Skip to main content

Posts

Showing posts from February, 2017

අපට ලැබුණු පිටසක්වළ සංඥාව

ඇමෙරිකාවේ බටහිර වර්ජීනියා ජනපදයේ ගී‍්‍රන් බෑන්ක් සහ ඇමෙරිකාවට අයත් කුඩා කැරිබියානු දූපතක් වන පුවර්ටෝ රීකෝහි ඉදිකර ඇති රේඩියෝ (ගුවන් විදුලි තරංග හසුකර ගැනීමට හැකි) දුරේක්ෂ දෙක භාවිතා කරමින් විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි සංඥා ගැන අවධානයෙන් පසුවුණු කැනඩාවේ මොන්ටි‍්‍රයල් නුවර තාරකා විද්‍යාඥයෝ පිරිසක් මවිතයට පත්වූහ. ඒ, පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන තුනක් පමණ දුරින් ‘ඔරිගා’ නමැති තරු පංතිය දෙසින්, කෙටි ගුවන් විදුලි සංඥා කිහිපයක් ලැබීමත් සමඟය. මෙම ගුවන් විදුලි සංඥා ආ තැන නිවැරදිව පැවැසීමට තවමත් නොහැකි වුවත්, විද්‍යාඥයන් සැක කරන්නේ මෙම සංඥා බුද්ධිමත් පිටසක්වළ ජීවීන්ගෙන් ආ සංඥා විය හැකි බවය.

ති‍්‍රමාන මුද්‍රණයෙන් තැනූ ලොව පළමු පාලම!

නවීන තාක්ෂණයේ අරුමයක් යැයි සැලකිය හැකි ති‍්‍රමාන මුද්‍රණ (3D printing) ක‍්‍රමය අද නොයෙක් නොයෙක් නිර්මාණ සඳහා යොදා ගැනෙනවා. කෘති‍්‍රම කන් අත් ආදියේ සිට නොයෙක් නොයෙක් නිර්මාණ ති‍්‍රමාන මුද්‍රණයෙන් බිහිවෙනවා. පසුගියදා මුහුදු කැස්බෑවකුට හක්කක් ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණ කර සවි කළ හැටි ‘මල් කැකුුළු’ තුළින් කියෙව්වා ඔබට මනක ඇති. ඒ අනුව ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයෙන් නිර්මාණය වුණු ලොව පළමු කුඩා පාලම ගැන පසුගිය දා වාර්තා වුණා. ඒ, ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරින්.

උද්‍යාන පාලම

ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර ඇල්කොබෙන්ඩාස් පළාතේ කැස්ටලීනා දෙ මන්චා නමැති උද්‍යානයේ කුඩා දිය පහරකට ඉහළින් ති‍්‍රමාව මුද්‍රණ තාක්ෂණය යොදා ගනිමින් මෙම කුඩා පාලම ඉදිකිරීමට කටයුතු කළේ කැටොලිනා වාස්තු විද්‍යායතනයයි. කැටොලිනා වස්තු විද්‍යායතනය ඔවුන්ගේ ඉදිකිරීම් සඳහා සැමවිටම නව තාක්ෂණය භාවිතයට ගන්නවා. ඔවුන් ඉදිරියේ දී ති‍්‍රමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගනිමින් ඉදිකිරීම් රැසක් කිරීමට ද බලාපොරොත්තු වෙයි. මෙම කටයුත්තට සිවිල් ඉන්ජිනේරුවන් පමණක් නොව මැඞ්රිඞ් නගරසභා බලධාරීන් එක්වුණු බව ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කරනටා.

විස්මිත බැංකු ගිණුමක්!

මොහොතක් සිතන්න ඔබට ලොකු දිනුමක් ලැබුණ කියල.
ඒ අනුව ඔබේ පුද්ගලික බැංකු ගිණුමට හැමදාම රුපියල් 86400ක මුදලක් ලැබෙනවා.
ඒ මුදල ඔබ කැමති දෙයකට වියදම් කරන්න පුළුවන්. ඒත් කොන්දේසි සහිතයි!

ඒ කොන්දේසි මේවායි:
එදාට උදේට ලැබෙන මුදල් සියල්ල එදා දවස ඇතුළත් වියදම් කරන්න ඕනෑඒ මුදල් ඔබේ වෙන ගිණුමකට මාරු කරන්න ඔබට අවසර නැහැඔබට ඒවා වියදම් කරන්න විතරයි අවසර තියෙන්නේහැමදාම උදේට ඔබ නැගිටින කොටම බැංකුව ඔබේ ගිණුමට මේ රුපියල් 86400 මුදල දමනවා එදා දවස ඇතුළත ඔබේ වියදමට ගන්නබැංකුවට පුළුවන් කලින් දැනුම් දීමක් නැතුව ඕනෑම වෙලාවක මේ මුදල් ඔබට ලබා දීම අත්හිටුවන්න බැංකුවට පුළුවන් ඒ ගිණුම වසා දමන්න

එදාට මේ සෙල්ලම ඉවරයි!

විස්මිත පෙබරවාරි!

ඔන්න ආයිත් මල් කැකුළු පිපෙන්න පටන් ගත්තා. ආයුබෝවන්! ටික කලකට පස්සේ තමයි මං මේ ඔබ අමතන්නේ. පහුගිය කාලෙ ඔබ වෙනුවෙන් මොකුත් ලියන්න බැරිවුණු එකට මට සමාවෙන්න! එයට හේතුව මගේ පි‍්‍රයතම විෂයය වූ ශබ්දකෝෂකරණය වෙනුවෙන් කාලය ගත කරන්න සිදුවීමයි. තනිවම ශබ්දකෝෂ දෙකක වැඩ සම්පාදනය කරන්න සිදුවුණු නිසා මං ටිකක් අවිවේකී වුණා. දැන් ඒ කටයුත්ත ඉවරයි. ඒ ගැන විස්තර පස්සේ කියන්නම්! මීට පස්සේ මට දිගටම මල් කැකුළු ඔස්සේ ඔබත් එක්ක එකතු වෙන්න පුළුවන්! මුලින් ම මේ මාසය ගැන යමක් කියලා පටන් ගන්නයි හදන්නෙ.

විස්මිත පෙබරවාරි!
මේ පෙබරවාරි මාසය හරිම විස්මිත මාසයක්! මං එහෙම කියන්නේ ඇයි කියල දන්නවද? මාස දොළහ අතරින් කුඩා ම මාසය මෙයයි. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කැලැන්ඩරය හරියට පවත්වා ගෙන යන්නේ මේ පුංචි පෙබරවාරි මාසය නිසයි. මේ මාසයට තමයි අඩු ම දින ගණන තියෙන්නෙ. ඒ කියන්නේ 28යි. අවුරුදු හතරකට වතාවක් පෙබරවාරි මාසයට දවසක් වැඩියෙන් දීලා කැලැන්ඩරේ කෙළින් කර ගන්න එකයි අපි කරන්නෙ. ඒ අවුරුද්දට දින 366ක් වෙනවා. ඒක අධික අවුරුද්දක්!