HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2020 එන විස්මිත නාන කාමරය! ඇදහිය නොහැකි තාක්ෂණික විස්කම්!

අනාගත නානකාමරය කොයි වගේ වේවිද? එය රූපලාවන්‍යාගාරයක් වේවි. එහි ඇති මූණ බලන කන්නාඩිය ඔබේ සම ස්කෑන් කරාවි. ඔබට රුව වඩවන්නට උදවු වේවි. එහි ඇති ස්මාට් පාපිස්නාව ඔබේ බර බලා ඔබට සනීපාරක්ෂක උපදෙස් ‍දේවි. ටොයිලට් රෝල දමන්නත් රෙ‍ාබෝවෙක් ඒවි.

මේ වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ලස් වේගාස්වල පැවැත්වෙන පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ දී ඔබට මේ අනාගත නානකාමරය දැක ගන්න පුළුවන්.

ඔබට තියෙන්නේ නාන කාමරයේ ඇති කන්නාඩිය ඉදිරියේ පෙනී සිටින්න විතරයි. කන්නාඩිය තමයි ඔබේ තොරතුරු පර්සෝ මෙවලමට දැනුම් දෙන්නේ. ඒ කුඩා මෙවලම තුළ රූපලාවන්‍යාගාරයක්ම තියෙනවා.

මෙන්න ඒ වෙළෙඳ ප්‍රදර්ශනයට ඇතුළත් වන නාන කාමර උපාංග අතුරින් කීපයක්.

මෙන්න අනාගත නාන කාමරය හැදෙන හැටි. නාන ගමන් සින්දු කියන ඇලෙක්සා ෂවරය, ඔබේ රුව වඩවන්න උදවු වෙන කන්නාඩිය, මේසය මත තබන නව රූපලාවන්‍යාගාරය, ස්මාට් ටොයිලට්, ස්මාට් පාපිස්නාව හා ටොයිලට් රෝල ‍ගේන රොබෝ.

ලෝරියල් පර්සෝ ස්මාට් ස්කින් කෙයාර් සිස්ටම් (L’Oreal ‘Perso’ smart skincare system)
ලෝරියල් පර්සෝ ස්මාට් ස්කින් කෙයාර් සිස්ටම් ආයතනය විසින් කෘත්‍රිම බුද්ධිය ‍භාවිත කර තනා ඇති, සෙ.මී. 16.5ක් විතර උස ඇති පර්සෝ මෙවලම පියවර හතරකින් ඔබේ සමට රූපලාවන්‍ය සත්කාරයක් ලබා දෙනවා. ඒ මුුළු කාර්යයම කරන්නේ පරිගණකය මගින්.

ඔබට තියෙන්නේ මොබයිල් ඇප් එකක් මගින් ඔබේ රූපය ගැනීම පමණයි. එය ඔබේ රුව විශ්ලේෂණය කර, වැටී ඇති ගැඹුරු රැලි හෝ සිහින් රේඛා ආදියත්, අඳුරු ලප, මුහුණේ ඇති වළගොඩැලි ආදියත් විමසා බලනවා.

ඊළඟට ඔබ ඉන්නා භූමි ප්‍රදේශය අනුව නිවසෙන් පිටත පරිසරයේ ස්වභාවය, ආර්ද්‍රතාව, කාලගුණය, උෂ්ණත්වය, පරාග විසිරී ඇත්නම් ඒ දත්ත, පාරජම්බුල කිරණ ප්‍රමාණය සැලකිල්ලට ගන්නවා.

ඊළඟට භාවිත කරන්නාට තමන්ට අවශ්‍ය රූපලාවන්‍ය විස්තර ගැන ඒ මෙවලමට දැනුම් දෙන්න පුළුවන්. ඒ අනුව අවශ්‍ය සියලු මූලික ද්‍රව්‍ය පර්සෝ මෙවලමේ ඇති කාට්‍රිජ්වල තැන්පත් කර ගැනීම කලින් සිදු කරන්න ඕනෑ.

දැන් මෙය ඔබ වෙනුවෙන් විශේෂයෙන් සැකසූ රූපලාවන්‍ය කට්ටලයක් වෙනවා. ඔබට තියෙන්නේ කන්නාඩිය ඉදිරියේ පෙනී සිටින්න විතරයි. ස්මාට් කන්නාඩිය උදවු වෙනවා, ඔබටත් පර්සෝ මෙවලමටත් රූපලාවන්‍ය කටයුත්ත සාර්ථකව නිම කර ගන්නට. දැන් ඔබට ඒ සඳහා විශේෂ ශිල්පීන් සොයා රූපලාවන්‍යාගාරයකට යන්න අවශ්‍ය නැහැ.

‘අපේ ලෝරියල් නිෂ්පාදන රූපලාවන්‍ය සඳහා විශේෂයි. මේ පර්සෝ නව නිපැයුම නිසා මේ නව තාක්ෂණය කෙළින්ම පාරිභෝගිකයා අතට දෙන්නට අපට හැකි වී තියෙනවා.’ ලෝරියල් තාක්ෂණික නිෂ්පාදනාගාරයේ ප්‍රධානි ගුයීව් බලූච් කියනවා.

ලුලුලැබ් ලුමිනි හෝම් ස්කින් කෙයාර් ඇනලිසිස් මිරර් (Lululab’s Lumini Home skincare analtysis mirror)
හිම කුමාරිගෙ සුරංගනා කතාවෙ එන කතා කරන කන්නාඩිය ඔබට මතකද? ඒ වගේ ස්මාට් කන්නාඩියක් ද මේ නාන කාමරයට දැන් තනා තියෙනවා. එය ක‍ොරියානු නව ලුලුලැබ් රසායනාගාරය විසින් නිපදවන ලද්දක්. මෙයත් පර්සෝ වගේ කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන තැනූ උපකරණයක්.

මෙම කන්නාඩිය ඉදිරියට එන තැනැත්තාගේ රුව එහි වැටුණු පසුව ඒ රූපය විවිධ අංශ හයකින් විශ්ලේෂණය කොට, මුහුණේ වැටුණු රැලි, වර්ණක, කුඩා සිදුරු, රතු ලප, තෙල් ගතිය හා කළු ලප ආදිය සැලකිල්ලට ගෙන ඔබට ඔබේ රූපය හැඩවැඩ කර ගැනීමට කළයුතු හොඳම දේ කරන්නට මේ නව මාදිලියේ කන්නාඩිය ඔබට උපදෙස් දෙනු ඇති.

‘මෙපමණක් කල් විශේෂඥයන්ට පමණක් සීමා වූ මේ ක්ෂේත්‍රය, ලුමිනි හෝම් ස්කින් කෙයාර් ඇනලිසිස් මිරර් මගින් පාරිභෝගිකයන්ගේ දෙපා ළඟට ගෙන යාමට අපට හැකිවෙලා තියෙනවා.” ලුලුලැබ් ප්‍රධාන විධායක නිලධාරි යොන්ජූන් චොන් කියනවා.
මේ වතුර බොන බඳුනක් නොවේ. ඔබේ අනාගත නාන කාමරයට එන රූපලාවන්‍ය කට්ටලයයි.


කෝලර්ස් නුමි 2.0 ඉන්ටෙලිජන්ට් ටොයිලට් (Kohler’s Numi 2.0 intelligent toilet)
ඇමරිකාවේ විස්කොන්සින්හි පිහිටි කෝලර් නිෂ්පාදන සමාගම උසස් තාක්ෂණයෙන් යුත් බුද්ධිමත් වැසිකිළි පද්ධතියක් තනා තියෙනවා. එය හැඳින්වෙන්නේ ‘නූමි 2.0’ කියායි. ඔබ අසලට එන විට එය ආලෝකමත් වෙනවා. ඊළඟට එහි පියන ඉබේම ඇරෙනවා. උණුසුම් කළ අසුනක්, බිඩේ එකක්, විශේෂ ආලෝක පද්ධතියක්, බ්ලූටූත් භාවිත කළ ස්පීකර් කට්ටලයක් එයට ඇතුළත් වෙනවා. ඒ වැසිකිළිය තමන්ට ප්‍රියමනාප තමන්ගේම තැනක් කර ගැනීමට එය පාවිච්චි කරන්නාට හැකියාව ලැබෙනවා.

මෙයට ඇතුළත් කර තියෙනවා, ඇමසන් ඇලෙක්සා ස්මාට් ඇසිස්ටන්ට් (Amazon Alexa smart assistant) උපාංගය. එමගින් ඔබට නූමි පාවිච්චි කරන අතරතුර ලොව අලුත්ම පුවත්වලට, කාලගුණ වාර්තාවට, එදා උදේ වාහන ගමනාගමනය සිදුවන ආකාරය ගැන ආදිය එසැණෙන් දැන ගත හැකියි.

පාවිච්චි කොට ඔබ හැරී යන විට එය ඉබේම සෝදා හැරෙනවා. රාත්‍රියේ දී එහි යන ඔබ ළංවන විට එහි ආලෝකය ඉබේම දැල්වෙනවා.

‘නව තාක්ෂණය එක් කර ගැනීමෙන් අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු සුව පහසුව හා ප්‍ර‍බෝධයෙන් කර ගැනීමට සැලැස්වීම අපේ අරමුණයි.’ කෝලර් කිචන් ඇන්ඩ් බාත් නිෂ්පාදන ආයතනයේ ලැරී යුවාන් කියනවා.

කෝලර්ස් මොක්සි ෂවර් හෙඩ් විත් ස්මාට් ස්පීකර් (Kohler’s Moxie shower-head with smart speaker)
නූමි 2.0 ටොයිලට් එක ටිකක් මිල අධික වුනත් එවැන්නක් පාචිච්චි කරන ඔබ මෙවැනි ස්මාට් ෂවරයක් හෙවත් දිය ඉසිනයක් ඊට එක් කර ගන්න අකමැති වෙන එකක් නැහැ.

කෝලර් සමාගම තනා තියෙනවා නව උපාංගයක්, ඇලෙක්සා පවර්ඩ් ෂවර් හෙඩ් කියා. එහි මැදට සවි කරන සන්නිවේදන මෙවලම නිසා නාන අතර ඔබට කැමති සංගීතයකට හෝ ගුවන්විදුලියට සවන් දිය හැකියි. නාන ගමන් සින්දු කියන්නත් ඔබට කටහඬ පාචිච්චි කොට ජලය වෑස්සීම පාලනය කරන්න පුළුවන්. ඒ වගේම කාලීන පුවත්වලට, කාලගුණ වාර්තාවට, එදා උදේ රථ වාහන තදබදය ගැන ඇලෙක්සාගෙන් දැන ගන්න පුළුවන්. මෙය ඔබේම කටහඬ යොදා ගෙන හෝ ඇප් එකක් මගින් හෝ සම්මත ඇලෙක්සා මෙහෙයු යෙදුම්වලින් හෝ පාලනය කරන්න පුළුවන්.

‘අපට තාක්ෂණය තියෙන නිසාම අලුත් දේ යොදා ගන්නට ඕනෑකමක් නැහැ. නාන කාමරයේ අවකාශය තමන්ටම සීමා වූ පුද්ගලික තැනක් නිසා එය ප්‍රීතියෙන් පිරි තැනක් කරන්නයි අපට අවශ්‍ය ව ඇත්තේ’ කෝලර් ප්‍රධාන විධායක ඩේවිඩ් කෝලර් කියනවා.

චැමින් ගෝලැබ්ස් රෝල්බොට් (Chamin Golab’s ‘RollBott’)
ඕනෑම ස්මාට් ටොයිලට් එකක වුනත් ටොයිලට් කඩදාසි හදිසියේ ඉවර වුනොත් ඇති වෙන තත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඒකට පිළියමක් හැටියට තමයි, චැමින් ආයතනය රෝල්බොට් නිර්මාණය කර තිබෙන්නේ. ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් ආයතනයට අයත් ගෝලැබ් පර්යේෂක කණ්ඩායමක් තමා මේ නව නිර්මාණය කර ඇත්තේ.

ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් පර්යේෂකයකු වූ ග්‍රෙග් වීවර් බීබීසියට කීවේ, ‘ස්මාට් පෝනය මගින් ඔබ රෝල්බොට්ට සංඥාවක් දුන් වහාම ඔබ කොහේ හිටියත් එයා ඔබ සිටින තැනට අලුත් රෝලක් ගෙනත් දෙනවා. ඒත් මේ සමඟම එය වෙළඳ පොළට හඳුන්වා දීමට ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ සඳහා තවත් ටිකක් බලා ඉන්න වේවි.

චැමින් ගෝලැබ්ස් වීඅයිපී (Chamin Golab’s ‘V.I.Pee’)
චැමින් ගෝලැබ් ආයතනය රෝල්බොට් විතරක් නෙමෙයි, තවත් අලුත් දේවල් එක් කරල තියෙනවා මේ අංශයෙන්. චැමින් ගෝලැබ්ස් වීඅවිපී එයින් එකක්. ඒ මගින් දැවැන්ත සංගීත සංදර්ශනවලදි භාවිත කිරීමට ඔවුන් නිපදවා ඇති ජංගම වැසිකිළියටත් නව තාක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. වැසිකිළියට යන අතරෙදි සංදර්ශනයේ සිදුවෙන දේ මග නොහැරී අසන්නට මේ ගෝලැබ්ස් වීඅවිපී එක නිසා ඔබට හැකියාව ලැබෙනවා.

ගෝලැබ්ස් පර්යේෂක පිරිස තනා තියෙනව හෙඩ් සෙට් එකක්. ඒ හෙඩ් සෙට් එක දා ගත්තාම වැසිකිළියේ සිටියදීම එය ඔබව කැඳවාගෙන යනවා, සංදර්ශනයේ ඉදිරි පෙළටම. ඔබට කිසිම දෙයක් මග නොහැර බලා ගන්නත් අසා ගන්නත් පුළුවන්. මේ උපකරණය ඔවුන් හඳුන්වන්නේ ඔකියුලස් රිප්ට් ‍එස් වීආර් කියලයි.

මැටියෝ ස්මාට් බාත්රූම් මැට් (Mateo smart bathroom mat)
නාන කාමරයට තබන බර බලන උපකරණය වෙනුවට එය කළ හැකි පාපිස්නක් තමයි, මේ මැටියෝ ස්මාට් බාත්රූම් මැට් කියන්නෙ. එය යන්ත්‍රිකව සේදිය හැකි කවරයක් ඇතුළට දැමිය හැකියි. ‍එයට පය තබන විට ඔබට ඔබේ බර පමණක් නොව පාදවල ඇති ආබාධ තත්වයන්, පය බිම තබන විට ඇති විකෘතිතා හා ඒවා නිවැරදි කර ගැනීමට කළ යුතු පිළියම් ආදිය ගැන මේ ස්මාට් මැට් එකෙන් දැන ගන්න පුළුවන්.

ඔබේ දෙපාවලට දිය යුතු ව්‍යායාම් ගැනත් ඔබව දැනුවත් කරන්න මේ මැට් එකට පුළුවන්. ඒ විතරක් නොවෙයි ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නේ නම් ඒ බවත් කිව හැකියි. පාද අනුව ඔබව හඳුනාගන්නත් එයට පුළුවන්. මේවා වෙන වෙනම නව නිපැයුම් ලෙසයි, මේ ලාස් වේගාස් ප්‍රදර්ශනයේ දී හඳුන්වා දෙනු ලබන්නේ.
මේවා එක්කර සුපිරි නාන කාමරයක් ඔබටත් සකසා ගන්න පුලුවන්.

මේවායේ මිල ගණන් නොදැම්මේ ඒවායේ අධික මිල නිසයි. අවශ්‍ය නම් ඔබට මෙහි දක්වා ඇති ඉංග්‍රීසි නම් ඔස්සේ සොයා බැලීමෙන් ඒවා දැන ගත හැකියි.
කෘත්‍රිම බුද්ධිය යොදා තනා ඇති අනාගත නාන කාමරයට එක්වන රුව වඩවන ස්මාට් කන්නාඩිය

රූපලාවන්‍ය විශේෂඥයන්ට සීමා වූ දෙයක් පාරිභෝගිකයාට සමීප කරන ලුමිනි හෝම් ස්කින් කෙයාර් ඇනලිසිස් මිරර් සහිත උපාංග.




Post a Comment

0 Comments