HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත පෙබරවාරි!

ඔන්න ආයිත් මල් කැකුළු පිපෙන්න පටන් ගත්තා. ආයුබෝවන්! ටික කලකට පස්සේ තමයි මං මේ ඔබ අමතන්නේ. පහුගිය කාලෙ ඔබ වෙනුවෙන් මොකුත් ලියන්න බැරිවුණු එකට මට සමාවෙන්න! එයට හේතුව මගේ පි‍්‍රයතම විෂයය වූ ශබ්දකෝෂකරණය වෙනුවෙන් කාලය ගත කරන්න සිදුවීමයි. තනිවම ශබ්දකෝෂ දෙකක වැඩ සම්පාදනය කරන්න සිදුවුණු නිසා මං ටිකක් අවිවේකී වුණා. දැන් ඒ කටයුත්ත ඉවරයි. ඒ ගැන විස්තර පස්සේ කියන්නම්! මීට පස්සේ මට දිගටම මල් කැකුළු ඔස්සේ ඔබත් එක්ක එකතු වෙන්න පුළුවන්! මුලින් ම මේ මාසය ගැන යමක් කියලා පටන් ගන්නයි හදන්නෙ.

විස්මිත පෙබරවාරි!
මේ පෙබරවාරි මාසය හරිම විස්මිත මාසයක්! මං එහෙම කියන්නේ ඇයි කියල දන්නවද? මාස දොළහ අතරින් කුඩා ම මාසය මෙයයි. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කැලැන්ඩරය හරියට පවත්වා ගෙන යන්නේ මේ පුංචි පෙබරවාරි මාසය නිසයි. මේ මාසයට තමයි අඩු ම දින ගණන තියෙන්නෙ. ඒ කියන්නේ 28යි. අවුරුදු හතරකට වතාවක් පෙබරවාරි මාසයට දවසක් වැඩියෙන් දීලා කැලැන්ඩරේ කෙළින් කර ගන්න එකයි අපි කරන්නෙ. ඒ අවුරුද්දට දින 366ක් වෙනවා. ඒක අධික අවුරුද්දක්!


අප අද ලොව පුරා භාවිත කරන්නේ අවුරුද්දකට දින 365ක් තියෙන කැලැන්ඩරයක්! ඒ අපේ පෘථීවිය සූර්යයා වටේ එක් වරක් යන්න ගත වන කාලය දින 365කුත් ‘සොච්චමක්’ වන නිසයි. ඒ වැඩි වන ‘සොච්චම’ අල්ලන්න තමයි අවුරුදු හතරකට වරක් එක දවසක් වැඩි කරන්නෙ. හැබැයි එතකොට අවුරුදු 100ක් යන කොට තව ‘සොච්චමක්’ කාලයෙන් වැඩි වෙනවා. ඒ නිසා ඒක අඩු කර ගන්න අවුරුදු 100කට සැරයක් පෙබරවාරි මාසය දින 28ට සීමා කරනවා. ඒ නිසා අධික අවුරුද්ද සොයා ගන්න 4න් බෙදන ක‍්‍රමය 100න් බෙදනවා නම් ඒ අවුරුද්ද ඒක අධික අවුරුද්දක් නෙමෙයි කියලා වෙනස් කරනවා. (මේ ගැන ‘කැලැන්ඩරේ කතන්දරේ’ යන ලිපි පෙළෙන් කිව්වා ඔබට මතක ඇති. )

කැලැන්ඩරේ තියෙන මේ දෝෂය හරිගස්සා ගන්න තවමත් අපට බැරි වෙලා තියෙනවා. දැන් කොයි තරම් ගණන්කාරයන් හිටියත් දියුණු පරිගණක තිබුණත්. මේ විස්මිත පෙබරවාරි මාසය නැතුව අපට තවමත් කැලැන්ඩරය ගැටගහගෙන යන්න බැහැ.

ඒ වගේ ම මේ පෙබරවාරි මාසය තවත් විස්මයක් දනවන එකක්! ඔන්න බලන්න! මේ පෙබරවාරි මාසයට ඉරිදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනයකට ම දින 4ක් බැගින් තියෙනවා. මේකත් දුර්ලභ පිහිටීමක් ! අපේ ජීවිත කාලෙදි ආයිත් මේ වගේ පෙබරවාරියක් එන්නේ නැහැ! ආයිත් මේ වගේ පෙබරවාරි මාසයක් එන්නේ තවත් අවුරුදු 823කින් කියලයි කියන්නෙ. හරිම පුදුමයි නේද?

සමාවෙන්න තවත් පුද්ගලික දෙයක් කියනවාට. මේ පෙබරවාරි මාසය මටත් සුවිශේෂ විස්මිත එකක්! මං උපන්නෙත් පෙබරවාරි මාසයේ 7 වැනිදා. (ඒ කියන්නේ 7යි 2යි. මට අදට අවුරුදු 72යි!)

 - පර්සි ජයමාන්න

Post a Comment

6 Comments

  1. Replies
    1. අසංග බොහොම ස්තූතියි ඔබටx මං මල් කැකුළුලින් ටිකක් ඈත් වෙලා හිටියෙ විශේෂ වැඩක යෙදුන නිසාx දැන් ආයෙත් වැඩx ඔබට ජය!

      Delete
  2. සුභ උපන්දිනයක් වේවා පර්සි මහත්තයට.. අවුරුදු 72 ක් ද? මං ඒත් බැලුවා මොකද මල් කැකුලු පර වෙලා කියලා.. මම නං මේක අන්වා බලනවා.. බෝම ස්තුතියි එහෙනං. නිරෝගිමත් අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මං මල් කැකුලූ පරවෙලා නැහැ. අසනීපවෙලා හිටියත් දැන් ආයෙත් වැඩ. මල් කැකුලූ බලන්න දිගටම එතකොටයි මට ලියන්න හිතෙන්නෙ. ඔබට ජය.

      Delete
  3. නිදුක් නීරෝගී දීර්ඝායු වේවා!!!


    "මල් කැකුළු" නැවත විකසිත වීම ගැන මට ඇත්තටම සතුටුයි.

    මට අද වගේ මතකයි,
    (ඉස්සර තිබ්බෙ පොඩි Nokia C1 phone එකක්)
    මීට අවුරුදු 3,4 කට කළින්,
    හැමදාම උදේ නැගිට්ට ගමන් ෆෝන් එක අතට අරන් මම එන්නෙ මේ අඩවියට...

    අලුත් දේ හොයන්න, නසෘදින්ගෙ කතා බලන්න, ගණිත ගැටළු විසඳන්න මම ඒ දවස්වල මේ වෙබ් අඩවිය සෑහෙන්න භාවිතා කලා.


    අද වෙනකොට උසස් පෙළත් නිම කරල හිටියට,
    අලුත් දේ හොයන්න මගෙ තියෙන කුහුළ තාම අඩු වෙලා නෑ.

    මේ කොමෙන්ට් කරන්න ටිල වෙලාවකට කළින් ,
    මම ෆෝන් එක අතේ තියෙද්දි "නිකමට වගේ මතක් වෙලා" ටයිප් කළා බ්‍රවුසරේ
    malkakulu.com කියල.


    ඇත්තටම මට සෑහෙන්න සතුටුයි!
    නැවත පණ ලබල නැගිටින මේ දැනුම් තෝතැන්න ගැන!!!


    "පර්සි ජයමාන්න" මාමාගේ නම මට අද වෙනකන් මතක තිබුණෙ මේ අඩවිය නිසාමයි.

    පර්සි මහතාණෙනි,

    ඔබට "ආවඩා ආයුබොහෝවේවා!!!"

    චිරං ජයතු!!!

    මේ අඩවිය අඛණ්ඩව අති සාර්ථකව කරගෙන යාමට ශක්තිය, ධෛර්‍යය , හැකියාව ලැබේවා!!!



    ReplyDelete
  4. සංජු ඔබට බොහොම ස්තූතියි. අසනීප වෙලා උන්නු නිසයි, උපන්දින සුබ පැතුමට වෙලාවට උත්තර දෙන්න නොලැබුණේ. මං දැන් දිගටම ලියනවා. ලබන මාසේ ඉඳලා හැමදාම ලියන්න බලාපොරොත්තු වෙනවා. මල් කැකුලූවලට කමෙන්ට් කරන්න. එතකොටයි මට දිගටම ලියන්න හිතෙන්නෙ. ඔබට සුබ අනාගතයක්!

    ReplyDelete