උඩුගුවනේ සිට පෙනෙන අපේ පොළොවේ දසුන් විස්මිතයි; විසිතුරයි! එවැනි සුවිශේෂ දසුන් පෙළක් ඔබ ඉදිරියේ දිග අරින්නයි, අප මේ සූදානම් වන්නේ.
අපේ පොළොවේ ජීව නාළිය වන් මේ මේ ගංගාවන් මවන දසුන් අතර ඒවා මුහුදට එක්වන තැන්වල සෑදෙන ඩෙල්ටාවන් මවන දසුන් සුවිශේෂයි. ලොව පුරා ප‍්‍රධාන ගංමෝයන් ආශ‍්‍රිත ඩෙල්ටාවල වෙසෙන ජනතාව ලෝකයේ ජනගහනයෙන් මිලියන 500කට ආසන්නයි.
ලෝක ජනගහනයෙන් පහළොවෙන් එකක් ජීවත්වෙන්නේ, හුස්ම ගන්නේ, වැඩ කරන්නේ, මේ මහ පොළොවේ හතළිහක් පමණ වන ප‍්‍රධාන ඩෙල්ටා ප‍්‍රදේශ ආශ‍්‍රිතවයි. මෙවැනි ඩෙල්ටා ප‍්‍රදේශවල පවතින, කිසිදාක නැති වී නොයන, සරු බව මේ ආශි‍්‍රතව ජීවත්වීමට මිනිසාට පහසුවක් වෙලා තියෙනවා.
ගුවනේ සිට බලන විට මේ විශාල ප‍්‍රදේශ පෙනෙන්නේ අතු විහිදී යන රුධිර නාළිකා වගෙයි. මහ පොළොව සරුසාර කරමින්, පරිසරය ප‍්‍රාණවත් කර තබමින්, මේ ගංගාවන් මහාද්වීප සිසාරා මහ මුහුද කරා යන ගමන, අපේ ජීවිතවලට ද පණ නල පිඹිනවා. ඒ නිසයි, අප මේ ඩෙල්ටාවන් මවන දසුන් පෘථිවි ග‍්‍රහයාගේ රුධිර නාළිකාවලට සමාන කර දකින්නේ.
ඇත්තෙන් ම මේ විදියට දුර අහසේ සිට දකින විට තමයි, ඒවායේ විශාලත්වයත්, ඒවා අපේ පොළොවේ හැඩය වෙනස් කරන හැටිත්, ඒ වගේ ම ඒවායේ සුන්දරත්වයත් දැකිය හැක්කේ.
ලෝක ප‍්‍රකට වැන් ගෝ සිත්තරාගේ සිත්තමක් වගෙයි. ඒත් මේකත් ඩෙල්ටාවක්. මේ බටහිර අපි‍්‍රකාවේ බියාගෝස් කොදෙවු රැස පිහිටි ඩෙල්ටා ප‍්‍රදේශයයි. මෙහි ඇති කොදෙවු 80න් 20කම ජනාවාස තියෙනවා.