HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැන් ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ ති‍්‍රමාන රූපයක් ලබා ගන්න පුළුවන්!

”ඔබේ දරුවා ඉපදෙන්නටත් කලින් මුණ ගැහෙන්න ඔබ කැමතිද?” අලූත ආරම්භ කළ සමාගමක් තමයි, මේ ප‍්‍රශ්නය ඔබෙන් අහන්නේ. ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමය යොදා ගෙන ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ ති‍්‍රමාන පිළිරුවක් ඔබට ලබා දෙන්න ඔවුනට පුළුවන්.

ඔබේ දරුවාගේ අතිධ්වනික තරංග යොදා ගෙන ගන්නා ස්කෑන් රූපයක් යොදා ගෙනයි, ඔවුන් මේ විස්මයජනක කටයුත්ත කරන්නෙ. ‘තී‍්‍රඞී බේබීස්’ (3D Babies) නම් සමාගම කරන්නේ අතිධ්වනික පරිලෝකනයක් මගින් නිවැරදි දේහ ලක්ෂණ සහිතව බබාගේ සමේ පැහැය පවා නිවැරදිව සිටින සේ මේ පිළිරුව ඔබට තනා දීමට ඔවුන්ට පුළුවන්.

මේ ළදරු පිළිරූ ප‍්‍රමාණ තුනකින් ලබා ගන්න පුළුවන්. ජීවමාන ප‍්‍රමාණයට, ඉන් අඩකට හා හතරෙන් එකක ප‍්‍රමාණයට ආදී වශයෙන් මේ ළදරු පිළිම ඔබට ලබා ගන්න පුළුවන්.

 
ඔබේ කුස තුළ වැඩෙන උරුමක්කාරයා උපදින්නට පෙර හමුවන්න ඔබ කැමතිද? මෙන්න ති‍්‍රමාන ක‍්‍රමයට සැකසූ එවැනි නූපන් ළදරු පිළිරුවක්

 
ඔබට ඔබ කැමති ප‍්‍රමාණයෙන්, සජීවී, අර්ධසජීවී හා කුඩා වශයෙන් ප‍්‍රමාණ තුනකින් තෝරා ගන්න පුළුවන්.

මේ අපූරු පිළිරූ සපයන සමාගම පිහිටුවා ඇත්තේ කැලිෆෝනියාවේයි. ‘ඉන්ඞීගොගෝ’ (Indiegogo) කියන වෙබ් අඩවිය මගින් ඔවුන් ඒ සමාගම වෙනුවෙන් ඩොලර් 15,000ක අරමුදලක් එක් රැස්කිරීමට බලාපොරොත්තු වෙනවා.

”දරුවකු පිළිසිඳ ගැනීම ජීවිත කාලයටම ලද හැකි සුන්දරතම අත්දැකීමක්! ඒ නිසා ඒ අවධිය නිරූපණය කරන ති‍්‍රමාන බේබි රුවක් හිමිකර ගැනීම මෙතෙක් කිසිවකු නොලද වාසානවක්. ඔබට ඒ අත්දැකීම ඔබේ සියලූ නෑයන් සමග සමරන්න පුළුවන්.” ඒ සමාගම ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ කියනවා.

සමාගම කියන විධියට ප‍්‍රමාණ තුනකින් මේ නූපන් ළදරු පිළිරූ ති‍්‍රමාන ක‍්‍රමයෙන් ලබා ගත හැකියි. ඔවුන් සජීවී ප‍්‍රමාණයේ තී‍්‍රඞීබේබි පිළිරුවක් කියන්නේ සති 23-24 ක් පමණ වූ නූපන් ළදරුවකුගේ පිළිරුවකටයි. එහි ප‍්‍රමාණය හිසේ සිට නිතඹ තෙක් අඟල් 8ක් පමණ වෙනවා. අනෙක් ප‍්‍රමාණයන් වන්නේ අඟල් 4ක් 2ක් ආදි වශයෙන්.

පැහැයන් තුනක් අතරින් ඔබ කැමති සමේ පැහැය යොදා නූපන් ළදරු පිළිරුව ඇණවුම් කළ හැකියි.

 
මුලින්ම කෙරෙන්නේ අතිධ්වනික කරංග මගින් ති‍්‍රමාන ස්කෑන් රූපයක් ගැනීමයි. ඊට පස්සේ ති‍්‍රමාන පි‍්‍රන්ටරයකින් ඔබට අවශ්‍ය පිළිරුව සකසනවා. ඉහළින් ඇත්තේ ස්කෑන් කළ රුවයි. පහළ ඇත්තේ 3ඞී මොඩලයයි.

 
මේ ආකාරයට ඔබට කැමති සමේ පැහැයකින් එය ලබා ගන්න පුළුවන්.

 
ඔබට නූපන් දරුවාගේ ඔබ කැමති ඉරියව්ව මේ සඳහා තෝරා ගන්න පුළුවන්.

 
මෙසේ සජීවී ප‍්‍රමාණයේ තී‍්‍රඞීබේබි පිළිරුවක් කියන්නේ සති 23-24 ක් පමණ වූ නූපන් ළදරුවකුගේ පිළිරුවකටයි. එහි ප‍්‍රමාණය හිසේ සිට නිතඹ තෙක් අඟල් 8ක් පමණ වෙනවා.



Post a Comment

2 Comments

  1. වැදගත් ලිපියක්. මමත් මේ වගේ තාක්ෂණයක් ගැන මෑතකදී අහල තිබුනා

    ReplyDelete
  2. මේ වගේ දියුණු තාක්ෂණයක් තියෙන එක ගැන සතුටුයි..
    ඒත්...
    ඉපදෙන්න ඉන්න ළමයා දුවෙක්ද පුතෙක් ද කියලා දැනගෙන ඒ ළමයගේ රූපේත් මේ වාගේයි කියලා දැනගත්තම වැඩක් නෑ...
    ඕවා නං කමන් නෑ කියමු...
    ඒත් නැකැත් වෙලාවට සිසේරියන් කරලා ළමයව බලෙන් උපද්දවන එක ???

    ReplyDelete