Tuesday, April 05, 2016

ගූගල් නේක්සස් - සුපිරිසුදුම ඇන්ඩ්‍රෝයිඩ් අත්දැකීම! ගූගල් Nexus මාදිලියේ දුරකථන පෙළ දැන් තවත් වැඩ්දියුණු වුණා!


ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිත කරන්නන් සහ මෘදුකාංග නිර්මණය කරන්නන් අතර කාලයක සිට ගූගල් Nexus මාදිලියට වඩාත් කැමැත්තක් දක්වනවා. Nexus දුරකථන වල ඇති මූලික ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම අසමසමයි. මූලික ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක් හා ගූගල් යාවත්කාලීන කිරීම් තිබුනත් Nexus දුරකථන වලට තිබුණු චොදනාවක් වුනේ අනේක් නිෂ්පාදකයින් ගේ නවතම දුරකථන සමඟ කරට කර තරඟ වදින්න නොහැකි වීමයි. නමුත් එය 2013 වසර්දී වෙනස් වුනේ Nexus 5 දුරකථනය එලිදැක්වීමේන් පසුවයි, තරඟකරුවන්ගේ මිලෙන් අඩකට පමණ ඔව්න් ඉතා හොඳ දුරකථනයක් නිකුත්කලා. එය ගූගල් සමාගම තැබූ විශාල ඉදිරි පියවරක්. 2015 වන විට ගූගල් සමාගමේ අනෙක් නිෂ්පාදකයින් ගේ නවතම දුරකථන වලට ලොකු තරඟයක් දෙන්න පුලුවන් Nexus දුරකථන තුනක් එලිදැක්වුවා. Nexus 5 ගූගල් සමාගමේ වැඩ්යෙන්ම විකිනෙන ජනප්‍රියතම දුරකථනය බවට පත්වුනා. අන්තර්ජාලය හරහාද විශාල වශයෙන් මේ දුරකථනය අලෙවි වුනා. ඔබේ කාලය හා මුදල් ඉතිරි කරගනිමින් ශ්‍රි ලංකාවේ දී අන්තර්ජාලය හරහා Ebay, Kaymu, LifeMobile වැනි වෙබ් අඩවි හරහා මේ දුරකථනය මිලදී ගන්න පුලුවන්.

Nexus 5X මිලදී ගන්න


යාවත්කාලීන කළ පහසුකම් සහ විශේෂතා වලින් සමන්විත Nexus 5X දුරකථනය ගූගල් සමාගම කලින් නිකුත් කල ජනප්‍රිය දුරකථනයක් වූ Nexus 5 හි පරිණාමනයක්. එය එලිදැක්වුනේ 2015 සැප්තැම්බර් මස 29 වනදා යි. අඟල් 5.2ක තිරයක්,මෙගා පික්සල් 12ක කැමරාවක්, 1.44GHz Quad Core ප්‍රොසේසරයක්, 2GB රැම් මතකයක් මෙහි අඩංගුයි, මෙහි පරිණාමකයා මෙන්ම මෙයත් LG සමාගමේ නිශ්පාදනයක්.

Nexus 6P මිලදී ගන්න

Nexus 6P පහසුවෙන්ම ගූගල් සමාගමේ නවතම දුරකථනය ලෙස නම් කරන්න පුලුවන්. Motorola සහ LG සමාගම් සමඟ එකතුවී කලින් Nexus දුරකථන නිපදවූ ගූගල් සමාගම මේවර Huawei සමාගම සමඟ එකතු වී තියෙනවා. මේ සමාගම් දෙක එකතුවී මෙවර අති විශිෂ්ට දුරකථනයක් එලිදක්වා තිබෙනවා. ලෝකයේ හොඳම දුරකථනය ලෙසද Nexus 6P ප්‍රධාන පෙලේ වෙබ් අඩවි සහ විචාරකයින් විසින් හදුන්වනවා. තරමක විශාල විශේෂතා සමඟ එන Nexus 6P අඟල් 5.7ක full HD තිරයක්, විශාල 12MP කැමරාවක්, 3GB රැම් මතකයක් සහ දවසක් පුරා භාවිත කරන්න පුලුවන් 3450mAh බැටරියක් සහිතයි. එවාගේම මේය fingerprint sensor එකක් සහිතව එන නිසා ඔබේ ගිණුම් භාවිත කරන්න සහ භාණ්ඩ මිලදී ගන්නත් පහසුවෙන්ම පුලුවන්. මෙවැනි විශාල විශේෂතා $499 වැනි මුදලකට ලබා දීම අනෙක් ප්‍රදාන නිශ්පාදකයින්ට විශාල හිසරදයක් වෙනවාට සැකයක් නෑ. අනේකුත් ප්‍රධාන නිශ්පාදකයින් ඉහල පෙලේ පහසුකම් සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවනවා කීවත් ගූගල් සමාගම ඔව්න් සියල්ලන්ම පුදුම කරවා තිබෙනවා.

Nexus 6 මිලදී ගන්න

නවතම ඇන්ඩ්‍රොයිඩ් 6.0 Marshmallow සමඟ එන Nexus 6 Google 2014 වසරේ නිකුත් කල නවතම දුරකථනයයි. මෙහි ඇති තරමක විශාල විශේෂතා අතර අඟල් හයක තිරයක්, මෙගාපික්සල් 13ක කැමරාවක්, 3GB රැම් මතකයක් සහ 3220mAhක විශාල බැටරියක් සහිතයි. නමුත් මේ දුරකථනයට ඇති එකම චොදනාව වුනේ තරමක් ප්‍රමාණයෙන් විශාල වූ නිසා මෙය ෆැබ්ලට් (දුරකථනයක හා ටැබ්ලටයක එකතුවක්) කාණ්ඩයේ දුරකථන වලට අයත් වීමයි. කොහොම වුනත් හොඳ තිරයක් සහිත දුරකථනයක් මිලදීගන්න බලාගෙන ඉන්න කෙනෙකුට Nexus 6 ඉතාම හොඳ තොරාගැනීමක්.

අනෙකුත් දුරකථන වලට සාපේක්ශව Nexus phones වල ඇති වාසිය වන්නේ එවා ගූගල් සමාගමේම නිර්මාණයක් වීමයි. මේ දුරකථන මූලික ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ්‍රොයිඩ් සමඟ එන, යාවත්කාලීන කිරීම් මුලින්ම ලැබෙන, දැරිය හැකි මුදලකට මිලදී ගත හැකිය. ගූගල් සමාගම පාරිභෝගිකයින්ට මඟහැරිය නොහැකි දීමනාවක් ලබාදී ඇති නිසා එයට තරඟයක් දීමට අනෙක් ප්‍රධාන දුරකථන නිශ්පාදකයින්ට ඉතාම විශේෂ දෙයක් කරන්නම වෙනවා.

0 අදහස්:

Post a Comment