HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින් සොයා යාම!

නස්රුදින් ගැන වචනයක්!
නස්රුදින් කතා තුනක් ‘බුන්දි වෙබ් අඩවියේ ’ පළ කරලා තිබුණා. ඒ පළ කරලා තිබුණෙ මගේ මුල්ම ‘නස්රුදින්’ පොතේ ආ කතා තුනක්. ‘නස්රුදින් සත්‍යය දුටු හැටි සහ තවත් කතා’ කියන සිරස යටතෙ. අද අපේ සමාජයේ පවතින තත්වයට ඒ කතා වඩාත් හොඳට ගැළපෙන නිසා ඒවා පළ කිරීම ගැන මං සතුටුයි. ඒ වගේ ම උපුටා ගැනීම ගැන සඳහන් කිරීම ගැන ඒ අයට පින්! (ඒ කතා ඇතුළත් නස්රුදින් පොතේ අලූත් ම මුද්‍රණයක් ගුණසේන සමාගමෙන් නව වසරට නිකුත් කරල තියෙනවා.)

මීට වසර 850කට විතර ඉස්සර මැදපෙරදිග සිටිය චරිතයක් වුනත් වර්තමානයේ අපටත් ඔහු කළ කී දෑ තුළින් විනෝදයකුත් ඇතැම් විට දැනුමකුත් ලැබුණු නිසා මීට දසක හතරකට පෙර මං ඒ කතා එකතු කරලා ‘නවයුගය’ සඟරාව ඔස්සේ සිංහල පාඨකයන්ට දුන්නා. එදා ඉඳලා මට නස්රුදින් කතා කියන පුරුද්ද අත අරින්න බැරි වුණා. ඒ නිසයි, ‘මල් කැකුළු’ තුළින් පවා වරින් වර ඒ කතාවක් දෙකක් ඔබටත් කියන්නෙ.

- පර්සි ජයමාන්න.

නස්රුදින් සොයා යාම
නස්රුදින් ඒ කාලෙ හරිම ප‍්‍රසිද්ධයි. එයාගෙ විකට කතා, කවට වදන්, උපහාසයන් හා බුද්ධිමත් පිළිතුරු නිසා රට රටවල ලොකු ප‍්‍රසිද්ධියක් එයාට ලැබිලා තිබුණා.

මේ ගැන අහන්නට ලැබුණු එක් සංචාරකයෙක් දවසක් නස්රුදින් සොයා ගෙන ඇක්ෂෙහීර්වලට ආවා.

මේ අමුත්තා දැක්කා, බිත්තියකට හේතුවෙලා ඉන්න මිනිහෙක්ව. ඔහු ළඟට කිට්ටුවුණු අමුත්තා ඔහුගෙන් ඇහුවා, නස්රුදින් ගැන එයා දන්නවද කියලා.

‘ඔව්’ බිත්තියට හේත්තුවෙලා හිටිය මිනිහා කිව්වා. එයා කිව්වා තමුන් බිත්තියට හේත්තු වෙලා ඒක වැටෙනවට. ඒත් අමුත්තාට පුළුවන් නම් එයා වෙනුවට බිත්තියට හේත්තු වෙලා ඉන්න. හයා ගිහින් නස්රුදින්ව හොයා ගෙන එනව කියලා. අමුත්තා ඒකට එකඟ වුණා.

අමුත්තා කිව්ව විදියටම කලින් මිනිහා හිටගෙන හිටපු හිට ගෙන බිත්තියට හේත්තු වෙලා හිටියා. ඒත් නස්රුදින් හොයා ගෙන ගිහින් එක්කර ගෙන එන්න පොරොන්දු වෙච්ච මිනිහා ආපහු ආවේ නෑ.

නගර වැසියන් කීප දෙනෙක් මේ බිත්තියට හේත්තු වෙලා ඉන්න අමුත්තා දැකලා ඇවිත් ඇහුවා ‘එයා එතැන මොකද කරන්නේ ?’ කියලා. අමුත්තා තමන්ට වෙච්ච දේ ඒ අයට කිව්වා. ඒක අහලා ඔවුන් හයියෙන් හිනා වුණා.

‘මේ වගේ දෙයක් කරන්න පුළුවන් එකම එක්කෙනයි, මේ නගරෙ ඉන්නෙ. ඒ තමා නස්රුදින්. එයාට තමා ඔහෙ කතා කරල තියෙන්නෙ.’

Post a Comment

2 Comments

  1. හ්ම්ම් ඇත්තනේ කියවද්දිම මට හිතුනා ඒ නස්රුදින් වෙන්න ඇති කියලා.

    ReplyDelete