HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පරිගණකයේ ආශ්චර්යය හැමතැන ම පැතිරෙයි! ගූගල් කන්නාඩි පරිගණකයේ නව මාදිලිය මෙන්න!

ඇස් කන්නාඩියක් සේ පැලඳිය හැකි ගූගල් උපැස් පරිගණකය ගැන විස්තර ‘මල්කැකුළු’ තුළින් ඔබට ගෙනාවා මතක ඇති. අද මේ කියන්නේ ලොව සැම තැනක දීම පාවිච්චි කළ හැකි එහි නව මාදිලිය එන්නට කලින් මාදිලි රැසක් නිපදවමින් ඔවුන් කළ අත්හදා බැලීම ගැනයි.


එදිනෙදා ජීවීතයේ නොයෙක් තැන්වලට මේ නව උපැස් යුවළ ගළපන්නට ඔවුන් උත්සාහ කළා. අත්හදා බැලීම් කළා. බයිසිකල්කරුවන්ගේ හෙල්මටයේ සිට මොබයිල් ෆෝන් යුගලක් යොදා හිසේ පැලඳිය හැකි ආකාරයට මෙය සවි කළ හැකි දැයි බලන්න මාදිලි ගණනාවක් තැනුවා.

 
බයිසිකලයේ හෙල්මටයට සවි කළ මුලින් තැනූ ආකෘතියට ඉදිරියෙන් එල්ලූ තිරයක් ද ඇතුළත් වුණා.

ගූගල් සම-ආරම්භක ලැරී පේජ් ඇමරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර පැවති විශේෂ සමුළුව අමතා මේ නව උපැස් යුවළ ගැන කීවේ මෙය වෙළඳ පොළට අළෙවිය සඳහා එවන්නට තවත් ටිකක් පමා වන බවයි.

”මේ ඇස් කන්නාඩිය අලූත් ම මාදිලියේ එකක්. ඒක අමුතු ම එකක් වුනත් අපේ මූලික අරමුණ වඩාත් සිත් ගන්නාසුලූ දෙයක් ජනතාව අතට දෙන්නයි. අප ඒ පිළිබඳව තවමත් සොයා බලමින් තමයි, ඉන්නෙ.” ඔහු ඒ සමුළුවේ දී කීවා.

”වඩාත් හොඳම එක ගැන තීරණයක් ගත්තාම ඒක අපට ඊළඟ අවුරුදු දහයකට ඇති.

”අප දන්නේ නෑ, ජනතාව මේකෙන් මොන විදියෙ වැඩක් ගනීවිද කියා.

”මා නම් දැන් ආසාවෙන් කරන්නේ මගේ දරුවන්ගේ පින්තූර ගන්න එකයි. මට ඒකම විතරක් ප‍්‍රමාණවත් මේ වගේ ඇස් කන්නාඩියක් මිල දී ගන්න.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
ගූගල් පරිගණක කන්නාඩියේ විවිධ මාදිලි ගණනාවකට පසු - ඉහළ වමේ, මුලින් ම නිමවූ මොබයිල් ෆෝන් දෙකක් යෙදූ සිරස් පලඳනාව, ඉන්පසු විවිධ වෙනස්කම්වලට බඳුන් කරමින් ගොස් ඔවුන් විසින් ම ප්ලාස්ටික් හා ලෝහ යොදා තැනූ නව මාදිලිවලින් පසු අවසානයේ විශාල වශයෙන් නිෂ්පාදනය කරන්නට තීරණය කළ නව මාදිලිය පහළ දකුණේ.

ගූගල් ආයතනයේ මේ නව ඇස් කන්නාඩි ව්‍යාපෘතියේ දෘඪාංග ඉන්ජිනේරු ජීන් වැන්, ඇමරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර පැවති සමුළුවේදී එම ව්‍යාපෘතියේ ප‍්‍රගති සමාලෝචනය ගෙන හැර දැක්වූවේ මෙහෙමයි:
”මේ උපාංගය පැලඳ ගත් පසු සියලූ තොරතුරු කිසිදු බාධාවකින් තොරව පලඳින්නාට ලබා දී හැකි ආකාරයට මෙය නිපදවන්නට අපට අවශ්‍ය වුණා.

”ඒ වගේ මෙය පැලඳ ගෙන සිටියදී ඉන් ලැබෙන ප‍්‍රයෝජන ලබමින් සාමාන්‍ය උපැස් යුවළකින් මෙන් බලන්නත් හැකි වන ආකාරයට මෙය නිර්මාණය කරන්න අපට අවශ්‍ය වුණා.”

වැන් මෙනවිය දේශනය පුරා ම මේ උපැස් යුවළක් පැලඳ සිටියා. මොහොතකටවත් ඇය එය ඉවත් කළේ නැහැ.

”අප මේ ක‍්‍රමය නොයෙක් දේ සමග යොදා පරීක්ෂා කළා. හෙල්මටයකට යොදා බැලූවා. විවිධ මාදිලිවලින් තනා අත්හදා බැලීම් කළා. තාක්ෂණය වඩාත් හොඳින් යොදා ගත හැකි ක‍්‍රමය ගැන සෙව්වා. ඒ විදියට මිනිසාට වඩාත් ගැළපෙන මාදිලිය තෝරා ගන්නයි අප වෙහෙසුණේ.” ඇය කීවා.

 
මේ උපැස් යුවළ පැලඳි විට හිසේ චලනවල ඇති විය හැකි වෙනස්කම් ආදිය සංවේදක යොදා ගෙන පරීක්ෂාවට ලක් කළා.

වැන් මෙනවිය මේ ව්‍යාපෘතියේ අරමුණු මෙම උපැස් යුවළ පැලඳ ගත් විට ලැබෙන ප‍්‍රයෝජන ගැනත් පැහැදිලි කර දුන්නා.

දුරකතනය, කැමරාව, පරිගණකය, ටෙලිවිෂනය, අන්තර්ජාලය, මග සොයා යන ජීපීඑස් ක‍්‍රමය ආදී මේ හැම එකකින් ම ලද හැකි උපරිම ප‍්‍රයෝජන, ඔබ කොහේ හිටියත්, කුමන වැඩක යෙදුනත් මේ උපැස් යුවළ හරහා ඔබට ලබා ගත හැකි වෙනවා.

”බැටරි භාවිතය හා ඒවායේ බර තමයි, අපට ගැටලූවක් වුණේ මෙය දවස පුරා පලඳිනවා නම්. ඒ නිසා අපහසුවක් නැතිව දවස පුරා පැලඳිය හැකි වන විදියට මෙය සකසන්න අප වෙහෙසුණා.” ඇය කීවා.

මෙය වෙළඳ පොළට තවමත් පැමිණ නැතත් ඇතැම් අයගෙන් මෙයට දැනටමත් තදබල විරෝධයක් එල්ල වී තියෙනවා. මේ ඇස් කන්නාඩි යුගලෙන් දකින ඕනෑම දෙයක් කැමරා ගත කළ හැකි යැයි කියා තිබුණ නිසා යමකුගේ පුද්ගලිකත්වයට ඉන් හානි පැමිණෙනු ඇතැයි බිය වූ අය දැනටමත් මේ සඳහා තහංචි පනවලා. ප‍්‍රසිද්ධ ස්ථානවලට මෙය පැලඳ ගෙන ඒම සම්පූර්ණයෙන් ම තහනම් කොට තියෙනවා.

දැනටමත් ලොව පුරා මේ ගූගල් උපැස් යුවළ විශාල ආන්දෝලනයක් ඇති කරලයි තියෙන්නෙ. මෙය භාවිතයට ආවාට පසු මොනවා වේවිදැයි කියන්න බැහැ. ජංගම දුරකතනය අපේ ජීවිත වෙනස් කළාට වැඩි වෙනසක් මේ උපැස් යුවළ නිසා සිදු වෙන එක නම් සිකුරුයි.

 
අවසානයේ දී නිමාවූ මේ නව උපැස් යුවළ ගූගල් ඇස් කන්නාඩි ව්‍යාපෘතියේ සාමාජිකයන් සැන්ෆ‍්‍රැන්සිස්කෝ සමුළුවේ දී ඒවා පැලඳ සිටි අයුරු.

 
මෙම ව්‍යාපෘතියේ දෘඪාංග ඉන්ජිනේරු ජීන් වැන් මේ පිළිබඳ තොරතුරු හෙළි කරද්දී මේ වර්ගයේ උපැස් යුවළක් ඇයත් පැලඳ සිටියා.

 
මේ උපැස් යුවළ විවිධ අවස්ථාවන්හිදී ප‍්‍රයෝජනවත් වන ආකාරයන් ද මේ සමුළුවේ දී පෙන්වා දුන්නා.

 
වැන් මෙනවිය කීවේ මේ ව්‍යාපෘති නිම කිරීමට දින 1111ක් ගත වූ බවයි. ඒ සමගම ඇය නවසීලන්තයේ දී ඇය පැරාග්ලයිඩරයකින් පියාසර කරද්දී මේ උපැස් යුවළෙන් ගත ඡායාරූපයක් ද පෙන්නුවා.
එසේ ම මේ උපැස් යුවළ පැලඳ සිටිද්දී එයින් විඩියෝ දසුන් ගන්නා හැටි ද පෙන්වා දුන්නා.



Post a Comment

1 Comments

  1. ඔතන ප්‍රධාන ප්‍රශ්නේ තමයි පික්සල් සයිස් එක අවම මට්ටමක තියාගෙන පැහැදිළි හයි රෙසලූෂන් එකකට යෑම. අනිත් දේ ඇසෙ තිබෙන depth of field ප්‍රමාණය එක්ක කරන්න වෙන ගනු දෙනුව..

    තව විදිහකට කියනවා නම් කන්නාඩිය පැළඳි ඇස සහ අනිත් ඇස අතර එන dof අගය ..ඔය අගයන් වෙනස් උනොත් එක ඇහැකින් වත් හරි හමන් පින්තූරයක් මොළයට ගන්න බැහැ...

    ගූගල් එන්ජිනේරුවන්ට ගොඩක් මහන්සි වෙන්න උනේ ඔය හේතුව නිසා.නැත්නම් මේ අපිටත් පුළුවන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කණ්ණාඩියට හයි කරගන්න...


    කෙසේ උනත් මේ වගේ පෝස්ට් එකක් දැමීම ගැන ගොඩක් ස්තූතියි...

    ReplyDelete