HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලූත් වෛරසයක්! සාර්ස්වලටත් වඩා භයානකයි! සිරුරේ ග‍්‍රන්ථීන් ගණනාවක් ඉක්මනින් විනාශ කරනවා!

මේ නව වෛරසය දැනටමත් ලොව පුරා 11 දෙනකු බිලි අරන්. මේ පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් කියන්නේ සිරුරේ ප‍්‍රධාන ග‍්‍රන්ථීන් ගණනාවක් අකි‍්‍රය කර ඉක්මනින් රෝගියා මරණයට පත් කරන බවයි.

මේ අබිරහස් කොරොනා වෛරස (corona virus) මාදිළිය මතු වී ඇත්තේ මැදපෙරදිගෙනි. තවමත් මෙය හඳුනා ගෙන මාස හයක්වත් ගත වී නැහැ. සාර්ස් (Sars) වගේ මේ මාදිළියට නමක්වත් දමා නැහැ. ඒ වෛරස අයත් කොරෝනා (corona) පවුලේ නමින් තමයි හැඳින්වෙන්නේ.

බි‍්‍රතාන්‍යයේ මේ වෛරසය වැළඳුණු දෙවැනි රෝගියාත් මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

 
අති භයානක මිනීමරු වෛරසය - මේ ඒ කොරානා වෛරසයේ මයික්‍රොස්කෝප් පිළිබිඹුවකි.

අලූත් පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ මෙය භයානක තීව‍්‍ර ශ්වසන සංකූලතා ඇති කරන සාර්ස් වෛරසයටත් වඩා දරුණු බවයි. මෙය සිරුරේ විවිධ ග‍්‍රන්ථි ගණනාවකට ඇතුළුව ඒවායේ සෛල විනාශ කරමින් ප‍්‍රතිකාර කිරිමට වැඩි කාලයක් නොදී රෝග ආසාදිතයා ඉක්මනින් මරණයට පත් කරන බවයි.

‘සවුත් චයිනා මෝනි‘ පොස්ට්’ පුවත්පතට මේ පිළිබඳ ප‍්‍රකාශයක් කරමින් ක්ෂුද්‍රජීව විද්‍යාඥ යුඑන් ක්වොක් යුන් කියන්නේ මේ වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමට පටන් ගතහොත් ඉක්මනින් මහා වසංගත තත්වයක් ඇති විය හැකියි කියායි.

”මෙය සාර්ස් වෛරසයට වඩා භායනකයි. සාර්ස් කොරෝනා වෛරසය ආසදනයට පත් කරන්නේ මිනිස් සෛල ඉතා සුළු ප‍්‍රමාණයක් විතරයි. ඒත් මේ අලූත් වෛරසයට මිනිස් සෛල වර්ග ගණනාවකට ආසාදනය වී ඒ සෛල ඉතා ඉක්මනින් විනාශ කළ හැකියි.” ඔහු කියනවා.

ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව අනතුරු හඟවද්දී වාර්තා වී තිබුණේ රෝගීන් 17ක් විතරයි. ඒ ආසාදිතයන් වැඩි දෙනෙකු මැදපෙරදිග සිට ආ අයයි.

මේ සතියේ දී එම සංවිධානය වාර්තා කළා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ 73 හැවිරිදි අයකු මෙම වෛරසයෙන් මිය ගිය බව. ඔහු ජර්මනියේ මියුනිච් රෝහලට ගුවනින් ගෙන ගොස් ඇති අතර ගිය අඟහරුවාදා මිය ගිය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කළා.

 
විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය මිනිසාට බෝ වෙන්නට ඇත්තේ වවුලන්ගෙන් කියායි.

ඒ සමගම බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් එරට රෝහලක දී මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය බව වාර්තා වුණා. ඔහු රෝගී වෙන්නට පෙර සෞදි අරාබියේ හා පාකිස්ථානයේ සංචාරය කර තිබුණා.

මේ වෛරසයේ ආරම්භය තවමත් අබිරහසක්. විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය වවුලන්ගෙන් මිනිසාට බෝ වූවක් විය හැකි බවයි.

මේ වෛරසය ධාරක සතුන් අතර වවුලන්ට අමතරව වඳුරන්, ඌරන්, හාවුන් ආදිය සිටිය හැකියි.

විද්‍යාඥයන් කියන්නේ මෙම වෛරසය අයත් වන්නේ සාර්ස් වෛරසය ද අයත් වන කොරෝනා වෛරස පවුලටයි. ඒ නිසා මෙම වෛරසය සිරුරට ඇතුළු වූ විට මුලින් ම ඇති වන්නේ සෙම්ප‍්‍රතිශ්‍යාවයි. ඊට පස්සේ සාර්ස් වාගේ ම රෝගය උත්සන්න කරනවා. වසංගත තත්වයෙන් බෝ වෙන්න පටන් ගන්නවා. 2003 ආසියාවේ ඇති වූ සාර්ස් වසංගතයෙන් 775ක් මිය ගියා.

වෛද්‍යවරුන් කියන්නේ මෙම නව කොරෝනා වෛරසය ශරීරගත වී පැය 48ක් ඇතුළත මුළු සිරුර පුරාම ඒ ආසාදනය පැතිර යන බවයි. කොරොනා වෛරසයේ රෝග ලක්ෂණ ලෙස ඔවුන් කියන්නේ හුස්ම ගැනීමේ දැඩි අපහසුතා, තද උණ, තියුණ කැස්ස, නිව්මෝනියා තත්වය ප‍්‍රධාන බවයි.

සෞඛ්‍ය විශේෂඥයන් කියන්නේ මෙය වකුගඩු අකි‍්‍රය වීමටද බලපැ හැකි බවයි.

පසුගිය සතියේ නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයකට අනුව සියලූ රටවලින් ඉල්ලා සිටිනවා දරුණු ශ්වසන ආසාදන ඇති රෝගීන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියා. එහි අසාමන්‍ය තත්වයක් ඇති නම් රෝගීන් වෙන්කොට විශේෂ අවධානයකින් ප‍්‍රතිකාර කරන්නැයි එමගින් ඔවුන් ඉල්ලා සිටිනවා.

තවමත් මෙය ලොව පුරා පැතිර යන බවක් නොපෙනෙන නිසා දැනට, ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙන්නේ නැහැ, සාර්ස්වලට මෙන් ගුවන්තොටුපළ පරීක්ෂාව, ගුවන් ගමන් සීමා කිරීම් ආදි කරන්නටය කියා. එයට හේතුව අනවශ්‍ය ලෙස ජනතාව කලබලයට පත් වේවි යන බියයි.

මෙම වෛරස රෝගය වැළඳුණු ප‍්‍රථම රෝගියා ලෙස වාර්තා වන්නේ සෞදි අරාබියට ගිය කටාරි වැසියෙක්. ඔහු එම රෝගයෙන් මියගිය බවයි පැවසෙන්නේ. ඊළඟ මිය ගියේ 60 හැවිරිදි සෞදි ජාතිකයෙක්. ඔහුත් එම රෝගය වැළඳ ස්වල්ප දිනකින් මිය ගියා.

Post a Comment

2 Comments

  1. මමත් මේක ගැන තොරතුරු සිංහලෙන් හොය හොය හිටියේ. බොහොම ස්තූතියි ලිපියට.

    ReplyDelete