HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතක් නැතිව උපන් පාසල් දැරියකට විස්මිත අතක්!

එංගලන්තයේ ස්ටැපර්ඩ්ෂයර්වල ස්ටෝක් ඔන් ට්‍රෙන්ට්වල උපන් හොලී ලෝන්ඩ්ස්ට උපදින කොට සුරතක් තිබුනෙ නෑ. ඇය උපන්නෙ දකුණු අත නැතිවයි. අවුරුදු 11ක් වෙනකම්ම ඇයට වැඩ කර ගන්න සිදුවුනේ වම් අතින් විතරයි. ඇයට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒත් ඇය ගැන කනගාටු වුනේ නැහැ. තමාට පුළුවන් විදියට වම් අතින් ඔක්කොම වැඩ කර ගත්තා. ලියන්න ඉගෙන ගත්තා. පොතේ පතේ වැඩ කළා. දෑතින් කළයුතු වැඩට දකුණු අතේ අත්ල නැති කොටසත් සම්බන්ධ කරන ගෙන පාසලේ කටයුතු කොහොම හරි කර ගත්තා. පාසලේදී අත් තියෙන ළමයින්ගේ ඇස්වලට මේක ප්‍රශ්නයක් වුණා. ඔවුන් හිනා වුණා. ඇනුම්පද කිව්වා. පුංචි ඇගේ හිතට ඒ නිසා වේදනාවක් ඇති වුණා.

හොලී ඇගේ පියා වූ ස්ටීවන් ලෝන්ඩ්ස් සමඟ ‘හීරෝ ආම්’ අත සවි කළ පසු.

ඒත් දැන් ඒ ප්‍රශ්නය විසඳිලා. එකොළොස් හැවිරිදි වියේදි දැන් ඇයට බයොනික් අතක් ලැබිලා. පසුගිය අවුරුද්දේ සැප්තැම්බරයේදි තමයි, මේ විස්මිත අත සවි කළේ. ඇය තාමත් ඒ කෘත්‍රිම අතට හුරුවෙන්න හදනවා.

හැම එකකටම වම් අත පාවිච්චි කරලා වැඩ කර ගෙන ඉඳලා දකුණු අතින් වැඩ කරන එක මුලදි හොලීට ටිකක් අමාරු වුණා. ඒත් දැන් ඇයට ස්කිප් කරන්නට, බයිසිකලය හොඳින් පදින්නට, පිහියක් හෝ ගෑරුප්පුවක් පාවිච්චි කරන්නට අපහසුවක් නැහැ.

හොලීගේ දෙමව්පියන්ට දරුවා මේ විදියට උපදින බව දැන ගන්න ලැබුණේ මවගේ කුසට සති විස්සක් පිරුණු පසු කළ ස්කෑන් පරීක්ෂාවකින්. ඒකට හේතුව කියන්නවත් ඊට පිළියමක් යොදන්නවත් වෛද්‍යවරුන්ට පුළුවන්කමක් තිබුණෙ නෑ.

හොලීගේ නැති අතට සවි කළේ ‘හීරෝ ආම්’ අතක්. ඒ කියන්නේ පේශීවලින් නිකුත් කෙරෙන සංඥා හඳුනා ගෙන ක්‍රියාකරන කෘත්‍රිම අතක්. මේ අත ත්‍රීමාන මුද්‍රණ හා ත්‍රීමාණ පරිලෝකන තාක්ෂණ ක්‍රම වේද යොදා ගෙන නිපදවනු ලබන්නක්. මේක වෙළඳපොළේ කෙළින්ම මිලදී ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ ඒ පුද්ගලයා වෙනුවෙන් ම සැලසුම් කර නිපදවන්න අවශ්‍ය නිසා විශේෂ ඇණවුම් මත තමයි තනා දෙන්නේ.

හොලීගේ පියා ඉල්ලීමක් කළා ඕපන් බයොනික්ස් (Open Bionics) ආයතනයෙන් හොලීට ලබා දෙන්න කියා. නම ප්‍රසිද්ධ කරන්නට අකමැති අයෙක් ඒ සඳහා යන බර පැන දරන්න එකඟ වුණා. හැන්ගර් ක්ලිනික් (Hanger Clinic) සේවාව හරහා තමයි, මේ අත සවි කර ගත හැක්කේ. (ඔබටත් මේ සම්බන්ධ විස්තර දැන ගන්නට අවශ්‍ය නම් Hanger Clinic වෙබ් අඩවියට ගොස් විස්තර දැන ගන්න පුළුවන්.) අවුරුදු හතෙන් ඉහළ දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් මේ ක්‍රමයට අත් සවි කරවා ගන්න පුළුවන්.

හොලී දැන් දකුණු අත හුරු කර ගන්නයි හදන්නේ.

හොලී වයසින් වැඩෙත්ම මේ දැන් සවි කර ඇති අත එයාට හරි යන්නේ නෑ. ඒ සඳහා යළිත් ටිකක් ලොකු අතක් සවි කරන්න වෙනවා. දෙමව්පියන් දැන්ම ඒ අත සඳහා ආධාර එකතු කරන්න පටන් අරන්. මේ විදියට ඇයට ජීවිත කාලය තුළ අත් තුනක් සැලසුම් කරවා ගන්න වෙනවා. දැනටමත් ප්‍රමාණ තුනක අත් ඕපන් බයොනික්ස් ආයතනය විසින් සැලසුම් කරලා තියෙනවා.

හොලී සිය සොහොයුරා සමග නත්තල් තෑගි බලමින්.

පාවිච්චි කරන්නාගේ අතේ පේශීන්ගෙන් නිකුත් කෙරෙන විද්යුත් සංඥා හඳුනා ගත හැකි ඉලෙක්ට්‍රෝඩ පෙළක් මේ ‘හීරෝ ආම්’ අත අග තියෙනවා. ඒ සංඥාවලින් තමයි අතේ ක්‍රියාකාරිත්වය සිදු වන්නේ. මේ අත අවශ්‍ය විට දමා ගන්නත් අනවශ්‍ය විට ගලවා දමන්නත් හැකි විදියටයි තනා ඇත්තේ මේ අතක් සවි කරන්න යන ගණන හරියටම කියන්න බැහැ. ඇගේ මේ අතට නම් පවුම් 5000ක් පමණයි අත ප්‍රදානයට සම්බන්ධ වුණු අයට වැය කරන්න සිදු වුණේ. රටපුරා තියෙන හැන්ගර් ක්ලිනික් වලදී විශේෂඥ උපදෙස් හා විවිධ පරීක්ෂණවලට වැය වන වියදම් නිසා නිශ්චිත ගණනක් කියන්න බැහැ. ඕපන් බයොනික්ස් ප්‍රකාශිකාවක් කියන්නේ දැනට ලෝකයේ පවතින මෙයට වඩා උසස් තාක්ෂණයෙන් යුත් කෘත්‍රිම අතක් සවි කිරීමට පවුම් 20,000ත් 60,000ත් අතර ගණනක් වැය වුනත් මේ බයොනික අතකට වැය වන්නේ ඉතාමත් අඩු මුදලක් බවයි.

හොලී නත්තල් ගස සරසන්නට සොහොයුරාට උදවුවෙමින්.

බයොනික අත සවි කරන්න පෙර හොලී

බයොනික අත සවි කර ගත් පසු (අනවශ්‍ය වෙලාවට මෙය ගලවා තැබිය හැකියි)



Post a Comment

0 Comments