යාකොව්ස්කි ආචරණය අපේ ග්‍රහයා වනසයිද? ග්රහක ඔවුන්ගේ ගමන් මගෙන් ඉවතට ඇද අපේ මඟට ගන්නා සංසිද්ධියක් තහවුරු කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වෙති!
ග්රහකයක් පසුගිය වසර 12 තිස්සේ ගිය ගමන් මගෙන් සැතැපුම් 100ක් පමණ ඉවතට ඇද ගෙන යාමට හැකි බලවේගයක් දැන් හඳුනා ගෙන තියෙනවා. මෙය හැඳින්වෙන්නේ යාකොව්ස්කි ආචරණය හෙවත් බලපෑම කියලයි.
”මේ යාකොව්ස්කි ආචරණය විසින් ඇත්තෙන් ම ග්රහකයක් එහි ගමන් මගෙන් ඉවතට හෝ පෘථිවියේ ගමන් මගට ආකර්ෂණය කළ හැකියි. ඇමෙරිකාවේ නොක්ස්විල්හී ටෙනෙසි විශ්ව විද්‍යාලයේ ජෝස් එමරි කියනවා. ”මේ බලපෑමේ ස්වභාවය හරියට තේරුම් ගත්තොත් විතරයි, ඒ ග්රහකය අපට අනතුරුදායකද අපේ පොළොවේ ගැටෙයිද නැද්ද කියන්නට අපට පුළුවන් වන්නේ.”
මේ පර්යේෂණය තුළින් හෙළි කරගෙන තියෙනවා, මේ සියවසේ අග හරියේ දී අපේ පෘථිවිය සමග ගැටෙතැයි සිතිය හැකි ග්රහක ගණනාවක්ම.
පසුගිය වසර දොළහ තිස්සේ එක් ග්රහකයක් සිය ගමන් මගෙන් සැතැපුම් 100ක් පමණ වෙනස් අතකට ඇදී ගොස් තියෙනවා, මේ යාකොව්ස්කි ආචරණය නිසා.