HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කෝවිඩ් 19 වෛරසයේ අවදානම වැඩි වෙනවා! ඔබ කළයුත්තේ කුමක්ද?

නව කෝරෝනා වෛරසය හෙවත් ‘කෝවිඩ් 19’ දැන් තව තවත් රටවලට පැතිරිලා! දැනටමත් වෛරසය වැළඳුණු රෝගීන් හමු වී ඇති රටවල් ගණන 70කටත් වැඩියි. පැතිරෙන ආකාරය අනුව මේ රටවල් සංඛ්‍යාව ඉක්මනින් වැඩි වෙන බවක් පෙනෙනවා. ඒ නිසා ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඒ අවදානමට මුහුණ දීමට සූදානම් විය යුතුයි. ඒ සඳහා ඔබ කළයුත්තේ කුමක්ද?


දැනට සොයා ගෙන ඇති ආකාරයට අනුව මේ වෛරසය රෝගියකුගේ කෙළ බිඳිතිවලින් පිට වුවද ඒවා තැවරෙන තද මතුපිටක පැය කීපයක් නොනැසී පැවතිය හැකියි. ඒ නිසා එවැනි මතුපිටක් අතගෑ අයකුට රෝගියකු අසල නොසිටියත් රෝගය වැළඳීමේ අවදානමක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විධියට නිතර අත් සේදීම, දිනකට පස් වතාවක්වත් හොඳින් අත් සේදීම, රෝගය වැළැක්වීමට ගත හැකි හොඳම පියවරයි.

අත්මේස් පැලඳීම, විදුලි සෝපාන පාවිච්චියේ දී බොත්තම් එබීමට පෑනක් වැනි දෙයක් පාචිච්චි කිරීම රෝගය වළක්වා ගත හැකි අනෙක් පියවරයි. විද්‍යාඥයන් කියන විධියට මේ වෛරස ඉතා කුඩා නිසා මුව වැස්ම පාචිච්චියේ ඇත්තේ සුළු වාසියක් විතරයි.

මේ වන විට වෛරසය වැළඳුණු රෝගීන් හමු වී ඇති රටවල් ගණන 70ක් පමණ වෙනවා. ඒ හැම රටකම සෞඛ්‍ය බලධාරීන් රෝග ව්‍යාප්තිය වැළැක්වීම හැම පියවරක් ම ගනිමින් උත්සාහ දරනවා. ඔවුන්ට ඒ සඳහා ඇති ලොකුම ගැටලුව රෝගය වැළඳී ඇති අය ඒ බව නොදැන සමාජයේ සාමාන්‍ය විධියට හැසිරීමයි. හිරු එළිය නොමැති විට මේ වෛරසය තද මතුපිටවල වැඩි පැය ගණනක් සජීවීව තිබිය හැකි බැවින් වෙනත් අයකුට නොදැනීම රෝගය වැළඳීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසා නිරෝගී අය විසින් කළ යුතු හොඳම දේ වන්නේ දෑත් හොඳින් සබන් ගා පිරිසිදු කිරීම වැනි සරල සෞඛ්‍ය පුරුදුවලට හුරු වීමයි. ඒවා මගින් විෂ බීජ ඔබේ සිරුරට ඇතුළු වීමට ඇති ඉඩකඩ අසුරාලීමයි. දොරගුල් බෝල ස්පර්ශ කිරීමෙන් වැළකීම, වෛරසය තැවරී තිබිය හැකි තැන් ඇල්ලීමෙන් වැළකීම ආදියයි.

මෙහි ප්‍රධානම කරුණ වන්නේ ඔබේ දෑත් පිරිසිදුව තබා ගැනීමයි. ඒ සඳහා සබන් හෝ විෂ බීජ නාශක දියරයක් භාවිත කළ යුතුයි. නිවැරදිව අත් සේදීමේ දී, අල්ල, පිටි අල්ල, ඇඟිලි අතර, නියපොතු හා ඇඟිලි තුඩුත්, මහපටැඟිලිත් වෙන වෙන ම අතුල්ලා පිරිසිදු කළ යුතුයි.

කිවිසීමෙන් හා කැස්සෙන් පසු, රෝගීන්ට සාත්තු කිරීමෙන් පසු, ආහාර සැකසීමට හා බුදීමට පෙර හා පසු, වැසිකිළි යාමෙන් පසු, සතුන් අතපත ගෑමෙන් පසු වැනි අත් අපිරිසිදු වන හැම විටම දෑත් සේදීම කළ යුතුයි. මේවා කුඩා කල පටන් අප හුරුකර ගෙන ඇති එදිනෙදා සෞඛ්‍ය පුරුදු වුවත් වැඩ අධික වූ විට අප අතින් අතපසු විය හැකි ඒවායි. එවැනි අවස්ථාවලයි අපට රෝග වැළ‍ෙඳන්නේ. ඒ නිසා ඒ පුරුදුවලට දැන් යළිත් අවධානය යොමු කරන්න අපට සිදු වෙලා තියෙනවා.

අත් සේදීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදිව අත් පිරිසුදු කළ යුතු ආකාරය දැක්වෙන රූප සටහනක් ප්‍රසිද්ධ කර තියෙනවා. එය මේ සමඟ පළ වෙනවා.


බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය ජනතාවට කියන්නේ ‘හැපි බර්ත් ඩේ’ ගීතය දෙවරක් ගයන තරම් කාලයක් අත් සේදීම සඳහා ගත කරන්න කියලයි.

Post a Comment

0 Comments