ඉගිල්ලෙන කාර් ළඟ එනවා. පියාසර කරන මෝටර් රථ තවදුරටත් විද්‍යා ප්රබන්ධවලට අයිති දෙයක් නෙවෙයි. එකක් නොවෙයි, දෙකක්! පියාඹන කාර් දෙකක් ම පසුගිය දා හඳුන්වා දෙනු ලැබුවා.
එකක් අපේ‍්‍රල් 2 වැනිදා ප්‍රදර්ශන චාරිකාවක යෙදුණා. ඒ තමා ඇමරිකාවේ මැසචුසෙට්ස්හී ටෙරාෆූජියා සමාගම නිපදවූ පියාඹන මොටෝ රිය, ‘ට්රාන්සිෂන්’. ලබන අවුරුද්දේ ඔවුන් මෙම කාර් වෙළඳ පොළට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
මේ කාර් ආවා ම පාවිච්චි කරන්න අලූතින් නීති හදන්නත් වේවි.
ඇමරිකානු ටෙරාෆූජියා සමාගම මේ නව අහස් මොටෝරිය අහසට නංවා වැඩි වේලාවක් ගියේ නෑ, ඕලන්දයේ සමාගමක් ද අහසින් යා හැකි රියක් ලොවට ඉදිරිපත් කළා. එය හැඳින් වූයේ පැල් -ඪ කියායි. එහි නිෂ්පාදක සමාගම කියන්නේ පවත්නා අන්තර් ජාතික නීතිවලට අනුව ඔවුන්ගේ යානයට ගොඩ බිම මෙන්ම අහසේත් යා හැකියි, කියලයි.
මෙම රථයට ආසන දෙකක් තියෙනවා. රෝද හතරක් තියෙනවා. කාර් එකක් හැටියට මහ මඟ යන විට හකුළා තැබිය හැකි අත්තටු (පියාපත්) තියෙනවා. පසුගිය මාසයේ දී අත්හදා බැලීම සඳහා ගිය ගමනක දී මිනිත්තු 8ක් තුළ අඩි 1400ක් ඉහළින් පියාසර කළා. සාමාන්‍යයෙන් ජෙට් යානයක් යන්නේ අඩි 35,000ක් ඉහළ අහසේයි.
අත්හදා බලන්න යන ගමනක්. මාර්තු 23 වැනිදා ‘අහස් රිය’ මුල් ම අහස් ගමනේ යෙදුණු අයුරු.