Sunday, March 18, 2012

දරුවා අඬන හේතුව ‘ටක්’ ගාලා කියා දෙන ‘ස්මාට්’ සූට්! අම්මලා තාත්තලාට සුබ ආරංචියක්!

දරුවාගේ තත්වය ඔබට කියා දෙන ‘ජෛව සංවේදක’ ඇඳුමක් දැන් නිපදවලා තියෙනවා. ඒක නම් කර තියෙන්නේ ‘එක්ස්මෝබේබි’ ඇඳුම කියලයි. ඒ ඇඳුමට, උණකටුවක්, හදගැස්ම (හෘද ස්පන්දනය) දක්වන උපකරණයක්, චලන සංවේදක උපකරණයක් ඇතුළත්. මේ උපකරණවලින් දරුවාගේ තත්වය, මොහොතින් මොහොත දන්වන්න පුළුවන්. බබා නිදියනවා වෙනුවට එහාට මෙහාට පෙරළෙනවාද යන්න පවා දෙමාපියන්ට දන්වනවා, ඊමේල් මගින් හෝ කෙටි පණිවිඩ මගින්.

එක්ස්මෝබේබි ඇඳුම තුළ සංවේදක තැන්පත් කර තියෙනව, මාපියන්ට බබාගේ තත්වය ගැන කිව හැකි.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ අමරණීය රැය

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අමරණීය රැයක් වූ  1996 මාර්තු 17  දින (අවුරුදු 16කට පෙර) පකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී  ක්‍රිකට් පිටියේ ලිලිපුට්ටන් වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ යෝධයන්වු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් 6 වැනි ලෝක කුසලානය (විල්ස් ලෝක කුසලානය නමින් ද හැදින්විය)  තමන් සතු කර ගත් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ රන් අකුරින් ලිව්වේය.

Saturday, March 17, 2012

නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිසුණු තරුණ බ්ලොග්කරුවා අද කෝටිපතියෙක්!

මේ වාසානවන්ත බ්ලොග් ලියන්නකුගේ කතාවක්. ස්කොට්ලන්තයේ නිදන කාමරයට වෙලා තනිකම නැති කර ගන්න පටන් ගත්තු බ්ලොග් එකක් නිසා අද ඔහු කෝටිපතියකු බවට පත් වෙලා. ඇමරිකාවේ අංක එකේ මාධ්‍ය ආයතනය වූ CNN දැන් ඔහුගේ බ්ලොග් එක ඩොලර් කෝටි විස්සකට මිල දී ගන්න යනවා. ඔහු මේක පටන් අරන් තියෙන්නෙ ඇඳෙන් නැඟිටින්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් හැටියටයි.

පීට් කෑෂ්මෝ Pete Cashmore දැන් 26 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ මාෂබල් කොම් Mashable.com බ්ලොග් අඩවිය පටන් ගත්තෙ 2005 දී ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්ෂයර්හි බැංකරි නම් කුඩා නගරයේ සිටයි. එතකොට එයාගෙ වයස අවුරුදු 19යි. පාඩම් කරල කම්මැලි හිතුනාම එයා මේ බ්ලොගය ලියන්න පටන් ගත්තා.

අවුරුදු හතකට පස්සේ ඔහු පටන් ගත් ඒ තාක්ෂණික පුවත් සපයන බ්ලොග් අඩවිය සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිය ප‍්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යනවා.

ඔහුගේ නමෙත් විශේෂත්වයක් තියෙනවා. ගමෙත් විශේෂත්වයක් තියෙනවා. නම ‘කෑෂ්මෝ’ කියන්නේ ‘තවත් මුදල්’ කියන තේරුමයි. නමට හරියන්න ඔහු ලෝකයේ ලොකුම පොහොසතෙක් වෙලා. ඔහුගේ ගම, ‘බැංකරි’ කියන්නේ ‘ආශිර්වාද ලත් බිම’ කියන තේරුමයි. එක්සත් රාජධානියේ ඈත කොණක පිහිටි බැංකරි කියන කුඩා නගරය අද ඔහු නිසා ‘අසිරිමත් තැනක්’ වෙලා ඉවරයි.

පීට් කෑෂ්මෝ තවත් මුදල් ලබා මිලියන පතියෙක් වේවි, ඔහුගේ බ්ලොග් අඩවිය විකුණුවාම. මේ ඉන්නේ ඔහු වාසනාවන්ත පෙම්වතිය ලියා බෙටනියි.

ලෝක සිනමා ලෝලයන්ගේ ඇස් ආසියාවට ඇද ගත් සිනමාකරුවන් තිදෙනා : ආසියානු සිනමාව 1

ලෝක සිනමාව බිහිවී වසර 50කට පසුව එළඹි 1950 දශකය ආසියාවේ ජයග‍්‍රාහී දශකය වුණා. ලෝක සිනමාවට පිවිසෙන්නට ආසියානු චිත‍්‍රපටවලට වරම් ලැබුණේ ඒ දශකය තුළයි. ආසියාවට එම කීර්තිය මුල් වරට අත් කර දෙන්නට ආසියානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු සමත් වුණා.

ඒ අවස්ථාව මුලින්ම උදා කර ගත්තේ ජපානයේ අකිර කුරෝසව (Akira Kurosawa) යි. ඒ ඔහුගේ ‘රශෝමොන්’(Rashomon -1951) චිත‍්‍රපටයෙන්. දෙවැන්නා ඉන්දියාවේ සත්‍යජිත් රායි. ඒ ඔහුගේ ‘පාතේර් පංචාලි’ (Pather Panchali - 1955) චිත‍්‍රපටයෙන්. ඒ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ.

Friday, March 16, 2012

සක්වළ ඇති අලූත් ග‍්‍රහයන් ගණන 2,321ක්! පොළොවට සමාන ඒවාත් තියෙනවා! කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන්!

අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත අලූත් ග‍්‍රහයන් සේ සැලකිය හැකි තවත් ග‍්‍රහ වස්තූන් දහසකට වඩා අලූතින් සොයා ගෙන ඇතැයි නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලැබුණු දත්ත ඇසුරෙන් කළ නව අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

මේ අධ්‍යයනයට පාදක වී ඇත්තේ 2009 මැයි මාසයේ සිට 2010 සැප්තැම්බර් දක්වා කාලය තුළ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් රැස් කරන ලද දත්තයන්.

ඒ තොරතුරු අනුව ග‍්‍රහයන් විය හැකි වස්තූන් 1,091ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. පසුගිය පෙබරවාරියේ ප‍්‍රකාශයට පත් ග‍්‍රහයන් විය හැකි වස්තූන් ගණන 1,235ක්. ඒ අනුව දැන් සම්පූර්ණ ගණන 2,321ක් වෙනවා. ”අපට ස්ථිර සාධක තියෙනවා, ඒවායින් සියයට අනූවක්වත් සැබැවින් ග‍්‍රහ ලෝක විය හැකි බවට.” මෙසේ කියන්නේ, කෙප්ලර් ගවේෂණ අධ්‍යයන කණ්ඩායමේ සාමාජික රෝනල්ඞ් ගිලිලන්ඞ් නම් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයායි.

Thursday, March 15, 2012

විකූනා උපදින තෙක් බලා හිඳින සංරක්ෂකයන් පිරිසක්

විකූනා vicuña කියන්නේ ඔටු පවුලට අයත් සතෙක්. ලාමා විකූනා යන සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන මේ සතා දක්නට ලැබෙන්නේ ඇන්ඞීස් සානුවේයි. ඌට පැයට කිලෝමීටර 50ක තරම් වේගයකින් දුවන්න පුළුවන්. ඇස් පෙනීම තියුණු වුනත් කන් ඇසීම එතරම්ම හොඳ නැහැ. ඉව දැනීමත් ඉතා දුර්වලයි. මස් හා ලොම් ලබා ගැනීමට දඩයම් කිරීම නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා. ආරක්ෂිත සතකු ලෙස නම් කොට ඇති මේ සතුන් මුළු ආජෙන්ටිනාවේම ඇත්තේ තුන් දහසක් පමණක් බවත් හෙළි වී තියෙනවා. ඔවුන් සඳහා සංරක්ෂණ වැඩ පිළිවෙළ රැසක් දැන් දියත් කර තියෙනවා. ලාමා, ඇල්පකා, ගුවානෝකෝ යන සතුන් විකූනාගේ ළඟ නෑයන්.

Wednesday, March 14, 2012

මකුළුවකු ගොදුරක් වෙත එල්ලයකට නිවැරදිව පනින්නේ කොහොමද? විශේෂ හැකියාවක්!

අපි දන්නවා, කෘමීන්ට විශේෂ හැකියාවක් තියෙනවා, ඇස්වල යම්යම් වෙනස්කම් කරල බලන්න. තමන් රොන් ගන්න මලක් හඳුනා ගන්න, එහෙමත් නැත්නම් ගොදුරක් හඳුනාගන්න ඇස්වල නාභිය වෙනස් කිරීමෙන් ඔවුන්ට පුළුවන්. අනෙක් සමහර සතුන්ටත් හිස එහා මෙහා හැරවීමෙන් හෝ සිටි තැන වෙනස් කිරීමෙන් හෝ අවශ්‍ය දේ කෙරෙහි ඇස යොමු කර ගන්න පුළුවන්. මෙය හැඳින්වෙන්නේ චලන අසම්පාතය (motion parallex) කියලයි. මිනිසාටත් මේ හැකියාව තියෙනවා. මෙයට වඩා වෙනස් හැකියාවක් පනින මකුළුවාට තියෙන බව ජපන් පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා.

Tuesday, March 13, 2012

හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි.

මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ.

Monday, March 12, 2012

වේග සීමා නෑ! IBM විද්‍යාඥයන් ගෙන් ‘ක්වන්ටම් පරිගණකය’! දැනට ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත්!

මේ මිහිපිට දැනට තනා ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත් පරිගණකය ලෙස සැලකෙන ‘ක්වන්ටම් පරිගණකය’ තැනීමේ සිහිනය සැබෑ කර ගන්න IBM ආයතනයේ විද්‍යාඥයන් දැන් සූදානම්.

ඔවුන් දැනටමත් ඒ සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරල ඉවරයි. ඔවුන්ගේ ඊළඟ පියවර පරිගණක පද්ධති නිර්මාණය කිරීමයි.

ඒ අනුව තැනෙන ‘ක්වන්ටම් පරිගණකය’ට මිලියන ගණනක් ගණනය කිරීම් එසැණෙකින් කළ හැකියි. මිහිපිට ඇති  ඕනෑම පරිගණක කේතයක් එසැණ විකේතනය කළ හැකියි.

මිලියන ගණනක් ගණනය කිරීම් එසැණ කළ හැකි සිලිකන් චිපය - මෙහි අධි-තාක්ෂණ ‘ක්විබිට්ස්’ තුනක් රැඳවිය හැකියි.

Sunday, March 11, 2012

මානව පරිණාම කතාව, පැරණිම අම්මා හා ශී‍්‍ර ලංකාවේ ආදී මානවයා : පරිණාමයේ කතාව 4


ක්ෂීරපායීන්ගේ පරිණාමය
ක්ෂීරපායීන් හෙවත් කිරී බී වැඩෙන සතුන් අයත් ගණය හැඳින්වෙන්නේ මමාලියා (Mamalia) කියාය. මමාලියාවන් අයත් වන්නේ සිරුරේ උෂ්ණත්වය ස්ථිර ව පවත්වා ගෙන යා හැකි, එනම් අචලතාපී (warm-blooded) ගණයටය. මොවුන් හැඳින්වෙන්නේ ‘පණ පිටින් ඉපදෙන’ සතුන් ලෙස ය. ඒ බිත්තර වශයෙන් මෙලොවට බිහි වී ‘පසුව උපදින’ සතුන්ගෙන් වෙනස් වන නිසාය. මවු කුසෙහි හැදී වැඞී පසුව පණ ඇති බිහි වන මේ සතුන් වැඩෙන්නේ මව්කිරි බී මෙනි. පාද හතරක් ඇති, රෝමවලින් යුත් මේ සතුන් බල්ලන්, සිංහයන්, අශ්වයන්, ගවයන්, සාවුන්, අලිඇතුන්, මීයන් ආදී වශයෙන් විශාල සංඛ්‍යාවක් නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. මිනිසා ද අයත් වන්නේ මේ ගණයටය.

Saturday, March 10, 2012

උතුරු අහසේ විස්මය දනවන දසුන්! දීප්තිමත් ආලෝකධාරා වලට හේතුව කුමක්ද?

පසුගිය පෙබරවාරි 14 වැනිදා නෝර්වේජියානු කඳුවළල්ලට ඉහළින් අහසේ දීප්තිමත් ආලෝකධාරා විහිදීමක් දර්ශනය වුණා. එය අහස්කුස නරඹන්නන් විමතියට පත් විස්මයටත් පත් කළ රමණීය දසුනක් වුණත් ඒවා සූර්යයා ඇති කරන සුපුරුදු උත්තරාලෝක දසුන් නොවේ.

Friday, March 09, 2012

තවත් ග‍්‍රහකයක් පොළොවට ආසන්නයට එනවා! ඒත් අපට අනතුරක් නෑ!

තවත් ග‍්‍රහකයක් (asteroid) පෘථිවියට දෙසට පැමිණෙමින් තිබෙන බව තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. දැනට පෘථිවිය වටා කක්ෂයකට පිවිස සිටින මේ ග‍්‍රහකය හඳුන්වා ඇත්තේ 2012DA14 කියායි. අඩි 150ක් (මීටර් 50ක්) පමණ දිග මෙම අප විසින් මෙතෙක් උඩුගුවනට යවන ලද චන්ද්‍රිකාවලට වඩා පහළින් ගමන් කරනු ඇති.

ඇමරිකානු නාසා ආයතනය නිකුත් කළ ගැටීම් අවදානම් වාර්තාවට අනුව මෙය පෘථිවියෙහි හැපෙන්නට ඇති අවදානම බොහෝ සේ අඩුය. ලබන අවුරුද්දේ පෙබරවාරි 15 වැනිදා අපේ පොළොවට සැතැපුම් 17,000ක් ආසන්නව, අපේ පෘථිවි කක්ෂගත චන්ද්‍රිකා පවතින කක්ෂයට පහළින් ගමන් කරනු ඇති.

 
අනතුරක් නෑ: ඇමරිකානු තාරකා විද්‍යාඥ ෆිල් ප්ලේට් කියන්නේ බිය වීමට දෙයක් නැති බවයි.

Thursday, March 08, 2012

ළමා කලම මාපියන් මියගියත් මහ පඬුවකු වනතුරු ඉගෙනීම අත්හළේ නෑ : රැපියෙල් තෙන්නකෝන් ගැන තවත් විස්තර...

රැ. තෙන්නකෝන්ගේ ‘හැවිල්ල’ නම් පැදි ගතෙන් උපුටා පළ කළ ‘කුකුළු හැවිල්ල’ රස විඳි අපේ රසවතුන් ඔහු ගැන තවත් විස්තර අපෙන් විපරම් කළා. ඒ නිසා ඔහුගේ වතගොත සටහන් කර තබන්නට අප කල්පනා කළා. අදට එය කාලෝචිත වන්නේ ඔහු මියගොස් හරියටම වසර 47ක් සපිරෙන නිසාය.

සිංහලයේ වැඩි ම පැදි ගණනක් පබැදූ කිවිඳුන් කවුරුන්දැයි විමසුවොත් ඊට පිළිතුර රැ. තෙන්නකෝන් ය. ඔහුගේ පැදි නදිය ඇරඹුණේ ‘වවුලූව’ ගතෙනි. එම පළමු නිබැඳුමෙන් ම ඔහු මහ කිවිඳකු බව පළ විය. සංවාද ස්වරූපයෙන් රචනා කර ඇති වවුලූවෙන් කියැවුණේ කැවිඩියක හා වවුලකු අතර කතාවකි. උපහාස රසයෙන් අනූන ඒ කාව්‍යය සමාජයේ දුබල තැන්වලට පහර එල්ල කළ කෘතියකි. ‘සක්පුබුදුව’, ‘පඬු ඇඹුල’, ‘දෑ විනය’, ‘මුළුතැන අන්දරය’, ‘රුප්පෙ අන්දරය’, ‘බැතිමත’ හා කුමරතුඟුවන්ගේ දරුවන්ට පිදි ‘පඬුර’ ඇතුළු තවත් පැදි ගත් කිහිපයක් වෙයි. ඔහු ‘සිංහල වංශය’ නමින් අපේ ඉතිහාසය කවි 2500කින් ලියා සම්මානයක් ද දිනා ගත්තේ ය. ‘ගමායනය’ නම් පැදි ගතෙහි පැදි 5302 කි.

මිනිසා ප‍්‍රථම ජනාවාසය තනන ග‍්‍රහයා දැන් හොඳින් පෙනෙන මානකය! රාති‍්‍ර අහසේ රතු පැහැයෙන් දිස්වේ!

තාරකාලෝලීන්ටත්, තරකා විද්‍යාඥයන්ටත් ඇස පිනවන දසුනක් මේ දවස්වල රාති‍්‍ර අහසේ දිස් වෙනවා. ඒ තමා අඟහරු ග‍්‍රහයා පැහැදිලිව හා දීප්තිමත්ව දැක ගන්නට හැකි වීම. වසර 2කට පසු රතු ග‍්‍රහයා අපට වඩාත් සමීප වූයේ පසුගිය ඉරිදායි. එහි රතු පැහැය පියවි ඇසෙනුත් දැක බලා ගත හැකියි.

 
සූර්යයාත් පොළොවත් අඟහරුත් එක එල්ලයක පිහිටන අයුරු සිත්තරකුගේ ඇසින් (නියම අනුපාතයට නොවේ)

Wednesday, March 07, 2012

හෙළ බසින් දස්කම් විස්කම් පෑ රැපියෙල් තෙන්නකෝන්

මුනිදාස කුමාරතුංග සූරීන් සමග සිටි තවත් යුග පුරුෂයෙක් ගැන කියන්නයි, මේ සටහන ලියන්නේ. කුමරතුඟු ඇසුරේ සිටි අය අතුරින් හෙළ බස නිර්මාණශීලී අයුරින් හැසිරවූ සුවිශේෂම ලේඛකයා ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. ඔහු තමා රැපියෙල් තෙන්නකෝන් කිවිසුරාණන්.

එතුමා පැදියට පමණක් නොව ගැදියටත් එක සේ දක්ෂයකු විය. ‘සක් පුබුදුව’, ‘වවුලූව’, ‘පඬුර’ එතුමාගේ පැදි පබඳ අතරින් කැපී පෙනෙයි. ‘බස් පාර’, ‘හෙළ බස් හුරුව’ ඔහුගේ ගී‍්‍රක, ලතින්, පාලි, සංස්කෘත, ජර්මන් ආදී බසෙහි සුරුවකු වූ ‘මහා වංශය’ පැදියෙන් ලියා සම්මානයක් ද දිනුවේය. 1890 දී උපන් මෙතුමා 1965 මාර්තු 8 වැනිදා මිය ගියේ ගම්පහ පැරකුම් දෙණියේ දී මිය ගියේය.

වේලි බිඳිමින් නැවත උපන් ගංගාව : කිසි දිනෙක නොදුටු දසුනක් මවමින් ජලාශය හිස් කරන අයුරු!

2011 ඔක්තෝබර් මස අගදී වසර 100ක් පමණ පැරණි කොන්ඩිට් වේල්ල (Condit Dam) ඉවත් කරමින් අමෙරිකානු ප්‍රාන්ත රාජ්‍යයක් වන වොෂින්ටනය විසින් ධවල සැමන් ගංගාව (White Salmon River) නැවත ගලායාමට සලස්සුවා.

Tuesday, March 06, 2012

වඳ වී ගිය විශාලතම කෘමියා මුහුද මැද සීගිරියටත් වඩා උස පර්වතයක් මුදුනෙන් හමුවෙයි!

කොහොමද ඒ සතා එතැනට ගියේ ? මුහුද මැද කුලූනක් සේ උස්ව සිටින සේ පර්වත ශිඛරය අපේ සීගිරියටත් වඩා ගොඩක් උසයි. අපේ සීගිරියේ උස අඩි 1,214යි. මේ ශිඛරය අඩි 1,844ක් උසයි. අපේ සීගිරිය මුදුනේ මාලිගාවක් හදල තිබුණට මේ වගේ උලක් බඳු මුදුනක් තියෙන තැනක වාසයට සුදුසු නිවහනක් කර ගන්න බැහැ.

ඒ වුනාට ඒක බාධාවක් නෙවෙයි, මීට වසර 80කට විතර ඉස්සර වඳවී ගියේ යැයි සිතන සතෙකුට. ඒ සතාගේ අවසාන ජනපදය අඩි 1,844ක් උස බෝල්ගේ පිරමීඩය මුදුනෙ තිබුණ බව විතරයි කවුරුත් දැන ගෙන හිටියෙ.

විද්‍යාඥයන් ළඟදී සොයා ගත්තා, දකුණු පැසිපික් සාගරයේ මුහුදෙන් උඩට මතුවුණු මේ උස පර්වත ශිඛරය මුදුනේ පිහිටි ගහක ජීවත්වුණු සතුන් 24 දෙනෙක්.

 
ලෝඞ් හෝවේ දූව අසල පිහිටි බෝල්ගේ පිරමීඩය: ගස් පොකිරිස්සන් ඔවුන්ට හමු වුණේ මෙහි මුදුනේ ගලකට ඇලී සිටියදියි.

නික් කාලයිල් මේ සිටින්නේ බෝල්ස් පිරමීඩය මුදුනේ සිට හමුවූ ‘ගස් පොකිරිස්සන්’ දෙදෙනකු සමඟයි.

Monday, March 05, 2012

බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන්ගෙන් අමරණීය වෙන්න ක‍්‍රමයක්! පැතලි පණුවන් එක්ක පර්යේෂණ!

නොමැරී සදාකල් ජීවත්වෙන්න ක‍්‍රමයක් දැන් පෑදෙන ලකුණු පහළ වෙමින් තියෙනවා. වයසට යන එක, මුහුණ රැලි වැටෙන එක, නවත්තන්න මිල අධික ආලේපන ගැල්වීම හෝ අමෘතය වැනි තිරිහන් වෙන බීම පාවිච්චිය අත් හරින්න. ළඟදීම ඒකට අවස්ථාව ඒවි.

බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් හිතන විදියට අමරණීය වීමේ රහස සොයා ගන්නට ඔවුන්ට පොටක් පෑදිලා තියෙනවා. ඔවුන් සිතන්නේ අමරණීය වීමේ රහස සැඟවිලා තියෙන්නෙ පැතලි පණුවන් (flatworms) තුළ බවයි. මේ ඉතා කුඩා ප‍්‍රාණීන් විශේෂය ජීවත්වෙන්නේ විල්, වැව්, පොකුණු ආදියේයි. මුළු සිරුර ම අලූත්වැඩියා කර ගනිමින් ඉතා සාර්ථකව සදාකල් ම ඔවුන් ජීවත්වෙන බව දැන් සොයා ගෙන තියෙනවා.

Sunday, March 04, 2012

අහසේ නම ලියා ලෝ පතල වුණු කවුරුද ? මේ කවුරු ඉකෙයා (Kaoru Ikeya)

මාසයකට ඩොලර් 35ක පඩියකට ඔහු පියානෝ තනන සමාගමක රැකියාවට ගියේය. එහි වූ ඔහුගේ පෞද්ගලික වාර්තා පතෙහි සඳහන් වූයේ ඔහු ‘දැඩි අරමුණු නැති, ඉහළට යාමේ ආශාවන් ගෙන් ප‍්‍රහීණ’ අයකු ලෙසය. ඒත් කවුරු ඉකෙයාට දවසේ රැකියාව නිම වීමෙන් පසු ඉහළට යාමේ ආශාවන්ගෙන් පිරුණු දැඩි අරමුණක් තිබුණේය. මේ අරමුණ ඔහු කෙතරම් හොඳින් සඵල කර ගත්තේ ද යත් එතෙක් සිය පවුල ලබා තිබූ අවමානයෙන් ගලවා ගෙන සස ජාතකයෙහි එන පරිදි සක් දෙවිඳු සා රුව සඳෙහි ඇන්දාක් සේ සිය පවුලේ නාමය අහසේ ලියන්නට සමත් විය. මේ දිරිය වඩන කතාව දිරිය බිඳින සාධක මැද්දෙන් සාර්ථක ගමනක් ගිය ජපන් හපන් පුතකු ගැනයි.

Saturday, March 03, 2012

රළ පදින්නෙකු විසින් පැදවූ විශාලම රැල්ල! ලෝක වර්තාවක්!

ලෝක වර්තාවක් බිද හෙළමින් රළ පදින්නෙකු විසින් පැදවූ ලොව මෙතෙක් වර්තා ගත වී ඇති විශාලම රැල්ල මෙය වේ.

ඩයිනසෝරයන්ගේ පිහාටු වර්ණය නිශ්චය කෙරේ!


විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කල පර්යෙෂණයක් මගින් පොසිලිකරණය වු "Archaeopteryx" ඩයිනසෝර විශේෂයේ පිහාටුවේ වර්ණය නිශ්චය කෙරුනා.

Friday, March 02, 2012

අද ශී‍්‍ර ලංකාවේ සිංහල භාෂා දිනයයි. භාෂා ලෝකයේ යුග පුරුෂයෙක් සිහි කරමු.

අද මාර්තු 2 වැනිදා ශී‍්‍ර ලංකාවට සුවිශේෂ වූ දිනයක්. 1815 දී ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වූ උඩරට ගිවිසුම අත්සන් කළේ අද වැනි දවසකයි.


ඒ වගේම ශී‍්‍ර ලංකාවේ සිංහල භාෂා දිනයත් යෙදෙන්නේ අදටයි. ඒ නිසාම අපේ භාෂාව වාර්තමානයේ පවතින තත්වයට ගේන්නට මඟ පෑදූ යුග පුරුෂයෙක් ගැන කතා කරන්න හිතුනා. ඔහු තමා මීට අවුරුදු 68කට පෙර 1944 අද වැනි දිනක අපෙන් වියෝ වූ මුනිදාස කුමාරතුංග මහතා. ඔහුගේ නිර්මාණ ගැන කලින් අප කතා කළා මතක ඇති. ළමයින්ට කතා කවි ලියන්නට ඔහු දැක්වූ දක්ෂතාව අදත් අගය කළ යුතු මට්ටමක තියෙනවා. ඒ හා සම කරන්නට තරම් නිර්මාණ අදත් හමුවෙන්නේ නෑ. හාවාගේ වග එවැනි එක් නිර්මාණයක්. (හා හා හරි හාවා - හාවාගේ වග බලන්න.)

ඇදහිය නොහැකි තරම් ශක්තිමත්! අවු.7ක් සහ 5ක් වයසැති රුමේනියානු සහොදරයින්!

මේ පුංචි යෝධයන් දෙදෙනා ඉන්නේ රුමේනියාවේ. ගියුලියානෝ (Giuliano Stroe) ස්ට්‍රෝ හත් හැවිරිදියි. ක්ලෝඩි ස්ට්‍රෝට (Claudi Stroe) තාම අවුරුදු 5යි.

Thursday, March 01, 2012

අභ්‍යවකාශයෙන් ආ බැක්ටීරියාවක් බි‍්‍රතාන්‍යයේ ගංගාවකින් හමු වෙයි! අනාගතයේ බලශක්ති ප‍්‍රභවයක් ලෙස යොදා ගත හැකියි!

සාමාන්‍යයෙන් පෘථිවියේ ඉහළ කක්ෂයක හමුවන්නේ යැයි සැලකෙන බැසිලස් ස්ට‍්‍රැටොස්ෆෙරිකස් නම් අලූත් බැක්ටීරියාවක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. විද්‍යාඥයන් කියන්නේ මෙමගින් වෙනත් ඒවාට වඩා දෙගුණයක් විදුලි බලය නිපදවිය හැකි බවයි.

ඊසානදිග එංගලන්තයේ පිහිටි සුන්ඩර්ලන්තයේ වෙයා ගංගාවේ මෝය කටේ තිබී හමු වී ඇති මෙම අබිරහස් ජීවියාට අණුජීවී ඉන්ධන ෙසෙල නම් විශේෂ බැටරියක් යොදා ගෙන විදුලි බලය නිපදවිය හැකියි.

බැසිලස් ස්ට‍්‍රැටොස්ෆරිකස් නම් මේ ක්ෂුද්‍රජීවියා හමුවන්නේ පෘථිවි තලයෙන් සැතැපුම් 20ක් පමණ ඉහළ අහසෙදියි.

 
සාමාන්‍ය බැක්ටීරියාවල වඩා දෙගුණයක් විදුලිය නිපදවන්නට මේ බැසිලස් ස්ට‍්‍රැටොස්ෆරිකස් අණුජීවියාට පුළුවන්

Wednesday, February 29, 2012

අපේ කැලැන්ඩරයට අධික අවුරුද්ද ආ හැටි

අධික අවුරුද්දක් යනු වසරේ දවස් 366ක් සහිත එමෙන්ම පෙබරවාරි මාසයට දින 29ක් ඇති වසරකි. යම් වසරක් අධික අවුරුද්දක් ද යන්න සොයා ගැනීමේ පහසුම ක‍්‍රමය එම ඉලක්කම් දෙක 4න් බෙදීමය. එසේ බෙදූවිට ඉතිරි නොවී බෙදෙන්නේ නම් එය අධික අවුරුද්දකි. නිදසුනක් හැටියට 2012 වසර අධික අවුරුද්දකි.

අධික අවුරුද්දක් පිළිබඳව ඉහතින් දැක්වූ හැඳින්වීම සියයට සීයක් නිවැරදි නොවේ. හරියටම නිවැරදිව කිවහොත් සෑම වසර 400කට වරක් අධික අවුරුද්දක් අත හැර දමනු ලැබේ. ඒ අනුව කි‍්‍ර.ව. 1900 වසර අධික අවුරුද්දක් නොවූ අතර කි‍්‍ර.ව. 2300 වසර ද අධික අවුරුද්දක් නොවනු ඇත.

වසර හතරකට එන වාසනාවන්ත දවසක්! ලොව පුරා අද වගේ දවසක උපන් අයට අපේ සුබපැතුම්!

අද පෙබරවාරි 29 වැනිදා සුවිශේෂ දවසක්. මේ වගේ දවසක් එන්නේ අවුරුදු හතරකට වතාවක් විතරයි. ඒ වගේම අවුරුදු 100කට සැරයක් එන්නේ නෑ. අද දිනය හඳුන්වන්නේ අධික දිනය leap day කියලයි.

අප අද භාවිත කරන ග්‍රෙගෝරියානු කැලැන්ඩරයට අනුව සාමාන්‍ය අවුරුද්දක පෙබරවාරි මාසයට තියෙන්නේ දින 28යි. ඊළඟ දිනය එන්නේ මාර්තු 1 වැනිදායි.

ගොඩබිමට පා තැබූ ප‍්‍රථමයා හා උරගයින්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 3

උභය ජීවීන්ගේ පරිණාමය
 ඕනෑම සත්ත්වයෙකුගේ පරිණාමයට ඔවුන්ගේ දේහය සහ එහි ස්වභාවය ප‍්‍රධාන හේතුවකි. උභය ජීවීන්ගේ පරිණාමයට ද ඔවුන්ගේ ශරීර බර හේතු විය. (ගොඩබිම වෙසෙන සත්ත්වයකුගේ ශරීර බර ගොඩබිමේදී වැඩි බරක් දැනේ. නමුත් ජලයේදී එම බර දැනීම අඩුය) ගොඩබිමේදී සත්ත්වයා තම සිරුරේ බර දරයි. ඒ නිසා මෙතෙක් ලොව බිහිවූ මත්ස්‍යයින්ගෙන් ගොඩබිමට යාමට නම් ඔවුන්ගේ වරල් ශක්තිමත් පාද බවට පරිවර්තනය විය යුතුය. ජලජ පරිසරයක විසූ මත්ස්‍යයින් මෙවැනි පරිණාමයකට බඳුන් විය. මෙසේ ගොඩබිමේ වාසය කිරීමට හැකි පරිදි පා සතරක් සහිත සිව්පාවුන් බවට පරිවර්තනය විය.

Tuesday, February 28, 2012

ව්‍යාඝ‍්‍රයන්ට ඉරි හා දිවියන්ට තිත් ලැබුණේ කොහොමද? අවුරුදු 60 වසරක් පැරණි නියමය තහවුරු කරයි!

පළමු වතාවට විද්‍යාත්මක පරීක්ෂණ මගින් ශ්‍රේෂ්ඨ බි‍්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයකු වූ ඇලන් ටියුරින් ඉදිරිපත් කළ න්‍යායක් තහවුරු කිරීමට බි‍්‍රතාන්‍ය විද්‍යාඥ පිරිසක් සමත් වී තියෙනවා. මේ න්‍යාය ඔහු ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාඝ‍්‍රයන්ට ඉරි හා දිවියන්ට පුල්ලි ආදී ජීව රටාවන් ලැබුණු ආකාරය පිළිබඳවයි.

ටියුරින්ගේ ජන්ම ශත සංවත්සරය යෙදී ඇති මේ වසරේ දී ම ඔහුගේ න්‍යාය තහවුරු කිරීම විශේෂ දෙයක් ලෙස සැලකිය හැකියි. සතුන්ගේ සිරුරවල ඇති වන හඳුනා ගැනීමේ ලක්ෂණ ලෙස විශේෂ රටා ඇති කෙරෙන්නේ ප‍්‍රබෝධකයක් (activator) හා අවශේධකයක් (inhibitor) ලෙස එක විට කි‍්‍රයා කරන රූප ජනක ජාන හෙවත් මෝෆොජන්ස් (morphogens) යුගලක් නිසා යයි ඔහු ඒ න්‍යාය තුළින් ලොවට කීවා.

Monday, February 27, 2012

වර්ගයා බෝ කිරීමට අලස සතෙක්! ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! බේරා ගන්න විශාල සටනක්!

පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ කුරුල්ලෙක්, ගිරවෙක්. නම කාකාපෝ. එහි තේරුම ‘රෑ ගිරවා’ යන්නයි.

මහත සිරුරක් ඇති මේ කුරුල්ලාට ඉගිල්ලෙන්න බැහැ. ඌ වර්ගයා බෝ කිරීමට කෙතරම් අලස ද කීවොත් මේ කුරුල්ලන් මේ වන විට මුළු නවසීලන්තයටම ඉන්නේ 124 දෙනයි.

කොළ පැහැති නිසා පරිසරය හා මුසුව සැඟවී සිටින්න ඌට පහසුයි

Sunday, February 26, 2012

අනාගතයේ දී බීම බොනවා විතරක් නෙවෙයි, ඒ බීම දැමූ බෝතලෙත් කන්න පුළුවන්!

අනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් කෑමට ගැනීමට ඔබට පුළුවන්. මේ අමුතු නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්‍රව්‍ය අඩු කිරීමට විද්‍යාඥයන්ගෙන් ලැබෙන සහායක්. දිරවිය හැකි ප්ලාස්ටික් විශේෂයකින් තැනෙන එයට පොතු ඉවත් කර කෑමට ගත හැකි ආහාර කොටස් සහිතව සමහර විට සම්පූර්ණ බෝතලයම කෑමට ගැනීමට හැකි වන පරිදි මේවා නිපදවේවි.

ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් මේ වන විට දොඩම් යුෂ දැමීම සඳහා දොඩම් ‘පට්ටයක්’ද ස්පාඤ්ඤ සුප් වර්ගයක් දැමීමට තක්කාලි රසැති ‘පට්ටයක්’ද වයින් දැමීමට මිදිවලින් තැනූ ‘පට්ටයක්’ද තනා තියෙනවා. මා මේ ‘පට්ටය’ යන වදන මෙතැනට ගත්තේ දොල්, කිතුල් පැණි පොල් පැණි දැමීමට පුවක් අත්තෙන් තනා ගන්නා ගැමි බහාලූව ගැන මතක් වූ නිසායි.

පට්ටයක් මිස ඔවුන් ‘විකීසෙල්ස්’වලින් තැනූ බෝතල් නිපදවීමට තවමත් පටන් ගෙන නැහැ. ජෛවරසායන ඉන්ජිනේරුවකු වූ ආචාර්ය ඬේවිඞ් එඞ්වඞ් එවැනි මුලාකෘතියක් තැනීමට බලාපොරොත්තු වන බව කියනවා. ”අපට ළඟදීම මේ විකීසෙල්ස් අවන්හල්වල දී දැක ගත හැකි වේවි.” ඔහු දැනටමත් එවැනි නිමැවුමක් විශේෂිත අළෙවිහල්වලට හා සුපිරි වෙළඳසල් සඳහා නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා.

මොනවද මේ කන්න පුළුවන් බඳුන් තනන විකීසෙල්ස් කියන්නේ ? විකිසෙල්ස් නිපදවන්නේ ජීර්ණය කළ හැකි පොලිමර් හෙවත් බහුඅවයවකයකින් හෝ ප්ලාස්ටික හා ආහාර කැබලිවලින්.

 
එවැනි බඳුනක් හරියටම බිත්තරයක කටුවක් වැනි සවිමත් එකක්. ඕනෑම රසවත් දෙයකින්, දොඩම් යුෂ, වයින් (මිදි යුෂ) හෝ චොකලට් වැනි දෙයින් එය පිරවිය හැකියි.

Saturday, February 25, 2012

අපෘෂ්ඨවංශී, පෘෂ්ඨවංශීන්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 2

අපෘෂ්ඨවංශීන්ගේ පරිණාමය
පෘථිවියේ වසර බිලියන 3.8 ක (මිලියන 3800ක) පමණ කාලයක සිට විවිධ සත්ත්ව විශේෂ වාසය කර ඇත. මේ බවට සාධක විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. පළමුවෙන් ම ඒක සෛලික සතුන් ද දෙවනුව බහු සෛලික සතුන් ද මිහිමත පහළ වන්නට ඇත. මේ පිළිබඳ අතීතය සොයා යන්නකුට ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට පළමු පෘෂ්ඨවංශික සතුන් දක්වා සත්ත්ව විශේෂ මිලියන ගණනක් මේ මිහිමත විසූ බව අනාවරණය කර ගත හැකිය.

විෂ විදීමෙන් හා විදුලි සැර පිටකිරීමෙන් පණ බේරාගන්න සත්තු : සත්ත්ව ලෝකයේ උපක‍්‍රම

ජීවත්වන වටපිටාව නැතිනම් ස්වාභාවික පරිසරයට අනුව හැඩ ගැසෙමින් සතුරන්ගෙන් බේරී සැඟවීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් විශේෂ හැකියාවන් ඇති කර ගැනීම සත්ව ලෝකයේ ඇති අරුමයකි. විෂ සහිත සතුන්ට නම් මේ විධියට සැඟවී සිටීමට සිදුවන්නේ නැත. ගොදුරක් වශයෙන් අල්ලා ගෙන ආහාරයට ගැනීමට නොහැකි විෂ සහිත සතුන් ස්වභාවයෙන්ම දීප්තිමත් කහ හෝ රතු වර්ණයන්ගෙන් යුක්තයි. මාර්ග සංඥා අලෝක පද්ධතිවල රතු, කහ සහ කොළ පැහැයන් යොදා ගෙන ඇත්තේ ද ස්වාභාවික වර්ණ අනුව යමිනි. රතු වර්ණයෙන් පෙන්නුම් කරන්නේ අවදානමක් එසේත් නැතිනම් අනතුරකි. කහ වර්ණය ඇති විටදී ද අනතුරක ස්වභාවය පෙන්නුම් කළත් අවදානම අඩුය. කොළ පාටින් පෙන්නුම් කරන්නේ අනතුරක් නොමැත යන්නයි. සත්ත්ව ලෝකයේ නොයෙක් නොයෙක් සත්තු විවිධ උපක‍්‍රම භාවිතා කරති. සමහරු විෂ යොදා ගනිති. තවත් සමහරු විදුලිය යොදා ගනිති.

Friday, February 24, 2012

හිම යට වසර 30,000ක් තිබූ පුරාණ පැළෑටියකට පණ දෙයි!

රුසියාවේ පර්යේෂණාගාරයක මුල්ල තබා ඇති විද්‍යාඥයන්ගේ සිත් ඇදගත් මල් පැළයක් තියෙනවා. එහි නම දක්වා ඇත්තේ සිලේන් ස්ටෙනොෆිලා (Silene stenophylla) කියලයි. මෙවැනි සපුෂ්ප ශාක බොහෝ විට මල් පෝච්චිවල වවන්නේ මල් ප‍්‍රදර්ශන තරගවලට ඉදිරිපත් කරන්නයි. මේ වවන්නේ එහෙම එකකට නෙමෙයි. ඒත් එහෙම තරගයකට ඉදිරිපත් කළත් මේක සම්මාන වැඩි ගණනක් දිනන එකක් නැහැ. කොහොම වුනත් එක් සම්මානයක් නම් දිනනව සිකුරුයි. ඒ තමා ‘පෘථිවියෙහි ඇති ඉතාමත් පැරණි, රෝපණය කළ හැකි, බහු-පටක සහිත සජීවී ශාකය’ යන සම්මානය.

සිලේන් ස්ටෙනොෆිලා නම් පැළෑටියට ‘යළි උපත’ දුන්නේ මීට වසර 30,000කත් පෙරාතුව රුසියාවේ සයිබීරියානු නිත්‍ය තුහින ප‍්‍රදේශයේ විසූ ලේනුන් විසින් වළලන ලද බීජ (ඇට) වර්ගයක් සොයා ගැනීමෙන් පසුවයි. මේ බීජ අධික ශීත තත්වයක් යටතේ නොනැසී තිබුණු ‘මිදුණු ජාන සංචිතයක්’ ලෙස විද්‍යාඥයන් අතට පත් වුණා.

 
තවමත් හොඳින් වැඩෙනවා: වසර 30,500කට පෙර නිත්‍ය මිදුණු බිමක යටවී තිබී හමු වූ සිලේන් ස්ටෙනොෆිලා දැන් ‘යළි ඉපිද’ මල් පල දරන අයුරු.

Thursday, February 23, 2012

කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන්! වෙනත් ග‍්‍රහ ලොවකින් ආ අය වගෙයි!

ඇත්තෙන්ම මොවුන් මෙතෙක් අපට දැක ගන්න ලැබුනෙ නැති අමුතුම සතුන් විශේෂයක්. හරියට අලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටි ලෝකයකින් ආ අය වගෙයි. ඒත් ඔවුන් මෙසේ කැමරාවට නගා ඇත්තේ අපේ මේ පොළොවේ ඉතා ගැඹුරු සාගර පතුලේදියි. ඔවුන්ගේ පෙනුම හරියට බිහිසුණු සත්වයන් වගෙයි. ඔවුන් කිසිදාක ඉර එළිය දැකලා නෑ. පොළොවෙ ඇති ගැඹුරුම සාගර පත්ලවලයි, මොවුන් ජීවත්වෙන්නෙ.

මේ විස්මිත අලූත්ම පින්තූර පොලිකියේටයන් Polychaetes හෙවත් පත්තෑපණුවන්ගේ. ඔවුන්ගේ සිරුරු පරිණාමය වෙලා තියෙන්නෙ සාගර මතුපිට සිට මීටර 1000කට වැඩි ගැඹුරට යන විට මුහුණ දීමට සිදු වන දරුණු පීඩන තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ තරම් ගැඹුරට හිරු එළියවත් විනිවිද යන්නේ නැහැ.

මේ කලාපයේ දී කෙරෙන සොයා ගැනීම් අපට සමහර විට උපකාර වේවි වෙනත් ග‍්‍රහ ලෝකවල පවත්නා සත්ව ජීවිත ගැන යම් අවබෝධයක් ලබා ගන්න.

 
මේ පත්තෑ පණුවන් අපේ ග‍්‍රහයා තුළ ඇති ඉතාම දරුණු පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන ආකරයටයි හැඩ ගැසී ඇත්තේ.

Wednesday, February 22, 2012

ඈත විශ්වය දෙසට යොමු වූ ඇස්වලින් හෙළි කර ගන්නා ගැලැක්සිවල අබිරහස්

ලෝකයේ විශාලතම පිරි වැයක් දරා බිම් මට්ටමෙන් සවි කර ඇති ලොකුම ගුවන්විදුලි දුරේක්ෂය ඇල්මා Atacama Large Millimeter Array (ALMA) යන කෙටි නමින් හැඳින්වෙනවා. එය චිලි රාජ්‍යයේ ඇන්ඞීස් කඳු වළල්ලේ උස් සානුවක සවි කර තියෙනවා. ඩොලර් බිලියන 1.3ක් වැය කොට තනා ඇති එයට පැවරී ඇති අලූත් ම රාජකාරිය අපේ පෘථිවිය වැනි ග‍්‍රහ ලෝක හැදුණු හැටි අධ්‍යයනය කිරීමයි.

මේ කාර්යයට තවත් ගුවන්විදුලි දුරේක්ෂයක් ද එක් කර තියෙනවා. ඒ නිව් මෙක්සිකෝවේ සවි කර ඇති ඇන්ටෙනා 27කින් සමන්විත වීඑල්ඒ නම් යෝධ ගුවන්විදුලි දුරේක්ෂයයි. ඇල්මා දැනටමත් නවක තරු වටා ඇති වායු හා දූලි තැටිවලින් ග‍්‍රහයන් හැදෙන හැටි කියාපාන මුල් ම රහස් තොරතුරු එවන්ට පටන් අරන්.

ඇල්මාහී විද්‍යාඥයන් කියන්නේ ඒ දුරේක්ෂය ගැලීලියෝගෙන් පසුව තාරකා විද්‍යාව හා තාක්ෂණය අතින් තැබූ යෝධ පිම්මක් බවයි.

 
ඇල්මා හා වීඑල්ඒ දුරේක්ෂ මගින් මුල් අවධියේ දූවිලි තැටියකින් හා නවක තරු වටා ඇති වායුවලින් ඒ වස්තූන් ඝනීභවනය වීමෙන් ග‍්‍රහයන් නිර්මාණය වන අයුරු හසු කර ගත හැකියි.

සිය ප‍්‍රබන්ධ තුළින් විස්මිත ලෙස අනාගතය දුටු දිවැසිවරයා - අද අප අත්දකින දේ එදා ඔහු දුටු හැටි!

ලෝකයට විද්‍යා ප‍්‍රබන්ධ කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ ඔස්සේ මුලින් ම හඳට ගියේත් ඔහුයි. ඔහුගේ නිර්මාණ තුළින් වසර සිය ගණනකට පෙර අපට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික මෙවලම් අද අපට හුරුපුරුදු ඒවායි. ඔහුගේ 184 වැනි උපන් දිනය පසුගිය පෙබරවාරි 8 දාට යෙදී තිබුණා. ඔහු තමා ප‍්‍රංශ ජාතික විද්‍යා ප‍්‍රබන්ධ කථාකරු ජූල්ස් (යූල්ස්) වර්න්.

ඔහු යූල්ස් ගේබ්රියෙල් වර්න් Jules Gabriel Verne නමින් උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා ප‍්‍රංශයේ නැන්ටේවලදියි. අපව පොතපතින් ලොව පුරා විස්මිත චාරිකාවල රැගෙන ගිය ඔහු අවසන් ගමන් ගියේත් ප‍්‍රංශයේදිමයි. ඒ 1905 මාර්තු 24 වැනිදා එමියන්ස්හිදියි.

Tuesday, February 21, 2012

ලොව සිටින සාර්ථකම ධනාත්මක චින්තකයෙක් ලෙස සැලකෙන අත් කකුල් නැති නික් ගේ කතාව

1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය ප්‍රීතියෙන් යුතුව කිරිකැටි පුතු දෝතට ගත් මවට ඉබේටම කෑගැස්විනි.

"දෙවියනේ. . මේ මොකද ?"

හිරු මත හමා යන ට්විස්ටරයක් (ටෝනේඩෝවක්) දැක ගන්න! එය අපේ පොළොව තරම් විශාලයි!

පසුගියදා සූර්යයා මත ප‍්‍රචණ්ඩකාරී සුළිසුළඟක් හෙවත් ටෝනේඩෝවක් හමා ගියා. එය හමා ගිය ආකාරය දැක ගන්න දැන් ඔබටත් පුළුවන්. අපේ මහ පොළොව තරම් විශාල මේ සුළිසුළඟ හමා යන්නේ පැය සැතැපුම් ලක්ෂ ගණනක වේගයෙන්. එය සුර්යයා මතුපිට සිට සැතැපුම් සිය ගණනක් ඈතට විහිද යන්නක්. මෙය වර්ධනය වී යන ආකාරය අනුව පැයට සැතැපුම් 300,000 වේගයකට ළඟා වේවි කියලයි කියන්නෙ.

 
ට්විස්ටරය හෙවත් මේ ටෝනේඩෝව අපේ පොළොව තරම් විශාලයි. පැ.සැ. 300,000 වේගයකින් හඹා යනවා.

කෘමි ලොවේ නුදුටු පැති - කෘමීන් තනන විස්මිත පාලම්


මේ රූප පෙළෙන් ඔබ දකින්නේ පුංචි කුහුඹුවන් රංචුවක් දිය කඩිත්තක් හරහා යන ගමනකදී දුෂ්කරතා ජය ගන්නා හැටියි. මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා නොගෙන කැමරාවේ කාචය අනික් පැත්ත හරවා ගත් අපූරු රූප පෙළක් තුළින් කෘමි නුදුටු මුහුණු දුට හැටි ඔබට මතක ඇති. ඒත් පින්තූර කැමරාවට නගා ඇත්තේ මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා ගෙනයි.

දිය කඩිත්තෙහි ඇති බාධක ගල්පරවලින් මාරු වීමේ දී කුහුඹුවන් ගන්නා උත්සාහයේ දී ඔවුන්ගේ සිරුරු ජලය මත පරාවර්තනය වී දැක්වෙන අයුරු සිත්ගන්නාසුලූයි.

මේ පින්තූර කැමරාවට ගත්තේ ඉන්දුනීසියාවේ කෙපුලෟව්වාන් රි ඕවල වෙසෙන වින්සන්ටියස් ෆර්ඩිනන්ඞ් කියන කැමරා ශිල්පියායි. ”මගේ නිවස අසල තැනකයි, මං මේ පින්තූර ගත්තේ.” ඔහු කියනවා.

Monday, February 20, 2012

කොයිතරම් ප‍්‍රමාණයක් නින්ද අවශ්‍ය ද? නවතම අධ්‍යයනයක්!

තරුණ ළමයින් බොහෝ විට තමන්ට තවත් වැඩිපුර වෙලාවක් නිදා ගන්නට යැයි කියන අවස්ථා අප දැක තියෙනවා. පාඩම් කරන්නට යැයි දෙමාපියන් දරුවන් පාන්දරින් ඇහරවන එක නිතරම සිදු වන්නක්. ඒත් ඒක සුදුසු ද?

ඒත් පමණට වඩා නිදා ගැනීම තරුණ ළමුන් පාසල් කටයුතුවල දී පසුගාමී විය හැකි බව පර්යේෂණයේ පෙන්වා දීල තියෙනවා.

අධ්‍යයනයෙන් සොයා ගෙන ඇත්තේ ඇඳේ වැතිර සිටීම අඩු කොට හොඳින් නිදා ගැනීමට පුරුදු වීමෙන් ඉගෙනීමේ දී වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැකි බවයි.

 
පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ 16 හැවිරිදි අයට අනුමත කර ඇති පරිදි දිනකට පැය 9ක් නිදා ගන්නා අයට වඩා 7ක් නිදා ගත් අය විභාගවලින් වැඩි දක්ෂතා පෙන්නුම් කරන බවයි.

මිහිමඬලේ ජීවය ගොඩ බිමින්, මුහුදින් නෙමෙයි. චාල්ස් ඩාවින් කී හරි! අලූත් ම අධ්‍යයනයකින්!

මිහිමත ජීවය ආරම්භ වූයේ ගොඩබිම උණුසුම් කුඩා විලකින් මිස සාගරයෙන් නොවෙයි - මීට වසර 140කට පෙර චාල්ස් ඩාවින් පළ කළ මේ අදහස දැන් නවතම පෙරළිකාර අධ්‍යයනයකින් ද සනාථ වී තියෙනවා. එම සොයා ගැනීම් ගැන ජාතික විද්‍යා ඇකඩමිය විසින් පළ කරන ලද වාර්තාවකට ඇතුළත් වෙනවා. මෙය එක්තරා ආකාරයකින් දැන ප‍්‍රචලිතව පවත්නා ජීවය ඇති වූයේ මහ මුහුදෙන් යන්නට විශාල අභියෝගයක් වනු නිසැකයි.

ජීවය හට ගත්තේ ගොඩබිමින් මුහුදෙන් නොවෙයි කී චාල්ස් ඩාවින්. 
මුල්ම ප‍්‍රාථමික සෛල ඇති වූයේ ‘කුඩා උණුසුම් පොකුණකින් - හරියටම හරියන රසායනික සංයුතියක් හා පරාජම්බුල කිරණ උදවු වුණා

Sunday, February 19, 2012

ධවල මන්දිරය සත්තු වත්තක්? : ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට සිටි සුරතල් සතුන්

ඇමෙරිකාව, හරියටම කියනව නම් ඇමෙරිකා එක්සත් ජනපදය තමයි, ලෝකයෙ බලවත්වම රටවල් අතර ඉහළින්ම ඉන්නෙ. ඒ හින්දයි එහි ජනාධිපතිවරයා ‘ලෝකෙට ලොක්කා’ හැටියට සැලකෙන්නෙ. අද ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා තමයි එරට පළමුවැනි පුරවැසියා ලෙසින් ගෞරව ලබන්නෙ. එතුමාගේ බිරිඳත් එරට ‘පළමුවැනි කාන්තාව’ එනම් ‘ෆස්ට් ලේඩි’ ලෙසින් ගෞරවයට පාත‍්‍ර වෙනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට බිරිඳට පමණක් නොවෙයි දූ දරුවන්ටත් එයාලගේ සුරතල් සතුන්ටත් ඒ විදියට ම ගරු කරනවා. ඔබාමාගේ දියණියන් දෙදෙනා හඳුන්වන්නේ ‘ෆර්ස්ට් ඩෝටර්ස්’ නැතිනම් ‘පළමු දූවරු’ කියලයි. ඒ වගේමයි ඇමෙරිකා ජනපති මැඳුරට යන බලූ සුරතලා හැඳින්වෙන්නෙත්. ‘ෆර්ස්ට් ඩෝග්’ නැතිනම් ‘පළමු සුනඛයා’ කියලයි. ඒ විදියට ලෝකයේ ජීවත් වන සියලූම බලූ යාළුවන්ගේ ‘ලොක්කා’ තමයි ඇමෙරිකානු ජනාධිපතිගේ බලූ සුරතලා.