පුංචි ග‍්‍රහ ලෝකයක්, හඳට තියෙන දුරෙන් පහෙන් එකක් තරම් දුරක සිට, පොළොව වගේ හතර ගුණයක් විතර ලොකු යෝධ ග‍්‍රහ ලෝකයක් සමඟ භ‍්‍රමණය වෙන හැටි. මේ ඒ සිද්ධිය සිත්තරකුගේ ඇසින් පෙනෙන හැටියි.
සිතිජයෙන් පුන්සඳ පායා එනවාට වඩා චමත්කාරයක් අපේ සිත්වල ඇති කළ හැකි මේ වගේ රාති‍්‍ර දසුන් කීපයක් ම තියෙනව.
දැන් සිතන්න, හඳ වගේ නෙවෙයි, ඒ යෝධ වායු ග‍්‍රහයා අපේ ග‍්‍රහයාගේ සිට හඳට ඇති දුර මෙන් තුන් ගුණයක් ඈත අහසට ලෝදිය විදිනවාය කියා.
මේ සක්වළ අමුත්තා සිටින්නේ අලූතින් සොයා ගත් ‘කෙප්ලර් 36’ (Kepler 36) නම් සෞර ග‍්‍රහ මණ්ඩලයෙයි. එහි ඇත්තේ ග‍්‍රහ ලෝක දෙකක් විතරයි. එසේ ම සූර්යයා වෙනුවට ඇත්තේ අපේ හිරුට තරමක් විශාල තරුවක්. එය අපේ සූර්යයාට බොහෝ සේ සමානයි. වෙනසකට ඇත්තේ එය අපේ හිරුට වඩා වසර බිලියන ගණනකින් වයස් ගත වීම පමණයි.
ග‍්‍රහාරෝහණය: සිත්තරකුගේ ඇසින් - නෙප්චූන් තරම් ඇති දැඩි ලෙස රත් වූ කෙප්ලර් 36සී නම් යමහල් සහිත ග‍්‍රහයා සිය අසල්වැසි පාෂාණමය ග‍්‍රහයා වූ කෙප්ලර් 36බී අසලින් යන හැටි! මේ ග‍්‍රහයන් දෙදෙනා පැය 97කට පමණ වරක් එකිනෙකාට මුණ ගැහෙනවා.