HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩයිනෝසර් සුනඛයෙක්! ලෝකයේ ලොකුම බලූ පැටියා මෙන්න!

මේ බලූ පැටියාට තාම වයස මාස 9යි. බර රාත්තල් 180ක්. දැන් උස අඩි 6යි. මේ තමයි ලෝකයේ ලොකු ම පපියා!

යුප‍්‍රටීස් ගණයට අයත් මේ විස්මිත සුනඛයා බලූ කෑම කෝප්ප 8ක් කනවා. මේ යෝධ සුරතලාගේ අයිතිකරු 41 හැවිරිදි ජාඞ් හවුසර්. ඇමෙරිකා එක්සත් ජනපදයේ යූටා (Utah) ජනපදයේ සෝල්ට් ලේක් සිටි නගරයෙයි ජීවත්වන්නේ.

”අපි අන්තර්ජාලයේ සොයා බැලූවා මේ ප‍්‍රමාණයේ බලූ පැටියකු ලොව කොතැනක හෝ ඉන්නවාද කියා. අපට ලැබුණු උත්තරය ‘නැත’ යන්නයි” ඔහු කියනවා.

ගැහැනු සතෙකු වන මේ පැටියා අයත් වන්නේ ඇමෙරිකන් මොලොසස් කියන නව සුනඛ වර්ගයටයි. ඌ නෑකම් කියන්නේ මීට වසර 7000කට පෙර විසූ දැන් වඳ වී ගොස් ඇති මෙසපොටේමියන් මොලසස් කියන වර්ගයටයි.
මේ දැවැන්ත යුප‍්‍රටීස් බලූ පැටියා ඌ ජීවත්වන ගෙදර ඉදිරිපිට

මේ වර්ගයට අයත් පැරණි සුනඛ වර්ගය දැන් දැක ගත හැක්කේ කෞතුකාගාරවලයි. පැරණි විස්තරවලට අනුව මේ සුනඛයන් පැරණි මෙසෙපොටේමියාවේ යුද සටන්වලට යොදවා ගෙන තියෙනවා.

ඒත් මේ ඇමෙරිකන් මොලොසස් අලූතින් ම බෝ කරන ලද සත්ව විශේෂයක්. ඒ නිසා වැඩුණු පසු කෙතරම් විශාල වේවි දැයි තවම කියන්න බැහැ.

”එළියට ගියාම හැමෝම පුදුම වෙනවා මේ ඉන්නෙ බලූ පැටියෙක් කියලා කීවාම. හොඳට වැඩුනාම කොච්චර ලොකු වෙයිද කියන්න තියා හිතන්නවත් බැහැ. දැනටමත් මැගේ උරහිස් සෙන්ටිමීටර් 80ත් පළලයි. දෙපයින් හිට ගත්තාම දොරටත් වඩා උසයි.” හවුසර් කියනවා. ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. ලොකු බලූ වර්ග ඇති කරනවා වගේ ම ලොකු බල්ලන්ට බලූ කූඩු හදනවා.

දවසක් ගෙවල් බිඳින්න ආ හොරෙක් ඔහු ඇතුළුවුණු තට්ටු නිවසේ සිටි ලොකු බල්ලෙකු ජනේලයකින් විසි කරනව දැකලයි හවුසර්ට හිතුනෙ ආරක්ෂාවට විශාල බල්ලකු ඇති කරන්න.
මේ දැවැන්ත බලූ පැටියා උගේ අයිතිකරු වූ ජාඞ් හවුසර් සමග

මාස 9ක් වයසැති යුප‍්‍රටීස් නිව තුළ සිටියදී (වමේ) උගේ කකුලක තරම බලන්න!

රෝමන්වරු ගී‍්‍රසිය ආක‍්‍රමණය කරද්දී මේ සුනඛයාගේ ආදීමයා වූ මෙසෙපොටේමියානු මොලසස් යෙදා ගෙන තියෙනව යුද කටයුතුවලට. ඒ වගේ ම පොරපිටිවල සතුරන් හා සටන් කරන්න යොදවා තියෙනවා. උන්ට ඇණ හා පිහිතල ඇල්ලූ සන්නාහ අන්දවා යුද පෙරමුණට යවා තියෙනවා. ඔවුන්ට සතුරන්ගේ අසුන්ගේ බඳ යටින් යන්නට පුහුණු කර තියෙනවා.

මේ යුප‍්‍රටීස් අයිති වන්නේ ඇමරිකන් මොලොසස් කියන අලූත් සුනඛ මාදිලියකටයි. ජානවලට අනුව උගේ ළඟ ම නෑයා මීට වසර 7000කට පෙර වඳවී ගිය මෙසෙපොටේමියානු මොලොසස් කියන සුනඛ වර්ගයටයි.

මේ ඉන්නේ ඇමරිකන් මොලොසස් කියන දැවැන්ත සුනඛ වර්ගයට අයත් පළමු පැටියා යුප‍්‍රටීස්. ඌව හදා ගැනීමට බාර ගත් හවුසර්ගේ පුතු ෂේක්ස්පියර් සමග. ඌට තාම මාස නවයයි.

මේ යුප‍්‍රටීස්ගේ මිල ඩොලර් 5000ක්. මාස 9දි මේ තරම් ලොකු නම් ලොකු වුණාම කොයිතරම් වේවිද අපට නම් හිතා ගන්නවත් බෑ. දකින දකින අය කියන්නෙ එහෙමයි.

මේ යුප‍්‍රටීස් හවුසර් තරුණ පුතා වූ ෂේක්ස්පියර් දෙස බලා සිටින හැටි

හවුසර් අන්තර්ජාලය පුරා සෙව්වා යුප‍්‍රටීස්ගේ වයසට වඩා වැඩුණු වෙනත් සුරතලූන් ඉන්නවද කියල. ගිනස් ලෝක වාර්තා ආයතනයෙනුත් ඇහුවා. ඒ අනුව ඔහු කියන්නේ ලෝකයේ ලොකුම බලූ සුරතලා ඉන්නෙ ඔහු ළඟ කියලා.

මේ යුප‍්‍රටීස් මාස හතර හමාරේදී (වමේ). එයා දැනටමත් කි. ග්?ම් 60ක් බරයි. ඌ මාස නවයේ දී (දකුණේ) සාමාන්‍ය බලූ පැටියකු වාගේ අට ගුණයක් කෑම කනවා එක සැරේකදි. සෙල්ලම් කරන්නෙ ලොකු ලි කොටයක් එක්කයි.

මේ යුප‍්‍රටීස් දැක්කා ම හොර හතුරො වෙවුලලා යනවා. තම ස්වාමියාට ඉතා හිතවත් මේ සුරතලාට පුළුවන් මේ වයසෙදි වුනත් ඕනෑම දැවැන්තයකු එක්ක වුනත් තම ස්වාමියා වෙනුවෙන් සටන් කරන්න.

ලොකු බල්ලකු සොයන හවුසර්ට දැන ගන්න ලැබුණා ඇමරිකන් මොලොසස් සුනඛ ප‍්‍රජනන වැඩසටහන ගැන. ඒ අනුව ඔහුට ලැබුණා ඒ වැඩසටහනේ පළමු පැටියා හදා ගන්න ඒ තමා යුප‍්‍රටීස් තාම වයස මාස 9යයි. එහා පැත්තෙ නිදා ඉන්නෙ ඒ ගෙදරම හොඳට වැඩුණු බැල්ලක්.

නපුරු වගේ පෙනුනාට මේ යුප‍්‍රටීස් හරිම අහිංසකයි. ”අපි ඌව එළියට අරන් ගියාම එයා කාන්තාවන් ළමුන්ට හරියට ආදරේ පානවා.” හවුසර් කියනවා.

මිනිසාගේ මේ ස්වාභාවික ආරක්ෂකයා බැලූ බැල්මට බලූ පැටියෙක් කියලා කියන්න බැහැ. ඌ ඒ තරම්ම දැවැන්තයි.



Post a Comment

1 Comments