සාපේක්ෂක ආරක්ෂාව, යාබද රටවල වරායවලට ඇති ආසන්න බව, නැවියන්ට වුවමනා කරන භාණ්ඩ සහ වෙළෙඳ භාණ්ඩ පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම, සම්පත් මධ්‍යස්ථානවලට සහ දේශපාලනික මධ්‍යස්ථානවලට සම්බන්ධකම් ඇති අභ්‍යන්තරික සන්නිවේදන පද්ධතිය, සාපේක්ෂිත දේශපාලන ස්ථාවරභාවය සහ පරිපාලනය, තරගකාරි වෙළෙඳ ඉල්ලුම්වලට දක්වන සංවේදීභාවය යන කරුණු පූර්ව නූතන අවදිවල සාමූද්‍රික වෙළෙඳාමට වරායන්වලින් දිය හැකි අනුග්‍රහ විය. මේ අවදියේදී මහාතිත්ථය නැව් ගොඩ බසින ප්‍රධාන වරායක් බවට පත් වීමේහිලා මේ පූර්ව තත්ත්වය අත්‍යවශ්‍යයෙන්ම හේතු විය.”
එම පැහැදිලි කිරීමට අනුව මහාතිත්ථ වරායේ පිහිටීම ආසියානු වෙළෙඳ කටයුතුවල සංවිධානයෙහි ලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එහිදී ඉන්දියානු සාගර සුළං පද්ධතිය ඔස්සේ යාත්‍රා කරන නැව් අනිවාර්යයෙන්ම ඉන්දියාවෙහි බටහිර වෙරළේ හෝ ලක්දිවෙහි බටහිර වෙරළේ වූ නැව් තොටක නැවැත්විය යුතුය. එහිදී බටහිර ඉන්දියානු වෙරළෙහි වූ වරායන් හා සසඳන විට ලක්දිව මහාතිත්ථ වරාය ආරක්ෂාව අතින් ඉතා ඉදිරියෙන් සිටි බව පෙනේ.
ක්‍රි.ව. පළමුවන සියවසේදී ක්ලෝඩියස් ටොලමි විසින් අඳින ලද ලංකා සිතියමේ ‘මගණ’ වශයෙන් හඳුන්වා ඇත්තේ මෙම වරායයි. ‘මගණ’ යන ග්‍රීක වදනෙහි අරුත ‘මුතු බෙල්ලන්’ යන්න ය. එයින් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශය මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ බව ය. ඒ යුගයේ දී බටහිර වෙළෙඳුන් අතර ද මෙම වරාය ප්‍රසිද්ධියට පත්ව තිබූ බව ඉන් තහවුරු වේ. අනුරාධපුර රාජධානි සමයේ ප්‍රධාන වරාය වූයේ ද මහාතිත්ථය යි. ඊට හේතු වූයේ එම වරාය අගනුවරට වඩාත් ආසන්නව පිහිටි බැවිනි. ඒ යුගයේ දී විදේශ වෙළඳාම් ඒකාධිකරය රජු සතු වූ බැවින් රජුගේ අධීක්ෂණයට එය පහසුවක් විය.
අනුරාධපුර රාජධානි අවධියේ මහාතිත්ථය වැදගත්ම වරායක් වූ බව චීන ජාතික ෆාහියන් හිමියන්ගේ සංචාරක වාර්තාවලින් තහවුරු වේ. ක්‍රි.ව. පස් වන සියවසේ දී ලක්දිවට පැමිණි ෆාහියන් හිමියන් තමන් ගොඩබට වරාය නාමිකව සඳහන් නොකරතත්, වරාය සම්බන්ධයෙන් කරන විස්තරයට අනුව එය මහතිත්ථ වරාය බවට අනුමාන කළ හැකිය. උන් වහන්සේ ලංකාවට පැමිණීමෙන් පසු කරන විස්තරය තුළ දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත්තේ මුතු සම්බන්ධයෙනි. එයින් ගම්‍ය වන්නේ ලංකා මුතු සඳහා චීනයේ මෙන්ම සමකාලීන අන්තර්ජාතික වෙළෙඳාමේ විශේෂ ඉල්ලුමක් තිබූ බව ය. ලක් රජු මුතු කිමිදීම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ බවත් එම නිසා මුතු නිෂ්පාදිත ප්‍රදේශවල කටයුතු සඳහා කුලී හේවායින් යොදවා තිබූ බවත් පාහියන් හිමියන් සිය විස්තරයෙහි තවදුරටත් දක්වා ඇත.
මහාතිත්ථ වරායට චීන වෙළෙඳුන් පට පිළී රැගෙන පැමිණි අතර ඔවුන්ගෙන් බදු අය කිරීම සඳහා ‘මහපුටු ලද්දන්’ නම් නිලධාරියකු පත් කර සිටි බව මන්නාරම කාච්චේරි ටැම් ලිපිය මඟින් කරුණු සනාථ වේ.
ආසියානු වෙළෙඳාමට බලපෑ තවත් වැදගත් වරායක් නම් ජම්බුකෝළ පට්ටන (දඹකොළ පටුන) ය. මෙම පිහිටියේ වර්තමාන කන්කසන්තුරේ ය. මෙම වරායේ භූගෝලීය පිහිටීම උතුරු ඉන්දියාවෙහි තාම්රලිප්ත වරාය හා සම්බන්ධතා පැවැත්වීමේදී වැදගත් වන්නට ඇත. ඒ අනුව ක්‍රි.පූ. තුන් වැනි සියවසේ සිට ලංකාව සහ ඉන්දියාව අතර සිදු වූ සංස්කෘතික සබඳතාවලදී මෙම වරාය විශේෂ තැනක් ගත්තේ ය. තාම්රලිප්තයෙන් නැව් නැඟි සංඝමිත්තා තෙරණිය රැගත් නෞකාව දඹකොළ පටුනට පැමිණි බව දැක්වේ. දේවානම්පියතිස්ස රජු සහ අශෝක රජු අතර සිදු වූ දූත ගමන් ද සිදු වී ඇත්තේ ද මෙම වරාය හරහා ය.
දඹකොළ පටුනේ සිට ඉන්දියාවට නැව් යාත්‍රා කිරීම ක්‍රි.පූ. පළමු වැනි සියවසේ එනම් වළගම්බා රාජ්‍ය සමයදී සිදු වූ බවට තොරතුරු ඤාණවිභංග අටුවාවෙහි චූලසීල ස්ථවිර කථාවෙහි දැක්වෙයි. මිළින්ද ප්‍රශ්නයෙහිද ඒ ගැන සඳහන් වෙයි. එහි කෝළපට්ටන නම් වරාය මෙම දඹකොළ පටුන බව නිසැකය.
ත්‍රිකුණාමලය වරාය ද ආසියානු වෙළෙඳ ජාලයේ ඉතා වැදගත් වරායක් විය. එදා ‘ගෝකණ්ණ’ කියා හැඳින්වුණු ඒ වරාය ස්වාභාවික ආරක්ෂක වරායක් වශයෙන් ඉහළම තැනෙහි ලා සලකනු ලැබී ය. රට තුළට කාවැදුණු බොක්කක් ලෙස පිහිටා ඇති නිසා තද සුළං අවස්ථාවලදී පවා ආරක්ෂාකාරීව නැව් නැංගුරම් ලා තැබීමේ හැකියාව එහි පැවතුණි. I වන පරාක්‍රමබාහු රාජ්‍යය කාලයේදී බුරුම ආක්‍රමණය සඳහා මෙම වරායෙන් නැව් පිටත් කළ හරින ලද බව සඳහන් වෙයි.
ආසියානු වෙළෙඳ ක්‍රියාදාමය සකස් වීමේදී ඊට උපකාර වූ තවත් වරායක් ලෙස ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ පිහිටි ගොඩවාය (ගොඩපවත) වරාය දැක්විය හැකිය. වලවේ ගංගා මිටියාවතේ පිහිටා ඇති මෙය වර්තමාන හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන්නකි. I වන ගජබාහු රජු (ක්‍රි.ව. 114 – 136) විසින් ඒ වරායෙන් ලද තීරු බදු අසල පිහිටි ගොඩපවත විහාරයට පූජා කළ බවට තොරතුරු සඳහන් ශිලා ලේඛනයක් හමු වී තිබේ. මෙම වරායන්ට අමතරව ඌරුතොට (කයිට්ස්), කල්‍යාණි (කැලණි) යන වරායන් ද අතීත ශ්‍රී ලංකාවේ වෙෙළඳ කටයුතුවලදී වැදගත් වී ඇත.
එමෙන්ම කොළඹ, ගාල්ල, මාතර, බේරුවල වැනි වරායන් පසුකාලීන ආසියානු වෙළෙඳ ජාලය තුළ වැදගත් වරායන් වශයෙන් ඉදිරියට පැමිණ ඇත. පෙර’පර දිග වෙළෙඳාමෙහි දියුණුව සඳහා ලාංකේය වරායන් ඉතා ප්‍රබල භූමිකාවක් ඉටු කළ බවද තහවුරු වේ.
ශ්‍රී ලංකාව අවට සාගරයේ සැඟවුණු සම්පත්
ශ්‍රී ලංකාව වට මුහුදු පත්ලේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රාශියක් තිබේ. පුරාවිද්‍යා හා කෞතුක වටිනාකමකින් යුත් එමෙන්ම සංරක්ෂණය කළ යුතු යයි තෝරා ගත් ස්ථාන 113ක් පිළිබඳ වාර්තාවක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පිළිලෙ කර තිබේ. එසේම අවට මුහුදේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රැසක් ද හඳුනා ගෙන ඇත. මේවා ශ්‍රී ලංකාව අවට මුහුදු පත්ලේ සලකුණු කළ ඒවාය. මෙම පුරාවස්තු අතර ගුවන් යානා හයක්ද තිබේ. ඉන් දෙකක් මුහුද වැටී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ දීය. ඉතිරි යානා හතර 30 අවුරුදු යුද්ධයේ දී කඩා වැටුණු ඒවාය. නෞකා වැඩි හරියක් මුහුදුබත් වී ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදීය. මේවා ගොඩ ගැනීම ප්‍රායෝගික නොවන හෙයින් මේ නැව් එසේ තිබිය දීම සංචාරක ආකර්ෂණ ලෙස කිමිදුම් ව්‍යාපෘති ලෙස භාවිත කළ හැකිය.
මහ සයුරෙහි අපට ඇති වැදගත්කම
සාගර පරිසර පද්ධතිය මිනිසාට පමණක් නොව ලොව පුරා වෙසෙන ජීවීන්ටද එකසේ වැදගත් ය. ඉන් සිදුවන වැදගත් ම සේවාව ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් සියයට 50ක් සපයා දීමයි. ලොව බොහෝ දෙනා සිතා සිටින්නේ සාගරයෙහි ඇති ප්‍රධාන වැදගත්කම අපට මත්ස්‍ය ආහාර සැපයීම කියායි. අනික් අතට ගොඩබිම ගහකොළ ආදියෙන් තමයි අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නේ කියායි. එහෙත් ඒවායින් ලැබෙන්නේ අඩු ප්රතිශතයකි. ලෝකයේ වෙසෙන ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් වැඩිපුර නිපදවෙන්නේ සාගර පුරා පැතිරී පවතින ප්ලාවාංගවලින් සිදුවන ප්රභාසංශ්ලේෂණයෙනි.
පෘථිවියෙන් සියයට 70ක් වැසී ඇත්තේ සාගරවලිනි. ඒ නිසා ලොව පුරා සෑම තැනකට ම නෞකා යොදා ගෙන භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකියාව අපට ලැබී තිබේ. ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 80ක් ම සිදු වන්නේ සාගරය හරහාය. අහස්යානය නිපදවීමට පෙර සමස්ත ප්‍රවාහනය ම සිදු වූවේ සාගරය හරහා ය. මෙය අනාදිමත් කාලයක් තිස්සේ සිදු වූවකි. ශ්‍රී ලංකාව අන්තර් ජාතික නාවුක ගමනා ගමන මාර්ගයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්තාවලට අනුව 2021 මේ දක්වා කාලය තුළ කොළඹ වරායට පැමිණි නෞකා සංඛ්‍යාව 1521කි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ආසන්නයෙන් නෞකා 3000ක් යාත්‍රා කරන විට ඉන් 30%ක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ගණන් බලා තිබේ.
මිනිසාට දිය යට කිමිදෙන ඔක්සිජන් සහිත පුර්ණ ඇඳුම් කට්ටලයක් යොදා ගෙන යා හැකි උපරිම ගැඹුර අඩි 400ත් 1000ත් අතර ප්‍රමාණයකට පමණය. 2022දී අඩි 1090 ගැඹුරකට කිමිද කිමිදුම්කරුවකු ලෝක වාර්තාවක් ද තබා ඇත. මිනිසා තවමත් ගවේෂණය කර ඇත්තේ සප්ත මහා සගරයෙන් බිඳක් පමණය. ගැඹුරු මුහුදු ගවේෂණය අභ්‍යවකාශ ගවේෂණය තරම් පහසු නැත. එය ඉතා වියදම් අධික කටයුත්තකි. පසුගිය දා ටයිටනික් ගවේෂණයට ගිය පිරිසට වැරදුණේ ද මුහුදු පත්ලේ ඇති අධික පීඩනය තේරුම් නොගැනීම නිසාය.
ලොව පුරා බිලියන ගණනක් ජනතාවගේ ආහාර වේලට මාළු ඇතුළත් කර ගන්නා බව අපි දනිමු.. සත්ව ප්‍රෝටීන අවශ්‍යතාවෙන් 16% ක් අප සපුරා ගන්නේ මාළු ආහාරයට ගැනීමෙනි. මීට අමතරව ඉස්සන්, කකුළුවන් සහ බෙල්ලන් වැනි මුහුදු ආහාර සඳහා මෙන්ම මුහුදු පැළෑටි හා ඇල්ගී සඳහා ද හොඳ ඉල්ලුමක් පවතී. අප ලබා ගන්නා සෝඩියම්, කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ක්ෂුද්‍ර පෝෂකවල ප්‍රධාන ප්රභවය වන්නේ ද සාගරයයි. අපේ සිරුරට අවශ්‍ය මේද අම්ල, ඔමේගා 03 හා ඔමේගා 06 වැනි දේ අපට ලැබෙන්නේත් සාගරයෙනි.
හිරු එළිය පතිත වූ විට සාගර ජලය රත්වී ජලය වාෂ්පීකරණය වීම නිසා වලාකුළු නිර්මාණය වේ. එමගින් වැසි ඇති වන අතර ඒවා වගා කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා සඳහා භාවිත කෙරේ. එමෙන්ම වායුගෝලයේ ආර්ද්‍රතාව පවත්වාගෙන යෑමට සහ පරිසරයේ උෂ්ණත්වය ප්රශස්ත මට්ටමින් පවත්වා ගැනීමට ද මෙම ජල චක්‍රය වැදගත් වේ.
කාබන් ඩයොක්සයිඩ් සාගර ජලයේ දියවේ. එමෙන්ම සාගරයේ ඇති ජලජ ශාක සහ ප්ලවාංග ආදිය ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් යොදා ගැනීම නිසා සාගර පරිසර පද්ධතිය පෘථිවියේ උණුසුම පාලනයට සහ කාබන් චක්‍රය පවත්වාගෙන යෑමට ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරනු ලැබේ.
පෘථිවියට වැටෙන තාපය ඉතා විශාල ප්‍රමාණයක් සාගර ජලය මගින් අවශෝෂණය කරගනු ලැබේ. සාගර දියවැල් මගින් එම තාපය ඉතා විශාල ප්‍රදේශයකට ප්‍රවාහනය කරයි. මෙය කාලගුණ සහ දේශගුණ තත්ත්ව පවත්වා ගැනීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. ඝර්ම කලාපයෙන් උණුසුම් දියවැල් ඇති වෙනවා සේම ශීත කලාපයේ සිට සීත දියවැල් ඝර්ම කලාපය වෙත පැමිණෙයි. මෙම ක්‍රියාවලිය කාලගුණ සහ දේශගුණ තත්ත්ව ප්‍රශස්ථ අයුරින් පවත්වාගෙන යෑම සඳහා ඉතා වැදගත් වේ.
මේ වන විට ලොව පුරා නීල ආර්ථික සංකල්පය ගැන කතිකාවක් ද ඇති වී තිබේ. නීල ආර්ථිකය යනු සමුද්‍ර සම්පත් තිරසර ලෙස භාවිතයෙන් ආර්ථිකය, ජීවන මට්ටම සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමයි. අතීතයේ දී අපි කතා කළේ කෘෂිකර්මය මත පදනම් වූ හරිත ආර්ථිකයක් ගැනයි. දැන් කතා කරන්නේ නීල ආර්ථිකයක් ගැනයි. ඉන් අදහස් කරන්නේ සාගර භාවිතයෙන් ආර්ථිකය ජයගන්න ක්‍රියා කිරීමය. උදාහරණයක් විදියට අපේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නම් කළ හැකිය. ලෝකයේ දූපත් රටවල් පවා දැන් මෙවැනි නීල ආර්ථක ව්‍යාපෘතිවලට පෙලඹීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.
ශ්‍රී ලංකා වෙරළාසන්නයේ සිදු වූ බිහිසුණුම අනතුර
ශ්‍රී ලංකාව අවට සාගර පරිසරය ගැන සටහනක් ලියද්දී අපේ මුහුදු සීමාවේ සිදුවු බිහිසුණුම අනතුර ගැන ද යමක් කිවයුතුයි. ඒ මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ X-PRESS PEARL නෞකාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී අනතුරට ලක්වීම ය. එය පරිසරයට හානි සිදු කළ මෙම සියවසේ වූ බිහිසුණුම ව්‍යසනය ලෙස සැලකේ. එයින් මෙතෙක් වූ අලාභය තවමත් හරිහැටියට තක්සේරු කර නැත. එය මුහුදු බත් වීම නිසා අනාගතයේ දී මුහුණපාන්නට සිදුවිය හැකි තත්වයන් ගැන නිසි අවබෝධයක්ද අපට නැත.
ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදු වූ අලාභය
තවමත් නිසි ලෙස ගණනය කර නැත.
කන්ටේනර් 1486ක් ප්‍රවාහනය කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් පමණ දුරින් ගිනි ගැනීමට ලක්වූ X-PRESS PEARL නෞකාවේ අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81ක් තිබුණි. ඒවායේ තිබූ ප්ලාස්ටික් වැනි නොදිරන දේවල් මේ වන විට මාතර සිට පුත්තලම දක්වා වෙරළට ගොඩගසමින් පවතින්නේ මියගිය මුහුදු ජීවින් ද සමගිනි. මෙම ව්‍යසනය සිදු වී මේ වන විට වසර දෙකක් ගත වී ඇතත් පසුගියදා හලාවත වෙරළෙන් ප්ලාස්ටික් කා මියගිය කැස්බෑ සිරුරු දෙකක් හමුවූ තිබේ. එයින් පෙනී යන්නේ ඒ ව්‍යසනයේ ප්‍රතිවිපාක තවමත් අවසන් නැති බවය.
මේ නැව අනතුරට ලක්වීම නිසා අපට සාගරය සමග ක්‍රියා කිරීමේදී අලුත් පාඩම් රැසක් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණේ ය. සාගරය සමග කටයුතු කිරීමට ඇති විවිධ ආයතන අමාත්‍යංශ ගණනාවක පරිපාලනයට යටත් වූ නිසා ඒ නැවෙහි ගින්න නිවීමේ පටන් පරිසරය පිරිසිදු කිරීම, මුහුදට, මුහුදු පරිසරයට වූ අලාභය ගණනය කිරීම, ධීවර ජනතාවගේ රැකියාවට සිදු වූ බාධක මඟ හරවා ගැනීම, ඔවුන්ට සිදු වූ අලාභය තක්සේරු කිරීම, පරිසරය නිසි අයුරින් නිරීක්ෂණය කිරීම සිදුවූයේ නැත; සම්බන්ධීකරණයක් සිදුවූයේ ද නැත.
ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති සිවිල් යුද්ධය නිසා අපේ පාලකයන්ගේ අවධානය ඉන්දියානු සාගර කලාපය වෙත යොමු නොවීය. එහෙත් යුද්ධය අවසන් වීමෙන් පසු යළිත් ඔවුන්ගේ අවධානය යොමු වීමත් සමග ඊට අදාළ ක්‍රියාකාරකම් ටිකෙන් ටික ආරම්භ විය. මෙහි දී පාලකයන් රට නැංවීම සඳහා ආධාර ලබා ගන්නට චීනය වෙතට නැඹුරු වීමත් සමග ඉන්දියාව ද ව්‍යාපෘති ගණනාවක් සමග ඉදිරියට ආවේය. හම්බන්තොට වරායට චීනය ආ විට කොළඹ වරායට ඉන්දියාව ආවේය. දැන් අපේ තෙල් ප්රශ්නය විසඳීමට අද ඒ දෙරටම සමාගම් ඉදිරිපත් කර ඇත. එක්සත් ජනපදය සමග ද ශ්‍රී ලංකාවට ආධාර සපයන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට අපේ පාලකයන් සැලසුම් කළ ජනතා විරෝධය හමුවේ එය අත්හිටවනු ලැබීය.
මහජන චීනයේ සාගරය සම්බන්ධ කටයුතුවලට ඇත්තේ එකම අධිකාරියකි. සමුද්‍ර ගවේෂණ හා පර්යේෂණ කටයුතු, වෙරළ සංරක්ෂණ කටයුතු, සමුද්‍රය හා සම්බන්ධ සියලු කටයුතු පමණක් නොව, නාවික හමුදාව පවා අයත් වන්නේ ඒ අධිකාරියට ය. අප අවට ඇති සාගරයෙන් උපරිම ප්‍රයෝජනය ලැබීමට නම් අපටත් එවැන්නක් පිහිටුවීම අවශ්‍ය ය.
ශ්‍රී ලංකාව අවට සාගරයේ ඇති ඛනිජ සම්පත් තනිව ගවේෂණය කිරීමට ආර්ථික හා තාක්ෂණික හැකියාවක් අපට නැත. ඒ නිසා අවම වශයෙන් අපට අසල්වැසි බලවත්ම රට වූ ඉන්දියාවේ සහය ලබා ගත යුතු වෙයි. ඒ හැරෙන්නට මහජන චීනය ද ආසියාවේ බලවතා ලෙස අප සමග ඕනැම ව්‍යාපෘතියකට එක්වීමට සූදානම් බව පෙනේ. ශ්‍රී ලංකාව සමඟ දීර්ඝකාලීන බැඳීමක් ඇති කර ගන්නා බලවතාට ඉන්දියානු සාගරයේ දක්ෂිණ ධ්‍රැවය තෙක් ජාත්‍යන්තර මුහුදු කලාපයේද බලයද තහවුරු කර ගැනීමට මඟ පෑදෙයි. ඒ නිසා ඕනෑම ලෝක බලවතෙකු ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දැක්වීම ස්වාභාවික ය. ඒ නිසා මේ කලාපයේ සංහිඳියාවක් පවත්වා ගෙන යාමට නම් සියලු දෙනා සමඟ කරටකර හිඳ කටයුතු කිරීමට හැකි ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් සකසා ගත යුතු වෙයි.
ඒ සියල්ලටම පළමුව අප ඉන්දියානු සාගරයේ අපට අයත් භූමි කලාපයේ හා අපට විවෘත වන ඉන් බැහැර සාගරයේත් සම්පත් භාවිතය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ද සකසා ගත යුතුය. ලෝකයේ ඕනෑම බලවත් රටක් හෝ බලවත් රටවල් කිහිපයක් සමග සාර්ථකව ගනුදෙනු කිරීමට අපට හැකි වන්නේ එවිට ය.
ඓතිහාසික වශයෙන්, ඉන්දියානු සාගරය ලෝක දේශපාලනයේ සුවිශේෂී උපායමාර්ගික කලාපයකි. මේ ඉන්දියානු සාගර කලාපය (Indian Ocean Region) තුළ වෙළෙඳාමත් සංස්කෘතියත් සම්මිශ්‍රණය වී ඇති ආකාරය ඒ පිළිබඳව කළ අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත. ඉන්දියානු සාගර කලාපය මෑත කාලයේ මතු වී ඇති මහා බල තරගයේ පසුබිම තුළ මෙය ලෝක දේශපාලනය නව හැරවුමක් ලෙස ද අපට දැකිය හැකිය.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-67171291473139446302023-12-02T09:11:00.000+05:302023-12-02T09:11:07.661+05:30විස්මිත පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනියි.
විවිධ ප්‍රමාණවලින් යුත් අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිකිරීමේ දී මෙන් ප්රචණ්ඩ හැලහැප්පීම් නැතිව, අවුල් ජාලයක් නොවී, බිහිවූ ‘අපූරු සෞරග්‍රහ මණ්ඩලයක්’ සොයා ගැනීමට විද්‍යා පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ආලෝක වර්ෂ 100ක් ඈතින් පිහිටා ඇති මෙය ‘පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක්’ ලෙසයිථ ඔවුන් විසින් හඳුන්වා දි ඇත්තේ. මෙයට එකම ප්‍රමාණයේ ග්‍රහලෝක හයක් අයත් වෙනවා. වසර බිලියන 12කට පෙර එය බිහි වූ අවස්ථාවේ තිබූ ආකාරයට ම නොවෙනස්ව පවතින බවත් ඔවුන් විසින් නිරීක්ෂණය කර තියෙනවා. කිසිම අයුරකින් බාධාවක් නොවී එය නිර්මාණ වී තිබීම මෙවැනි ග්‍රහලෝක තැනී ඇතිආකාරය හා ඒවායේ ජීවය තිබේද යන්න ගැන සොයා ගැනීමට ලොකු රුකුළක් වනු ඇති. පර්යේෂකයන් මේ පිළිබඳව විස්තරයක් ‘නේචර්’ (Nature) විද්‍යා සඟරාවේ පළ කර තියෙනවා.
ග්‍රහලෝක නිර්මාණය බොහෝ විට සිදු වන්නේ ප්රචණ්ඩ ක්‍රියාවලියක් ඔස්සේයි. (චිත්‍ර)
අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහි වූයේ දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලියක් තුළිනුයි. ඇතැම් ග්‍රහයන් නිර්මාණය වී ඇත්තේ එකිනෙකාගේ ගැටීම්වලින් පසුවයි. ඒ නිසා ඒවායේ කක්ෂයන් පවා වෙනස් වුණා. ඒ නිසයි, අපේ වැනි ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලෝක සමග බෘහස්පතී, සෙනසුරු වැනි යෝධ ග්‍රහයන් ආසන්න කක්ෂවල ගමන් කරන්නේ.
අලුතින් සොයා ගෙන ඇති සෞරග්‍රහ මණ්ඩලය පර්යේෂකයන් විසින් වැඩිදුර කල්පනා නොකර හඳුන්වා ඇත්තේ HD110067 කියලයි. සමහර විට මෙයින් මතු වන අලුත් තත්වයන් යටතේ එහි නම අනාගතයේ දී වෙනස් වන්නට ඉඩ තියෙනවා.
මේ පර්යේෂණයට නායකත්වය දුන් ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෆායෙල් ලුකේ (Rafael Luque) කියන්නේ, "the perfect solar system" (“මෙය පරිපූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක්”) එකක් බවයි.
“මෙය ග්‍රහලෝක ඇති වුණේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න හොඳ අවස්ථාවක්. මොකද අපේ සෞරග්‍රහ මණ්ඩලය හැදෙන වෙලාවේ වගේ ප්‍රචණ්ඩකාරී තත්වයක් මේ ග්‍රහ ලෝක නිර්මාණය වුණු වේලාවේ දී සිදුවෙලා නැහැ. ඒවා බිහි වූ දා සිට මේ දක්වා කිසිම හානියක් හෝ වෙනස් වීමක් හෝ සිදුවී නැහැ.” ඔහු තවදුරටත් කියනවා.
සංගීතය යොදා නිර්මාණය කළ නව ග්‍රහයන්ගේ චලනය දැක්වෙන වීඩියෝවක් පහතින්
එංගලන්තයේ වර්වික් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මරිනා ලෆාගා මාග්රෝ බීබීසී සේවයට කියා ඇත්තේ, “මෙය ඇත්තෙන්ම සිත්ගන්නාසුලු, සුවිශේෂී දෙයක්” බවයි. “අපි මවිතයට පත් වුණා. මේ වගේ දෙයක් මීට පෙර තාරකා විද්‍යාඥයන් කිසිවකු දැකලා නැහැ” ඇය වැඩිදුරටත් කියනවා.
මේ නව සොයා ගත් ග්‍රහයන් මෙහි දැක්වෙන නෙප්චූන් ග්‍රහයාටත්
පෘථිවියටත් අතර ප්‍රමාණයේ ඒවාය. (චිත්‍ර)
පසුගිය වසර 30 තිස්සේ තාරකා විද්‍යාඥයන් විසින් තාරුකා පද්ධතීන් දහස් ගණනක් සොයා ගෙන තියෙනවා. ඒ කිසිවක් මේ තරම් හොඳට ග්‍රහලෝක හැදුණු හැටි හොයන්න මේ තරම් සුදුසු නැහැ. මේ ග්‍රහලෝක සියල්ල ම එකම ප්‍රමාණයේ වගේ ඒවායි. මෙය තාරකා විද්‍යාඥයන්ට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙසයි, ඔවුන් සලකන්නේ. ඊට හේතුව ඒවායේ ඇති වෙනස්කම් විමසා බලා සංසන්දනය කිරීමේ පහසුවයි. මේ නිසා ඒවා මුලින් ම ඇති වූ ආකාරය හා පසුව පරිණාමය වූ ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අනාගතයේ දී ලබා ගත හැකි වේවි.
ජීවය ඇතැයි පසුගිය සැප්තැම්බරයේ ඉඟි පළ කළ k2-18b නම්
අනු-නෙප්චූන් ග්‍රහයා (චිත්‍ර)
අපේ සූර්යයා වෙනුවට මේ පද්ධතියට දීප්තිමත් තරුවක් තියෙනවා. ඒ නිසා ඒ ග්‍රහයන්ගේ වායුගෝලවල ජීවය අත්දැයි පිරික්සීම පහසු වේවි.
තාරකා විද්‍යාඥයන් මේ අලුත් ග්‍රහයන් නම් කර ඇත්තේ ‘අනු-නෙප්චූන්’ ග්‍රහයන් ලෙසයි. ඒවා අපේ පෘතුවියට වඩා ප්‍රමාණයෙන් විශාලයි; ඒත් නෙප්චූන් ග්‍රහයාට වඩා ප්‍රමාණයෙන් කුඩායි. (අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් සැබෑ නෙප්චූන්ගේ මහත පොළොවට වඩා සිව් ගුණයක්) මේ අලුතින් සොයා ගෙන ‘අනු-නෙප්චූන්’ ග්‍රහයන් පෘථිවිය මෙන් දෙතුන් ගුණයක් ලොකුයි.
මේ අලුත් ග්‍රහයන් සොයා ගනු ලැබුවේ නාසා ආයතනය උඩු ගුවනට යැවූ
‘ටෙස්’ අභ්‍යවකාශ දුරේක්ෂක චන්ද්‍රිකාව.
පසුගිය සැප්තැම්බර මාසයේ දී වෙනත් තරු පද්ධතියක පිහිටි මෙවැනි ‘අනු-නෙප්චූන්’ ග්‍රහයකු වෙත පෘථිවි වායුගෝලයේ ඇති ජීවයට මග පෑදූ වායු වර්ගයක් ඇති බව සොයා ගැනීමත් සමඟ මේ නව සොයා ගැනීම් ගැන විශාල අවධානයක් යොමු වුණා. තාරකා විද්‍යාඥයන් විසින් කියා හඳුන්වා ඇති ඒ ග්‍රහයාගේ වායු ගෝලයේ ඇති මේ වායු වර්ගය ඔවුන් හඳුන්වන්නේ ‘ජීවලකුණු’ (biosignature) කියා යි.
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මෙවැනි ‘අනු-නෙප්චූන්’ ග්‍රහයන් කිසිවකු නැතත්, ඒ ග්‍රහයන් තමා මේ මන්දාකිණිය තුළ වැඩියෙන් හමු විය හැකි ග්‍රහයන් වන්නේ. ඒත් පුදුමය නම් ලෝක තාරකා විද්‍යාඥයන්ට ඒ ග්‍රහයන් ගැන ඇත්තේ ඉතාමත් අල්ප දැනුමක් වීමයි.
අඩු තරමින් ඔවුන් දන්නේ නැහැ, ඒවා නිර්මාණය වී ඇත්තේ පාෂාණවලින්ද ඒත් නැත්නම් වායුව හෝ ජලය ආදියෙන් ද කියන්න. ජීවය ඇති විය තත්වයන් ඒ වායු ගෝලවල තියෙනවාද නැද්ද කියා කියන්න ඔවුන් දන්නේ නැහැ.
මේ විස්තර හෙළිදරවු කර ගැනීම මේ ක්ෂේත්රයේ ඇති වඩාත් අවධානයට ලක් වූ මාතෘකාවක්. ආචාර්ය රෆායෙල් ලුකේ කියන විධියට ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් කළ මේ HD110067 සොයා ගැනීම, ජීවය පහළ වීම පිළිබඳ තතු ඉක්මනින් හෙළිදරවු කර ගැනීමට මග පාදා දේවි.
“මා හිතන්නේ, ඒකට තව වසර දහයකට වඩා ගත වෙන එකක් නැහැ.” ඔහු පසුගියදා බීබීසියට කීවා.
“අප ඒ ග්‍රහයන් ඉන්නා බව දන්නවා; ඉන්නා තැන දන්නවා. අපට ඒ ගැන අවශ්‍ය පිරික්සුම් කරන්නට තව කෙටි කාලයක් විතරයි. එය සිදු වේවි.” ඔහු තවදුරටත් කියනවා.
මේ කණ්ඩායමේ ඊළඟ නිරීක්ෂණ වටය වෙන් කර ඇත්තේ ‘අනු-නෙප්චූන්’ ග්‍රහ ලෝකවල ජීවය පහළ විය ලක්ෂණ ඇත්දැයි සොයන්නයි. මේ ග්‍රහයන්ගේ සොයා ගැනීමත් සමග ජීවය පැවතිය හැකි ග්‍රහයන්ගේ ගණන වැඩි වුණා. ඒ වගේම වෙන ග්‍රහ වස්තූන්වල ජීවයට පැවතිය හැකි තත්වයන් අත්දැයි සෙවීමේ උනන්දුවත් තරකා විද්‍යාඥයන් අතර වැඩි වුණා. මේ නිසා වෙනත් ලෝකවල ඇති එවැනි පරිසරයක් සොයා ගැනීම ඉක්මනින් ම සොයා ගනීවි.
මේ අලුතින් සොයා ගත් ‘නව නෙප්චූන්’ ග්‍රහයන් වෙත ජීවලකුණු ඇත්දැයි තහවුරු කර ගන්න වෙනත් තාරකා විද්‍යාඥයන් පවා තරගයට වැටිලා. වෙනත් විද්‍යාඥ පිරිස් විසින් සොයා ගන්නා ලද දුසිම් ගණනක් වන ග්‍රහලෝකද මේ අතින් අවධානයට ලක් වෙලා තියෙන්නෙ.
අලුතින් එක්වී ඇති මෙවැනි නිරීක්ෂණ කිරීමට පහසුකම් ඇති අති ප්‍රබල දුරේක්ෂ රාශියක් මේ සඳහා විද්‍යාඥයන් විසින් එක්කර ගෙන තියෙනවා. අනිත් අය ‘ඔන් ලයින්’ ඔස්සේ ද මේ පර්යේෂණ සඳහා එක්වී තියෙනවා. බොහෝ තාරකා විද්‍යාඥ කණ්ඩායම් විශ්වාස කරන්නේ අපට ඒ විස්මිත ආරංචිය ළඟදී ම ලැබෙන බවයි.
ලෝක තාරකා විද්‍යාඥයන් මේ නව ග්‍රහයන් සොයා ගැනීමට ප්‍රධාන වශයෙන් යොදා ගෙන ඇත්තේ නාසා ආයතනය විසින් උඩුගුවනට යවා ඇති ‘ටෙස්’ (TESS - Transiting Exoplanet Survey Satellite) නමින් හැඳින්වෙන සංක්‍රාන්තික ග්‍රහලෝක නිරීක්ෂණය සඳහා යැවූ චන්ද්‍රිකා අභ්‍යවකාශ දුරේක්ෂකය සහ යුරෝපා සංගමය හෙවත් ‘එසා’ (ESA) විසින් යවා ඇති ‘චෙයොප්ස්’ නම් වූ (Cheops - CHaracterising ExOPlanet Satellite) බහිර් ග්‍රහයන්ගේ ගතිලක්ෂණ නිරීක්ෂණය පිණිස යැවූ චන්ද්‍රිකා අභ්‍යවකාශ දුරේක්ෂකයයි. මේවා උඩුගුවනට යවා ඇත්තේ විශේෂයෙන් ම සක්වළ ඇති බහිර් ග්‍රහයන් (Exoplanet) ගැන සොයා බැලීමටයි.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-14611575517541868112023-11-29T09:04:00.000+05:302023-11-29T09:04:23.399+05:30මෙවර ලෝක කුසලානෙදි අපේ පිලට මොකද වුණේ?
මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වුණේ? පසුගිය දා සිරස නාලිකාවේ වසන්ත ප්‍රදීප් මාසිංහගේ ‘ප්‍රශ්න 10’ (10 Questions) නම් වැඩ සටහනට සහභාගිවුණු අරවින්ද ද සිල්වා අපූරු කතාවක් අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන කීවේය. ‘මට පේන විදියට නම් ලෝක කුසලානට ගිය අපේ පිලේ සංයුතිය ඒක දිනපු ඕස්ට්‍රේලියාවේ පිලේ සංයුතියට වඩා හොඳයි. පිට ඉඳලා ඒ ගැන කියන්න අමාරුයි. පිටිය මැදට ගිහින් සෙල්ලම් කරපු ඒ ළමයින්ගෙන් ම තමයි අහලා දැන ගන්න ඕනෑ මොකද වුණේ කියලා.’ අරවින්ද එහෙම කතාවක් කිව්වෙ විහිළුවට නෙමෙයි. හැබෑවටමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
ඒ වගේම අපේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් තරගය අවසානයේ දී විදේශ වාර්තාවන්ට කියලා මෙහෙම කතාවක්. ‘තරගාවලියේ දී අපෙන් ගිලිහී ගිය උඩ පන්දු රැක ගත්තා නම් තත්වය වෙනස් වෙන්න තිබුණා.’ ඒ කතාවත් ක්‍රිස් කිව්වෙ විහිළුවට නෙමෙයි. හැබෑවටමයි.
ඊළඟට ‘හතරැස් කාසිය’ කියන වෙබ් අඩවියේ අපේ පිලේ කෙරුවාව ගැන අපූරු සටහනක් පළ කරලා තිබුණා, ‘ලැජ්ජයි! ලංකා ක්‍රිකට්’ කියලා.
හතරැස් කාසිය- Hatharas Kasiya පළ කළ සටහන:
වාර්තා තැබීමෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව අසම සම වූවත් පහත දක්වා ඇති වාර්තා ගැන අපි අතිශයින් ලැජ්ජා විය යුතු වේ!
මුළු තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමයි; යැවූ වයිඩ් පන්දු ගණන 123කි. මේකට අනික් එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.
තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත.
වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තෝබර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණු ගණනක් ලබාගෙන නැත.
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.
තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය; තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකතුව 87කි.
තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය; ලකුණු 55කට සියලු දෙනාම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.
මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය; පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් කඩුල්ල වෙත වාර්තා කිරීම පමා වූ නිසා බංගලාදේශ නායකයා ඔහු දැවීගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කළේය. ඒ අනුව මැතිව්ස් එසේ දැවී යමින් ලෝක වාර්තා අතරට එක් විය.
තරඟාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බින්දු ප්‍රමාණය 29කි.
තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය; ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.
තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය; නිපන්දු 33කි.
වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ කණ්ඩායමේ ය. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.
ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පිරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි; නිලධාරීන් ගණන 103කි.
වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට ගියේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි. (උපුටා ගැනීම අවසන්!)
අපේ අදහස: තරගාවලියේදී මොකද වුණේ කියා පුහුණුකරුවන්ගෙන් ඇසුවොත් නරකද?
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com1tag:blogger.com,1999:blog-2647493662865092414.post-68043556450125814112023-11-27T20:02:00.024+05:302023-11-28T04:01:11.071+05:30නවසීලන්තයට ආ මිනිසුන් අතර සිටි අපූරුම මිනිසා - රාමා
නවසීලන්තයට පැමිණි මිනිසුන් අතර අපූරුම මිනිසෙකි රාමා. ඔහු මට වඩා වයසින් වැඩි නිසා ඇසුරු කරද්දී මම ඔහුට සැලකුවේ මගේ වැඩිමල් සහෝදරයකුට මෙන් ඉතා ගෞරවයෙනි. අපගේ පවුල් දෙකම නවසීලන්තයට පැමිණියේ 1990 මැද භාගයේදී යි. කරුණු කාරණා කිහිපයක් නිසා අප පවුල් අතර කිට්ටු සබඳතාවක් හා ලැදියාවක් ගොඩ නැගුණි. බොහෝ දිනවල කාර්යාල වේලාවෙන් පසු සැන්ඩින්ග්හැම් වල තිබූ අප නිවසට පැමිණ කතා බහ කර යාමේ පුරුද්දක් රාමා තුළ විය. අපි බොහෝ දේ කතා කළෙමු. ඒ අනුව මා බොහෝ දේ රාමාගෙන් ඉගෙන ගතිමි. රාමා තුළ බොහෝ දක්ෂතා හා හැකියාවන් ඇති බව දැන ගතිමි.
රාමචන්ද්‍ර මහතාගේ අතින් තනා නවසීලන්තයේ
බෞද්ධයන්ට නොමිලයේ බෙදා දුන් බුදුපිළිමයක් සමඟ.
රාමා සැබෑ මිනිසෙකු වශයෙන් මට හැඟීගිය සහ පෙනීගිය කරුණු කිහිපයක් ගැන ලිවීම මෙම කෙටි සටහනේ අරමුණයි.
මට අවබෝධ වූ පරිදි විශාල ලෙස සෙසු අයට ඇහුම්කන් දී කරුණු කාරණා මැනවින් සහ ගැඹුරින් අවබෝධ කර ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණි. ඔහු අදහස් ප්‍රකාශ කළේ එසේ කළයුතු යැයි ඔහුට පෙනීගිය අවස්ථාවක දී පමණයි. ඔහු ප්‍රකාශ කළ සැම අදහසක්ම අවස්ථාවට ඉතාම උචිත විය. ඒ අනුව ඒවා ඉතා වටිනා මිණි මුතු මෙන් විය. ඒ අතරම ඔහු මඳ හාස්‍ය රසයකින් (bit of humour) සහ මඳ සිනහවකින් යුක්තව කතා කළේය; අදහස් ප්‍රකාශ කළේය. ඔහු ලෙඩ ඇඳේ සිටියත් වෙනසක් නොවීය. එය ඔහුට උපතින්ම ලද දෙයක් බව මට තේරුම් ගියේය.
විවිධ ආකාරයේ බුදු පිළිම සෑදීමට, බුදු කුටි සෑදීමට, ඉතාමත් හරවත් දර්ශනීය චිත්‍ර ඇඳීමට ඔහු පුරුදු පුහුණු වූයේ කෙසේදැයි මම දවස් කීපයක්ම රාමාගෙන් ඇසුවේ එවැනි කිසිම දෙයකට මට කිසිදු දක්ෂතාවක් හැකියාවක් හෝ උනන්දුවක් නොතිබූ නිසාය. "මට ඒකට හරියට උත්තරයක් දෙන්න බැහැ නමුත් මගේ හිතේ ඒ දේවලට මුල ඉඳන්ම ආසාවක් කැමැත්තක් තිබුණා. අනික් අතට මම කිසිවක් නිර්මාණය (invent) කරන්නේ නෑ. මගේ මනසටත් ඇසටත් හසුවන දේවල් එක්තැන්කර මං ඉදිරිපත් කරනවා. ඒවා ස්වභාවධර්මයේ නැත්නම් අප අවට තිබෙන දේවල්. නමුත් අවශ්‍ය සිත සන්සුන්ව තියාගෙන ඇසින් හොඳින් බලා ගළපාගෙන ඉදිරිපත් කිරීම පමණයි."
සිත සහ ඇස් පිළිබඳව රාමා කියූ දෙයින් මට පෙනුන හා හැඟීයන දෙයට වඩා ගැඹුරක් එහි ඇති බවයි, මගේ විශ්වාසය.
මට මතක විදියට ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ පළමු "සීලය" වැඩ සටහන ආරම්භ කළේ 2002 වසරේදීය. ආරම්භක වසර කෙසේවෙතත් එම "සීලය" වැඩසටහනට සහභාගි වූ ඉතා සුළු පිරිස අතර රාමා එක් අයෙකු විය. එම දාන කටයුතුවලට අප සහභාගි වූ නිසා ඉහත කරුණ මට හොඳින් මතකය. සුදු වතින් සැරසී ඉතා සන්සුන් ලෙස වාඩිවී එකම ඉරියව්වකින් සිටින පිරිසක් එසේ නවසීලන්තයේ දී දැකීම මගේ පළමු අත්දැකීම විය. මේ නිසා ගෞරව සම්ප්රයුක්තව කරුණු කීපයක් දැනගැනීම සඳහා මම රාමාට කතා කළෙමි.
"අසෝක, සිල් සමාදන් වෙනවා කියන්නේ ආරක්ෂා කරණු පිණිස සීලය පිළිගැනීමයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතත් බුදු වහන්සේගේ දේශනාව අනුව යමින් සික පද අනුව අපට සිල් සමාදන් වන්න පුළුවන්." කෙසේ සිල් සමාදන් වුනත් එක් ඇසක් ඇති අයෙක් එම ඇස ආරක්ෂා කරගත යුතු ආකාරයට සමාදන් වූ ශීලය ආරක්ෂා කරගත යුතුය. මෙය ශීලයෙහි අමාරුම කාර්යයයි. ඒකට තමා අපි දැන් කැපවී යොමුවී සිටින්නේ." රාමා ඉතාම සන්සුන්ව මගේ කනට ළංකර කීවේය. සුදු ඇඳි වත පිටුපස සිටි මිනිසා තම සුදු ඇඳි වත ආභරණයක් කරගෙන නැති බව මට අවබෝධ වීමට වැඩි වේලාවක් ගියේ නැත.
රාමා සාමාන්‍ය තරමක කෙසඟ සිරුරක් ඇති මිනිසකු විය. ඔහු මේ කුඩා ශරීරය තුළින්, මහා සාගරයටත් වඩා විශාල දෙයක් වූ බුද්ධ ධර්මය පිළිබඳව ඇතැම් කරුණු මට පැහැදිලි කර දුන්නේ මා ඒ ගැන ඔහුගෙන් ඇසූ නිසාය. "අසෝක, ධර්මය කියන්නේ තිත්ත ඇත්ත (bitter truth) එය අප අවට ඇති ස්වභාවධර්මය යි. ඒ තිත්ත ඇත්ත බඹයක් පමණ වූ අපගේ ශරීර තුළින් දැනගන්න ඕනෑ; අවබෝධ කරගන්න ඕනෑ. එම තිත්ත ඇත්ත හැම තැනකම, හැම දෙයකම, හැම මොහොතකම තියෙනවා" රාම මනාව තේරෙන බසින් මට කරුණු කියා දුන්නේය. රාමා විසින් සකස් කරන ලද දර්ශනීය චිත්රවල සහ බුදු පිළිමවල රාමා කියන ලද එම තිත්ත ඇත්ත ඇති බව මට පැහැදිලි විය; අවබෝධ විය. ඒවා එකිනෙකට සම්බන්ධය; කෙසේවත් වෙන් කළ නොහැක. ඒ රාමා මට කියා දුන් බුද්ධ ධර්මය යි.
2003 වසරේදී රාමා තදබල ලෙස රෝගාතුර වී ඕක්ලන්ඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මින්පෙර කිසිදු දවසක නොතිබුණු කිසියම් දුක්මුසු බවක් කනස්සල්ලක් ඔහුගේ මුහුණේ විය. රාමා සුජිත් පුතාගේ අත අල්ලා ගෙන ‘අක්කලා දෙන්නා හොඳින් බලාගන්න’ යැයි හෙමින් කීවේය. ඒ අවුරුදු 20 කට පෙරය. එය ඇසුණු මගේ සිතත් මඳක් කැළඹුණි. මම අපහසතාවකට පත්වූයෙමි. එවකට නවසීලන්තයේ ඔක්ලන්ඩ්හී ලංකාරාමයේ වැඩ සිටියේ ඇල්ලේ චන්දවිමල ස්වාමීන් වහන්සේයි. මම උන්වහන්සේ රෝහලට වැඩමවාගෙන ගියෙමි. උන්වහන්සේ ඉතා මිත්‍රශීලිව ආදරයෙන් සහ කරුණාවෙන් යුක්තව රාමාට කතා කළේය; පිරිත් දේශනා කළහ. පිරිත් නූලක්ද අතේ ගැට ගැසූහ. චන්දවිමල ස්වාමීන් වහන්සේ මෙසේ ද කීහ. "මහත්තයා කිසිවකට බය වෙන්න එපා. දුක් වෙන්න එපා, මට ස්ථිර වශයෙන්ම විශ්වාසයි මහත්තයා සුවපත් වී ගෙදර යනවා, මහත්තයා බලන්න මම ඊළඟට එන්නේ මහත්තයාගේ ගෙදරට" චන්දවිමල හාමුදුරුවෝ අවශ්‍යයම දේ කීහ. ආපසු පන්සලට එන අතරතුර චන්දවිමල හාමුදුරුවෝ මට මෙසේ කීහ. "අසෝක මහත්තයා රාමචන්ද්‍ර මහත්තයට ඉතාම කෙට්ටු සිරුරක් තිබුණත් එයාගෙ මනස ඉතාම බලවත්, ඒ බලවත් මනස මේ අවස්ථාවේ එයාව ජීවත් කරවනවා. ඒ වගේ මනසක් මිනිසකුට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ පින්වන්ත මිනිසකුට පමණයි.
එම කෙට්ටු සිරුරක් තිබූ මිනිසා බලවත් මනසකින් යුතුව තවත් අවුරුදු විස්සක් ජීවත් වී මියගියේ 2023 අගෝස්තු 11 වැනිදා යි. මුණුබුරු මිණිබිරියන් දැකීමට ද ඔහු වාසනාවන්ත විය.
සම්පත් (resources) සහ පරිසරය (environment) පිළිබඳව රාමා තුළ තිබූ අවබෝධය සහ බැඳීම ගැන මට කරුණු කිහිපයක් කිව හැකියි. එයින් එක් කරුණක් ගැන පමණක් ලියන්නේ එහි සදාතනික වටිනාකමක්, අගයක් සහ ගැළපීමක් තිබෙන නිසාය. ලංකාව වැනි දියුණු වෙමින් පවත්නා රටක සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මිනිසුන් පුරුදු වී ඇති නමුත් නවසීලන්තය වැනි දියුණු රටක ප්‍රයෝජනයට නොගෙන කර්මාන්ත ශාලා සහ එවැනි වැඩපළවල් ළඟ ඉවත දමන නමුත් නැවත ප්‍රයෝජනයකට ගත හැකි ලී සහ ලෑලි කොටස් ගෙදර ගෙනැවිත් බුදු කුටි ඇතුළු නොයෙක් ආකාරයේ ගෙදර දොර පාවිච්චියට ගත දේ හැකි මැනවින් සාදා හිතවතුන්ට දීමේ පුරුද්දක් රාමාට තිබුණි. එසේ සෑදූ භාණ්ඩ දර්ශනීය විය; ශක්තිමත් විය. මා දන්නා පරිදි මෙවැනි දේ කළ එකම නවසීලන්තවාසියා ඔහු විය හැක. කවුරුත් නොකරන මෙවැනි දෙයක් කරන්නේ කුමක් නිසාදැයි දිනක් මම රාමාගෙන් ඇසුවේ මගේ නොදන්නාකම නිසාය; ඒ පිළිබඳව මට අවබෝධයක් නොතිබුණු නිසාය. "අසෝකා මේ කවිය අහල තියෙනවද?
ගත හැකි දෙය වැඩට
අහක නොදමනු කිසි විට
නිතින් එය සිහි කොට
කරණු වීරිය හොඳින් හැදුමට
මට එය කටපාඩම් කරගැනීමට අවශ්‍ය බවට කළ ඉල්ලීම නිසා රාමා එය තුන් වරක්ම කීවේය. මම ඔහුට ඇහුම්කන් දෙන අතර එහි අදහස හොඳින් දිරවා ගැනීමට උත්සාහ කළෙමි. මෙම කවියේ අදහස නවසීලන්තයටත් ලංකාවටත් අනිකුත් ලෝක ජනතාවටත් අදාළ වේ. වර්තමානයේ සම්පත් නිසි අයුරින් ප්‍රයෝජනයට ගැනීම සහ ඒවා මතු පරම්පරාව සඳහා ආරක්ෂා කර තැබීම පිළිබඳව තිරසර සංවර්ධනය (Sustainable Development) ගැන ගෝලීය වශයෙන් දක්වන උනන්දුව සහ එසේ කැපවීමෙන් කටයුතු කිරීම සඳහා තේමාව වශයෙන් රාමාගේ කවිය යොදා ගත හැකි බව මට මනාව පැහැදිලි විය. වෙනත් විදියකින් කිවහොත් රාමා මිනිසෙකු වශයෙන් සම්පත් උපරිම වශයෙන් උපයෝගී කරගැනීමට කැපවී කටයුතු කළේය. රාමා සම්පත්කාමී සහ පරිසරකාමී පුද්ගලයෙකු වශයෙන් ශ්‍රී ලාංකික අපට නියත වශයෙන්ම ආඩම්බරයට හේතු වන කරුණකි.
අපි බුද්ධ ධර්මය ගැනද කතා කළෙමු. "අසෝකා බුදුන් වදාළ ධර්මය අවබෝධ කර ගැනීමට ත්‍රිපිටකය, අභිධර්මය සහ සූත්‍ර ආදිය ඉතාම වැදගත්. ඒවා කියවා තේරුම් ගැනීම හොඳයි. මං දන්න ඉතාම සුළු දෙයක් කියන්නම්." රාමා ඉතා ගැඹුරු දෙයක් පැහැදිලි ලෙස මට කියා දුන්නේය.
30ස් වසරක් තිස්සේ නවසීලන්තයේ මිතුරන්ට ඉමහත්
සේවාවක් කළ පසුගිය අගෝස්තු 11 වැනි නවසීලන්තයේ දී
මෙලොව හැරගිය ජිත්මන් ලෝදාස් රාමචන්ද්‍ර මහතා
හා ඔහුගේ පවුලේ අය.
"අසෝක දන්නවානේ හෘදසාක්ෂිය කියන එක, ඒකට ආදේශකයක් නැත. එය ඇත්තේ ඔබ ළඟයි. මගේ හෘදසාක්ෂිය ඇත්තේ මා ළඟයි. එහි විනිශ්චයකරුවා මමයි. එය ඔබට විනිශ්චය කරන්නත් බෑ. ඔබගේ හෘදසාක්ෂිය මට විනිශ්චය කරන්නත් බෑ. බුද්ධ ධර්මය කියන එක ගැඹුරින් බැලූවිට එය අපගේ හෘදසාක්ෂියයි. එය අපගේ මනසත් ශරීරයත් එක්තැන් කර තිබෙන දෙයක්. ඒක තිත්ත ඇත්ත. එය තමා ධර්මය. බලන්න දුක කියන එක. එය අප විසින් අපගේ මනසින් සහ ශරීරයෙන් අවබෝධ කරගත යුතු දෙයක්. වෙනත් විදියකින් කිවහොත් එය ජීවිතයේ යථාර්ථයයි. යථාර්ථය දැනගත් පසු අපි දුක ගැන වාද විවාද කළ යුතු නෑ. මිනිසුන් නිහඬ වී බුදුන් වදාළ දේශනා අනුව දුක අවබෝධ කරගන්නට බලනවා. උත්සාහ කරනවා." රාමා පැහැදිලි කළේය.
"රාමාත් එක්තරා විදියක ත්රිපිටකයක් වගේ?" මම පැවසුවෙමි. රාමා ම සිනහවක් දල්වා "අසෝක මම කියූ දෙවල් ගැන නිවී සැනසිල්ලේ හිතන්නකෝ" රාමගේ කෙටි පිළිතුර විය.
රාමා ඔහුගේ අත්කම් සමග
රාමා කොයි ගෙදරක ජීවත් වුවත් ඉතාම සාර්ථක ගෙවත්තක් සාදාගැනීමේ පුරුද්දක් තිබූ කෙනෙකි. හැම බිම් අඟලකම, මල් පෝච්චිවලට දමා නොයෙක් වර්ගයේ එළවළු සහ මල් වගා කළේය. ඒ අතර එළවළු සහ මල් සහ එළවළු ඇට වර්ග සහ එළවළු පැලද තම නිවසට පැමිණි සියලුම දෙනාට බෙදා දීමත් නැත්නම් ගෙදරකට යනවිට ගෙන ගොස් දීමත් රාමාට තිබූ පුරුද්දකි. අප නිවසට රණවරා පැල, නිවිති, ගොටු කොළ, මුකුණුවැන්න ආදී බොහෝ දේ ලැබුණේ රාමාගෙන්ය. ඒ අනුව ගෙවත්තේ වගා කොට කෑමේ පුරුද්ද මමත් රාමාගෙන් ඉගෙන ගතිමි. එම පුරුදු වැඩි දියුණු කරගැනීමට උත්සාහ කළෙමි. පැල කරන, හදන සෑම දෙයක්ම ඉතාම සරු සාරව වැඩීමටත් එසේ ම අවශ්‍ය අස්වැන්න ලබා ගැනීමටත් පාවිච්චි කරන පොහොර මොනවා දැයි මම දවසක් රාමාගෙන් ඇසුවේ මාගේ එළවළු සහ මල් කේඩාරි වී තිබූ නිසාය. "අසෝකා ඒකේ රහස අවශ්‍ය පොහොර තෙල් වර්ග සහ වතුර දමනවා පමණක් නොවේ. වඩා වැදගත් වන්නේ එම පැලවලට සහ ගස් ආදරයෙන් සහ කැපවීමෙන් රැක බලා ගැනීමයි. එය අපගේ මුලු ශරීරයෙන්ම කළ යුතු දෙයක්. මේ පැල සහ ගස් අපේ දරුවෝ වගෙයි. අපි දරුවන්ට කන්න බොන්න දුන්නා කියා ඔවුන් ගුණගරුක යහපත් දරුවෝ වන්නේ නෑ. ඒ අයට අපගේ නොමඳ ආදරය සැලකිල්ල සහ ඇල්ම අවශ්‍යයි. රැකවරණ අවශ්‍යයි.”
රාමා ඉතා සරුවට වැවෙන පැල සහ ගස් පිටු පස ඇති රහස හෙළිකළේය. සාරවත් ගෙවතු වගාවක් ගැන මට තිබුණේ ඉතා අල්ප දැනුමක් බව මට අවබෝධ විය. වෙනත් විදියකින් කීවොත් ඔහු ගලක් උඩ ඇටයක් හෝ පැලයක් දැම්මත් ඒවා සරුසාරව වැඩී අවශ්‍ය ඵල ලබා දෙන්නේය. ඒ රාමාගේ දෑත්වල තිබූ ආදරය සැලකිල්ල හා කැපවීම නිසයි. රාමාගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝ විය.
රාමා කිසි ම දිනක හෝ කිසි ම ස්ථානයක දී හෝ තමා විසින් ලාංකික සමාජයට සහ නවසීලන්තයට කළ කී දෙයින් කිසිම සමාජ තත්ත්වයක් හෝ පිළිගැනීමක් කිසිදු විදියකින් අපේක්ෂා කළේ නැත. රාමා වෙනුවෙන් පොඩි හෝ උපහාර උළෙලක් සූදානම් කළයුතු යැයි දිනක් මා කී විට "මැරුණයින් පස්සෙ අවශ්‍ය නම් ඒවා අදාළ වේවි, මං දැන් රාමා වශයෙන් ජීවත් වෙනවා." ඔහුගේ ක්ෂණික පිළිතුර විය.
රාමා යනු මිනිසකු වශයෙන් ඉපිද, මිනිසකු වශයෙන් ජීවත් වී මිනිසෙකු වශයෙන් මියගිය අප හැමට කලාතුරකින් ලැබෙන ආදර්ශයක් දුන් මිනිසෙකි. ඔහුට නිවන් සුව පතමින් මෙම කෙටි සටහන අවසන් කරමි.
මහාචාර්ය අසෝක සෙනෙවිරත්න,
(නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සිට.)
ලේඛකයා ගැන: නවසීලන්තයේ විසූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයකු ගැන මේ ඇගයීම කරන්නේ නවසීලන්තයේ වෙසෙන තවත් එවැනිම විශිෂ්ටයෙකි. ඔහු විදේශ විශ්ව විද්‍යාල රැසක මහාචාර්යවරයකු, ආර්ථික උපදේශයකු කටයුතු කළ අයෙකි. ඔහු නැමීබියාවේ ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශයකු වශයෙන් ද (2008-2012 අතර කාලයේ දී) ක්‍රියා කර ඇත.
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com2tag:blogger.com,1999:blog-2647493662865092414.post-55775357637225804682023-11-20T05:31:00.000+05:302023-11-20T05:31:17.594+05:30උපත් පාලනය - නම අලුත් වුනත් වසර 3500ක් පැරණි දෙයක්!
උපත් පාලනය (Birth control) යනු මානව ප්‍රජනනය සීමා කිරීම යි; අත් හිටුවීමයි. ලෝක ජනගහනය ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගැනීමත් සමඟ උපත් පාලනයේ වැදගත් කම මිනිසාට අවබෝධ වන්නට වුණා. මිනිසාට කලින් මේ උපත් පාලනය පටන් ගත්තේ සතුන් අතරයි. ප්‍රමාණවත් තරම් ආහාර නොමැති කාලවල ඇතුන් සිංහයන් හා කොටියන් පැටවු බිහි කළේ නැහැ. එය ඔවුන් සිදු කළේ ගැහැනු සතුන් හා පිරිමි සතුන් එක් නොවී සිටීමෙනි; ගැබ් ගන්නා කාලයේ දී සංසර්ගයේ නොයෙදීමෙනි.
අද නම් උපත් පාලනයට, ලිංගිකව එක්වීමෙන් වැළකී සිටීම (sexual abstinence), ශුක්‍රාණු පහ වීමට පෙර ඉන් ඉවත් වීම (coitus interruptus) ආදියට වඩා පිළිසිඳ ගැනීම වැළක්වීම සඳහා වෙනත් නොයෙකුත් ක්‍රම තිබෙනවා. උපත් පාලන පෙති, කොපු (කොන්ඩම්), සැත්කම් මගින් වන්ධ්‍යකරණය (sterilization) හෙවත් වඳ බවට පත් කිරීම ආදී විවිධ ක්‍රම ගණනාවක්ම තියෙනවා. පවුල් සෞඛ්‍ය සායනයකට ගියොත් දැන ගන්න පුළුවන්.
අන්තර් ජාලයෙන් උපත් පාලන ක්‍රම ගැන සෙව්වොත් ඔබට පහසුවෙන් ම ඒ තොරතුරු,, ස්වාභාවික ඔසප් චක්‍රය ආශ්රිත කැලැන්ඩර් ක්‍රමය, ලූප් භාවිතය, ඩිපෝප්‍රොවේරා එන්නත හෝ සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට් ක්‍රමය, පිරිමින්ට වාසක්තෙමි වැනි වන්ධ්‍යකරණ සැත්කම් ආදිය ගැනත් දැන ගත්තෑකි.
ඒ වගේ ම අනවශ්‍ය දරුවකු පිළිසිඳ ගතහොත් සමහර රටවල කතුන්ට ගබ්සා කර ගැනීමටත් නීතියෙන් අවසර තියෙනවා. අපේ රටේ එවැනි අවසරයක් නීති මගින් ඇති කර නැහැ.
මේ උපත් පාලනය අනාදිමත් කාලයක සිට ලෝකයේ පැවතුණු දෙයක් වුවද මේ උපත් පාලනය (Birth control) යන ඉංග්‍රීසි වදන ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ 1914 දී ඇමරිකා එක්සත් ජනපද හෙදියක විසිනුයි. සමාජ ක්රියාකාරනියක වූ මාගරට් සැන්ජර් (Margaret Sanger, 1879-1966) පළමු වරට ඇමරිකාවේ ඒ සඳහා සායනයක් ආරම්භ කළා. මව්පිය පදවිය සැලසුම් සහගතව පවත්වා ගෙන යාමට උපකාර කිරීමට ආරම්භ කළ මේ පවුල් සැලසුම් සායනය සෞඛ්‍යය අතින් ලොව පුරා ලොකු පෙරළියක් කළා.
පවුල් සැලසුමට මග පෑදූ මාගරට් සැන්ජර්
“ඇගේ නිදහස කරා යන ගමනේ දී කාන්තාවක් විසින් තැබිය යුතු මුල් පියවර උපත් පාලනයයි” මාගරට් සැන්ජර් විසින් කියා තියෙනවා.
උපත් පාලනය පිළිබඳව කළ පැරණිම ලිඛිත සඳහන එන්නේ ඊජිප්තුවෙන් (මිසරයෙන්). මීට වසර 3573කට පෙර, එනම් ක්‍රිස්තු පූර්ව 1550 දී පමණ, වියළි පැපිරස් පත්‍රවල ලියන ලදැයි සැලකෙන ඒවා හැඳින්වෙන්නේ ඊජිප්තු එබර්ස් පැපිරස් (Egyptian Ebers Papirus) පත්‍රිකා කියායි. ලොව පැරණිම වෛද්‍ය වාර්තා ලෙස සැලකෙන ඒවා ලියා ඇත්තේ වේළා ගත් පැපිරස් කොළවලයි. අපේ පුස්කොළ පොත් හා සමාන ඒ පත්‍රිකා ‘එබර්ස් පැපිරස්’ කියා නම් කර ඇත්තේ, ඊජිප්තුවේ ලක්සූර් නගරයේදී, 1873 දී ඒවා මිල දී ගත් ජර්මන් ජාතික ජෝර්ජ් එබර්ස්ගේ නම අනුව යමිනුයි. ඒ සටහන ඇතුළත් වෛද්‍ය වාර්තා පැරණි මිසර බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර පොතක් වශයෙන් මුද්‍රණය කරලා තියෙනවා.
වසර 3500කට වඩා පැරණි එබර්ස් පැපිරස් වෛද්‍ය තොරතුරු
ඉංග්‍රීසියට පෙරළා පළ කර ඇති පොතක්.
එහි උපත් පාලන ක්‍රමයක් ලෙස රට ඉඳි, මී පැණි හා ඇකේසියා තලපයක් ලෙස අඹරා ගෙන වූල් සමක ආලේප කොට යෝනි ගත කිරීමට පෙසරියක් (pessary) තනා ගන්නා හැටි දක්වා තියෙනවා. තවත් උපත් පාලන ක්‍රමයක් ලෙස සතුන්ගේ අතුනු බහන්වලින් තැනූ කොන්ඩම් ඒ කාලයේ භාවිත කළ බවද සඳහන් වෙනවා. ඒ වෙනුවට රබර් යොදා ගනු ලැබුවේ 1839 දියි. ඒ වගේම අලුත් උපත් පාලන ක්‍රම බොහොමයක් ආවේ 19 වැනි සියවසෙන් පසුවයි.
උපත් පාලනය වැදගත් වන්නේ ජනගහනය පාලනයට පමණක් නොවෙයි. මවගේ සුව සෙත සඳහාත් අවශ්‍ය වෙනවා. ඒ වගේ ම පවුලක බර දරන්නට අපහසු තත්වයක් ඇති වීම වළක්වන්නත්, දරුවන් වැඩි වීමෙන් ඇති වන ආර්ථික හා සමාජ ගැටළු මග හරවා ගන්නත් උපත් පාලනය අත්‍යවශ්‍යයි.
18 වැනි සියවසේ දී බිලියන එකටත් අඩු වූ ලෝකයේ ජනගහනය දැන් බිලියන 8ත් පැනලා. 2100 වන විට මෙය බිලියන 16ක් වෙතැයි ගණන් බලා තියෙනවා. ගිය අවුරුද්දේ ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට වූයේ චීනයයි. එත් අද වෙන කොට ඒ වාර්තා ඉන්දියාව විසින් උදුරාගෙන තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව ඉන්දියාවේ ජනගහනය 2023 නොවැම්බර් 19 වැනිදාට 1,433,662,223ක්. චීනයේ 1,425,671,663ක්. ශ්‍රී ලංකාවේ ජනගහනය 2021 දි මිලියන 22.16ක්. අපේ රටෙත් මේ වසරේ රජය මගින් දැන් අලුත් සංගණනයක් පැවැත්වෙනවා.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com2tag:blogger.com,1999:blog-2647493662865092414.post-7162352589538413262023-11-17T23:31:00.002+05:302023-11-17T23:31:25.886+05:30පණ්ඩිත් අමරදේවයන් අන්තිම මොහොතේ පිච්ච මල් තුනක් ඉල්ලයි!
දෙදහස් දහසයේ නොවැම්බර් දෙවැනිදා නින්දට ගිය අමරදේවයන් පුදුම ඉල්ලීමක් කළේ හරියටම රෑ දොළහටය. වෙනදා නම් නින්ද අතරමැදදී අවදි නොවන ඔහු නොවැම්බර් දෙවැනිදා හරියටම රෑ දොළහට සිටියේ අවදිවය. එසේ අවදිවූ අමරදේවයන් සිය දයාබර බිරිඳ විමලාවන් ද අවදි කර වූවේය. මහ රෑ අවදි කළ විමලාගෙන් අමරදේවයන් ඉල්ලුවේ සුදු මල් තුනකි.
ආචාර්ය අමරදේව
“මහ රෑ දොළහට තාත්තා සුදු මල් තුනක් ඉල්ලුවාම අම්මා තරමක් තිගැස්සිලා තිබුණා. ඒත් අම්මා ඒ බව තාත්තාට පෙන්නලා නැහැ. ‘මහ රෑ මල් මොකටද මහත්තයෝ’ කියලා අහපුවාම තාත්තා කියලා තිබුණා, මට බුදුන්, දහම්, සඟුන් වඳින්න මල් තුනක් ඕනෑ කියලා. එතකොට අම්මා කියලා තිබුණා, චූටි උදේට මල් කඩලා ගෙනත් දෙයි කියලා. අපේ ගෙදර උදේට බුදුන් වඳින්න මල් කඩන්නෙ අක්කා. තාත්තා උදේට ශරීර සුවතාවට ඇවිදින්න ගියාම තාත්තත් මල් කඩලා ගෙනත් දෙනවා අක්කා අතට. මෙන්න මේ මල් ටිකත් බුදුන්ට පූජා කරන්න චූටි කියල තමයි තාත්තා කඩා ගෙන ආපු මල් ටික අක්කා අතට දෙන්නේ. අක්කා උදේට මල් කඩලා දෙයි කියලා අම්මා කිව්වාට පස්සෙ තාත්තා ආපහු නිදාගෙන තිබුණා.”
නොවැම්බර් තුන් වැනිදා උදෑසන අවදි වූ ප්‍රියංවදා දියණිය වෙනදා වගේ ම මල් කඩන්න ගියේ මිදුල කෙළවර වූ පිච්ච මල් වැල අසලටය. එ නොවැම්බර් දෙවැනිදා විට දුටු දෙයින් ප්‍රියංවදා පුදුමයට පත් වූවාය. මුළු වැලටම තිබුණේ මල් තුනක් බැවිනි. පිච්ච කියන්නේ සාමාන්‍යයෙන් මල් පිරී ඇති වැලකි. එහෙත් එදා පිපී තිබුණේ මල් තුනක් පමණි. ප්‍රියංවදා ඒ මල් තුන කඩා ගෙනැවිත් අමරදේවයන් අතට දුන් විට ඔහු එය ගත්තේ දෝතින්මය. සුභානි එදා අවදිවූවේද කිසිදා නොදුටු සිහිනයක් දකිමිනි.
“කවදාවත් නැතුව එදා සුදු කොඩි දෙකක් මගේ මුහුණේ වදිනවා මම හීනෙන් දැක්කා. ඔය හීනය දකිමින් තමයි, මම උදේ ඇහැරුණේ. ඒ වෙලාවෙ මගේ හිතට සෑහෙන බයක් ඇති වුණා. ඒත් තාත්තාට කරදරයක් වෙයි කියලා කීයටවත් හිතුණෙ නැහැ. මොකද සුළු උණ තත්වයක් තිබුණට තාත්තා බොහොම නිරෝගීව හිටියේ. තාත්තයි අම්මයි ඔය වෙනකොට නිදා ගත්තේ ගෙදර බිම් මහලේ කාමරයක. අක්කයි මමයි හිටියෙ උඩු මහලේ. උදේ නැගිටලා මම පහළට එන කොට දැක්කා තාත්තා උදේ වාඩිවෙලා දෑත් එක් කරලා වැඳ ගෙන ඉන්න හැටි.
ආචාර්ය අමරදේව, බිරිඳ විමලා, දියණියන් සුභානි, ප්රියාවංදා, පුතා රංජන.
“එහෙම වැඳ ගෙන ඉන්න ගමන් බුදු සරණ වේවා, දම් සරණ වේවා, සඟ සරණ වේවා මෙ තුන් සරණින් ජයම වේවා. කිය කියා හිටියේ. තාත්තා වෙනදාට බුදු පහන ළඟට ගිහින් බුදුන් වැන්දට ඇඳෙහි ඉඳන් ඔය විදියට කියනවා අපි කවදාවත් දැකලා නැහැ. මල් තුනක් අතේ තියාගෙන තමයි තාත්තා ඔහොම කිය කියා හිටියේ. ඒ වෙලාවෙ මගේ හිතේ යම් චකිතයක් ඇති වුණා. හැසුරුණු විදියට නෙමෙයි තාත්තා ඇඳටම වෙලා හිටිය නිසා. තාත්තා සාමාන්‍යයෙන් උදේ අවදිවුණාට පස්සේ ඇඳ වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඇඳෙන් බැහැලා ඇවිත් ඇවිදින කෙනෙක්. ඊට ටික වෙලාවකට පස්සේ තමයි මම දැක්කෙ තාත්තා ඉක්මනින් හුස්ම ගන්නවා.”
විමලා ඒ මොහොතේ සිටියේ අමරදේවයන්ගේ හිස අතගාමිනි. රංජන වහා පැමිණ තාත්තා රෝහල ගෙන යන්නට තීරණය කළේය. ඒ අනුව ඔහු අමරදේවයන් රැගෙන ගියේ ජයවර්ධනපුර රෝහලටය. අමරදේවයන් රෝහලට පිටත්ව ගොස් තිබුණේ තම සුරතේ තිබුණු පිච්ච මල් තුන නිදා ගත් කොට්ටය උඩ තබාය. රෝහල ගෙන ගිය පසු වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ අමරදේවයන් ශල්‍යකර්මයකට බඳුන් කරන්නටය. ඔහු මෙලොවින් සමුගෙන ගියේ ඒ ශල්‍යකර්මය කරන අතරේදීය. එවිට අමරදේවයන්ගේ වයස අවුරුදු අසූ නවයකි.
ජීවිතයේ අවසන් දිනයෙහි දෑත් තබාගෙන සිටි පිච්ච මල් තුන සුරක්ෂිත කර ඇත්තේ දිගු කලක් තබා ගත හැකි තාක්ෂණය මගිනි. එය අනාගතයේ දී අමරදේව අසපුවෙහි තැන්පත් කරනු ඇත්තේ එය නරඹන්නට එන අයට දැක ගත හැකි වන ලෙසය.
(‘සති අග අරුණ’ පුවත්පතට අමරදේවයන්ගේ සුභානි දියණිය සමග සාකච්ඡා කර හසිත කුරුප්පු ලියූ ලිපියක් ඇසුරෙනි.)
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com2tag:blogger.com,1999:blog-2647493662865092414.post-49746087646739295422023-11-11T20:03:00.002+05:302023-11-11T20:03:57.632+05:30බොරුවක වෙනස?
දවසක් නස්රුදින් හම්බවෙන්න යාළුවෙක් ආවා. ඇවිත් ඉල්ලීමක් කළා. නඩුවක එයා වෙනුවෙන් සාක්කියක් දෙන්න කියලා. ඔහෙට කරන්න තියෙන්නෙ මෙච්චරයි. නඩුකාරයා අහයි ඔහෙගෙන්, “මේ මිනිහා ඔක්කොම රන් කාසි ටික දෙනවා යුෂ්මතා දැක්කද?” කියලා. ඔහෙට තියෙන්නෙ “ඔව්” කියන්න විතරයි.
ඔවුන් උසාවියට ගියා. නඩුකාරයා ඉදිරියේ සාක්කි දෙමින් නස්රුදින් කිව්වා, “ඒ මිනිහා ඔක්කොම රිදී කාසි ටික දෙනවා තමා දක්කා” කියලා.
නඩුකාරයා ඒ කතාව පිළිගෙන නඩුව අහක දැම්මා.
උසාවියෙන් පිටට ආපු යාළුවා නස්රුදින්ගෙන් මෙහෙම ඇහුවා. “ඇයි නස්රුදින් මගෙ රන් කාසි වෙනුවට රිදී කාසි කියලා කිව්වෙ?”
“ඉතින් ඔහෙ මට බොරුවක් නේද කියන්න කිව්වෙ? බොරුව රන් වුනත් රිදී වුනත් ඇති වෙනස මොකක් ද?” නස්රුදින් ඇහුවා.
(මේ කතාව පර්සි ජයමාන්නගේ නස්රුදින් කතා පොත් පෙළේ පස් වැන්න වූ අලුත් ම කෘතියෙන්. ‘නස්රුදින්ගේ අමුතු කතා’ නමින් දැන් නිකුත් වෙලා ඇති මේ ප්රකාශනය දොරට වැඩියේ කොළඹ සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සමාගමේ අනුග්‍රහයෙන්.)
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com1tag:blogger.com,1999:blog-2647493662865092414.post-23619123940510975382023-11-05T22:36:00.000+05:302023-11-05T22:36:01.359+05:30ඇමරිකාව සුපිරි න්‍යෂ්ටික බෝම්බයක් තනන්න යයි
පසුගියදා චීනය සිය න්‍යෂ්ටික යුද අවි තැන්පතුව විශාල කරන්නට අදහස් කර සිටින පළ කිරීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයත් මෙතෙක් සැලසුම් කර ඇති සුපිරි න්‍යෂ්ටික බෝම්බයක් තනන බව පෙන්ටගනය ප්‍රකාශ කර ඇත. ඔවුන් තනන්නට යන න්‍යෂ්ටික බෝම්බය ජපානයේ හිරෝෂිමට දැමූ පරමාණු බෝම්බය මෙන් 24 ගුණයක් බලවත් එකක් බවයි, ඔවුන් කියන්නේ.
නව බෝම්බය තැනෙන්නේ B61-7 යුදශීර්ෂයට B6-12 බෝම්බයේ
නව ආරක්ෂක වැස්මක් යොදවමිනි.
මේ න්‍යෂ්ටික බෝම්බය නම් කර ඇත්තේ B61-13 කියායි. එයට මෙහෙයවීමක් අවශ්‍ය නැහැ. එයට කෙළින් ම ඉලක්කයට යාමේ හැකියාව තියෙනවා. එය ‘ගුරුත්ව බෝම්බ’ (gravity bombs) ලෙස හඳුන්වනු ලබන බෝම්බ B61 පවුලේ 13 විශේෂය ලෙසයි සැලකෙන්නේ.
නිරවි යුද සමයේ දී ඇමරිකාව මුලින් තැනූ B61-7 නම් න්‍යෂ්ටික බෝම්බයට භාවිත කළ ටොන් 360,000ක පිපුරුම් බලයක් ඇති පිපුරුම් ද්‍රව්‍ය තමයි මේ නව බෝම්බයටත් යොදා ගෙන ඇත්තේ. එයට අඩි 190,000ක අරයක වපසරියක් පුපුරවා හරින්න පුළුවන්. මේ නව බෝම්බය B61-7 බෝම්බයට නව ආවරණයක් යෙදූ එකක් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ. කලින් බෝම්බයට වඩා මේ බෝම්බයට නව ආරක්ෂණ හා පාලක පද්ධතියක් සමඟම යවත් කාලීන කළ වල්ගා කට්ටලයක් සවි කරලා තියෙනවා. ඒ ඇත නිසා ඒ වල්ගා කට්ටලය උදවු වෙනවා ඉලක්කය සොයා ගිහින් කෙළින් අතට ම ඒ මතට පතිත වන්නට.
මේ B61-13 බෝම්බය හිරෝෂිමාවට දැමූ බෝම්බය සමඟ සැසඳුවොත්!
1945 දී හිරෝෂිමාවට හෙළුෑ ‘ලිට්ල් බෝයි’ නම් පරමාණු බෝම්බය හා
දැන් නිපදවන්නට යන එමෙන් 24 ගුණයක් බලවත් නව න්‍යෂ්ටික
බෝම්බය අතර සැසඳීමක් ඉහත රූප සටහනෙහි දැක්වේ.
‘ලිට්ල් බෝයි’ කියා නම් කළ හිරෝෂිමාවට දැම්ම බෝම්බය යුරේනියම් යොදා ගත් එකක්. 1945 දී ඒ බෝම්බය දමන කොට එහි ජනගහනය 320,000ක් සිටියා. එය බරින් රාත්තල් 9,700ක්. එහි විශ්කම්භය අඟල් 28ක්. ඊට යුරේනියම් 141ක් යොදා ගෙන තියෙනවා. ඒ අතර මේ නව බෝම්බය ප්ලෝටෝනියම් යොදා ගත් එකක්. එය පිපිරීමේ දී TNT කිලෝ ටොන් 15ක විනාශකාරී බලයක් මුදා හරිනවා. මේ පිපිරීමේ දී බිම් මට්ටමේ සිට සැතැපුමක් ඉහළට විහිදෙන විනාශකාරී සුළිකුණාටුවක් මවන සුපර්සොනික් කම්පනයක් නිකුත් කරනවා. දෙවනුව ඊට සමාන විනාශයක් ඇති කරන සුළි සුළඟක් ඇති වෙනවා. එයින් සැතැපුම් ගණනාවක් දුරට පිහිටි නිවෙස් හා ගොඩනැගිලි සියල්ල බිමට සමතලා කරනවා.
යුරේනියම් පරමාණු භාවිත ‘ලිට්ල් බෝයි’ බෝම්බයේ අනුරුවක්.
හිරෝෂිමා බෝම්බයෙන් නිකුත් වූ අධික තාපය (ෆැරන්හයිට් 12,000ක) නිසා සැතැපුමක් ඇතුළත සිටි සියලු මිනිසුන්ගේ සම් මස් පිළිස්සී ගියා; දැවෙනසුලු සියල්ල මොහොතකින් පිළිස්සී ගියා. හිරෝෂිමා බෝම්බයෙන් සිදු වූ මරණ බොහොමයක් සිදු වූයේ ඉන් නිකුත් වූ මූලික තාප තරංගයෙන් සිදු වූ පිළිස්සීම්වලින්.
නව න්‍යෂ්ටික බෝම්බය පිපිරුවහොත් සුපර්සොනික් කම්පන තරංගයක්
සමග සැතැපුමක් උසට සුළිකුණාටුවක් ඇතිවී
ඊට හසුවන සියල්ල විනාශ කරනු ඇත.
ඇමරිකානු යුද දෙපාර්තමේන්තුව කියන විධියට ඔවුන් යෝජනා කරන නව බෝම්බයෙන් කිලෝටොන් 360ක විනාශකාරී බලයක් නිපදවෙනවා. පුපුරවා හරිද්දී සැතැපුම් හතරකට වැඩි අරයක් සහිත ප්‍රදේශයක් පුරා මහා ගිනිජාලාවක් ඇති වෙනවා.එයින් ෆැරන්හයිට් 220කට වැඩි තාපයක් සහිත සුළිකුණාටුුවක් ඇති කරනවා.
විශේෂඥයන් කියන්නේ එයින් ඇති වන ගිනි ජාලාව පැය හයක් පමණ පවතින අතර එය වර්ග සැතැපුම් 65ක පමණ ප්‍රදේශයක් පුරා මාරක පරිසරයක් මවන බවයි. වැජින් පීස් නම් මානව හිමිකම් සංවිධානයට අනුව මේ තත්වය හිරෝෂිමාවේ ඇති වූ පිළිස්සීම මෙන් 10 – 15 ගුණයක් වැඩි විනාශයක් ඇති කරන බවයි.”
ඔබාමා පරිපාලනය අනුමත කළ 2021 නොවැම්බරයේ
තැනූ B61-12 න්‍යෂ්ටික බෝම්බය.
“මේක හිරෝෂිමා බෝම්බයට වඩා විශාල එකක්. මේක නිව් යෝක් නගරයට දැම්මොත් ජර්සි නගරයත්, මෑන්හැට්න් කලාපයත් විනාශ වෙනවා. මිලියනයකට මරු කැඳවනවා විතරක් නෙවෙයි, තුවාලකරුවන් මිලියන දෙකක් පමණ ඇති විය හැකියි.” ඇමරිකානු ආරක්ෂක තොරතුරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජ්‍යොෆ්‍රි විල්සන් කියනවා.
අද ඉලක්කයට එල්ල කිරීමේ දී බෝම්බවලින් උපරිම ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ B61-13 බෝම්බයට විශේෂිත වල්ගා කට්ටලයක් නිර්මාණය කරලා තියෙනවා, හරියටම එය අවශ්‍ය ඉලක්කයට එය රැගෙන යා හැකි වන පරිදි.
මේ B61-13 බෝම්බය නිපදවන්නේ කුමක් නිසා ද?
නිරවි යුද සමය අවසන් වන විට ඇමරිකන් යුද අවි එකතුවේ තිබූ ප්‍රධාන යුද ශීර්ෂය (warhead) B61-7 නම් වූ ‘ගුරුත්ව බෝම්බ’ විශේෂයයි. රාත්තල් 1,000කට වැඩි බරක් ඇති එහි විනාශකාරී බලය කිලෝටොන් 360ක්. ඒවා 1980 ගණන්වල සිට නිපදවීම ආරම්භ කර ඇති අතර 1990 දශකය මුලදී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පරිපාලනය විසින් ඒවා තැනීම නවතා දමා තිබුණා.
තවත් B61-7 බෝම්බ කීපයක් ඇමරිකන් න්‍යෂ්ටික බෝම්බ තොග ගබඩාවෙහි තිබෙනවා. මේවායේ තැන්පත් කර තිබිය හැකි ආයු කාලය වසර 12ක් කියනවා. මේවාට යොදා ඇති මූලද්‍රව්‍යවල විකිරණ ශක්තිය කාලයත් සමග ක්ෂයවී යන නිසා බලය හා කාර්යක්ෂමතාව අඩු වෙනවා.
ඔබාමා පරිපාලනය අනුමැතිය දුන්නා, 2021 නොවැම්බරයේ දී B61-12 නම් මේ බෝම්බයේ නව ප්‍රභේදයක් නිපදවන්නට. මේ B61-12 බෝම්බ වැඩසටහන විවාදාත්මක වූයේ ඒ සඳහා වැය වන අධික වියදම නිසයි. 2010 දී එක් බෝම්බයක් තැනීම සඳහා ඩොලර් බිලියන 4ක් ඇස්තමේන්තු කර තිබුණා. ඒත් 2012 දී ජාතික න්‍යෂ්ටික ආරක්ෂක අධිකාරිය එයට වැය වන මුදල ලෙස ඩොලර් බිලියන 8ක් ලෙස දක්වා තිබුණා. ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව 2013 දී එහි වියදම ඩොලර් බිලියන 10.4ක්.
මෙහි මග පෙන්වන නව වල්ගා කට්ටලය සඳහා තවත් ඩොලර් බිලියන 1.8ක් අතිරේකව වැය කරන්න සිදු වෙනවා. ඒ විතරක් නොවෙයි, මෙය අවශ්‍ය තැනට අහසින් ගෙන ගොස් අත හරින්නට යොදා ගන්නා ගුවන්යානා වර්ග පහ අනුව තවත් අතිරේක මුදලක්, ඩොලර් මිලියන සිය ගණනක්, වැය කිරීමට සිදු වෙනවා.
මේ B61-12 බෝම්බ වැඩසටහන සමහර විට ඇමරිකන් ඉතිහාසයේ වැඩිම මිලක් වැය කෙරෙන න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදන වැඩ පිළිවෙළ විය හැකියි. ඒ පිළිබඳ වාර්තා කියන විධියට B61-12 බෝම්බයකට එය රනින් කළ එකක මිලට සමාන වෙනවා.
කෙසේවෙතත්, මේ නව බෝම්බය ඉලක්කයට පහත් කිරීම සඳහා පැරචූටයක් වෙනුවට මග පෙන්වන විශේෂ වල්ගා කට්ටලයක් නිර්මාණය කිරීම නිසා එය ඉතාම නිවැරදිව පතිත කළ හැකි වන නිසා එයින් ඈත්ව සිටීමේ දුරත් කල් තියා කියන්න පුළුවන්. මේ න්‍යෂ්ටික බෝම්බය පොළොව මත දී පමණක් නොව ගුවනේදීත් පුපුරුවා හරින්න පුළුවන්.
B61-12 බෝම්බය නව න්‍යෂ්ටික බෝම්බය තරම් බලවත් නැහැ. එහි ප්‍රතිඵලය ටොන් 0.3ක් අඩුයි. දැනට ඇමරිකාව සතුව ඇති B61-12 බෝම්බ ‘ගුරුත්ව බෝම්බ’ විශේෂය ප්‍රබල ඒවා වුනත් නව නිෂ්පාදනය තරම් ප්‍රබල ප්‍රතිඵල ගේන්නේ නැතැයි කියලයි ලෝක පරමාණු විද්‍යාඥයන් නිකුත් කළ නිවේදනයකින් කියැවෙන්නේ.
ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ නව සුපිරි න්‍යෂ්ටික බෝම්බය නිපදවීම පිළිබඳ තොරතුරු මුල්වරට හෙළි කළේ 2023 ඔක්තෝබර් 27 යි. ඔවුන්ගේ වාර්තාව අනුමැතිය හා අවසරය ලබා දීම සඳහා ඇමරිකන් කොංග්‍රසයට ඉදිරිපත් කර තියෙනවා.
ඇමරිකාවේ සතුරු පාර්ශ්වයන් ඇමරිකාවට එරෙහි වීම වැළැක්වීමටත්, මිතුරු පාර්ශ්ව අතර ඇති සම්බන්ධතා තර කර ගැනීමටත් මේ නව න්‍යෂ්ටික බෝම්බය ඇමරිකාව සතුව තිබීම හේතුවේවි. විරුද්ධ පාර්ශ්ව ඇමරිකාවට එරෙහිව යුද වැදීමට බිය වනු නිසැකයි. ඇමරිකානු ජනාධිපතිවරයාට බරපතල තර්ජන හමුවේ ක්‍රියාකිරීමේ දී විශාල ප්‍රදේශයක හමුදා ඉලක්කවලට පහර දීමට සිදුවුවහොත් තේරීම් විශාල පරාසයක් මේ බෝම්බය නිසා උදාවෙනවා. එසේ නොවුවහොත් පහර දීමට භාවිත නොකර ඇමරිකාවේ බලය ලොව පුරා පැතිරවීමට මෙය ඉවහල් වේවි.
හාන්ස් ක්‍රිස්ටෙන්සන් හා මැට් කෝඩා ඇතුළු ඇමරිකානු ෆෙඩරේෂණයේ විද්‍යාඥයන් කියන්නේ මේ B61-13 න්‍යෂ්ටික බෝම්බය කරළියට ගෙන එන්නේ දැනට තනා ඇති කිලෝ ටොන් 1,200ක දැවැන්ත B83-1 බෝම්බය වෙනුවට යොදා ගත හැකි B61-12 බෝම්බයට වඩා ලොකු එකක් තනන්න කියලයි.
ඇමරිකානු ආරක්ෂක තොරතුරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජ්‍යොෆ්‍රි විල්සන් කියන්නේ “මේ B61-13 බෝම්බය වොෂිංටන් යුද ශීර්ෂයක්, දේශපාලන අවියක්.” කියායි. “මේක පාවිච්චි කළත් නොකළත් මෙයින් සැබෑ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැහැ”
කොංග්‍රසයේ ඇතැම් අය සිතන්නේ බයිඩන් ජනාධිපතිවරයා බෝම්බය තැනීම නවතා දැමීමේ අදහසින් මේ නව න්‍යෂ්ටික බෝම්බය තැනීම පෙරට ගෙන එන්නට ඇත කියායි.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0tag:blogger.com,1999:blog-2647493662865092414.post-91483454036415815492023-11-01T22:41:00.002+05:302023-11-01T22:41:54.849+05:30අභිරහස් බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ තතු හෙළිවෙයි.
පසුගිය වසර 100 තුළ නැව් 50 ගණනක්, ගුවන්යානා 20ක්, අඩු තරමින් මිනිස් ජීවිත 1000ක්වත් බිලි ගන්නට ඇතැයි සැලකෙන බර්මියුඩා ත්‍රිකෝණය (Bermuda Traingle) පිහිටි ප්‍රදේශය ලොව ඇති අතිශය ගුප්ත තැනක්. උතුරු ඇමෙරිකාවේ මියාමි වෙරළත්, දකුණු ඇමෙරිකාවේ පුවර්ටෝ රිකෝ හා බර්මියුඩා දූපතත් අතර වර්ග කිලෝමීටර් 500,000 වන ප්රදේශයයි, අභිරහස් බර්මියුඩා ත්‍රිකෝණයට අයත් වන්නේ.
බර්මියුඩා ත්‍රිකෝණය වර්ග කිලෝමීටර් 500,000 වන
ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා.
ඇමෙරිකාවේ කොලරාඩෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ චන්ද්‍රිකා කාලගුණ විද්‍යාඥ ආචාර්ය ඩේවිඩ් මිලර් කියන්නේ වලාකුළු අතර සෑදෙන පියවි ඇසින් දැක ගත නොහැකි, සය පැති වලාකුළු තුළ පැ.හැ. 170ක් තරම් වේගවත් සුළි කුණාටු ඇති වෙනවා. සාගරවල නොවිසඳුණු සිය ගණනක් අභිරහස්වලට හේතු වන්නේ ඒ සුළි කුණාටුයි. ඒ කුණාටු කොතරම් ප්‍රබල ඒවාද යත් ඇසිල්ලකින් ගුවන්යානා හෝ නැව් හෝ ජලය තුළට කිඳා බස්සන්නට , ඒවාට පුලුවන්. ඒ වගේ ම බර්මියුඩා ත්‍රිකෝණය (Bermuda Traingle) පිහිටි ප්‍රදේශයේ සාගරය තුළ වරින්වර ප්රචණ්ඩ වීම වෙනත් සාගරවල ඇති වෙන ඒවාට සමානයි. සසඳා බැලීමේ දී එහි අස්වාභාවිකත්වයක් නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය සංගමය (NOAA) අවධාරණය කරනවා.
බර්මියුඩා ත්‍රිකෝණයට අදාළ ව මුල් ම අතුරුදන් වීම වාර්තා වන්නේ 1945 දෙසැම්බර් 4 වැනිදායි. ඒ (Flight 19) පියසැරි 19 නමින් හැඳින්වුණු TBF ඇවැන්ජර් බෝම්බහාරක යානා 5ක් නැවියන් 14ක් සමග අතුරුදන් වීමෙන්. ඉන්පසු, එදින ම ඒ නැති වූ යානා සොයන්නට ගිය PBM මැරීනර් යානයත් නැවියන් 13ක් සමඟ අතුරුදන් වුණා.
අවසාන වශයෙන් වාර්තා වූයේ 2017 මැයි 15 වැනිදා MU-2B නමින් යුත් පුද්ගලික ගුවන් යානයක් එහි අඩි 24,000ක් ඉහළ අහසේ දී සැණෙකින් අතුරුදන් වූ බවයි. ඇමරිකාවේ මියාමි ගුවන්ගමන් පාලකයන් තමයි, ආරංචිය ලබා දී ඇත්තේ.
බ්‍රිටෑනිකා විශ්වකෝෂය කියන විධියට පසුගිය සියවසක් තරම් වූ මේ මුළු කාලය තුළ ම අනතුරට ලක්ව ඇත්තේ නැව් 50ක් හෝ ගුවන් යානා 20ක් තරම් සංඛ්‍යාවක් විතරයි. ඒ හැම එකක් ම අවසානය පැහැදිලි නැති ඒවායි. වසර 100ක තරම් කාලයක් තුළ ලක්ෂ ගණනක් යානා හා යාත්‍රා ඒ කලාපය හරහා යන විට කුමක් හෝ අනතුරක් සිදු විය හැකියි. එහි අස්වාභාවික අසාමාන්‍ය තත්වයක් ඇති විශේෂ තැනක් නැහැ. එය වර්ග කිලෝමීටර් 500,000ක් තරම් දුරට විහිදෙන ඉතා විශාල ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය පුරාම නැව් හා යාත්‍රා විශාල සංඛ්‍යාවක් දිනපතාම කිසිම අනතුරකට ලක් නොවී එහා මෙහා යනවා.
ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥ කාල් කෘස්ලෙනිස්කි (Karl Kruszelnicki) කියන්නේ අතීතයේ දී මේ බර්මියුඩා ත්‍රිකෝණයේ දී අතුරුදන් වූ නැව් හා ගුවන් යානා ගැන විමසිල්ලෙන් බලන විට ඒවා එක පොදු සංසිද්ධියකට ගොනු කර දක්වන්න බැහැ කියලයි. ඒ කලාපය හරහා යන නැව් හා මුහුදු යාත්‍රා සංඛ්‍යාව අති විශාලයි. ඒ බොහොමයක් ම නිරුපද්‍රිතව ඒ චාරිකාවල යෙදනවා. කලාතුරකින් එකක් තමයි, අනතුරට ලක් වන්නේ. ඒ වගේ ම ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය සංගමය (NOAA)ත් ලන්ඩනයේ සාගර රක්ෂණ සමාගමක් වූ ලොයිඩ්ස් ආයතනයත් කාලයක් තිස්සේ මේ මතයම දරණවා. ඔවුන් කියන්නේ ‘අභිරහස් බර්මියුඩා ත්‍රිකෝණය’ යන්න හිතළුවක් කියායි.
මේ ප්‍රදේශයේ ඉතිහාසයේ ඈතට ගියොත් 1609 දී ඉංග්‍රීසීන් 150 දෙනකු රැගත් ‘සී වෙන්චර්’ කියන නැව කුණාටුවකට හසු වී බර්මියුඩා දූපතට ගසාගෙන ගියා. ඒ කාලේ ඒ දුපතට නමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් ඒ දූපත් සමූහයටම ‘සෝමර්ස් දූපත්’ කියලා කිව්වා, ඔවුන්ගේ නායකයා වූ සර් ජෝර්ජ් සෝමර්ස්ගේ නම අනුව යමින්. ඒත් මේ දූපත් සිතියම් ගත කරද්දී ස්පාඤ්ඤ ජාතික නැවියකු වූ ජුවාන් ඩි බුමූඩෙස් මේ දූපත් බර්මුඩාස් කියා නම් කළා. මේ සිද්ධිය පසුව ශේක්ස්පියර් ලියූ ‘ද ටෙම්පස්ට්’ (The Tempest,1611–12) නාට්‍යයට පාදක කර ගනු ලැබුවා. ඒ නාට්‍යයේ එන ඒරියල් කියන මායාකාර චරිතය එක් තැනක ‘සදාකාලික කුණාටු සහිත බර්මියුඩා වැනි තැනක’ කියා සඳහනක් කරනවා. ඒ නැව කුණාටුවට හසු වීමෙන් දිවි ගලවා ගත් පිරිස බර්මියුඩා දූපතට ගොඩ වී එහි සිට යාත්‍රා දෙකක් තනා ගෙන තමන් යන්නට ගිය ගමනාන්තය වූ ජේම්ස්ටන් නගරයට සුරක්ෂිතව ගියා. එහිදීත් කිසිම අස්වාභාවිකත්වයක් ඇතැයි හෙළි වුණේ නැහැ.
ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥ කාල් කෘස්ලෙනිස්කි කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණයට අදාළ අද්භූත කතාව මුලින් ම ලියා ඇත්තේ ‘ආගසි’ (Argosy) කියන ප්‍රබන්ධ කතා සඟරාවට වින්සන්ට් ගැඩිස් කියන ලේඛකයායි. ඊට පසුව චාල්ස් බර්ලිට්ස් නම් කතුවරයා පොතක් ලීවා ‘බර්මියුඩා ත්‍රිකෝණය’ කියලා. ඉන්පසු ලැරී කුෂේ, 1980 දී ඒ සිදු වූ සියලු කතා ව්‍යාජ ලෙස පෙන්වා දෙමින් පොතක් ලිව්වා. එහි දී, වෙරළාරක්ෂකයන්ගේ හා ලන්ඩනයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගමේ වාර්තා ආදියත් ඔහුගේ අවධානයට ලක්වුණා. කෘස්ලෙනිස්කි කියන්නේ මේ කරුණු සලකා බලන විට අප මෙතෙක් දකිමින් සිටියේ මායාවක් බව පැහැදිලියි කියායි.
- පර්සි ජයමාන්න
Percy Jayamannahttp://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.com0