HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිංහල සිනමාව හා බැඳුණු විස්මිත තොරතුරු

පසුගියදා සිංහල සිනමාවට අවුරුදු 72ක් පිරුණැයි නිල වශයෙන් උත්සවයක් කොළඹදී පැවැත් වුණා. ඒ සිංහල සිනමාවේ ආරම්භය මුල්ම කථානාද විත‍්‍රපටය මෙරට ප‍්‍රදර්ශනය කළ වර්ෂය 1947 ලෙස සලකා ගෙනයි. ඒත් නියම වශයෙන් නම් සිංහල සිනමාවේ ආරම්භය නිහඬ විත‍්‍රපට යුගය දක්වා ඈතට විහිදෙනවා. 1925 දී සිංහල විත‍්‍රපටයක් අපේ නළුනිළියන් යොදා ඉන්දියාවේදී නිෂ්පාදනය කර ප‍්‍රදර්ශනය තර තිබෙනවා. ඒ අනුව ගණන් ගත්තොත් සිංහල සිනමාවට දැන් වසර 94ක්. ඒ විස්මිත තොරතුරත් ඇතුළුව එදා මෙදා තෙක් සිංහල සිනමාවේ ඇදහිය නොහැකි විස්මිත කරුණු රැසක් මා දන්නා කරුණු අතුරින් එකතු කර ගත්තා. ඒවා ඔබත් දන්නවාදැයි බලන්න.


ඔබත් දන්නවද මුල් ම ‘සිංහල චිත‍්‍රපටය’ නිහඬ එකක් වූ බව; ‘රාජකීය වික‍්‍රමය නොහොත් ශාන්තා’ නම් වූ ඒ චිත‍්‍රපටය කිසිදිනෙක ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදර්ශනය නොකළ බව; එපමණක් නොව 1925 දී මුළුමනින් ම ඉන්දියාවේ දී නිෂ්පාදනය කෙරුණු එය එක් වරක් පමණක් එරට ප‍්‍රදර්ශනය කළ පසු එහි එකම පිටපත මෙරටට ගෙන ඒමට පෙර කුමන්ත‍්‍රණකාරීන් පිරිසක් විසින් පුළුස්සා දමනු ලැබූ බව.

ඔබත් දන්නවද සිංහල සිනමා වංශ කතාවේ එන පරිදි ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය ලෙස සැලකෙන ‘රාජකීය වික‍්‍රමය නොහොත් ශාන්තා’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවා වූයේ පසු කලෙක මෙරට මුදල් ඇමතිවරයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා බව.

ඔබත් දන්නවද මෙරට ප‍්‍රදර්ශනය වුණු ප‍්‍රථම ලාංකික වෘත්තාන්ත නිහඬ විත‍්‍රපටය ඩබ්ලිව්. දොන් එඞ්වඞ් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘පළිගැනීම’ (1936) බව. එහි කැමරාව මෙහෙයවන ලද්දේත් ඔහු විසින් බව.

ඔබත් දන්නවද ශී‍්‍ර ලංකාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනයට ආ ප‍්‍රථම සිංහල කතානාද චිත‍්‍රපටය ‘කඩවුණු පොරොන්දුව’ බව; එය 1927 ජනවාරි 21 වැනිදා කිංස්ලි සිනමාහලේ දී මුලින් ම තිරගත වූ බව.

ඔබ දන්නවාද බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ වේදිකා නාට්‍යයක් ඇසුරෙන් ඇස්. ඇම්. නායගම් නිෂ්පාදනය කළ ‘කඩවුණු පොරොන්දුව’ අධ්‍යක්ෂණය කළේ සිංහල අකුරක්වත් නොදත් ඉන්දියානු ජාතික ජ්‍යෝතිෂ් සිං විසින් බව.

ඔබත් දන්නවද ‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටයෙන් සිනමාවට ආ රුක්මණී දේවිගේ සැබෑ නම ‘ඬේසි ඩැනියල්ස්’ බව.

ඔබත් දන්නවද රුක්මණීදේවි චිත‍්‍රපටවල සිංහල දෙබස් කීවද සිංහලෙන් ගීත ගායනා කළ ද ඇය සිංහල අකුරු කියවීමට, ලිවීමට මියයනතුරු ම නො දැන සිටි බව.

ඔබත් දන්නවද ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේව ගායනයෙන්, වාදනයෙන් පමණක් නොව රඟපෑමෙන් ද සිනමාවට පිවිසියේ දෙවන සිංහල චිත‍්‍රපටය වූ ‘අශෝකමාලා’ (1947) චිත‍්‍රපටයෙන් බව.

ඔබත් දන්නවද ‘අශෝකමාලා’ හා ‘කඩවුණු පොරොන්දුව’ යන චිත‍්‍රපට අතර ප‍්‍රථම ප‍්‍රදර්ශනය වීමට තරගයක් තිබූ බව හා එයින් ජයගත්තේ ‘කඩවුණු පොරොන්දුව’ බව; ‘අශෝකමාලා’ තිරයට ආවේ ඉන් සති 10කට පසු ව බව.

ඔබත් දන්නවද ‘අශෝකමාලා’ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසෙන අවස්ථාවේදී ආචාර්ය අමරදේවයන්ගේ නම සඳහන් වූයේ ඩබ්ලිව්. ඞී. ඇල්බට් පෙරේරා ලෙසින් බව.

ඔබත් දන්නවද ශී‍්‍ර ලාංකිකයකු අතින් සම අධ්‍යක්ෂණය කෙරුණු ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය ‘අශෝකමාලා’ (1947) බව. එසේ ම ඓතිහාසික කථා පුවතක් රැුගත් ප‍්‍රථම චිත‍්‍රපටය වූ එහි සම අධ්‍යක්ෂවරයා ශාන්ති කුමාර් සෙනෙවිරත්න බව.

ඔබත් දන්නවද ‘අශෝකමාලා’ මෙරට සිංහල චිත‍්‍රපටයක අනුකරණවලින් තොරව ස්වතන්ත‍්‍ර ගී තනු ඇතුළත් වූ මුල් ම අවස්ථාව බව. එහි සංගීත අධ්‍යක්ෂණය මොහොමඞ් ගවුස්ගේ හා සහාය සංගීත අධ්‍යක්ෂණය අමරදේවයන්ගේ බව.

ඔබත් දන්නවද සිංහල චිත‍්‍රපට විචාරයක් පළමු වරට පළ වූයේ දිනමිණ පුවත්පතේ බව; ‘අශෝකමාලා’ ගැන ‘මයුරපාද’ යන අන්වර්ත නාමයෙන් ලියැවුණු එම ලිපිය එවකට දිනමිණ කතු පදවිය දැරූ මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ බව.

ඔබත් දන්නවද චිත‍්‍රාගාරයකින් සම්පූර්ණයෙන් ම බැහැර ව ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදනය කළ ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ (1956) බව.

ඔබත් දන්නවද සුනිල් ශාන්තයන් ස්වතන්ත‍්‍ර ගී තනු සපයමින් සිනමාවට පිවිසියේ ‘රේඛාව‘ චිත‍්‍රපටයෙන් බව.

ඔබත් දන්නවද ගාමිණී පොන්සේකා මුලින් ම ප‍්‍රධාන චරිතයක් රඟපෑවේ ‘පිරිමියෙක් නිසා’ (1960) චිත‍්‍රපටයේ බව.

ඔබත් දන්නවද ගීත කිසිවක් ඇතුළත් නොවූ ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ (1963) බව.

ඔබත් දන්නවද ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටය ඉන්දියාවේ නව දිල්ලි අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේ දී විශිෂ්ටතම නිර්මාණයට හිමි රන්මයුර සම්මානයෙන් පුද ලද බව හා එම සම්මානය මෙරටට ගෙන එද්දී කටුනායක ගුවන්තොටුපළේ දී සොරා ගැනීම නිසා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ටත්, ශී‍්‍ර ලංකාවටත්, එය අහිමි වූ බව.

ඔබත් දන්නවද මෙරට සිනමාහල්වල ප‍්‍රදර්ශනය කෙරුණු සිංහල සිනමාවේ ප‍්‍රථම මි.මී 35 ප‍්‍රමාණයෙන් නිපදවූ වර්ණ චිත‍්‍රපටය මයිකල් විල්සන් අධ්‍යක්ෂණය ‘රන්මුතු දුව’ (1962) බව; ඊට පෙර නිපද වූ සියලූ ම මි.මී 35 ප‍්‍රමාණයේ චිත‍්‍රපට කළු සුදු ඒවා බව.

ඔබත් දන්නවද ‘රන්මුතු දුව’ට පෙර මි.මී 16 ප‍්‍රමාණයෙන් නිපදවූ වර්ණ චිත‍්‍රපටයක් ‘ගම්බද සුන්දරී’(1950) නමින් ප‍්‍රදර්ශනය වූ බව.

ඔබත් දන්නවද විශිෂ්ට චරිතාංග නළුවකු වූ ජෝන් (පසු ව ජෝ) අබේවික‍්‍රම ‘ශී‍්‍ර 296’ (1959) චිත‍්‍රපටයේ විකට චරිතයක් රඟපාමින් සිනමා රංගනයට අවතීර්ණ වූ බව.

ඔබත් දන්නවද විශාරද නන්දා මාලිනී චිත‍්‍රපට ගී ගායනයට පිවිසියේ ‘රන්මුතු දුව’ (1962) චිත‍්‍රපටයේ ‘ගලන ගඟකි ජීවිතේ’ නම් ගීතයෙන් බව.

ඔබත් දන්නවද මහා නළු ගාමිණී පොන්සේකා මුලින් ම රිදී තිරයට ආවේ ‘රේඛාව’ (1956) චිත‍්‍රපටයේ සුළු චරිතයක් (රෝගියකු ලෙස) රඟපාමින් බව.

ඔබත් දන්නවද ගාමිණී පොන්සේකා සිනමාවට එක්වීමට ආසාවෙන් එවකට සිටි ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ සිරිසේන විමලවීර හමු වූ අවස්ථාවේදී ඔහුට මරදානේ කාර්මික විද්‍යාලයේ ඡුායාරූප ශිල්පය පිළිබඳ පාඨමාලාව හදාරා එන ලෙස කියා හරවා යැවූ බව.

ඔබත් දන්නවද එවකට පුවත් කලාවේදියකු හා නළුවකු වූ මයිකල් සන්නස් ලියනගේ විසින් ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතට යොමු කළ ගාමිණී පොන්සේකාව ‘රේඛාව’ චිත‍්‍රපටයේ නිෂ්පාදනය කණ්ඩායමේ සුළු රැකියාවකට බඳවා ගත් බව.

ඔබත් දන්නවද ‘පරසතු මල්’ (1966) ගාමිණී පොන්සේකා තමා ම ප‍්‍රධාන චරිතය රඟපාමින් අධ්‍යක්ෂණය කළ ප‍්‍රථම චිත‍්‍රපටය බව.

ඔබත් දන්නවද මහගම සේකර අධ්‍යක්ෂණය කළ ප‍්‍රථම හා එක ම චිත‍්‍රපටය ‘තුං මං හන්දිය’ (1970) බව; එහි තිර නාටකය හා දෙබස් ඔහුගේ ම බව.

ඔබත් දන්නවද ‘තුං මං හන්දිය’ට පාදක වූයේ ඒ නමින් යුත් ඔහුගේ ප‍්‍රථම නවකතාව වූ ‘තුංමංහන්දිය’ බව.

ඔබත් දන්නවද මහගම සේකරයන් සිනමාවට එක් වූයේ ‘සාරවිට’ (1965) චිත‍්‍රපටයේ ගීත රචකයකු වශයෙන් බව.

ඔබත් දන්නවද මහ ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ නවකතා ති‍්‍රත්වය පාදක කර ගෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ‘ගම්පෙරළිය’(1963), ‘කලියුගය’ (1982) හා ’යුගාන්තය’(1983) නමින් වූ චිත‍්‍රපට ති‍්‍රත්වයක් බිහි කළ බව.

ඔබත් දන්නවද මහාචාර්ය සිරි ගුනසිංහයන් අධ්‍යක්ෂණය කළ ප‍්‍රථම හා එක ම චිත‍්‍රපටය ‘සත් සමුදුර’ (1967) බව.

ඔබත් දන්නවද ‘සත්සමුදුර’ චිත‍්‍රපටය ආචාර්ය ඞී. බී. නිහාල්සිංහයන්ගේ මංගල කැමරා කරණය බව.

ඔබත් දන්නවද විශිෂ්ට රංගධරයකු වූ ටෝනි රණසිංහ සිනමාවට පිවිසියේ ‘ගම්පෙරළිය’ (1963) චිත‍්‍රපටයේ සුළු චරිතයක් (බලදාස) රඟපාමින් බව.

ඔබත් දන්නවද ශී‍්‍ර ලංකාවේ තැනුනු ප‍්‍රථම දෙමළ චිත‍්‍රපටය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ ‘කුසුමලතා’ (1951) බව.

ඔබත් දන්නවද දෙමළෙන් ‘කුසුමලතා’ නමින් තැනූ චිත‍්‍රපටය සමග එකවර සිංහල චිත‍්‍රපටයකුත් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ බව. ‘සැඟවුණු පිළිතුර’ (1951) නම් වූ එය එකවර භාෂා දෙකකින් නිපදවුණු ප‍්‍රථම ශී‍්‍ර ලාංකික චිත‍්‍රපටය බව.

ඔබත් දන්නවද මෙරට චිත‍්‍රපට ප‍්‍රදර්ශන ඉතිහාසය 1898 තරම් ඈතට විහිදෙන බව. මුලින් ම චලන චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් සිදු වූයේ විත‍්‍රපටයේ ආරම්භකයන් ලෙස සැලකෙන ප‍්‍රංශ ලූමියේ සහෝදරයන්ගේ නියෝජීතයකු විසින් බව; එය මිනිත්තු තුකට සීමා වූ බව.

ඔබත් දන්නවද මෙරට නිහඬ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අරඹන ලද්දේ 1901 දී ඇඩොල්ෆ් විලියම් ඇන්ඩි‍්‍ර විසින් බව. ඒවා දියතලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලද්දේ අපි‍්‍රකාවෙන් ගෙනා බොයර් (Boer) යුද සිරකරුවන් පිරිසක් වෙනුවෙන් බව.

ඔබත් දන්නවද නිහඬ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය මෙරට ජනතාව වෙනුවෙන් මුලින් ම කොළඹ දී අරඹන ලද්දේ 1903 දී ඇඩොල්ෆ් විලියම් ඇන්ඩි‍්‍රගේ කොරික් බයිස්කෝප් නම් සමාගමක් විසින් බව.

ඔබත් දන්නවද මොහිදීන් බෙග් අපේ රටට පැමිණියේ අධිරාජ්‍ය සමයේ ඉංගී‍්‍රසි පාලකයන්ගේ ඉල්ලීම මත පොලිස් සේවය සඳහා බව. එසේ පැමිණ එකල ලංකා පොලිසියේ සේවයේ සිටියදී මියගිය ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ කරීම් වෙනුවට පොලිසියට බැඳුණු ඔහු පසු ව සිංහල ගීයට නැතුව ම බැරි ගායකයකු වූ බව.

ඔබත් දන්නවද දසක පහකටත් වැඩි කාලයක් තිස්සේ සිංහල ගී ගැයූ මොහිදීන් බෙග් සිංහල අකුරු නොදැන සිටි බව; ඔහු සිංහල ගී ගැයුවේ හින්දි හෝ ඌර්දු බසින් ලියා ගෙන බව.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘ (1956) විත‍්‍රපටයෙන්

ශී‍්‍ර ලංකාවේ තිරගත වූ ප‍්‍රථම කතානාද වූ විත‍්‍රපටය ‘කඩවුණු පොරොන්දුව’ (1947) චිත‍්‍රපටයෙන්

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වර්ණ චිත‍්‍රපටය ‘රන්මුතු දුව’ (1962)

ලෙස්ටර් ජේම්ස් පීරිස්

අමරදේව

ජෝ අබේවික‍්‍රම

ගාමිණී පොන්සේකා

මොහිදීන් බෙග්

ඇන්. ඇම්. පෙරේරා

මහගම සේකර



- පර්සි ජයමාන්න


Post a Comment

1 Comments