3

වසර මිලියන 300කට ඉස්සර අහසේ පියෑඹූ යෝධ බත්කූරන්ට මොකද වුණේ?

අද කෘමීන් මේ මිහිමත වෙසෙන ප‍්‍රමාණයෙන් කුඩා සත්ව විශේෂයක්. ඒත් වසර මිලියන 300කට පෙර එහෙම නොවෙයි. ඔවුන් දැවැන්ත සතුන් ලෙස අහසේ සැරිසැරුවායි කීවොත් ඔබ පුදුම වෙනවාට සැකයක් නැහැ.
”ඔව්! ඒ කාලේ බත්කූරෙක් පියාපත් විදාහළ විට සෙන්ටි මීටර් 70ක් (අඟල් 28ක්) විතර වෙනවා. ”ප‍්‍රමාණයෙන් කපුටකු විතර ඇති.” ඇමරිකාවේ සැන්ටා කෲස්හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පේලියෝ ජීව විද්‍යාඥ මැතිව් ක්ලැපම් කියනවා.

අද පළල් ම අත්තටු ඇති කෘමීන් වන්නේ සමනල්ලූ හා ශලබයන් විතරයි. ඔවුන් අතරින් ලොකුම පියාපත් ඇති සමනලයා හෝ ශලබයා සෙන්ටි මීටර් 30ක් (අඩියක්) විතර දිග ඇති.

6

කෝපි කාලෙ කතාවක්!

මේ සිද්ධිය වුණේ බොහෝ කලකට ඉස්සර ඉතියෝපියාවේ ය. ගොපලූ කොළුවෙක් සිය බැටළු රැළ සුපුරුදු පරිදි කැළෑවට දක්කා ගෙන ගියේය. සවස් වන තෙක් උන්ට එහෙමෙහෙ ඇවිද කන්නට ඉඩ හළ ඔහු ගසක් යටට වී නිදා ගත්තේය. සවස් වූ පසු අවදි වූ ඔහු බැටළු රැළ දක්කා ගෙන ආපසු ආවේ ය. වෙනදා ගාල් කළ පසු නිදා ගන්නා ඒ බැටළු රැළ එදා නිදා ගත්තේ නැත. ගොපලූ කොළුවා ද අවදියෙන් විමසිලිමත්ව සිටියේය. ඔහුගේ බැටළු රංචුව එදා රාති‍්‍රයේ නොනිදා දුව පනිමින් කාලය ගත කරනු දුටුවේය. විඩාවක ගතියක්වත් ඒ එකදු බැටළුවකු තුළවත් දක්නට ලැබුණේ නැත.

මිනිසා තුළ විස්මය දැන වූ ‘අහසේ දෙව්දුව’ : ‘මවුන්ට් එවරස්ට්’

1953 දී මුල්වරට ‘හිමගිර’ තරණය කිරීමේ ගෞරවය හිමි වන්නේ දෙනෙකුටයි. ඒ ශ‍්‍රීමත් එඞ්මන්ඞ් හිලරි හා ටෙන්සින් නෝගේ යන දෙදෙනාටයි. ලෝකයේ උස ම තැන හැටියට සලකනු ලබන එවරස්ට් ශිඛරය මුදුනට ප‍්‍රථම වරට මිනිසා පා තැබූ මොහොත, මිනිසා හඳ මත පා තැබූ මොහොත තරම් ම වැදගත්. එය සිදු වූයේ මීට වසර 59කට පෙර එනම් 1953 මැයි 29 වැනිදායි.

3

අපේ හිරු මෙන් මිලියන ගුණයක් විශාල කළු කුහරයක් දැවැන්ත වේගයකින් අපේ විශ්වය දෙසට! තවත් එවැනි ඒවා තිබිය හැකියි, විද්‍යාඥයන් අනතුරු අඟවනවා!

අපේ දුරේක්ෂවලට හසු නොවන මේ කළු කුහර සිය ගමන් මග අවට ඇති සියලූම දීප්තිමත් වායු ගිල ගන්නවා. මේ අති දැවැන්ත කළුකුහරයක් පැයකට සැතැපුම් මිලියන ගණනක වේගයෙන් මේ සක්වළෙහි ගැලැක්සි (මන්දාකිණි) හරහා ගමන් කරනවා. මෙයට හසුවන තරු සියල්ල විනාශ වෙනවා.

දැනට තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති මේ කළුකුහරය අපේ සූර්යයා මෙන් මිලියන ගුණයක් විශාලයි. ආලෝකය උරා ගන්නා නිසා මේවා අපට දුරේක්ෂවලින් දැක ගත නොහැකි යැයි කියන විද්‍යාඥයන් තවත් මෙවැනි මාරක අන්තර්ගැලැක්සීය ‘මිසියිල’ තවත් තිබිය හැකියැයි අනතුරු අඟවනවා.

 
චන්ද්‍රා හා අනෙකුත් දුරේක්ෂ මගින් සොයා ගෙන ඇති සීඅයිඞී-42 ගැලැක්සිය තුළ තිබී දැවැන්ත කළුකුහරයක් පැයකට සැතැපුම් මිලියන ගණනක වේගයෙන් ඉවතට තල්ලූ කර ඇතැයි කියන ප‍්‍රධාන පෙළේ තාරකා විද්‍යාඥයන් මේ ගැලැක්සිය තුළ තවත් ඇතැයි බිය පළ කරග තියෙනවා.
2

ලෝකයේ පැරණිම රෝහල ශී‍්‍ර ලංකාවෙන් ද?

පොසොන් උදාවත් සමග අපට එක්වර ම සිතට නැෙඟන්නේ මිහින්තලයයි. මිහින්තලය සිහියට එන විට අමතක නොකළ යුතු දෙයක් ද තිබේ. එනම් මිහින්තලේ නටඹුන් අතර ඇති ලොව පැරණි ම රෝහල පිළිබඳ උරුමයයි.

ආරෝග්‍ය ශාලාවක් යනු කිසියම් ආකාරයක රෝග පිළිබඳ ව විනිශ්චයක් කොට ඊට අවශ්‍ය උපස්ථානයත්, ප‍්‍රතිකාරයත් ලබා දිය හැකි, ඊට අදාළ දැනුමක් ඇති, සේවක පිරිසක් හා උපකරණ ඇතුළු පහසුකම් ඇති, අවශ්‍ය වුවහොත් ඇඳ විවේකය සහිත නේවාසික ව ප‍්‍රතිකාර ලබා ගත හැකි, ආයතනයකි. මෙය බෙහෙත් ශාලාවකට හෝ සායනයකට හෝ වැඩිහිටි සාත්තු සේවක ආයතනයකට හෝ වෙනස් ය. ඉංගී‍්‍රසියෙන් ‘හොස්පිට්ල්’ යන්න බිඳී ආවේ ලතින් හොස්පිටියම් (hospitium) හෙවත් ‘ආගන්තුකයන්ට සත්කාරය සඳහා වූ තැන’ යන නමිනි. සිංහලෙන් ආරෝග්‍ය ශාලාව යන්නේ අරුත ‘නිරෝගී භාවය පවත්වන තැන’ යන යන්නයි. සමහරුන් මෙය ‘රෝහල’ යනු ‘රෝග හලන තැන’ කියා හෝ ‘රෝග ඇති ශාලාව’ කියා විග‍්‍රහ කරනු අප අසා ඇත. කෙසේ වෙතත් දැන් අපි ආරෝග්‍යශාලාව යන්නට රෝහල කියා යොදමු.

ඇති හැකි, නැති බැරි අය ගල් යුගයේත් හිටියා! වසර 7,000කට පෙර ජන ජීවිතයේ රහස් හෙළිවේ! මිනිසුන් අතර අසමානතාව ඇති වුණේ අපි හිතුවාට වඩා කලින්.

පන්ති භේදය මීට වසර 7,000කට පෙරත් ජනතාව අතර තිබුණු බව අලූත් ම අධ්‍යයනයකින් හෙළිවෙනවා. අපි මෙතෙක් සිතා සිටියාට වඩා බොහෝ කලකට පෙර දුප්පත් පොහොසත් භේදය අප සමාජයේ තිබුණු බව හෙළි වීම එක අතකින් පුදුමයට කරුණක්. මිසර ජාතිකයන් පිරමීඩ තනන්නට බොහෝ කලකට පෙර කි‍්‍රස්තු පූර්ව 5,000දී පමණ යුරෝපයේ ජීවත් වූ මිනිසුන් ‘ඇත්තන්’ හා ‘නැත්තන්’ ලෙස සමාජමය වශයෙන් බෙදී පැවතුණු බව දැන් හෙළිවෙනවා.

මේ තොරතුරු හෙළිදරවු වන්නේ වසර 7,000කට පමණ පෙර, නව පාෂාණ යුගයේ මුල හරියේ මධ්‍යම යුරෝපයේ සමහර ගොවියන්ට හොඳ ඉඩකඩම් හා වගා කිරීමට හොඳ මෙවලම් තිබුණු බව ඔවුන්ගේ සොහොන් බිම්වල කළ කැණීම්වල දීයි. ඒ ගොවීන් සරු බිම්වල වගා කළ අය වූ අතර ගොවිතැන සඳහා ඒ කාලයේ හැටියට නවීන පන්නයේ මෙවලම් භාවිත කළ බව ඔවුන් සමග සොහොන් කර දමා තිබූ උපකරණවලින් හෙළිවෙනවා. ඒ අතර අනෙක් ගොවියන් කුස ගින්නේ සිට ඇති බවද මේ සොහොන් පරීක්ෂා කිරීමේ දී හෙළිදරවු වුණා.

 
මධ්‍යම යුරෝපයෙහි හමු වී ඇති වසර 7,000ක් පමණ පැරණි සොහොන් බිම් විශ්ලේෂණය කිරීමේ දී නව පාෂාණ යුගයේ සමහර ගොවීන්ට අනෙක් සාමාන්‍ය ගොවීන්ට වඩා හොඳ ඉඩම් හා හොඳ මෙවලම් තිබූ බව හෙළි වෙනවා.
2

මහා ගංගා දෙකකට මැදි වූ දේශය : මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

ජාර්මෝ කන්දේ සිට දකුණට ඇත්තේ උෂ්ණාධික කාන්තාරමය නිසරු බිම් පෙදෙසක්. නිසරු වුනත් මේ භූමි ප‍්‍රදේශය හරහා ගංගා දෙකක් ගලා බසින්න වුණා. නයිල් ගංගාව වගේම මේ ගංගා දෙකත් වසරකට වරක් පිටාර ගලා යනවා. නයිල් ගංගා නිම්නයේ පස සාරවත් වී ජනාවාස බිහිවුණා සේම මේ ගංගා නිම්නයේත් ජනාවාස බිහි වීම ඇරඹුණේ මේ හේතුව හින්දයි. ග‍්‍රීකයන් මේ සාරවත් භූමිය හැඳින්වූයේ ‘මහා ගංගා දෙකකට මැදි වූ දේශය’ එසේත් නැතිනම් මෙසපොටේමියාව කියලයි. මේ ගංගා දෙක තමයි යුප‍්‍රටීස් සහ ටයිග‍්‍රීස්. යුප‍්‍රටීස් හා ටයිග‍්‍රීස් ගංගා නිම්න ආශි‍්‍රතව මෙසපොටේමියාවේ ප‍්‍රධාන වශයෙන් මහා ශිෂ්ටාචාර තුනක් බිහි වුණා ඒවා තමයි සුමර්, ඇසිරියා සහ බැබිලෝනියා.

0

පෘථිවිය අවට යන ග‍්‍රහක පෘථිවිය දෙසට අදින සංසිද්ධියක්!. අනතුරු හඳුනා ගන්නා නව ක‍්‍රමයක්! ප‍්‍රථම ග‍්‍රහකය 2019දී!

යාකොව්ස්කි ආචරණය අපේ ග‍්‍රහයා වනසයිද? ග‍්‍රහක ඔවුන්ගේ ගමන් මගෙන් ඉවතට ඇද අපේ මඟට ගන්නා සංසිද්ධියක් තහවුරු කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වෙති!

ග‍්‍රහකයක් පසුගිය වසර 12 තිස්සේ ගිය ගමන් මගෙන් සැතැපුම් 100ක් පමණ ඉවතට ඇද ගෙන යාමට හැකි බලවේගයක් දැන් හඳුනා ගෙන තියෙනවා. මෙය හැඳින්වෙන්නේ යාකොව්ස්කි ආචරණය හෙවත් බලපෑම කියලයි.

”මේ යාකොව්ස්කි ආචරණය විසින් ඇත්තෙන් ම ග‍්‍රහකයක් එහි ගමන් මගෙන් ඉවතට හෝ පෘථිවියේ ගමන් මගට ආකර්ෂණය කළ හැකියි. ඇමෙරිකාවේ නොක්ස්විල්හී ටෙනෙසි විශ්ව විද්‍යාලයේ ජෝස් එමරි කියනවා. ”මේ බලපෑමේ ස්වභාවය හරියට තේරුම් ගත්තොත් විතරයි, ඒ ග‍්‍රහකය අපට අනතුරුදායකද අපේ පොළොවේ ගැටෙයිද නැද්ද කියන්නට අපට පුළුවන් වන්නේ.”

මේ පර්යේෂණය තුළින් හෙළි කරගෙන තියෙනවා, මේ සියවසේ අග හරියේ දී අපේ පෘථිවිය සමග ගැටෙතැයි සිතිය හැකි ග‍්‍රහක ගණනාවක්ම.

 
පසුගිය වසර දොළහ තිස්සේ එක් ග‍්‍රහකයක් සිය ගමන් මගෙන් සැතැපුම් 100ක් පමණ වෙනස් අතකට ඇදී ගොස් තියෙනවා, මේ යාකොව්ස්කි ආචරණය නිසා.
0

පොසොන් පොහෝදා පැවැත්වූ බුද්ධි පරීක්ෂණය! එය ලෝක ඉතිහාසයේ පැරණිම බුද්ධි පරීක්ෂණය ද?

යමක් පැවරීමට පෙර එම කටයුත්ත ඉටු කිරීමට යමකු තුළ ඇති හැකියාව විමසා බැලීම සඳහා බුද්ධි පරීක්ෂණයක් (IQ test) සිදු කිරීම වර්තමානයේ ලොව පුරා සිදු වන සාමාන්‍ය දෙයකි. අභියෝගතා පරීක්ෂණ ලෙස හැඳින්වෙන මෙවැනි පරීක්ෂණයක් මීට සියවස් දහනවයකට පෙර පැවැත්වූයේ යැයි සිතීම පවා අද විස්මයට කරුණකි. එය සිදු වූයේ මිහින්තලේ මිස්සක පව්ව මත දී, කි‍්‍රස්තු වර්ෂ තෙ වන සියවසේ අද වැනි දවසකය. මීට වඩා පැරණි බුද්ධි පරීක්ෂණයක් ලෝක ඉතිහාසයේ පැවැත් වූයේ යැයි වාර්තාවක් කිසිම ඓතිහාසික ලේඛනයක හෝ ආගමික ලේඛනයක හෝ සඳහන් වී නොමැත. වර්තමානයේ පවතින බුද්ධි පරීක්ෂණයකට බොහෝ සේ සමාන මෙහි ඇත්තේ ප‍්‍රශ්න 7කි. මෙය සිදු වූයේ මෙරටට වැඩම කළ මහින්ද මහ රහතන්වහන්සේ හා එවකට මෙහි පාලකයා වූ දේවානම්පිය තිස්ස රජතුමා අතරය.

2

මිහිරි වදනින් හා කටහඬින් රටක් සැනසූ, මියුරු ගීයෙන් ළමාලොව නැළවූ කරුණාරත්න අබේසේකර

අද ජූනි 03 වැනිදාය. ළමයින් වෙනුවෙන් මහ මෙහෙයක් කළ ‘කරු අයියා’ගේ 82 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. එතුමා උපන්නේ 1930 ජූනි 03 වැනිදාය. ඒ මාතර බඹරැන්දේ පෝසතුගොඩ පදිංචිව සිටි පොඩි අප්පුහාමි අබේසේකර සහ පේ‍්‍රමවතී යුවලගේ කුළුඳුල් පුත‍්‍රයා ලෙසය. එතුමා මිය ගියේ 1983 අපේ‍්‍රල් 20 වැනිදාය.

ආනන්ද සමරකෝන් ජාතික ගීය ලියූ හැටි : අපේ ජාතික ගීයේ කතාව

පසුගියදා අලූත් පොතක් දොරට වැඩියා. ලක්බිම ඉරිදා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ සුන්දර නිහතමානී ද මැල් නම් අපේ සුන්දර හිතවතා තමයි, ඒ අපූරු පොතේ කතුවරයා. කවදත් සියුම් ලෙස උපහාසය මුසුව, සරල සිත් ගන්නාසුලූ බසකින් ලියන ඔහු මේ අමුතු පොත ලියලා තියෙන්නෙත් ඒ විදියටමයි. මේ පොතේ නමත් අමුතුයි. ‘මහින්දෙ තමයි ඉස්කෝලෙ!’ පොත දොරට වැඩියෙත් අපූරු විදියකයි. පාසල් විවාද කණ්ඩායමක් සිහිගන්නවන විදියට. මහින්දෙ යෝජිත පිලට දාල ප‍්‍රතියෝජක පිලට දිවයිනේ අනෙක් ප‍්‍රධාන සහෘද පාසල් දමලා කළ සංවාදයකිනුයි, පොත හඳුන්වා දුන්නේ.

5

සතුන් ගොදුරු කර ගන්න දක්ෂයා ඇනකොන්ඩා : සිංහල බසින් ‘හෙණකඳයා’ ද?

ඇනකොන්ඩා කියන්නේ දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරය නිවහන කර ගත් යෝධ පිඹුරු විශේෂයක්. ඊට අමතරව මලයාසියාවේ වගුරු බිම් ප‍්‍රදේශවලත් ඇනකොන්ඩාවන් ජීවත්වෙනවා. ඇනකොන්ඩා අයත් වන්නේ පිඹුරු පවුලටයි. ඒ කියන්නේ බොයිඬේ(Boidae) පවුලට. ඇනකොන්ඩාගේ සත්ව විද්‍යාත්මක නාමය තමයි, ඉයුනෙක්ටස් මියුරිනස් (Eunectus murinus).

0

වසර 40,000ක් වයසැති ලොව පැරණිම සංගීත භාණ්ඩය...!


මීට වසර 40,000කට විතර ඉස්සර අලූත් නව මානවයන් ගිනිමැලයක් වට කොට ගෙන සින්දු කියමින් ඇටවලින් තැනූ නළා පිඹිමින් ඔවුන්ගේ සැන්දෑකාලයන් ගෙවන්නට ඇති. අලූතින් ම සොයා ගත් පැරණි ම සංගීත භාණ්ඩය නිසයි, මෙහෙම කියන්න හේතු වුණේ. මේ පැරණි ම සංගීත භාණ්ඩය සත්ව ඇට කැබැල්ලකින් තැනූ බටනළාවක්. මේ නිසා පර්යේෂකයන් මෙතෙක් සිතා සිටියාට වඩා මිනිසාගේ නිර්මාණශීලිත්වයේ ආරම්භය තවත් අතීතයට තල්ලූවී යනවා.

 
කුරුලූ අස්ථියකින් තනා ගත් වසර 40,000ක් පැරණි බටනළාවක්
3

අපූරු විස්මිත මල් පොකුරු ! ටිකක් ළංවෙලා බලන්න ! මේ තීන්ත බින්දුවේ චමත්කාරය...

ලස්සන මල් නේද? ටිකක් ළංවෙලා බලන්න! මේ සිත්කළු මල් පොකුරු නිකම්ම නිකම් මල් පොකුරු නෙමෙයි. ඇත්තම කියනවා නම් මේවා බිමට වැටෙන තීන්ත බින්දු!

කවදත් අන්තර්ජාලය පීරලා අමුතු ඒ වගේම අලූත් දේ සොයා ඒවා සිංහලෙන් ඔබට ඉදිරිපත් කරන අපි මේ කතාව ගත්තේ ‘ඩේලිමේල්’ අන්තර්ජාල පුවත්පතින්.

බැලූ බැල්මටම මේ අපූරු විස්මිත පින්තූර මල් පොකුරුවලින් ගත්තු ඒවා කියලමයි, හිතෙන්නෙ.

මුලින් පොළොව මත ඇවිද ගෙන ගිය සතා? ති‍්‍රමාන තාක්ෂණය යොදා කරන පර්යේෂණයක්!


මිහිමත ඇවිද ගිය මුල් ම සත්වයා දිය රැලි අතරින් අලංකාර ලෙස මතු වී ආ අයෙක් නෙවෙයි. දැනට හඳුනා ගෙන ඇති ආකාරය අනුව ඌ ඉක්තියෝස්ටෙගා (Ichthyostega) ලෙසින් නම් කර තියෙනවා. ඌ ගොඩබිම බඩගා ඇත්තේ ඉතා අමාරුවෙන්.

කලින් විද්‍යාඥයන් විශ්වාස කළේ ඌ ඇවිද යන්නට ඇත්තේ සැලමන්දරාවකු යන ආකාරයට කියායි. දැන් අපට පරිගණකය උපයෝගී කර ගෙන ඒ සතාගේ ති‍්‍රමාන රූපයක් නිර්මාණය කර ගැනීමට ඇති හැකියාව නිසා ඌ මුල්වරට ගොඩබිම ඇවිදින්නට ඇත්තේ කටුස්සකුට වඩා මඩකරියකු ආකාරයෙන් යැයි සිතා ගත හැකිව තියෙනවා.

මුලින් ම ගොඩබිම බඩගා ගිය සතා මඩකරියකුට සමානව ඇවිද්ද බව පැහැදිලියි.
2

මෙතෙක් නුදුටු අලූත් අද්භූත සත්ව විශේෂ 10ක්! වැහිදාට කිවිසුම් අරින වඳුරෙක්, දීප්තිමත් නිල් දිවිමකුළුවෙක්!


මෙතෙක් හඳුනා නොගත් විස්මිත සත්ව විශේෂ 10ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. ඒ අතර වැහිදාට කිවිසුම් අරින පුදුම වඳුරෙකුත් ඉන්නවා. දීප්තිමත් නිල් පැහැයෙන් යුත් දිවිමකුළුවෙක්, සොසේජස් එකක් තරම් ලොකු හැකරැල්ලෙක් ඒ අතර ඉන්නවා.

මේ අමුතු අද්භූත සතුන් මීට කලින් විද්‍යාත්මකව හඳුනා ගෙන තිබුණේ නෑ. පසුගිය වසරේ තමයි මුල්වරට මේ සතුන් සොයා ගනු ලැබුවේ. මොවුන් හමු වී ඇත්තේ මිනිසුන් නො යන ලොව අති දුෂ්කර ප‍්‍රදේශවලදියි.

 
කිවිසුම් අරින වඳුරෙක්! වැහි දවස්වලට මේ සතුන් ඔවුන්ගේ හිස් දනිස් අතර හංගා ගන්නවා.
8

'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්

ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප‍්‍රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, අපේ ම රටේ, අපේ ම සල්ලිවලින් ඉගෙන ගෙන, ‘මේ රටේ ජීවත්වෙන්න බැහැ’යි කියලා රට ඇරලා යන උගත්තු ඉන්න මේ කාලේ එතුමා අපට දුන්නේ මහඟු ආදර්ශයක්.

0

කාන්තාරයේ නෞකාව : මේ ඔටු පවුලේ කතාවයි


ඔටුවා කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන සත්වයෙක්. ඒත් දන්නවාද ඔටුවන් වර්ග දෙකක් ඉන්නා බව, මොල්ලි දෙකක් ඇති ඔටුවන් හා එක් මොල්ලියක් ඇති ඔටුවන් කියලා. ඒ වගේමයි ඔටු පවුලට නෑකම් කියන තවත් සාමාජිකයින් පිරිසක් ඉන්නවා. මේ සටහන ඔටුවන් සහ ඔටු පවුලේ සාමාජිකයන් ගැනයි.
5

තාරකා විද්‍යාව හා ජ්‍යොතිෂය එකක්ද? දෙකක්ද? ඉපැරණි ජ්‍යොතිෂ නිවැරදිභාවයේ රහස?


තාරකා විද්‍යාවත් ජ්‍යොතිෂයත් යන විෂයයන් දෙකට වඩා පැරණි විෂයයක් ඇත්නම් ඒ ගණිතය පමණි. තාරකා විද්‍යාවේ මූලාරම්භය ආදි කල්පිත ගල්යුගය දක්වා විහිදේ. ඉතා ඈත අතීතයේ ගල්ගුහාවල ගත කරන අවධියේ රාති‍්‍රකාලයේ එළිමහනේ ගිනිගොඩක් ගසාගෙන රාති‍්‍රය ගත කළ මිනිසුන්ගේ දෙනෙත් රාති‍්‍ර අහස දෙසට යොමු වූයේ නිතැතින් ම ය. රාති‍්‍ර අහසේ තාරකා රටා හඳුනා ගැනීමත් ඒ ඒ තාරකා රටා මගින් සෑදෙන රූපය අනුව ඒවා නම් කිරීමත් සිදු විය. මෙය තාරකා විද්‍යාවේ උපතට මුල් වූ පළමු සංසිද්ධිය විය හැකිය.

දෙවැනිව, ග‍්‍රහ ලෝක වෙන් කර හඳුනා ගැනීම සිදු විය. තෙවැනිව, එම ග‍්‍රහ ලෝක නම් කිරීමත් ඒවා ගමන් කරන තාරකා වශයෙන් වෙන් කර හඳුනා ගැනීමත් සිදු විය. ගුරු, බුද, කුජ, ශනි හා සිකුරු යන ග‍්‍රහ ලෝක පහ රාති‍්‍ර අහසේ ගමන් කරන්නේ යම් තීරුවක් ඔස්සේ බවද පුරාණ මිනිසා යම් අවස්ථාවක දී හඳුනා ගැනීමට සමත් විය. එම තීරුව සෑදී ඇත්තේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන තාරකා මණ්ඩල මගින් බව හඳුනා ගත් පුරාණ මිනිසා එය රාශි චක‍්‍රය (Zodiac) යැයි නම් කළේය.

3

මිනිසාගේ පරිණාමය මස් කෑම නිසා වෙනස් මඟක් ගත්තාද? මෙන්න අලූත් මතයක්!


මිනිසා වානරයන්ගෙන් වෙනස් ව පරිණාමය වීමේ රහස මංශභක්ෂණයද? ස්වීඩනයේ ලූන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නව මතයක් ඉදිරිපත් කර තියෙනවා. උසස් තත්වයේ ආහාර ලැබීම නිසා මවුවරුන් දරුවන්ට කිරී දීම නවතා ඒ ආහාරවලට පුරුදු කිරීමත් වැඩි වැඩියෙන් දරුවන් බිහි කිරීමට යොමු වීමත් නිසා මානව ප‍්‍රජාවන් ඉක්මනින් වර්ධනය වුණා. රාති‍්‍ර ආහාරයට මස් ලැබීම නිසා මිනිසා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වුණා පමණක් නොව මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල වුණා. මේ විද්‍යාඥයන් මෙසේ ඉදිරිපත් කර ඇත්තේ මීට කලින් කිසිවකු ඉදිරිපත් නොකළ මතයක්. මේ මතය ඉදිරිපත් කර තියෙන්නේ සත්ව විශේෂ 67ක් යොදා ගෙන කළ පර්යේෂණයකින් පසුවයි.

මේ සත්ව විශේෂ අතරට මනුෂ්‍යයන්, වානරයන්, මීයන්, මිනීමරු තල්මසුන් ඇතුළු ක්ෂීරපායීන් ද අයත් වුණා. එහි දී ඔවුන්ට පැහැදිලිව ම පෙනී ගොස් තියෙනවා, මස් කෑම හා කලින් කිරි වැරීම නිසා මේ වෙනස ඇති වී තිබෙන බව.
 
දඩයම් කිරීමට යොමු වීම නිසා මස් කෑමට පුරුදු වූ මිනිසා ඉක්මනින් කිරි වැරීමත්, දරුවන් බිහිකිරීමත් නිසා පරිණාමයේ වෙනසක් ඇති වූ බව ස්වීඩන විද්‍යාඥ පිරිසක් කියනවා.
3

අලූත් හෙළිදරවුවක්! රටවල් 10කට අහසෙන් ග‍්‍රහක කඩා වැටීමේ අවදානමක්! අනතුරුදායක ග‍්‍රහක 47,000ක් ඉහළ අහසේ සරනවා!


ආකාශ වස්තු කඩා වැටීමෙන් පොළොවට විපත්ති වූ අවස්ථා අතීතයේ තියෙනවා. මිහිමත ඇවිද ගෙන ගිය යෝධ ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ උල්කාපාතයක් කඩා වැටීම නිසා යැයි කියනවා. ඒ වගේ විපත්තිදායක අවස්ථාවක් නුදුරේම ඇති බවයි, අලූත් ම පර්යේෂණයකින් කියවෙන්නෙ. එක්සත් රාජධානියේ සවුත්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයකට අනුවයි මේ ග‍්‍රහක කඩා වැටීමේ ප‍්‍රවණතාව හඳුනා ගෙන තියෙන්නෙ.

ඔවුන් කියන විදියට ඔවුන් විසින් හඳුනා ගෙන ඇති ග‍්‍රහක (asteroids) උල්කාපාත බවට පත් වෙමින් පෘථිවියට ආවොත් එහි දි ඇති වන ගැටීමෙන් විශාල වශයෙන් සිදු වන විනාශය කෙබඳු ද යත් ඒවා යළි පෙර පැවති තත්වයට පත්වීමට කිසිම දවසක හැකි වෙන එකක් නැහැ.

නාසා ආයතනයෙන් උඩුගුවනට යවනු ලැබූ ‘වයිඩ් ෆීල්ඩ් ඉන්ෆ‍්‍රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර්’ (WISE-Wide Field Infrared survey Explorer) නම් අධෝරක්ත කිරණ යොදා ගෙන පුළුල් ක්ෂේත‍්‍රයක විමර්ශනය කළ හැකි චන්ද්‍රිකා දුරේක්ෂය මගින් පොළොවට ආසන්නයෙන් යන අපට ‘අනතුරුදායක විය හැකි ග‍්‍රහක’ 107ක් ඇතැයි සොයා ගෙන තියෙනව. ඒවා එකක් සාමාන්‍යයෙන් අඩි 330ක් හෝ ඊට වැඩි දිගකින් යුක්තයි. පොළොව අවට ඇති එවැනි ග‍්‍රහක සංඛ්‍යාව ඇහුවොත් ඔබ මවිත වේවි. මුළු ගණන 47,000කට වැඩියි.

 
‘වයිඩ් ෆීල්ඩ් ඉන්ෆ‍්‍රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර්’ හෙවත් ‘වයිස්’ මෙහෙයුම මගින් සොයා ගෙන ඇති පොළොවට ආසන්න, අපට ‘අනතුරුදායක විය හැකි ග‍්‍රහක’ (Typical PHA) 107ක ගමන් මග හා අනෙක් පොළොවට ආසන්න ග‍්‍රහක (Typical NEA) යන ගමන් මග.

විස්මයජනක සැතපුමට හිමිකම් කිවූ ශී‍්‍රමත් රොජර් ගිල්බර්ට් බැනිස්ටර්


ශී‍්‍රමත් රොජර් ගිල්බර්ට් බැනිස්ටර් බි‍්‍රතාන්‍ය ජාතික මලල කී‍්‍රඩකයෙකි. මිනිත්තු 4 කට අඩු කාලයකින් සැතපුමක් දිවගිය ප‍්‍රථම පුද්ගලයායි. ගෞරවයට පාත‍්‍ර වූ ස්නායු වෛද්‍ය විශේෂඥයෙක් ලෙස සේවය කළා. 2001 වසරේදී විශ‍්‍රාම යන තෙක් මොහු ඔක්ස්ෆර්ඞ්හි පෙම්බෲක් සරසවියේ උපදේශකයෙක් ලෙස සේවය කළා. 1955 වසරේ ස්පෝට්ස් ඉලස්ටේ‍්‍රටඞ් සඟරාව විසින් දක්ෂතම කී‍්‍රඩකයා ලෙස නම් කළා. 1954 දී ඔහු වසරේ හොඳම කී‍්‍රඩකයා බවට තේරී පත්වුණා.

අන්ධ අයට පෙනීම දිය හැකි සෛල ප‍්‍රතිකාරයක්! පියවි සෛල ගැන තවත් තොරතුරු...


පුනර්ජනනී වෛද්‍ය විද්‍යාව - 3

බි‍්‍රතාන්‍යයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් ඇතුළු පිරිස මේ අතින් නව පර්යේෂණ රැසක් සිදු කරමින් යද්දී ලන්ඩනයේ අනෙක් පැත්තේ තවත් පිරිසක් අන්ධ භාවයට පිළියම් සොයා අත්හදා බැලීම් කරනවා. ඒ මහාචාර්ය පීට් කොෆේ (Pete Coffey) ඇතුළු කණ්ඩායමක්. එය අන්ධභාවයට පිළියම් කිරීමේ ලන්ඩන් ව්‍යාපෘතිය කියලයි හැඳින්වෙන්නේ. වයස්ගත වීමේදී ඇති වන පේශී දුර්වලතාව නිසා බොහෝ දෙනා තුළ ඇති වන අන්ධභාවය නැති කිරීමට පියවි සෛල යොදා ගනිමින් ඔවුන් රසායනාගාරය තුළ දැන් හදා බැලීම් කර ගෙන යනවා.

 
"දැනට මෙවැනි රෝගීන්ට පිළියමක් ඇත්තේ නැහැ. මේ වෙනකම් කිසිකෙනෙක් මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයලත් නැහැ." කොෆී කියනවා.
5

අනාගත ටෙලිවිෂන් තිරය විනිවිද පෙනෙන එකක්! දාපුවාම පේනවා! වහපුවාම නොපෙනී යනවා!


පසුගිය කාලෙ ටෙලිවිෂන් තිරය ලොකු ලොකු වෙනස්කම් රැසකට මුහුණ පෑවා. තුනී තිර, හිතේ හැටියට, ඇහේ හැටියට තෝරා ගන්න කියලා ඒවා ඔබට විකුණපු හැටි මතක ඇති නේ!

දැන් ඔන්න පාරදෘශ්‍ය ටෙලිවිෂන් තිරයක් ළඟ එනවා. ඔබට ටෙලිවිෂන් නරඹන්න අවශ්‍ය වෙලාවට ස්විචය දැම්මාම තිරය මතුවෙලා එනවා. ස්විචය නිවා දැම්මාම ටෙලිවිෂන් තිරය පරිසරයට ගිලී යනවා. එවිට ඒ තිරය විනිවිද අවට පරිසරයයි, ඔබට පෙනෙන්නේ.

මේ සඳහා පාවිච්චි කර ඇත්තේ අලූත් ම තාක්ෂණයක්. එය හැඳින්වෙන්නේ ‘ටීඕඑල්ඊඞී’ (TOLED) තාක්ෂණය කියලයි. පාරදෘශ්‍ය සංවිධිත ආලෝක විමෝචන උපකරණය (TOLED - transparent organic light-emitting device) යනුවෙන් හැඳින්වෙන මෙම නිරූපණ තාක්ෂණය දැන් භාවිත වන සංවිධිත ආලෝක විමෝචන (OLED) ක‍්‍රමයේ ම වැඩි දියුණු කළ තත්ත්වයක්. ඒ ක‍්‍රමයේ තුනී තිරයක් සහිත ටෙලිවිෂන් තිරයක් ගැන පුවතක් මීට කලින් ‘මල් කැකුළු’ තුළින් ඔබ වෙතට ගෙනාවා මතක ඇති නේ!

 
මේ තමා විනිවිදක ටෙලිවිෂන් තිරයේ හැටි. ඒත් මේ තරම් ලොකු තිරයක් තවම නිපදවා නැහැ. කුඩා ප‍්‍රමාණයෙන් තමයි, දැනට තියෙන්නේ.
0

හදවත් සැත්කම් අවශ්‍ය නැහැ! කපාට අලූත්වැඩියා කරන නව ක‍්‍රමයක්!

පුනර්ජනනී වෛද්‍ය විද්‍යාව (Regenerative Medicine) - 2

මරු කැඳවන රෝග සුව කරන්නත් මේ නව ක‍්‍රමවේදය යොදා ගත හැකියි!

ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ දියුණුව දැන් වේගවත් වෙලා. දැන් හෘද කපාට අලූත් කිරීමේ පටන් මුහුණු නැවත ගොඩ නැඟීම දක්වාත්, අන්ධභාවය සුව කිරීමේ පටන් බහුල ලෙස මිනිසා ආබාධිත කරන රෝග ගැන අධ්‍යයනය කිරීම දක්වාත්, කටයුතු වේගවත් කිරීමට ලොවපුරා වෛද්‍ය විද්‍යාඥයන් වෙහෙසෙනවා.

මේ පර්යේෂණවලින් එක්සත් රාජධානිය තමයි, ලෝකයේ ඉදිරියෙන් ම ඉන්නෙ. එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය මේ වසර මුලදීම මෙම පර්යේෂණවලට එඩින්බර්ග්හී ඇති ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යා මධ්‍යස්ථානය සඳහා පවුම් මිලියන 54ක් ලබා දීල තියෙනවා, .
4

සිරුරු අවයව දන් දීම අතීතයට යයි! බි‍්‍රතාන්‍ය රසායනාගාරයක මිනිස් අවයව වවයි! : පුනර්ජනනී වෛද්‍ය විද්‍යාව - 1


කලබල වෙන්න එපා! මේ බාබර් සාප්පුවකදි වෙච්ච අකරතැබ්බයක් නෙවෙයි! බොක්සිං කී‍්‍රඩක හෝලිෆීල්ඞ්ගෙ වගේ කඩා ගත්තු මිනිස් කනක් නෙවෙයි. රසායනාගාරයක වැවූ කනක්. බි‍්‍රතාන්‍යයේ රසායනාගාරයක මිනිස් අවයව සාර්ථකව වවන්න පටන් අරන්!

 
මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් (Alexander Seifalian) මේ පෙන්වන්නේ සිය රසායනාගාරයේ ‘වැවූ’ කනක්. "අපි තමයි, ලෝකෙ ප‍්‍රථම කණ්ඩායම මේ විදියෙ දෙයක් නිර්මාණය කළ" ඔහු ආඩම්බරයෙන් යුතුව කියනවා.
6

සොබාදහමේ සුන්දර මර උගුල්



සොබාදහම කියන්නේ හරිම අපූරු සුන්දර තැනක්. ඒවගේම හරිම අවදානම් තැනක්. අපි මේ කතා කරන්න සූදානම් වන්නේ සොබා දහමේ මර උගුල් ලෙස සැලකෙන, මාංශ භක්ෂක ශාක හෙවත් විලෝපික ශාක ගැන. විලෝපික ශාක කියන්නේ වෙනත් සත්ව විශේෂ හෝ කෘමි විශේෂ හෝ ගොදුරු කර ගෙන ආහාරයට ගන්නා ශාකවලටයි. මාංශභක්ෂක හා ශාක භක්ෂක දෙවර්ගය ම එකක් ලෙස ගෙනයි, මෙසේ හැඳින්වෙන්නේ. ඒ ශාකත් ප‍්‍රභාසංශ්ලේෂණය මගින් තමයි, සාමාන්‍යයෙන් ආහාර නිපදවා ගන්නේ. අතිරේකව අවශ්‍ය පෝෂක කොටස් පහසුවෙන් ලබා ගන්නයි, මේ විදියට විලෝපික හැසිරීමට යන්නේ. ගසක පිළිලයක් වුනත් විලෝපික ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ විදියෙ විලෝපික ශාක විශේෂ 400ක් තරම් ප‍්‍රමාණයක් ලොව පුරා විසිරී තියෙනවා.

ඕස්ටේ‍්‍රලියාව හොයාගත් දේශගවේෂකයා : කපිතාන් ජේම්ස් කුක්



18 වන සියවසේ මැද භාගය වෙනකල්ම යුරෝපීය ගවේෂකයින් වැඩිපුර උනන්දුවක් දැක්වූයේ වෙළඳාමටයි. එසේ නැතිනම් රටරටවල වස්තුව කොල්ලකෑමටයි. ඒත් එක බි‍්‍රතාන්‍ය ජාතික නාවික කපිතාන්වරයෙක් මීට වඩා වෙනස් මඟක යමින් අලූත් විධියේ ගවේෂණ කටයුත්තකට අත ගැහුවා. ඒ තමයි විද්‍යාත්මක දේශ ගවේෂණය. ඔහු වඩාත් උනන්දු වුණේ විද්‍යා සොයා ගැනීම් හා පර්යේෂණවලටයි. 1768 සිට 1779 දක්වා දකුණු පැසිෆික් සාගර කලාපය තරණය කරමින් ගවේෂණ චාරිකා 3 කට සහභාගී වුණා. පළමු වතාවට විද්‍යාත්මක ක‍්‍රම වේදයන් භාවිත කරමිනුයි, කපිතින් කුක් මහ සාගරය තරණය කළේ. ඔහු යාත‍්‍රා කළේ තරු රටා අනුව මග සොයා ගෙනයි. ඔහුගේ මේ තාරකා නිරීක්ෂණ ක‍්‍රමවේදය පසු ව, අනාගත නාවිකයින්ට ලොකු උදව්වක් හා පහසුවක් වුණා. ඔහු ඔහුට දකින්න ලැබුණු හැමදෙයක්ම ඉතාමත් උනන්දුවෙන් හා ඉතාමත් නිවැරදි ව වාර්තා ගත කළා. හැකි පමණින් සත්ව හා ශාක විශේෂ ඔහු ආපහු එංගලන්තය බලා පැමිණෙද්දී රැුගෙන ආවා. කලින් හමුනොවූ, දකින්න නොලැබුණු සත්ව හා ශාක විශේෂ චිත‍්‍රයට නගනු ලැබුවා. නවීන ලෝකයට ඉමහත් මෙහෙයක් කළ දේශ ගවේෂකයා ලෙස ඔහුගේ නම ඉතිහාසයට එක්වී තියෙනවා. ඔහු මියගියේ 1779 පෙබරවාරි 14 වැනිදායි.
4

ශුද්ධ වූ දේශයක් වෙනුවෙන් ආගමේ නාමයෙන් කළ ශුද්ධ යුද්ධ : The Crusades


යුද්ධය කියන්නේ අපට නුහුරු දෙයක් නොවේ. නොයෙක් නොයෙක් හේතූන් නිසා යුද්ධ ඇති වෙනවා. ආගම වෙනුවෙන් එහෙම නැතිනම් දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවූ යුද්ධයක් තියෙනවා. ඒ තමයි, කුරුස යුද්ධය එහෙම නැතිනම් කෲසේඞ් කියන්නේ.

0

මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාව : යුරෝපයේ බිහිවූ ප‍්‍රධාන ශිෂ්ටාචාර


යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනෝවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි. එහෙත් කි‍්‍ර.පූ. 1450 දී මයිසේනියානුවන්ගේ ආක‍්‍රමණයක් සමඟ මිනෝවානු ශිෂ්ටාචාරය අවසන් විය. මයිසේනියානුයන්ගේ මුල් බිම වූයේ දකුණු රුසියාවයි. නමුත් ඔවුහු යුරෝපය හා බෝල්කන් ප‍්‍රදේශය හරහා ගී‍්‍රසියට පැමිණ එහි පදිංචි වූහ. මේ මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාවයි.

3

මහ සයුරේ බර අදින්නා : "ටග් බෝට්"

බර දෙයක් ඇදගෙන යන්න අපේ පැරැන්නෝ අලින් යොදා ගත්හ. මහ මුහුදේදී බර දෙයක් ඇදගෙන යන්නේ කෙසේද ? ඒ සඳහා විශේෂිත වූ බෝට්ටු වර්ගයක් නිර්මාණය කර තිබේ. අලි කොට ඇදගෙන යනවා සේම මෙම බෝට්ටුවලටත් මුහුදේදී බර දේවල් ඇදගෙන ඒමට හැකියාව ඇත. ඒ නිසාම අපි මේ බෝට්ටු හඳුන්වන්නේ ‘අලියා බෝට්ටු’ යනුවෙනි. ඉංගී‍්‍රසි බසින් මේවා හඳුන්වන්නේ ‘ටග්’ එසේත් නැතිනම් ඇදගෙන යාමට භාවිතා කරන බෝට්ටු ලෙසයි.

0

පණ බේරාගෙන දුවන්න දක්ෂයෝ : ඇන්ටිලොප් කුරංගයින්ගේ කතාව



ඇන්ටිලොප් යන නමින් සත්ත්ව විද්‍යානුකූල ව නිශ්චිත එක් සත්ත්ව විශේෂයක් දැක්විය නො හැකියි. සමාන ගති ලක්ෂණ ඇති විවිධ පවුල්වලට අයත් සත්ත්ව විශේෂ බොහොමයකට ලොව පුරා ‘ඇන්ටිලොප්’ කියා කියනවා. නියම වශයෙන් ම ඇන්ටිලොප් කියා කිව හැක්කේ උතුරු ඇමෙරිකාවේ ජීවත්වන ‘ප්‍රෝන්හෝන්’ (pronghorn) හා ‘ප්‍රෝන්බක්’ (pronbuck) යන නම්වලින් හැඳින්වෙන (සත්ත්ව. නා. ඇන්ටිලෝකැප්රා ඇමෙරිකානා Antilocapra americana) කුරංගයාටයි. ඌ අයත් වන්නේ ඇන්ටිලෝකැප්රිඬේ (Antilocapridae) පවුලට. අනෙක් ඇන්ටිලොප් සත්තු බොවිඬේ (Bovidae) පවුලට අයත් වෙයි.
6

පිරිත් සූත‍්‍ර සජ්ඣායනයේදී වෙනසක්! :සෙන් උපමා කතාවක්


ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා.

පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?”

”ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා.
3

වත්මන් ලෝකයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළ එමලින් : වීර කන්තාවෝ


"අපේ කාලයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළේ ඇයයි. ඇය සමාජය හොල්ලා කාන්තාව මේ සමාජය තුළ යළි ආපසු නොයන තැනකට පත් කිරීමට සමත් වුණා."

ලෝකප‍්‍රකට ‘ටයිම්’ (TIME) සඟරාව, 1999 අවසානයේ දී, 21 වන සියවස වෙනුවෙන් ලෝකය වෙනස් කළ, ‘විසි වන සියවසේ වඩාත් වැදගත්ම සිය දෙනා’ ගැන විශේෂාංගයක් පළ කරමින් ඇය ගැන සඳහන් කළේ එහෙමයි.

පිරිමින් හා සමාන ව කාන්තාවන්ගේ තත්වය උසස් කිරීමට ඇය ගත් වෙහෙස වෙනුවෙන් මුළු ලෝකයේ ම කාන්තාවන් ඇයට ණයගැතියි.



ඇය නමින් එමලින් පැන්ක්හර්ස්ට් (Emmeline Pankhurst). උපන්නේ 1858 ජුලි 15 වැනිදායි. ඒ එංගලන්තයේ මැන්චෙස්ටර්හිදීයි. ඇය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත්තේ වයස අවුරුදු 8 දී පටන්.
2

ලොව ප‍්‍රථම ඉතිහාසඥයා! ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි!

ලෝකයේ ඉපැරණි පුදුම 7 ගැන දන්නවා නේද ? රෝඞ්ස්හි දැවැන්ත හිරු දෙවි ප‍්‍රතිමාව, ආර්ටිමීස් දෙවොල, බැබිලෝනියාවේ එල්ලෙන කුලූන, ඔලිම්පියාවේ සූස් දෙවි ප‍්‍රතිමාව, මොසෝලස්ගේ සොහොන් ගැබ, ඇලෙක්සෙන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරය හා ගීසාහි යෝධ පිරමීඩ ඊට අයත් වේ. ගීසා පිරමීඩය අද අපට අපේ ඇස්වලින් දකින්න පමණක් ඉතිරිවී තිබුණත් අනෙක් පුදුම දකින්න නොමැත. ඒවා විනාශ වී අවසන්ය.

ලොව ඉපැරණි පුදුම 7 ක් තිබෙන බව අපි දන්නා නමුත් මේ ස්මාරක හා පිළිම පුදුම ලෙස නම් කළේ කවුරුද ?

පිරමීඩ හැර අනෙක් පුදුම සියල්ල නටඹුන් වී ගියත් ඒ ගැන එක සාක්ෂියක් ඉතිරි වී තිබේ. ඒ මෙම පුදුම ගැනත් ඒවායේ සවිස්තරාත්මක විස්තර හා ඒවායේ පිහිටීම් ගැනත් ලියා ඇති ලේඛනයන්ය. මේ විස්තර ලියා තැබුවේ පුද්ගලයා සුවිශේෂී කෙනෙකි. ලොව ප‍්‍රථම ඉතිහාසඥයා ලෙස සැළකෙන්නේ ඔහුයි. ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි. ඔහු ගී‍්‍රක ජාතික හෙරඩෝටස්.

2

සුළං බලෙන් දුවන කාරෙකක්! - ‘සුළං බිබී පාරෙ දුවන පුංචි එකෙක්!


විදුලියෙන් හෝ තෙල් හෝ වෙනත් ඉන්ධන හෝ භාවිත නොකර සම්පීඩ්‍ය වායුව යොදා ගෙන මහ මඟ යා හැකි රියක් නිපදවීම ඉන්දියාවේ ටාටා මෝටර්ස්වල මීළඟ අරමුණයි. ඔවුන් නිපදවූ අඩු මිල, අඩු වියදම් රිය නැනෝ දැන් ශී‍්‍ර ලංකාවේත් ජනපි‍්‍රයයි. නැනෝ පුංචි ඉඩ වුනත් පහසුවෙන් ගාල් කරන්න පුළුවන් කාරයක්.

2007 දී ඉන්දියාවේ මුම්බායිහී ටාටා මෝටර්ස් සමාගම ප‍්‍රංශයේ මෝටර් ඩිවලොප්මන්ට් ඉන්ටර්නැෂනල් සමාගම සමග ගිවිසුමක් අත්සන් කළා, සම්පීඩ්‍ය වායුවෙන් පමණක් ධාවනය කළ හැකි රියක් සැලසුම් කරන්නට. දැන් ටාටා සමාගම ඔවුන් ඉදිරිපත් කළ ඒ සැලසුම අනුව කාර් දෙකක් තනා අත්හදා බැලීම් කරල තියෙනවා. දැන් ඉතිරිව ඇත්තේ ඒ කාර් තනන්නට විශේෂ නිෂ්පාදනාගාරයක් තැනීමයි.
2

ඉන්දු ගඟ ආශි‍්‍රතව බිහිවූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය


මීට වසර පන්දහසකට පමණ පෙර ආසියාවේ පැවති ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් පිළිබඳ තොරතුරු බිඳක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමු. මේ ශිෂ්ටාචාරය හැඳින්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියායි. මෙය ටිබෙට් දේශයේ සිට කාෂ්මීරය ඔස්සේ පාකිස්තානය හරහා අරාබි මුහුදට ගලන ඉන්දු ගඟ ආශි‍්‍රතව බිහි වූවකි.

6

උඩුගුවනේ සිට පෙනෙන පොළොවේ විස්මිත දසුන්! සුවිශේෂ දසුන් පෙළක්!


උඩුගුවනේ සිට පෙනෙන අපේ පොළොවේ දසුන් විස්මිතයි; විසිතුරයි! එවැනි සුවිශේෂ දසුන් පෙළක් ඔබ ඉදිරියේ දිග අරින්නයි, අප මේ සූදානම් වන්නේ.

අපේ පොළොවේ ජීව නාළිය වන් මේ මේ ගංගාවන් මවන දසුන් අතර ඒවා මුහුදට එක්වන තැන්වල සෑදෙන ඩෙල්ටාවන් මවන දසුන් සුවිශේෂයි. ලොව පුරා ප‍්‍රධාන ගංමෝයන් ආශ‍්‍රිත ඩෙල්ටාවල වෙසෙන ජනතාව ලෝකයේ ජනගහනයෙන් මිලියන 500කට ආසන්නයි.

ලෝක ජනගහනයෙන් පහළොවෙන් එකක් ජීවත්වෙන්නේ, හුස්ම ගන්නේ, වැඩ කරන්නේ, මේ මහ පොළොවේ හතළිහක් පමණ වන ප‍්‍රධාන ඩෙල්ටා ප‍්‍රදේශ ආශ‍්‍රිතවයි. මෙවැනි ඩෙල්ටා ප‍්‍රදේශවල පවතින, කිසිදාක නැති වී නොයන, සරු බව මේ ආශි‍්‍රතව ජීවත්වීමට මිනිසාට පහසුවක් වෙලා තියෙනවා.

ගුවනේ සිට බලන විට මේ විශාල ප‍්‍රදේශ පෙනෙන්නේ අතු විහිදී යන රුධිර නාළිකා වගෙයි. මහ පොළොව සරුසාර කරමින්, පරිසරය ප‍්‍රාණවත් කර තබමින්, මේ ගංගාවන් මහාද්වීප සිසාරා මහ මුහුද කරා යන ගමන, අපේ ජීවිතවලට ද පණ නල පිඹිනවා. ඒ නිසයි, අප මේ ඩෙල්ටාවන් මවන දසුන් පෘථිවි ග‍්‍රහයාගේ රුධිර නාළිකාවලට සමාන කර දකින්නේ.

ඇත්තෙන් ම මේ විදියට දුර අහසේ සිට දකින විට තමයි, ඒවායේ විශාලත්වයත්, ඒවා අපේ පොළොවේ හැඩය වෙනස් කරන හැටිත්, ඒ වගේ ම ඒවායේ සුන්දරත්වයත් දැකිය හැක්කේ.

 
ලෝක ප‍්‍රකට වැන් ගෝ සිත්තරාගේ සිත්තමක් වගෙයි. ඒත් මේකත් ඩෙල්ටාවක්. මේ බටහිර අපි‍්‍රකාවේ බියාගෝස් කොදෙවු රැස පිහිටි ඩෙල්ටා ප‍්‍රදේශයයි. මෙහි ඇති කොදෙවු 80න් 20කම ජනාවාස තියෙනවා.

ටයිටැනික් අවසන් නැවතුම...!


1912 අප්‍රේල් 15 දැ මුහුදුබත් වූ ටයිටැනික් මඟීයාත්‍රාව ගැන ලියවුන බොහෝ දේ ඇත. ඒ හැම වාර්තාවකම කියැවෙන්නේ නෞකාව එංගලන්තයේ සදම්ප්ටන් (Southampton) වරායෙන් පිටත් වී ගොස් අත්ලාන්තික් සාගරයෙදී මුහුදුබත් වූ බවය.

3

වටිනා ලෝහ හා ඛනිජ සොයා ග‍්‍රහකවලට යන්න සූදානමක්! පෙරමුණ ගන්නේ සිනමාකරු ජේම්ස් කැමරන් සමග ගූගල් හිමිකරුවන්!


ගූගල් ප‍්‍රධානීන් වන ලැරී පේජ් හා එරික් ෂ්මිඞ් යන දෙදෙනා, සිනමාකරු ජේම්ස් කැමරූන් සමග එක්ව පෘථිවියට ආසන්නව කක්ෂගතව ඇති ග‍්‍රහකවල ඇති ප්ලැටිනම් ආදී වටිනා මූල ද්‍රව්‍ය සොයා ගවේෂණයේ යෙදෙන්නට ආයෝජනයක් කරන්නට සැලසුම් කර තියෙනවා.

මේ සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ බෙලෙවු හි පිහිටුවා ඇති ‘ප්ලැනටරි රිසෝසස්’ නම් නව සමාගමක් පිහිටුවා තියෙනවා. එම සමාගම මගින් මුලින් ම කෙරෙන්නේ මූල ද්‍රව්‍ය සොයා නිරීක්ෂණ මෙහෙයුම් කළ හැකි රොබොටික අභ්‍යවකාශ යානා සංවර්ධනය කර විකිණීමයි. මේවා ඉතාමත් අඩු මිලැති යානා ලෙස හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව පසුගිය දා ඒ සමාගම ප‍්‍රකාශ කළා.

එහි සංදර්ශනාත්මක මෙහෙයුමක් දෙවසරක් තුළ පෘථිවි කක්ෂය අවට කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව එම සමාගම පිහිටුවීමට මුල් වූ ආචාර්ය පීටර් ඩයමැන්ඩිස් හා එරික් ඇන්ඩර්සන් යන දෙදෙනෙ කියනවා.

කොහොම වුනත් ඉදිරි වසර 10 ඇතුළත පෘථිවි කක්ෂයේ පාවෙන නිරීක්ෂණ වේදිකා ඉදිකොට අලෙවි කරන්නට ‘ප්ලැනටරි රිසෝසස්’ සමාගම බලාපොරොත්තු වෙනවා. ඒ මේ වැඩපිළිවෙළේ එක් පියවරක් හැටියටයි.

 
විද්‍යාඥයන් පිරිසකගේ අමු ද්‍රව්‍ය සොයා ග‍්‍රාහකවල කැණීම් කරන සැලැස්මක්
4

සිල්වෙස්ටර් ස්ටෙලෝන් අතීතයට ගියාද? අතීතයෙන් ආවාද?


සිල්වෙස්ටර් ස්ටෙලෝන්(Sylvester Stallone) අතීතයට ගියාද? අතීතයෙන් ආවාද? 16 සියවසේ චිත‍්‍රයකට ඔහුගේ මුහුණ ගියේ කොහොමද?

වතිකානු නගරයෙන් හැම විට ම අලූත් දේ සොයා ගන්නවා. ඇතැම් විට ඒවා විස්මිතයි. මේ අලූත් සොයා ගැනීම කර ඇත්තේ ශුද්ධ නගරය නරඹන්න ආ අමුත්තෙකුයි. ඔහු විසි හැවිරිදි ඇන්තනි සොන්ෆ්‍රෙල්. ඔහු හදිසියේ ම දැක තියෙනවා සුප‍්‍රකට ඉතාලි චිත‍්‍රශිල්පී රෆායෙල් විසින් වසර පන්සීයකට පෙර, 16 වන සියවසේ ඇඳි චිත‍්‍රයක සෙනඟ අතර අද සිටින ජනපි‍්‍රය බටහිර නළුවකු වූ සිල්වෙස්ටර් ස්ටෙලෝන් ඉන්නවා.
5

මහ පොළොවේ ඇති වතුර එක බුබුළකට ගත්තොත්! සැතැපුම් 860ක ‘පුංචි’ වතුර බුබුළක්!


ජලය, දිය, වතුර, පැන්, අඹ, සිලිල්, උදක, නි, රස, තෝ, අම ආදී නොයෙක් නම්වලින් හැඳින්වෙන වතුර අප ඉදිරියේ විවිධ ස්වරූපයෙන් තියෙනවා. වතුර නිසා හැදුණු නම්වල ගණනත් අති මහත්. වතුරෙන් සමන්විත නිසා පොළොවට ‘දියත’ කියා කියනවා.

මිහිමත ඇති ජලය අපේ ලෝකයේ වැඩි වන ජනගහනයේ පවස සන්සිඳුවන්නට ප‍්‍රමාණවත් මදි. මේ මිහිමත ඇති ජල සම්පත ඉක්මනින් ඉවර වී ගෙන යනවා. අනාගත පරපුරට ජලය ඉතිරි කර තබන්න! ජල සම්පත පරිස්සෙමින් පරිහරණය කරන්න! පානීය ජලය සුරකින්න! ජල දූෂණය වළක්වන්න! මෙවැනි කියමන් ඔබ කොතෙකුත් අසා ඇතුවා නිසැකය.

අපේ ජල සම්පතේ ප‍්‍රමාණය ගැන සිතා ගත නොහැකි නිසා මේ කියමන්වල ඇති බරපතල කම වුනත් ඔබට නිසි ලෙස තක්සේරු කළ නොහැකියි.

පසුගියදා අපේ ජල සම්පත පිළිබඳ අපූරු ‘පින්තූරයක්’ අපට දැක ගන්න ලැබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මිනුම් දත්ත අනුව ලෝකයේ ඇති ජලය ප‍්‍රමාණය එක ජල බිඳුවකට හෙවත් දිය බුබුළකට කැටි කළ හොත් ඒ ජල බුබුළ සැතැපුම් 860ක් පළල එකක් වනු ඇතැයි සඳහන් වෙනවා.
Related Posts Plugin for WordPress, Blogger...
Back to Top