HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ප‍්‍රථම වරට වසර 2000ක් පැරණි හිස් කබලකින් මුහුණක් මවයි!

වසර 2000කට පෙර සිටි රෝම වංශවතකුගේ මුහුණක් හිස් කබලක් තුළින් ප‍්‍රතිනිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. බි‍්‍රතාන්‍යයේ නිව්පෝට් අසලින් ගොඩ ගත් ගලින් තැනූ මිනීපෙට්ටියක් ඇතුළේ තමයි, මේ හිස් කබල තිබී ඇත්තේ.

බි‍්‍රතාන්‍ය බලකොටුවක් තුළ දී මියගිය ඔහු එකල රෝම අධිරාජ්‍යයේ සිටි ධනවතෙක්. සමරවිට ඔහු රෝම හමුදාවේ සිට විශ‍්‍රාම ගිය ප‍්‍රධානියකු වෙන්නත් පුළුවන්. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 40ක් විතර වෙන්න ඇති.
ඔහුගේ ඇටසැකිල්ල තිබුණේ ගලින් කළ මිනීපෙට්ටියකයි. දකුණු වේල්සයේ නිව්පෝට් අසල කලියන්හි පිහිටි පැරණි රෝම බලකොටුව ආසන්නයේදි තමයි පොළොව කණින කොටයි මේ ගල් මිනීපෙට්ටිය මතුවෙලා කියෙන්නෙ.

 
වසර 2000ක් පැරණි වංශවතාගේ රූපය නවීන තාක්ෂණය යොදා ගෙන නිමවා ඇති අයුරු.

විශේෂඥයන් මේ රුව මැවීම සඳහා යොදා ගත්තේ පොලිසිය වර්තමානයේ දී ඝතනයකට ලක්ව වළ දැමූ මිනිස් හිස් කබලකින් මිය ගිය තැනැත්තා හඳුනා ගැනීමට රූපයක් ප‍්‍රතිනිර්මාණය කරන්නට ගන්නා තාක්ෂණයමයි.
මුලින්ම ඔවුන් කළේ ඒ රෝම මිනිසාගේ හිස් කබල ස්කෑන් කිරීමයි. ඊට පස්සේ එයින් ඩිජිටල් අන්රුවක් නිර්මාණය කළා.

සංරක්ෂක විශේෂඥයා වූ පෙනී හිල් ඊළඟට කළේ ඒ කාලේ රෝම චිත‍්‍රශිල්පීන් භාවිතා කළ ද්‍රව්‍ය හා තාක්ෂණය යොදා ගෙන මහත් වෙහෙසක් ගෙන ඒ ඇසුරෙන් වර්ණ ආලේඛ චිත‍්‍රයක් ඇඳීමයි.

වසර 2000කට පෙර ජීවත්වුණු අයකුගේ මුහුණක් ප‍්‍රතිනිර්මාණය කරන්න නවීන තාක්ෂණය යොදා ගත් ප‍්‍රථම වතාව මෙයයි.

නිමවා අවසන් වුණු පසු ඒ රූපය කළු හිසකේ ඇති කඩවසම් පෙනුමැති අයකුගේ බව හෙළි වුණා. ටිකක් හොඳින් බලද්දී එය පුරුදු මුහුණක් බව ඔවුනට පෙනී ගියා. ඒ ලෝක ප‍්‍රකට නළුවන් දෙදෙනකු වන රිචඞ් බර්ටන් හා සිල්වෙස්ටර් ස්ටැලෝන් දෙදෙනාගේ මුහුණුවල එකතුවක් බව පෙනුණා.

මේ සමග පළ වන ඔවුන්ගේ සැබෑ මුහුණු සමග ඔබම සසඳා බලන්න.

මේ ආලේඛ්‍ය සිත්තම දැන් බි‍්‍රතාන්‍යයේ දකුණු වේල්සයේ නිව්පෝට් නගරය අසල කලියන්හි (Caerleon) පිහිටි ජාතික රෝම හමුදා කෞතුකාගාරයේ ඊට අදාළ ඇට සැකිල්ලත් සමග ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා.
”අපි සතුටු වෙනවා, මෙහි ප‍්‍රදර්ශනයට තබා ඇති ඇටසැකිල්ලක හිස් කබලකට රූපයක් නිර්මාණය කරන්න හැකි විම ගැන. හං හිතන්නෙ මෙයාගෙ ඇත්තම රූපය වෙන්න ඕනැ.” ඒ කෞතුකාගාරයේ කළමනාකරු දායි ප‍්‍රයිස් කියනවා.

මේ තැනැත්තාගේ ඇටසැකිල්ල හමු වුණේ මීට වසර 18කට පෙර නිව්පෝර්ට් විශ්ව විද්‍යාලය සඳහා ගොඩනැගිලි තනන්නට මෙම ස්ථානයේ බිම සකසද්දී කළ කැණීම්වලින්. මේවා කි‍්‍ර. ව. 200 තරම් ඈත දිව යන බව පුරාවිද්‍යා සමීක්ෂණවලින් තහවුරු කෙරුණා.

මේ විශේෂ රූපය එතැන ස්ථාපිත කර ඇති රෝම යුද කෞතුකාගාරයේ දැන් ප‍්‍රදර්ශනය කර තියෙනවා.

 
ඒ ප‍්‍රතිනිර්මාණය කළ රූපය අසල එහි හිස් කබලත් තබා තිබෙනවා, ඔබට ඒ රූපය සසඳා බලන්න පුළුවන්, මේ සමග ඇති පින්තූර දෙකෙන්. (වමේ) රිචඞ් බර්ටන් (දකුණේ) සිල්වෙස්ටර් ස්ටැලෝන්.

වේල්සය පිහිටා තිබුණේ රෝම අධිරාජ්‍යයේ වඩාත් ඈතට වෙන්නටයි. කි‍්‍ර. ව. 75 දී රෝමන්වරුන් කලියන්හි බලකොටුවක් ඉදි කළේ ඒ ප‍්‍රදේශය වසර 200ක් තිස්සේ පාලනය කරන්නටයි. එය මීට වසර 1850කට පෙර රෝමන්වරුන් බි‍්‍රතාන්‍යය පාලනය කළ කාලයේ ඉදිකළ බලකොටු තුනෙන් එකකි.

මෙය රෝමවරුන් විසින් බි‍්‍රතාන්‍යයේ ඉදිකළ වඩාත් අංග සම්පූර්ණ රඟහල ද වෙනවා. යුරෝපයේ රෝම බලකොටුවක් පේන මානයේ ඇති එකම රඟහල ද එයයි.

බලකොටුව ද කාඞ් කුට්ටමේ කාඞ් එකක හැඩයෙන් යුක්තයි. එය අක්කර 50ක් පුරා පැතිර තියෙනවා. ඒ බලකොටුවේ නාන කාමර පවා තියෙනවා. යුරෝපයේ පැරණි රෝම හමුදා බලකොටු එකකවත් ඒවා නැහැ.
කෞතුකාගාරයේ අය දැන් ඞී.එන්.ඒ. පරීක්ෂණ පවත්වා ගෙන යනවා මේ රෝම පුරවැසියා ගැන තවතවත් සැඟවුණු තතු සොයන්න.

එහි ආ නරඹන්නකු වූ මිචෙල් ලේටන් තියන්නේ, ”මේ මනුස්සයා මීට අවුරුදු 2000කට ඉස්සර හිටියා කියලා අදහන්නත් බැ. එයාට තියෙන්නෙ හරියට මේ කාලේ රිචඞ් බර්ටන් හා සිල්වෙස්ටර් ස්ටැලෝන් එක් කළ මූණක්. හරිම පුදුමයි!” කියායි.

රිචඞ් බර්ටන් ක්ලියෝපැට්රා චිත‍්‍රපටයේ මාක් ඇන්තනිට රඟපෑවා. සිල්වෙස්ටර් ස්ටැලෝන් රෝමවරුන් ගෙන් පැවත එන ඉතාලි ජාතික සම්භවයක් ඇත්තෙක්. ඒ මුහුණුවර කෙසේ වර්තමානයට ආවාද යන්න විස්මය දනවන ප‍්‍රශ්නයක්!

 
වසර 2000ක් පැරණි හිස් කබල තුළින් ප‍්‍රතිනිර්මාණය කළ රූපය ඒ අසලින් ප‍්‍රදර්ශනය සඳහා තබා තියෙනවා.

 
වේල්සයේ කලියොන් පිහිටි මේ රෝම රඟහලේ දැනට ඉතිරිව ඇති නටබුන්.

 
කෞතුකාගාරයේ තැන්පත් කර ඇති සිල්වෙස්ටර් ස්ටැලෝන් හා රිච්ඞ් බර්ටන් යන නළුවන් දෙදෙනාගේ මුහුණවර මිශ‍්‍ර ඒ විස්මිත පිළිරුව නරඹන දෙදෙනෙක්.

විද්‍යාඥයන් ඒ හිස් කබලේ දත්වල ඇනමලය විශේෂ පරීක්ෂණයකට ලක් කළා. එයින් අපූරු තොරතුරු රැුසක් හෙළි වුණා. ඔවුන් කියන විදියට ඒ තැනැත්තා ළමා කාලයඳ අවුරුදු 5-8 අතර ගෙවා ඇත්තේ වේල්සයේයි.
ඔහු ධනවත් අයකු විය හැකියැයි ඔවුන් නිගමනය කර තියෙනවා. ඒ ඒ කාලේ සාමාන්‍ය මිනිසුන් පිලිස්සූ නිසා මිහිදන් කළේ පොහොසත්, බලවත් අය වූ නිසා ඔහු එවැන්නකු විය හැකියැයි ඔවුන් විශ්වාස කරනවා.

එහි සංරක්ෂක ආචාර්ය ලූවිස් කියන්නේ, ඔහු සමහර විට ඒ රෝම බලකොටුවට සැපයීම් කළ ධනවත් වෙළෙන්දකු විය හැකි බවයි. නැති නම් රෝම හමුදාවේ සේවය කර පසුව විශ‍්‍රාම ගෙන වේල්සයට පැමිණි අයකු විය හැකියි. තවමත් ඔවුන්ගේ පරීක්ෂණ අවසන් නැහැ.

 
රෝම වංශවතාගේ ඇටසැකිල්ල තිබුණේ මේ ගලින් තැනූ මිනිපෙට්ටියේයි.

 
නිව්පෝට් විශ්ව විද්‍යාලය ඉදි කරන්නට කැණීම් කළ වේලේ මේ ගලින් කළ මිනීපෙට්ටිය මතු වුණේ මීට වසර 18කට පෙරයි.

Post a Comment

1 Comments

  1. නයිමෙට ලියල තියනවා.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete