මිනීමරු පැළෑටියක්ද? ‘මීමරු’ පැළෑටියක්ද? අරුම පුදුම මාංශ භක්ෂක පැළෑටි!

භෞතික විද්‍යාවේ බාඳුරා මල් වැනි විලෝපික ශාක ගණනාවක් ගැන සඳහන් වෙනවා. මිනීමරු ශාකයක් ගැන කතාවක් ඇතුළත් හාස්‍යජනක සංගීතමය වේදිකා නාටකයක් හා ඒ අනුසාරයෙන් තැනූ චිත‍්‍රපටයක් 1986 දී ආවා. එහි නම වූයේ ‘ලිට්ල් ෂොප් ඔෆ් හොරර්ස්’ Little Shop of Horrors කියායි. එය සිහිගන්වන මිනීමරු ශාකයක වීඩියෝ රූප පෙළක් ‘යූ ටියුබ්’ එකේ ගියා. ලක්ෂ ගණනක් ඒක නැරඹූ බව සඳහන් වෙනවා.

මේ මීයා දන්නෙ නෑ ඌ ඉන්නෙ ‘මීමරු’ පැළෑටියක් මත බව.
2

ගෝති‍්‍රක ඇඳුමෙන් කි‍්‍රකට් ගහන කෙන්යාවේ මාසායි ගෝති‍්‍රක කී‍්‍රඩකයෝ!

කෙන්යාවේ ලයිකිපියා ප‍්‍රදේශයේ මාසායි ගෝති‍්‍රක කි‍්‍රකට් කණ්ඩායමක් ප‍්‍රථම වතාවට පසුගියදා ඔවුන්ගේ ගමරටින් පිටව දකුණු අපි‍්‍රකාවට ගියා සුහද කි‍්‍රකට් තරගයකට සහභාගි වෙන්න.


ඒ අය දකුණු අපි‍්‍රකාවට ගියේ මාසායි ගෝති‍්‍රක ජනතාවගේ නියෝජිතයන් හැටියටයි. ”අපට මේ කී‍්‍රඩාව අල්ලා ගන්න එච්චර අමාරු වුණේ නෑ. බෝලේ දමන්නේ අපි හෙල්ල විසි කරන විදියටයි. හරියටම ඉලක්කය දමන්න අපට පුළුවන්.” මාසායි කි‍්‍රකට් කණ්ඩායමේ නායක සොන්යන්ගා ඕලේ න්ගියාස් තියනවා.

6

සුනාමියක දරුණුකම පෙන්වන දුර්ලභ ගණයේ වීඩියෝවක්!

සුනාමි ගැන ඉගෙන ගන්න සුදුසු වීඩියෝවක් ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික්’ ප‍්‍රවෘත්ති අංශයෙන් නිකුත් කර තියෙනවා. සුනාමියක් කෙතරම් භයානක ද? ගැලවීමට නොහැකි තරම් ව්‍යසනයක් ද? යන්න මින් තේරුම් ගන්න පුළුවන්.

පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ 11 වැනිදා ජපානය ආශ‍්‍රිත මුහුදේ භූකම්පනයක් සිදු වුණා. ඉන් ඇති වුණු සුනාමියෙන් 28,000 වැඩි ප‍්‍රමාණයක් මිය ගියා නැතිනම් ආගිය අතක් නැති වුණා. ඒ සුනාමිය කළ ව්‍යාසනය තමයි මේ වීඩියෝවෙන් දැක්වෙන්නෙ. සුනාමිය නගරවලට කඩා වදිමින් ගොඩනැගිලි සුන්බුන් කළ හැටි.

ලෝකයේ ඉපැරණිම මැක්කෙක් සොයා ගනියි! අද මැක්කාට වඩා 5-10 ගුණයකින් විශාලයි, ඒත් පනින්න බැහැ! යෝධ ලේ උරා බොන්නෝ!

මෙතෙක් හමූ වී ඇති විශාලතම මැක්කා අද අප දකින මැක්කාට වඩා පස් ගුණයකින් හෝ දහ ගුණයකින් විශාලයි. මීසෝසොයික යුගයේ සිටි මේ මැක්කන් පැන්නේ නැත. ඒ වෙනුවට ගියේ බඩගා ගෙනයි.

 
මධ්‍යම ජුරාසික යුගයට අයත් මේ මැක්කාගේ ගැහැනු සතා වමේ, පිරිමි සතා දකුණේ
4

ලෝකයේ වටිනා පුරාවස්තු ඩිජිටල් ක‍්‍රමයට...!


ලෝකයේ වටිනා පුරාවස්තු හා පුරාවිද්‍යා ඉදිකිරීම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණ කර තැබීමේ නව වැඩ පිළිවෙළක් අරඹා තියෙනවා. ති‍්‍රමාන ලේසර් 3D laser තාක්ෂණය යොදා ගෙන ලෝකයේ වටිනා පුරාවස්තු හා පුරාවිද්‍යා ඉදිකිරීම් ඩිජිටල් ක‍්‍රමයට රූපයට නැඟීමෙන් තමයි, මේවා රක්ෂණය කරන්නට යන්නේ.
2

අපි‍්‍රකානු ජනකතාවක් : බළලා, බලවතා හා බවලතා

බළලා මිනිස් වාසයට ඒමට පෙර කාලයේ කැලේ හැසිරෙද්දි, ලොකු ශක්තිමත් සතකු දක්නට ලැබුණා. ඒ සිංහයා බව දැන ගත්තා.

‘සිංහයා තමයි බලගතු ම සතා. ඒ නිසා සිංහයා එක්ක යාළු වෙන්න  ඕනෑ.’ එහෙම හිතපු බළලා, සිංහයා එක්ක යාළු වුණා. යාළු වෙලා සිංහයා එක්ක එකට කැලේ එහෙ මෙහ ගියා. එහෙම යනකොට දවසක් අතරමග දි මහා විශාල, ලොකු ම ලොකු ම සතෙක් හමු වුණා. ඒ තමා අලියා.

අලියාත් සිංහයාත් අතර සටනක් ඇති වුණා. අලියා සිංහයා ඔසවා පොළොවේ ගසා මරා දම්මා.
බළලාට තම බලවත් මිතුරාට වූ දේ ගැන හුඟක් දුක හිතුණා. ඒත් කරන්න දෙයක් නෑ. බළලා හිතුවා අලියා තමයි බලවත් ම සතා කියලා. එහෙම හිතල අලියා එක්ක යාළු වුණා.
2

අද 93 වන විය පසු කරන අපේ මහා සිනමාවේදියා - ලෙස්ටර් ජේම්ස් පීරිස් : ආසියානු සිනමාව 3

ලෙස්ටර් ජේම්ස් පීරිස් උපන්නේ 1919 අපේ‍්‍රල් 05 වැනිදා දෙහිවල ‘සිහගිරි’ නිවසේදියි. අද ඔහු 93 වැනි විය සපුරනවා. ඔහුට දිගාසිරි පතමින් ‘මල්කැකුළු’ පාඨකයන් වෙනුවෙන් මෙම විශේෂ සටහන තබන්නට අප අදහස් කළේ ඒ නිසයි.


ලෙස්ටර් ජේම්ස් පීරිස් සිංහල සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන ගිය යුග පුරුෂයා යි. ඔහුට මුලින්ම අවශ්‍ය වූයේ ලේඛකයකු වීමටයි. මුලින් ම ඔහු කෙටිකතා ලිව්වා. කවි ලිව්වා. අන්තිමේදී ඔහුට පත‍්‍රකලාවේදියකු වීමට අවස්ථාව පෑදුණා.

මානවයාගේ ඉතිහාසයේ අලූත් පිටුවක් පෙරළෙයි! චීනයෙන් නව මානවයෙක් මතුවෙයි!

චීනයේ ගල් ලෙනක තිබී ගල්යුගයේ මානවයන් දෙදෙනකුගේ ශේෂයන් හමුවෙයි. පුරාවිද්‍යාඥයන් කියන්නේ මෙම සොයා ගැනීමත් සමග මානව පරිණාමය පිළිබඳ නව මානයක් හෙළිදරවු වන බවයි. මෙසේ හමු වී ඇති පොසිලවලින් මතු වූ කරුණු අනුව ඒවා මීට කලින් හඳුනා නොගත් මානව විශේෂයකට අයත් ඒවා ලෙස ඒ පුරාවිද්‍යාඥයන් හඳුන්වනවා.

පැරණි ලෙන් දෙකක තිබී, ගල් යුයේ මානවයන්ගේ යැයි සැක කෙරෙන සිවු දෙනකුගේ අස්ථි පොසිල හමු වී තියෙනවා. ඒ අස්ථි පොසිල මෙතෙක් නොවූ විරූ අයුරින් පැරණි හා වර්තමාන මානවයන්ගේ පොදු ලක්ෂණවල මිශ‍්‍රණයක් ලෙස දකින්න පුළුවන් කියලයි විද්‍යාඥයන් කියන්නේ.

මේ මානවයන් වසර 14,500කටත් 11,500කටත් අතර කාලයේ දී රතු මුවන් දඩයම් කරමින් ජීවත් වූ අයයි. මේ පොසිල ආසියාවේ විසූ ළාබාල ම මානවයන් ලෙසයි, ඔවුන් හඳුන්වන්නේ. කලින් මෙවැනි මානවයන් පිරිසක් ඇතැයි මානව විද්‍යාඥයන් කවුරුනුත් විශ්වාස කළේ නැහැ.

 
බීබීසී රූපවාහිනියේ විකාශය වූ ‘ප්ලැනට් ඔෆ් ද ඒප්මෑන්’ වැඩසටහන් මාලාවෙන් ජවනිකාවක්: මේ රතු මුව දඩයක්කාරයන් අපි‍්‍රකාවෙන් ආසියාවට ආවා විය හැකියි.
3

සැමන් මසුන්ට ජීවය දෙන්න අවුරුදු 100ක් පැරණි වේල්ලක් බිඳ හෙළයි!

පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අවසාන භාගයේ දී ඇමරිකාවේ වොෂින්ටන් ජනපදයේ වසර 100කට පෙර පටන් ඉදි කර තිබූ වේල්ලක් කඩා දමා වයිට් සැමන් ගංගාව යළි පණ ගන්වන්න බලධාරීන් කටයුතු කළා. ‘කොන්ඩිට් ඩෑම්’ නමින් හැඳින්වෙන මේ වේල්ල බිඳ දැමූ පසු වයිට් සැමන් ගංගාව වසර සීයකට පෙර තිබූ විදියට ම ආපසු මුහුදට ගලා ගෙන යාවි. මේ මට්ටමේ වේල්ලක් බිඳ ගංගාවක් යළි ගලන්නට සැලැස්වීමක් මීට පෙර කවදාවත් වෙලා නෑ. මේ වේල්ල බිඳ දමද්දී ගංගාව යළි උපදින හැටි ඔබටත් දැන් දැක ගන්න පුළුවන්.

3

උත්තරාලෝකයේ දීප්තිමත් අවස්ථා වීඩියෝ මගින් දැක ගන්න!

පෘථිවි ගෝලයේ උත්තර ධ්රැවය ආශි‍්‍රතව දැක ගත හැකි උත්තරාලෝකය ඉතාමත් මනස්කාන්ත දසුනක් ලෙසයි සැලකෙන්නෙ. සූර්යයා මත සුළි කුණාටු ඇති වෙන කාලයට මේ ආලෝකය ඉතාමත් දීප්තිමත් ව දැක ගන්න පුළුවන්. පසුගිය කාලේ ඒ සංසිද්ධිය නිසා ඇති වූ අති ප‍්‍රබල භූචුම්බක කුණාටු හේතුවෙන් ඇති වූ ආලෝකධාරා හරිම චිත්තාකර්ෂණීයයි. මේ ගැන ‘මල් කැකුළු’වල වැඩි විස්තරයක් පළ වුණා ඔබට මතක ඇති.

2

ලෝකයේ මිල අධික ම තේ කෝප්පයක් බොන්න ඔබ කැමතිද? මිලෙන් ඉහළ වගේ ම ගුණෙනුත් ඉහළයි!

ලෝකයේ මිල අධික ම තේ කෝප්පයක් බොන්න ඔබ කැමතිද? කැමති නම් ඔබට බොන්න ලැබෙන්නේ අමුතු තේ වර්ගයක්. එය මිලෙන් ඉහළ වගේ ම ගුණෙනුත් ඉහළයි.

මේ විශේෂ තේ කෝප්පය ලොවට හඳුන්වා දෙන්නේ චීන ව්‍යාපාරිකයෙක්. ඔහු ඒ එක තේ කෝප්පයකට ඔහු ඩොලර් 200ක මුදලක් (දළ වශයෙන් රුපියල් 26,000ක් පමණ) අය කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඔහුගේ මේ විශේෂ තේ වර්ගය වවන්න පොහොර වශයෙන් යොදා ගන්නේ පැන්ඩා පූ Panda Poo හෙවත් පැන්ඩා වසුරු(බෙටි)යි.

2

චිත‍්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගෙන් ලෝක වාර්තාවක්! මරියානා අගාධයට තනිවම ගිය ප‍්‍රථම මිනිසා!

මිනිස්සු 500කට වැඩි ගණනක් උඩු ගුවනට මේ වන විට ගිහින් තියෙනවා. ඒ අතරින් 12 දෙනකු සඳ මත ඇවිදලත් තියෙනවා. ඒත් මුහුදු යට ගැඹුරු ම තැනට ගිහිල්ලා තියෙන්නේ තුන් දෙනෙක් විතරයි. 1960 ජනවාරි 23 වැනිදා දෙදෙනෙක් මුල්වරට ගැඹුරු ම තැන වූ මරියානා අගාධයට ගියා. මුලින් ම ඒ අඳුරු තැන පියවි ඇසින් දැක ගත්තේ ප‍්‍රංශ ජාතික ගවේෂකයකු වූ යාකුස් පිකාඞ් හා නාවික ලූතිනන් ඩොන් වොල්ෂ් යන දෙදෙනායි. ඔවුන් එහි ගියේ ඒ ගමන සඳහා තැනූ විශේෂ කුමුදුවකින්. එය හැඳින් වුණේ ටී‍්‍රස්ට් බැතිස්කැප් කියලයි. ඒ මීට අවුරුදු 52කට ඉස්සර.

0

ඇන්ටාර්ක්ටිකාවේ මුහුද යටින් සුදු කකුළු විශේෂයක්!

ඇන්ටාර්ක්ටිකාව අසල මුහුද යට ඇති යමහල් සිදුරු ඇසුරු කොට වෙසෙන නව කකුළු විශේෂයක් ගැන වාර්තාවක්, මේ. මේ සත්ව විශේෂය විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර කැමරාවට නගා තියෙන්නේ පළමු වන වතාවටයි. මුලූමනින් ම සුදු පැහැති සිරුරක් ඇති මේ කකුළු විශේෂය ජීවත් වන්නේ එක්තරා බැක්ටීරියා විශේෂයක් ආහාරයට ගෙනයි. ඒ බැක්ටීරියාව වැඩෙන්නේ එහි සාගර පත්ලෙහි ඇති ද්‍රවතාප hydrothermal සිදුරුවලින් නිකුත් වෙන ඛනිජ ද්‍රව්‍යවලින්.

3

වසර මිලියන 60කට පෙර විසූ ලොව ලොකුම සර්ප දැවැන්තයා වූ අති බිහිසුණු ටයිටනබෝ

මේ මිහි මත විසූ ලොව ලොකුම සර්ප දැවැන්තයා වූ අති බිහිසුණු ටයිටනබෝ දැන් දැක ගන්න පුළුවන්. ඌ තමයි ඩයිනොසෝරයන් ගෙන් පස්සෙ ලෝකය හෙල්ලූ දැවැන්තයන්. පසුගිය දා ඇමරිකාවේ ස්මිත්සෝනියන් ස්වභාව විද්‍යා කෞතුකාගාරයෙහි මේ සතකුගේ අනුරුවක් අලූතින් නිර්මාණය කළා.

ඌ අඩි 48ක් දිග, රාත්තල් 2,500 බර විලෝපික උරගයෙක්. ඔබ දන්නවා නේ විලෝපිකයන් කියන්නේ ආහාරය සඳහා සතුන් ගොදුරු ගන්නා මාංශ භක්ෂකයන්ට බව. වසර මිලියන 60කට ඉහත ලොව දෙවනත් කරමින් ජීවත් වූ මේ බිහිසුණු පිඹුරු දැවන්තයා ප‍්‍රති නිර්මාණය කරන්න ස්මිත්සෝනින් ආයතනයේ විශේෂඥයන් සමත් වුණා.

 
ස්මිත්සෝනියන් විද්‍යාඥයන් වීඩියෝ චිත‍්‍රපටයක් සඳහා ප‍්‍රති නිර්මාණය කළ ටයිටනබෝගේ දිග අඩි 48ක් හා බරින් රාත්තල් 2500ක්.
2

මැඩගස්කරයේ අබිරහස් බිළාලයා - ‘පූසා’ සොයා ගිය ගමනක් !


මේ ඉන්නේ මැඩගස්කරයේ ලොකුම විලෝපිකයායි. එරට මාංශභක්ෂක සතුන් අතර ප‍්‍රමුඛයා වන මේ ‘මැඩගස්කරයේ කැලේ රජා’ට ආහාරයට ගැනීමේදී විශේෂයක් නැහැ, පණ තියෙන ඕනැ සතෙක් ඔට්ටුයි. නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සංගමයේ නවක සත්ව ගවේෂකයකු වූ ජීව විද්‍යාඥ ලූක් ඩොලර් තමයි, මේ විස්තර ඔබ වෙත ගෙන එන්නෙ.
2

‘මැඩගස්කරය’ කාටූන් චිත‍්‍රපටයේ සිදු වූ දෙය වසර මිලියන 60කට පෙර ඒ විදියට ම සිදු වුණා!

මැඩගස්කරයේ දී හමුවන අමුතු සතුන් පැවත එන්නේ මීට වසර මිලියන 60කට එපිට දී මුහුද හරහා ආ ආදී මුතුන්මිත්තන් ගෙන්. හරියට ම ‘මැඩගස්කරය’ නම් කාටූන් (සැකිලි රූ) චිත‍්‍රපටයේ දී සිදුවුණා වගේමයි.

විද්‍යාඥයන් විසින් භෞමික සතුන් විසිරී ඇති ආකාරය ගැනත් පොළොවේ භෞතික පිහිටීම ගැනත් මුහුදේ වායුගෝලීය තත්වයන් ගැනත් පවත්නා සුළං ප‍්‍රවාහ ඔස්සේ අපි‍්‍රකාවේ සිට පහුරු මතින් පා වී ආ අයුරු දැක්වෙන ආකෘතියක් සකස් කර තියෙනවා.

මේ කටයුත්තට දායක වූ ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය කැරන් සැමන්ඞ්ස් හා සගයන් කියන්නේ මේ ජලප‍්‍රවාහ අඩු වූ විට එසේ පා වී ආ පහුරුකරුවන් ද අඩු වූ බවයි.

 
මැඩගස්කරය චිත‍්‍රපටයෙන්: ඒ චිත‍්‍රපටයේ දී සීබ‍්‍රා (මාර්ටි), සිංහයා (ඇලෙක්ස්), හිපෝ (ග්ලෝරියා) හා ජිරාෆ් (මෙල්මැන්) ආදීන් ඒ දූපතේ වෙරළට මුහුදෙන් ගසා ගෙන ආ අයයි.
2

තිඹිරියාගම කවියාගේ අලූත් කවි පොතක් එළි දකියි

වත්මන් පරපුරේ තරුණ ලේඛකයන් අතරින් තවදත් අපේ සිත් ගත් තිඹිරියාගම බණ්ඩාර සහෘදයාගේ අලූත් පොත් තුනක් පසුගිය දා විශේෂ දොරට වැඞීමකදී පිටවුණා. ඔහු විසින් ඉදිරිපත් කරන ලද පොත් තුනක් ජනගත කිරීමක් එදා සිදු වුණත් අද කතා කරන්න යන්නේ ඔහුගේ අලූත් ම කවි නිර්මාණ එකතුව ‘ගිනි සිසිල’ ගැනයි. එහි විවිධ මාතෘකා යටතේ පළ වූ කවි අතර අප හදවත් සසල කළ කවි ගණනාවක් ම තිබුණා. ඒ අතර තිබූ එක් පුංචි කවි පෙළක් ‘මල් කැකුළු’ තුළින් ඔබේ වින්දනය සඳහා ඉදිරිපත් කරන්නට අප කල්පනා කළා. කවියා කොතරම් සියුම් ලෙස සිය කවීත්වයෙන් අපේ හද ස්පර්ශ කරනවාද කියා හඳුනා ගන්න ඉතා හොඳ නිර්මාණයක් හැටියටයි, අප මෙය දකින්නෙ.
3

ඔබේ දත් හොඳට මැදිලාදැයි හරියටම කියන ‘ස්මාට්ගයිඞ්’ එකක් ඇති අලූත්ම තාලේ දත් බුරුසුවක්!

 
 ලස්සන සිනාවක් තහවුරු කරන නව තාක්ෂණික නිපැයුම - New Oral-B PC Triumph 5000 with SmartGuide

අප සාමාන්‍යයෙන් දත් මදින බුරුසුව වෙනුවට ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව ඇවිත් දැන් වසර අටක් විතර වෙනවා. දැන් ඊටත් එහා ගිය නිපැයුමක් ඇවිත්. නවීන තාක්ෂණයේ අග‍්‍ර ඵලයක් සෙල එය හඳුන්වන්න පුළුවන්.

මේ නව විදුලි දත් බුරුසුව හඳුන්වා ඇත්තේ ‘බ්‍රොන් ඕරල් බී ට‍්‍රයම්ප් 5000’ කියායි. හැමදෙයක් ම සිදු වන්නේ තාක්ෂණයෙන්.
6

ගිනි කන්දක් වැනි සුඛෝපභෝගී හෝටලයක්!

බැලූ බැල්මට නම් මේක යමහලක් නැත්නම් ගිනි කන්දක් වගෙයි. ඒත් මේක සුඛෝපභෝගී හෝටලයක්. ඔබ හිතන්නේ මේක කොහේ තියෙන හෝටලයක් කියල ද?

3

සිනමා තිරය මත මිනිස් ජීවිතය සිතුවම් කළ සත්‍යජිත් රායි : ආසියානු සිනමාව 2

ශ්‍රේෂ්ඨ ජපන් චිත‍්‍රපට අධ්‍යක්ෂ අකිර කුරෝසව (ආසියානු සිනමාව-1 බලන්න) ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ චිත‍්‍රපට ගැන කියා ඇත්තේ ඒවා නුදුටු අයකු ”ඉරයි හඳයි නුදුටු ලොවක ජීවත්වන්නකු වගෙයි” කියායි.

සත්‍යජිත් රායි Satyajit Ray ඉන්දියානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් හැඳින්වුවද බෙංගාලි බසින් චිත‍්‍රපට තැනු අයෙක්. 20 වැනි සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨ චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් අතළොස්ස අතරට වැටෙන ඔහුගේ මුල්ම චිත‍්‍රපටය ‘පාතේර් පංචාලි’ (1955) යි. ඔහුගේ එම චිත‍්‍රපටය කෑන්ස් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම මානුෂීය වාර්තා චිත‍්‍රපටය’ යන සම්මානය ඇතුළු අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලවල දී අන්තර්ජාතික සම්මාන 11ක් දිනා ගත්තා.

2

ඔබ කලහකාරි අයකු කරන 'මාගරීන්'! අලූත් ම පර්යේෂණයකින්!

මාගරින් ඇත්තෙන් ම ඔබ තුළ කෝපයක් ප‍්‍රචණ්ඩකාරී ගතියක් ඇති කරනවා. ඒවා පාසල් ළමුන්ට කිසිසේත් දිය යුතු දෙයක් නෙවෙයි. අලූත්ම පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

එහි ඇති ‘ට‍්‍රාන්ස් මේද අම්ල’ 'trans fatty acids' නිසයි එහෙම වෙන්නේ. ඒවා විශාල ප‍්‍රමාණයක් මාගරින්වල අඩංගු වෙනවා. මාගරින්වල විතරක් නෙවෙයි, හුඟාක් ක්ෂණික කෑම (කෙටි කෑම) ආදියෙහිත් මිනිසා තුළ කලහකාරී හැඟීම් මතු කරන, සිත් කුපිත කරවන මේ රසායනික සංයෝග බහුලව ඇති බවයි, හෙළි වී තියෙන්නේ.

පර්යේෂකයන් මේ අධ්‍යයනය සඳහා 945 දෙනකු යොදා ගෙන තියෙනවා. ඒ අයට මාගරින් සමග විවිධ ආහාර වර්ග කෑමට දීලා අඛණ්ඩ විමසුමකට ලක් කරලා තියෙනවා. මේ රසායනිකය විශාල ප‍්‍රමාණයෙන් ආහාරයට ගත් නිතරම ප‍්‍රචණ්ඩ ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා.

අලූත්ම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මාගරින්වල බහුලව ඇති රසායනිකය මිනිස් සිත කුපිත කරවන බවයි. පර්යේෂකයන් කියන්නේ ඒ නිසා විශේෂයෙන් ම පාසල් ළමුනට නොදිය යුතු බවයි.
3

දකුණේ වන සතුන් බලන්න හොඳම තැන යාල ගැන දැන ගන්න! අපේ ජාතික වනෝද්‍යාන!

මේ දවස්වල ශී‍්‍ර ලංකාවේ රුහුණු (යාල) ජාතික වනෝද්‍යානයට දෙස් විදෙස් සංචාරකයන් ඇදෙන කාලෙ. දකුණේ වන සතුන් බලන්න හොඳම තැන යාල බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

අපේ පැරණිම වන රජදහන යාල ජාතික වනෝද්‍යානයයි. එහි වෙසෙන විවිධ සත්ව වර්ග ගැන සොයා බලන කොට එය ගණනින් 215ක් හැටියටයි දැක්වෙන්නෙ.

2

සෙනසුරුගේ සඳක වායුගෝලයේ ඔක්සිජන්! නාසා ආයතනයේ කැසිනි යානය කළ හෙළිදරව්වක්!

සෙනසුරු ග‍්‍රහයාගේ චන්ද්‍රයකු වන ඩියෝන් (Dione) හී ඔක්සිජන් සහිත වායුගෝලයක් ඇති බව සොයා ගෙන තියෙනවා. මේ සොයා ගැනීම්වලින් ගම්‍ය වන්නේ බ‍්‍රහස්පතී හා සෙනසුරු ග‍්‍රහයන් පිරිවරා ඇති චන්ද්‍රයන් තුළ කිසියම් ආකාරයක ජීවීයක් ද තිබිය හැකි බවයි.

මේ බව හෙළි වූයේ 2010 අපේ‍්‍රල් 7 වන දා නාසා ආයතනය විසින් යවන ලද කැසිනි අභ්‍යවකාශ යානය ඩියෝන් චන්ද්‍රයාගේ අසලින් ගමන් කරමින් කළ විමසුමකට අනුව එහි වායුගෝලයේ ඔක්සිජන් ඇති බව සොයා ගැනීමෙන් පසුවයි. ඒත් පර්යේෂකයන් කියන්නේ අපේ වායුගෝලයේ මෙන් නොව එහි ඔක්සිජන් ඇත්තේ ඉතාමත් තුනී මට්ටමකින් බවයි. එය ඇත්තේ දළ වශයෙන් අපේ වායුගෝලයේ කි.මී. 483ක් පමණ ඉහළ ඔක්සිජන් පැතිර ඇති ආකාරයක ඉතා සුළු ප‍්‍රතිශතයක් හැටියටයි.

3

ටයිටැනික් නැව මුහුදුබත් කළේ යෝධ මුහුදු රැල්ලක්ද? වසර 1400කට වරක් වන සිදු වීමක් ද?

මීට හරියට ම අවුරුදු සීයකට ඉස්සර, සුප‍්‍රකට ටයිටැනික් නැව කැඞී බිඳී මිනිස් ජීවිත 1500ක් පමණ  මුහුදට බිලි වුණු කතාව පසුගිය කාලේ ඔබ ජේම්ස් කැමරූන්ගේ ‘ටයිටැනික්’ චිත‍්‍රපටයෙනුත් දුටුවා ඔබට මතක ඇති. තවමත් ලෝකයාට අමතක කරන්න බැරි ඒ අනුවේදනීය සිදු වීමට හේතුව මුහුදේ පාවී ආ යෝධ අයිස් කන්දක් හා ගැටීමයි. එය සිදුවුණේ 1912 අපේ‍්‍රල් 14 වැනිදා.

එදා හිම කන්ද ටයිටැනික් ඉදිරියට ආවේ හඳේ බලපෑම නිසාද? මෙය ජීවිත කාලයකට වරක් සිදුවන සුනාමියක් බඳු යෝධ මුහුදු රැල්ලක් ඇති වීම නිසා සිදු වූවක්ද? 1912 ජනවාරි 12 වැනිදා සිදු වූ මේ උදම් රළ නිසා ගී‍්‍රන්ලන්තයේ හිම කඳු සහිත ප‍්‍රදේශයෙන් කැඞී මුහුදට එකතු වූ යෝධ හිම කුට්ටි ගණනාවක් අත්ලාන්තික් සාගරය හරහා පා වී ආවා. ඒවාට මේ ගමනට මාස තුනක් ගත වුණා.

එංගලන්තයේ රූපවාහිනී නාළිකාවක විකාශය වූ ටයිටැනික් කතා මාලාවක් හඳුන්වා දීමේ දී මෙම හෙළිදරව්ව කළ පීටර් මැක්ඩොනල්ඞ්.
3

ජේම්ස් කැමරන් සාගරයේ ගැඹුරුම තැනට කිමිදෙන්නට ලෑස්තියි! ඒ සඳහා විශේෂ කිමිදුම් යානයක්!

ජේම්ස් කැමරන් ගැන ඔබ අහලා ඇතුවා නිසැකයි. ටර්මිනේටර්, ටයිටැනික්, ඇබිස්, අවතාර් ආදී චිත‍්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු සුවිශේෂ හැකියාවන් රැසක් ඇති අයෙක්. ඔහු ලේඛකයෙක්. තිර රචකයෙක්, නව නිපැයුම්කරුවෙක්, කිමිදුම්කරුවෙක්, ගවේෂකයෙක්, අඩක් විද්‍යාඥයෙක් - අඩක් කලාකරුවෙක් කියලයි විචාරකයන් ඔහුව හඳුන්වන්නෙ.

කැනඩාවේ ඉපදිලා දැනට නවසීලන්තයෙත් ඇමරිකාවේ කැලිෆෝනියාවෙත් ස්ථිර පදිංචිය ඇති ඔහු දැන් සූදානම් වෙනවා මහ පොළොවේ ගැඹුරුම තැනට කිමි දෙන්නට. ඒ පැසිපික් සාගරයේ මරියානා අගාධයයි. එය 11000 Km ගැඹුරුයි. උසම කන්ද වූ හිමාලයටත් වඩා දිගින් වැඩියි. ඔහු මේ ගමන යන්නේ තනිවමයි. 1960න් පසු මේ වන තෙක් කිසිවෙක් මේ කිමිදුම කර නැහැ.

3

දරුවා අඬන හේතුව ‘ටක්’ ගාලා කියා දෙන ‘ස්මාට්’ සූට්! අම්මලා තාත්තලාට සුබ ආරංචියක්!

දරුවාගේ තත්වය ඔබට කියා දෙන ‘ජෛව සංවේදක’ ඇඳුමක් දැන් නිපදවලා තියෙනවා. ඒක නම් කර තියෙන්නේ ‘එක්ස්මෝබේබි’ ඇඳුම කියලයි. ඒ ඇඳුමට, උණකටුවක්, හදගැස්ම (හෘද ස්පන්දනය) දක්වන උපකරණයක්, චලන සංවේදක උපකරණයක් ඇතුළත්. මේ උපකරණවලින් දරුවාගේ තත්වය, මොහොතින් මොහොත දන්වන්න පුළුවන්. බබා නිදියනවා වෙනුවට එහාට මෙහාට පෙරළෙනවාද යන්න පවා දෙමාපියන්ට දන්වනවා, ඊමේල් මගින් හෝ කෙටි පණිවිඩ මගින්.

එක්ස්මෝබේබි ඇඳුම තුළ සංවේදක තැන්පත් කර තියෙනව, මාපියන්ට බබාගේ තත්වය ගැන කිව හැකි.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ අමරණීය රැය

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අමරණීය රැයක් වූ  1996 මාර්තු 17  දින (අවුරුදු 16කට පෙර) පකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී  ක්‍රිකට් පිටියේ ලිලිපුට්ටන් වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ යෝධයන්වු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් 6 වැනි ලෝක කුසලානය (විල්ස් ලෝක කුසලානය නමින් ද හැදින්විය)  තමන් සතු කර ගත් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ රන් අකුරින් ලිව්වේය.

4

නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිසුණු තරුණ බ්ලොග්කරුවා අද කෝටිපතියෙක්!

මේ වාසානවන්ත බ්ලොග් ලියන්නකුගේ කතාවක්. ස්කොට්ලන්තයේ නිදන කාමරයට වෙලා තනිකම නැති කර ගන්න පටන් ගත්තු බ්ලොග් එකක් නිසා අද ඔහු කෝටිපතියකු බවට පත් වෙලා. ඇමරිකාවේ අංක එකේ මාධ්‍ය ආයතනය වූ CNN දැන් ඔහුගේ බ්ලොග් එක ඩොලර් කෝටි විස්සකට මිල දී ගන්න යනවා. ඔහු මේක පටන් අරන් තියෙන්නෙ ඇඳෙන් නැඟිටින්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් හැටියටයි.

පීට් කෑෂ්මෝ Pete Cashmore දැන් 26 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ මාෂබල් කොම් Mashable.com බ්ලොග් අඩවිය පටන් ගත්තෙ 2005 දී ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්ෂයර්හි බැංකරි නම් කුඩා නගරයේ සිටයි. එතකොට එයාගෙ වයස අවුරුදු 19යි. පාඩම් කරල කම්මැලි හිතුනාම එයා මේ බ්ලොගය ලියන්න පටන් ගත්තා.

අවුරුදු හතකට පස්සේ ඔහු පටන් ගත් ඒ තාක්ෂණික පුවත් සපයන බ්ලොග් අඩවිය සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිය ප‍්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යනවා.

ඔහුගේ නමෙත් විශේෂත්වයක් තියෙනවා. ගමෙත් විශේෂත්වයක් තියෙනවා. නම ‘කෑෂ්මෝ’ කියන්නේ ‘තවත් මුදල්’ කියන තේරුමයි. නමට හරියන්න ඔහු ලෝකයේ ලොකුම පොහොසතෙක් වෙලා. ඔහුගේ ගම, ‘බැංකරි’ කියන්නේ ‘ආශිර්වාද ලත් බිම’ කියන තේරුමයි. එක්සත් රාජධානියේ ඈත කොණක පිහිටි බැංකරි කියන කුඩා නගරය අද ඔහු නිසා ‘අසිරිමත් තැනක්’ වෙලා ඉවරයි.

පීට් කෑෂ්මෝ තවත් මුදල් ලබා මිලියන පතියෙක් වේවි, ඔහුගේ බ්ලොග් අඩවිය විකුණුවාම. මේ ඉන්නේ ඔහු වාසනාවන්ත පෙම්වතිය ලියා බෙටනියි.
6

ලෝක සිනමා ලෝලයන්ගේ ඇස් ආසියාවට ඇද ගත් සිනමාකරුවන් තිදෙනා : ආසියානු සිනමාව 1

ලෝක සිනමාව බිහිවී වසර 50කට පසුව එළඹි 1950 දශකය ආසියාවේ ජයග‍්‍රාහී දශකය වුණා. ලෝක සිනමාවට පිවිසෙන්නට ආසියානු චිත‍්‍රපටවලට වරම් ලැබුණේ ඒ දශකය තුළයි. ආසියාවට එම කීර්තිය මුල් වරට අත් කර දෙන්නට ආසියානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු සමත් වුණා.

ඒ අවස්ථාව මුලින්ම උදා කර ගත්තේ ජපානයේ අකිර කුරෝසව (Akira Kurosawa) යි. ඒ ඔහුගේ ‘රශෝමොන්’(Rashomon -1951) චිත‍්‍රපටයෙන්. දෙවැන්නා ඉන්දියාවේ සත්‍යජිත් රායි. ඒ ඔහුගේ ‘පාතේර් පංචාලි’ (Pather Panchali - 1955) චිත‍්‍රපටයෙන්. ඒ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ.

3

සක්වළ ඇති අලූත් ග‍්‍රහයන් ගණන 2,321ක්! පොළොවට සමාන ඒවාත් තියෙනවා! කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන්!

අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත අලූත් ග‍්‍රහයන් සේ සැලකිය හැකි තවත් ග‍්‍රහ වස්තූන් දහසකට වඩා අලූතින් සොයා ගෙන ඇතැයි නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලැබුණු දත්ත ඇසුරෙන් කළ නව අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

මේ අධ්‍යයනයට පාදක වී ඇත්තේ 2009 මැයි මාසයේ සිට 2010 සැප්තැම්බර් දක්වා කාලය තුළ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් රැස් කරන ලද දත්තයන්.

ඒ තොරතුරු අනුව ග‍්‍රහයන් විය හැකි වස්තූන් 1,091ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. පසුගිය පෙබරවාරියේ ප‍්‍රකාශයට පත් ග‍්‍රහයන් විය හැකි වස්තූන් ගණන 1,235ක්. ඒ අනුව දැන් සම්පූර්ණ ගණන 2,321ක් වෙනවා. ”අපට ස්ථිර සාධක තියෙනවා, ඒවායින් සියයට අනූවක්වත් සැබැවින් ග‍්‍රහ ලෝක විය හැකි බවට.” මෙසේ කියන්නේ, කෙප්ලර් ගවේෂණ අධ්‍යයන කණ්ඩායමේ සාමාජික රෝනල්ඞ් ගිලිලන්ඞ් නම් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයායි.

4

විකූනා උපදින තෙක් බලා හිඳින සංරක්ෂකයන් පිරිසක්

විකූනා vicuña කියන්නේ ඔටු පවුලට අයත් සතෙක්. ලාමා විකූනා යන සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන මේ සතා දක්නට ලැබෙන්නේ ඇන්ඞීස් සානුවේයි. ඌට පැයට කිලෝමීටර 50ක තරම් වේගයකින් දුවන්න පුළුවන්. ඇස් පෙනීම තියුණු වුනත් කන් ඇසීම එතරම්ම හොඳ නැහැ. ඉව දැනීමත් ඉතා දුර්වලයි. මස් හා ලොම් ලබා ගැනීමට දඩයම් කිරීම නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා. ආරක්ෂිත සතකු ලෙස නම් කොට ඇති මේ සතුන් මුළු ආජෙන්ටිනාවේම ඇත්තේ තුන් දහසක් පමණක් බවත් හෙළි වී තියෙනවා. ඔවුන් සඳහා සංරක්ෂණ වැඩ පිළිවෙළ රැසක් දැන් දියත් කර තියෙනවා. ලාමා, ඇල්පකා, ගුවානෝකෝ යන සතුන් විකූනාගේ ළඟ නෑයන්.

0

මකුළුවකු ගොදුරක් වෙත එල්ලයකට නිවැරදිව පනින්නේ කොහොමද? විශේෂ හැකියාවක්!

අපි දන්නවා, කෘමීන්ට විශේෂ හැකියාවක් තියෙනවා, ඇස්වල යම්යම් වෙනස්කම් කරල බලන්න. තමන් රොන් ගන්න මලක් හඳුනා ගන්න, එහෙමත් නැත්නම් ගොදුරක් හඳුනාගන්න ඇස්වල නාභිය වෙනස් කිරීමෙන් ඔවුන්ට පුළුවන්. අනෙක් සමහර සතුන්ටත් හිස එහා මෙහා හැරවීමෙන් හෝ සිටි තැන වෙනස් කිරීමෙන් හෝ අවශ්‍ය දේ කෙරෙහි ඇස යොමු කර ගන්න පුළුවන්. මෙය හැඳින්වෙන්නේ චලන අසම්පාතය (motion parallex) කියලයි. මිනිසාටත් මේ හැකියාව තියෙනවා. මෙයට වඩා වෙනස් හැකියාවක් පනින මකුළුවාට තියෙන බව ජපන් පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා.

6

හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි.

මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ.

7

වේග සීමා නෑ! IBM විද්‍යාඥයන් ගෙන් ‘ක්වන්ටම් පරිගණකය’! දැනට ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත්!

මේ මිහිපිට දැනට තනා ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත් පරිගණකය ලෙස සැලකෙන ‘ක්වන්ටම් පරිගණකය’ තැනීමේ සිහිනය සැබෑ කර ගන්න IBM ආයතනයේ විද්‍යාඥයන් දැන් සූදානම්.

ඔවුන් දැනටමත් ඒ සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරල ඉවරයි. ඔවුන්ගේ ඊළඟ පියවර පරිගණක පද්ධති නිර්මාණය කිරීමයි.

ඒ අනුව තැනෙන ‘ක්වන්ටම් පරිගණකය’ට මිලියන ගණනක් ගණනය කිරීම් එසැණෙකින් කළ හැකියි. මිහිපිට ඇති  ඕනෑම පරිගණක කේතයක් එසැණ විකේතනය කළ හැකියි.

මිලියන ගණනක් ගණනය කිරීම් එසැණ කළ හැකි සිලිකන් චිපය - මෙහි අධි-තාක්ෂණ ‘ක්විබිට්ස්’ තුනක් රැඳවිය හැකියි.
2

මානව පරිණාම කතාව, පැරණිම අම්මා හා ශී‍්‍ර ලංකාවේ ආදී මානවයා : පරිණාමයේ කතාව 4


ක්ෂීරපායීන්ගේ පරිණාමය
ක්ෂීරපායීන් හෙවත් කිරී බී වැඩෙන සතුන් අයත් ගණය හැඳින්වෙන්නේ මමාලියා (Mamalia) කියාය. මමාලියාවන් අයත් වන්නේ සිරුරේ උෂ්ණත්වය ස්ථිර ව පවත්වා ගෙන යා හැකි, එනම් අචලතාපී (warm-blooded) ගණයටය. මොවුන් හැඳින්වෙන්නේ ‘පණ පිටින් ඉපදෙන’ සතුන් ලෙස ය. ඒ බිත්තර වශයෙන් මෙලොවට බිහි වී ‘පසුව උපදින’ සතුන්ගෙන් වෙනස් වන නිසාය. මවු කුසෙහි හැදී වැඞී පසුව පණ ඇති බිහි වන මේ සතුන් වැඩෙන්නේ මව්කිරි බී මෙනි. පාද හතරක් ඇති, රෝමවලින් යුත් මේ සතුන් බල්ලන්, සිංහයන්, අශ්වයන්, ගවයන්, සාවුන්, අලිඇතුන්, මීයන් ආදී වශයෙන් විශාල සංඛ්‍යාවක් නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. මිනිසා ද අයත් වන්නේ මේ ගණයටය.
Related Posts Plugin for WordPress, Blogger...
Back to Top